අම්මා පල්ලයි.........

    අම්මා පල්ලයි.........

ළය මඩල 
පුම්බා .....
ඇය මවිත කිරීමට
මට නොහැකි විය කිසිදා.
මන්ද ???
උපතින්ම මා
කැහැට්ටෙකු වූ නිසාය.

මිල අධික වටිනා
සමරු දී ඇය පිනවන්නට
වත්කමක් නොමැති බව 
ඇයද නොදැන නොසිටියා නොවේ.

සිඹ දෙසවන් 
රහසින් වත් වහසි බස්
නොකීවේ පවට
ඇත්තටම බය නිසාමය.

අයිති කර ගැනීමට
මා ඇයව.
සිහිනෙන්වත් නොසිතුවේ.
ඇය ඇගේ මිස
මගේ නොවන වග
උගන්වා ඇති නිසාය
අපේ අම්මා.

දරුවන්ද ඇගේ මිස
මගේ යයි කෙසේ පවසම්ද
ගර්භාෂයද ඇගේ වූ සඳ.

නොදන්නා නිසා අරුත්
ආදරය යන වචනය 
රහසින්වත් මා
මුමුනා නැත 
ඇගේ සවනට 
අම්මා පල්ලයි 
සත්තයි.

ආදරේ බව මට
සිය දහස් වර ඇය 
මිහිරි හඩින් තෙපලුවත්
ඇය කියන්නේ බොරු බව
දැන සිටියෙමි සොඳින් මා 
මන්ද?
මා සතුව 
ආදරය කිරීමට 
කිසිවක් නොමැති බව
පවසා  ඇති නිසාය
ඇගේ අම්මා.

අහෝ !!! 
එහෙත් ඇය
වදා දරුවෙකු 
අම්මා කෙනෙකු වී   
මගේ    
බිරිඳ  විය.
අම්මා පල්ලයි.





ජගත් මාරසිංහ
(මැකී යන දිනපොත් 95)
2016 ජුනි  09  


Powered by Blogger.
There was an error in this gadget

Follow by Email