වරුණ සහෝදරයාට හිස නමා ආචාර කරමි.
මාර මතක.
මට මතකයි අසූව දශකයේ මුල. රංජිත් ධර්මකීර්ති විසින් සොවියට් එකේ නාට්ය පාඨමාලාවක් කරනවා. ඒකෙදී අමතක නොවන චරිත කීපයක් මට හමුවෙනවා. ඒ නන්දන වීරරත්න, ප්රියංකර රත්නායක, අජිත් චින්තක සහ වරුණ. මේ අයගෙන් හැංගි හැංගි දේශපාලනය කළාට නන්දනයයි වරුණයයි කෙලින්ම සහෝදරයෝ. ඒ කියන්නේ වමේ සහෝදරයෝ. ඒත් අපි ඉතිරි වෙනවා. වරුණ සහෝදරයාව අතුරුදහන් වෙනවා. අනේ මගේ හොඳම යාලුවෙක්. මේ මතකය මතක් වෙන්නේ අනුලාගේ මළ ගෙදර ගිහින් ලූෂන් එක්ක දුක බෙදා ගත්ත වෙලේ මෙන්න අපේ අද කාලයේ සප්ත ස්වරයේ මට පොරක් වුන නවරත්න ගමගේ මට හමුවෙනවා. මම සෝවියට් දැනුමත් සමග පරවේණි නාටකය කරනකොට චූටි කොල්ලෙක්ව වරුණ සහෝදරයා අඳුන්වා දෙනවා. අපි දෙන්නා ඒ අඳුරු ජයරත්න මල් ශාලාවේ වරුණ සහෝදරයා ගැන කතාව අදිනවා. අද ඒ පොඩි කොල්ලා සප්ත ස්වරයෙන් පොරක් වෙලා. මම එයාට කියනවා මට ඕසාත මන්ත්ර සූත්රය ඔපෙරා එකක් කරන්න ඕනා සල්ලි හම්බ වුනාම කරමු කියලා. ඒ මගේ සිහිනයක්. ඒක පැතුමක් විතරයි වෙන්නේ නැහැ. අපි හිතපු දේ කරපු උන්. ඒ එදා පොඩි කොල්ලා කොච්චර ලොකු උනත් අරුණ සහෝදරයාගේ තිබ්බ මාක්ස්වාදී ගතිගුණ තාම නවා ගාව තියනවා. මම හොඳටම බීපුවාම කියනවා මචන් සිනිදු සුදුමුදු තලාවේ උඹේ හඬින් කියපන් කියලා. නවා මාව සුවපත් කරනවා. ආදරෙයි මචන්. වරුණ සහෝරයට මම නිවන් සුව පතන්නේ නැහැ. කොහේ ටයරයකට ගියාද දන්නෙත් නැහැ. මම උඹගෙ අයියට හිස නමා ආචාර කරනවා. ආදරෙයි ගොඩක්. උඹත් වරුණ සහෝදරයාම තමා වගේ හිතෙනවා. ඒ ආදර ලෝකේ හැටි.
ජගත් මාරසිංහ
21 10 2020