රත්නශ්‍රී කවියා සහ රවි ගමගේ සහෝදරයා

රත්නශ්‍රී කවියා සහ රවි ගමගේ සහෝදරයා


        රත්නශ්‍රී කවියා සහ රවි ගමගේ සහෝදරයා
මම විශ්රාම ගිය පිරිවෙන් ගුරුවරයෙක්. මම තේරවාදය වෙනුවෙන් පෙනී හිටිනවා නෙවේ. ඒක තමා ලාංකේය ආධ්‍යාත්මික දේශපාලන ව්‍යුහය. ඒ ගැන පස්සේ ලියන්නම්. මම මේ මතකය දිග අරින්නේ භීෂණය කාලේ නැවත අළුත් කරන්න. ඒ කාලේ ජ. වි. පේ හිටියා එක එක නම් තියන මාර කලාවට ලැදි සහෝදරයෙක්. එයා ඒ කාලේ කැලනි කැම්පස් එකේ සිවුරු ඇරලා පුල්ටයිම් කරපු පොඩි හාමුදුරුවෝ කෙනෙක් කියලයි දන්න අය දැනගෙන හිටියේ. පස්සේ එයා රවි ගමගේ උනා. ඒ කොළඹ නිර්මාණ සංවාද කුලකයේ ඇතුල ගැන ඉවක් තිබ්බ අයට. මම හිතන්නේ නන්දන වීරරත්න සහෝදරයා තමා ඒ කාලේ ජවිපේ ප්‍රචාරක පැත්තේ නිර්මාන සංවාද කුලකයේ ජනතා සම්මන්ත්‍රන ලස්සනට මෙහෙයවපු කෙනා. එයා මතවාදිම දේශපාලනිකව වෙනස්වෙන තැන මේ රවිගමගේ ඒතනට පනිනවා.

      රවිත් අන්තිමට සම්මන්ත්‍රනයක් මෙහෙයවමින් පෙනි සිටියේ කොළඹ කැම්පස් එකේ මහගම සේකර ගැන කතා කරන සම්මන්ත්‍රනයකදි. එදා මට මතකයි ඩබ්ලිව් ඒස් කරුණාරත්න සහ පියසීලි සිය දේශණ වලදි මාර දෙයක් කළා. ඒ අතරේ රත්නශ්‍රීීීීත් සේකරගේ කලාවේ සංකල්ප රූප ගැන මාර සිතුවමක් පද වලින් ඇන්දා. රවි ඒ කාලේ පියසිලිට කිව්වේ විප්ලව වාදී කොමිනියුස්ට් පක්ෂයේ සාන්තුවරිය කියලා. රත්නෙට කිව්වේ නූතන කවියේ මුනි වරයා කියලා. ඩබ්ලිව් එස් කරුනාරත්නට කිව්වේ තානාපති කම ගන්නේ නැතිව හිටියනම් ත්‍රීපිටකය කට පාඩමින් අවබෝධයෙන් කියන සැබෑ බුදුවරයෙක් කියලයි. එදා කොළඹ කැම්පස් එකේ සිංහල බෞද්ධ සහ ට්‍රොස්කි වාදය වහෙන් ඔරෝ හැප්පුනා. රත්නශ්‍රීගේ කාව්‍යාත්මක වහර ඒ සටන සදය සටනක් බවට පත්කළා. ඒත් මාර කතාව මේකයි. සාමාන්‍යයෙන් චිත්‍රපට කලාවේ එතරම් ශුවිශේෂ මට්ටමකට නොගත්තත් මහගම සේකරගේ තුංමන්හන්දිය එදා පෙන්වනවා.එදා රවි ගමගේ මට හම්බ වෙනවා. එයා ගම්පහ හිටියේ මම දන්න විදිහට පාලිත කියලා. එයා කියනවා මාර කෙලියක් සහෝදරයා කොළඹ කැම්පස්එකේ මොක දැම්මත් හූ කියනවා. ඒත් තුන්මන් හන්දියට හූ කිව්වේ නැහැනේ කියලා. පස්සේ භීෂනය ආවා. මාත් ඇතුලට ගියා. රවි ගමගේගේ ආදරවන්තිය දැන් කොහෙද දන්නේ නැහැ. එයා කිව්වා මාරේ සහෝදරයටත් මගේ ආදරවන්තියටත් ඕනා විප්ලවය නෙවේ ළමා ව්‍යාපාර කියලා. ඒත් අපි විප්ලවය කරනවා. උඹල දෙන්නව ළමා මානසිකත්වය සංවර්ධනය කරන්න ළමා පුරෝගාමින් හදන්න යාපනයට අරිනවා කියලා. මොකද ඒ කාලේ මම ස්කව්ටින් කියන ළමා ව්‍යාපාරය කරේ තියන්. ඒවා හරිම හෘර්දයාන්ගම කතා. රවි මාර දක්ෂයෙක්. දවසක් මායි එයයි ගෝතමි විහාරයට ගියා මතකයි. එයා විනිවිද සඟරාවට ලියන ලිපියක් ගැන මන්ඩාවල හාමුදුරුවොත් එක්ක කතා කරනකන් මම ජෝජ් කීට් ඒක්ක සමාදි ගතවුනා. පසු කාලයක ඒ පන්සලට වෙච්ච දේවල් ගැන තේරවාදයට ගරහන අය සොයා බලන්න.
         ආයේ දවසක් රවි කියන කතාවක් මට මතකයි. විප්ලවය කරපු ගමන් සයිමන් නවගත්තේගමට පණ්ඩුකාබය නාට්‍ය කළාට කනේ පහරක් ගහලා ඔයා අපේ කෙනෙක් කියලා ඉඹිනවා කියලා. අපි දෙන්න වැඩියම රන්ඩු වුනේ දයා පතිරන ගාතනයත් සමග. ඒ කියන්නේ දෙන්නටම මල පනිනවා. ඒත් මට කිසිම දේශපාලන බලයක් නැහැ. මම ඒ කාලේ දයලෙක්තික ක්‍රමයම වින්දනය විය යුතුයි කියන බ්‍රෙෂ්ට්ගේ කවියක් මතකෙන් හිතෙන් කියනවා. ඒ කවියේ අහන්නේ තාත්තේ මම ඉතිහාසය විද්‍යාව කලාව ඉගෙන ගන්නද කියන අදහස. එතනදි බ්‍රෙෂ්ට් කියනවා පාංකෑල්ලකයි මස්කෑල්ලකයි අතරේ වෙනස ඉගෙන ගන්න මොන විද්‍යාවක්වත් අවශ්‍ය නැහැ කියලා. විප්ලවය වෙනුවෙන් පෙනී හිටපු කොයි විප්ලව වාදියා උනත් වෙනස්ව හිතන්න මට පක්ෂාග්‍රාහී කමක් එදා තිබ්බේ නැහැ. ඒක නිසාද දන්නේ නැහැ එදා සමාජවාදී කණ්ඩායම් මරා ගැනිම මම දැක්කා සියල්ලන්ගේම අවසානය කියලා. කොහොම නමුත් එදා ඒ කොයි පැත්තේ උනත් විප්ලව වාදී ජීවිත ගැන සිහිවෙනකොට මට තාමත් ආදරයක් ඇතිවෙනවා කියන එක නොකියා බැහැ.

        මම ඊයේ රත්න ශ්‍රී කවියා සමග කතා කළා. ඒයාගේ සින්දුවක් ඇහෙන හැම වාරයකම මට රවි ගමගේව මතකයට එන නිසා. රවිත් එක්ක ගොඩක් දෙනෙක්. එදා රත්න ශ්‍රී “වස්සානේ” කවි පොත ලියනවා. පොත දොරට වැඩි ගමන් ඒ පොතත් අරගෙන රවි මාව හම්බවෙන්න එනවා. ඇවිත් මට රත්නේ ගැන කියවගෙන කියවගෙන යනවා. තාම මතකයි මේ එයා වස්සානය කවියකින් හැම තිස්සෙම කියන පද.

"වසා කට ගසා කම්බුලට
උනාලා චීවරය"
ඒ කවියේ තියෙන්නේ තේරවාදි පන්සලක විප්ලවවාදී හිමිනමකට ධනේශ්වර පොලිසිය ගහලා මරන හැටි වගේ දෙයක්. ඒ කවිය අවසානයේ කියනවා
ඒ හිමියන් අනුපාදිශේෂ පරිනිර්වානයෙන් සියල්ල අත් හැරලා මරණයට මුහුනදුන් හැටි. මම ඊයේත් රත්නශ්‍රීගෙන් අහනවා අනුපාදිශේෂ පරිනිර්වානය ගැන. ඔව් කිසිත් ඉතිරි නොකර සියල්ල දාලා යන්නම යන්න යන සංකල්පය. සැබෑ ලෙසම ඒ රවි කිව්වා වගේ විප්ලව වාදියෙකුගේ මරණය තමා. මමත් පිරිවෙන් ගුරුවරයෙක් වුනේ වෙන රස්සා නැතිව හෝ සුදුසුකම් නැතිව නෙවේ. ඒ මගේ වෙන කියවීමක්. පස්සේ මට ආරංචිවුනා රවි ගමගේව ලිබර්ටි ප්‍ලාසා එකේ බිල්ලට තියන් මරා දාලා කියලා. සමහරුන්ට සතුටු ඇති. තවත් සමහරුන්ට දුක ඇති. ‍‍‍‍මට ඒ දෙකම අදාල නැහැ. මට මතක් වෙනවා මාව හම්බවෙන්න එනවා රවි ගමගේ. ආපුගමන් කියන්නේ මාරේ සිගරට් බොන එක නවත්වනවා. අරක්කු බොන එක නවත්වනවා. මේ භීෂණයෙන් පස්සේ මෙක සමාජවාදී රටක්. ඔයාගෙන් ගොඩක් දේවල් වෙන්න තියනවා ලංකාවට. ඊට පෙර මැරෙන්නද බොන්නේ කියලා. දවසක් එයා එයාගේ පෙම්වතිය ගැබ් අරන්. දවසක් එයා එයාගේ පෙම්වතිය ගැබ් අරන්. ඒක අයින් කරන කතාවත් ඒක්ක මට කොල්ලුපිටියේ ක්ලිනික් එකක අතීතයක් සිහි වෙනවා. එදා වෙළඳපල ජයගත් ගබ්සාව ගැන අපි කතාකරපු දේවල් මාරයි. මම මගේ පලමුපොත හංස පූට්ටුව ලියන්න ගන්නේ මේ ගබ්සාව එදා තරුණ මනසට වදයක් වූ ආකාරය සටහන් කරන්නයි. හැබැයි එදා ඒයා අඬනවා. එයා මට කියනවා මම මේක කරන්නේ සහෝදරයා විප්ලවය වෙනුවෙන් කියලා. ඒත් එයාට ගබ්සාවක් කරන්න ගර්භාෂය පැටියෙක්ව අරක් අරන් හිටියේ නැහැ කියමුකෝ. මෙන්න අපි පාරට බහිනකොටම පාර අතුගාන කම්කරු අම්මා කෙනෙක් කුණුගොඩෙන් බෝනික්කෙුගේ කැලි හම්බවෙලා ඒවවායේ අත පය කඳ සහ හිස වෙනවෙනම පේව්මන්ට් ඒකේ ලස්සනට තියලා. රවි ඒ කම්කරු සහෝදරිය සමග කතා කරනවා. එයා කියනව අපූරු බෝනික්කෙක්. මම ගෙදර ගිහින් මේක හෝදලා පුතාගේ දරුවට දෙනවා කියලා. ඊට පස්සේ රවි මට වියට්කොම් කියන කතන්දරය කියාගෙන කියාගෙන යනවා. ඒ කියන්නේ පෙම්වතියත් සමග පළමු එක්වීම පැත්තකින් තියලා ඇමරිකාවේ ප්‍රතිවිප්ලවීය විකාරයක් විනාශ කළ වියට් කොම් ගැන.
       කාලෙකට පස්සේ මේ ඊයේ කියමුකෝ - ටිකක් කට ගෑවුනාම මට අතීත මතක ලියන්න හිතෙනවා. ඒ එක්කම මම ඊයේ රත්න ශ්‍රී කවියා සමග කතා කළා. එයා ලියපු සින්දු ඇහෙන වාරයක් පාසාම මට රවිගමගේ ඇතුළු ගොඩක් කට්ටියව මතකයට එනවා. රත්නේ ගැනත් කපුගේ ගැනත් මාරස දකින්නේ ආයතනගත මහල් නිවාස වල සිට නොවේ. මහපාරේ ඉඳන් ගොඩක් දේවල් කතාකරන්නම් මතුවට.
ජගත් මාරසිංහ
29 ජූනි 2020

History, Trade and Art: Art and Artistic Reactions to the ...



1 comments:

https://lankacitizens.com/social/රත්නශ්%e2%80%8dරී-කවියා-සහ-රවි-ගම/


Powered by Blogger.

Follow by Email