මා ‌නොදන්නා මම 
" ස්ටීව් මැකුරි " ‌ගේ මෙම ඡායාරූපය දුටු ගමන් මගේ මතක ‌ගොන්නක් අවධි වී මට කරදර කරන්නට විය. මධුලෝලත්වයෙන් අසරණ වී ‌නොව එහි ආස්වාදයෙන් ‌මොනවදෝ ‌සොයමින් සිටි යුගයක මටද යම් කාල පරාසයක ලාං‌‌කේය ප්‍රධාන මහ නගර කීපයක වීදිය වාසස්තානක් වූ අයුරු මතකයට නැගේ. "කැත කතුන් "ග්‍රන්ථය සැබෑවටම වීදි‌‌යේ ජීවිතයේදී සිතන්නට ලියන්නට පටන් ගත් ‌පොතක් බව මගේ සමීප මිතුරෝ නොදන්නවා ‌නොවේ. අසරන කම, උද්දච්චකම, විරහව, ආදරය, ‌වේදනාව, ‌වෙරය, පලිගැනීම, සිහින බිඳවැටීම මනසට තදින් වද ‌දෙන නිමේශයන්හිදී ඇල්කොහොල් සමග වීදිය තරම් සැහැල්ලුවක් දැනෙන අසපුවක් ‌‌ලෝකයේ අන් තැනක ඇතැයි මම විශ්වාස ‌නොකරමි. එය මගේ ජීවිත අත්දැකීම් වලට සහ සිතීමට සාපේක්ෂ මතයක් පමණක් බව මා ‌නොදන්නවා ‌නොවේ. ස්ටීව් මැකූරි ‌ලොව පුරා කියවන මිනිසුන්ගේ ඡායාරූප අනාවරණය කරමින් යන ගමනේදී කැමරාවට ‌ගොදුරු කර ඇති ‌මෙම ඡායාරූපය දැක මා පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියේ ඒ අත්දැකීම් නිසා වන්නට පුළුවන. මා වීදියේ සැරිසරණ සමයේද කීප විටක් ‌පොලිස් පරික්ෂාවටද, පාදඩ මැරයින්ගේ පරික්ෂාවටද මුහුණ දිමට සිදුවී තිබේ. ඒ හැම අවස්තාවකට මගේ ගමන් මල්ලේ කියවමින් තිබි ‌පොත්පත් දැක ඔවුන්ද මානසික ‌ලෝකයක අතරමංවූ අයුරු පුදුමාකාරය. ඇතැම් අවස්තාවල ඔවුන් මට කෑමෙන් බීමෙන් පවා සංග්‍රහ කරන ලදී. ‌පොත පතට මිනිසුන්ගේ ඇති ආදරය පරාජය කිරීමට ‌වෙළඳපොළ තුළ ‌පොත පතින් නිර්මානය වන බලයට හැකියාවක් නැති බව ‌ලොව පුරා කියවන මිනිසුන්ගේ අලංකාර ඡායාරූප අපට රහසින් කියන්නා ‌සේය. ස්ටීව් මැකුරිගේ ‌මෙම ඡායාරූපයට ‌‌කවුරුන් ‌ඉලක්ව වූවාදැයි මම ‌නොදනිමි. එහෙත් මටනම් දැනෙන්නේ ඒ එක්තරා කාලයක මගේ ජීවිතයේ සැබෑ පිටපතක් ‌ලෙසිනි. 
මැකුරී- ඔබට ස්තූතියි!
ජගත් මාරසිංහ
15 ඔක්තොම්බර් 2019

Latest


Powered by Blogger.

Follow by Email