ඔබ ඔබම්

                                                               ඔබ ඔබමයි

මේක මාර කෙලියක්නේ. ගේම් එක දිහා බලන් ඉන්න කස්ටිය කියනවා සර් තුරුම්පු හංගන් ගහනවා කියලා

නමුත් කලාබර කියන්නේ කලාබර තමා
බෝල තුනක සංයුක්තයක් වගේ
නිකන් ත්‍රිලක්ෂණය වගේ
අනිච්ච, දුක්ක, අනාත්මය වගේ
ඒක එන්නේ චාන්ස් එකටම තමා
අනේ මන්දා මේ චාන්ස් එක කියන්න් ජීවිතයේ ආධ්‍යාත්මික ශක්තියක්ද කියලා මාරේ කියා නම දාගත්ත එකෙක් කිව්වත් ජීවිතේ කාටත් එන සැබෑ මාරයා කියන සංකල්පීය සැබෑ ආදරය කියන්නේ නැහැ කියලා දන්නවා.

මාරයා ඉන්නේ කාගෙත් තමන් ගාවයි තමන් තමන්ව පරාජය කරගත්තට පරංගි කාඩ් කුට්ටමෙන් 304 (ත්‍රී නෝට් පෝ) ගහන්නවත් - පස්සේ ඉතින් "ඕමි" ගහන්නවත් අර ඉස්සර කියපු පරංගි කාඩ් කුට්ටමේ සෙල්ලම් පනස්දෙකේ කොල ගානටත් වඩා අද ගේම් වැඩී.
පරංගි මාක්ස්වාදීන් ඒ ගේම් කාඩ් කුට්ටමේ ජෝකර්ලා වගේ ගෙනියනවා. කාඩ් පරංගි තියා කාටවත් බැහැනේ කිව්වලු.
දිනන්න බැරිකොට කියන්න තියෙන්නේ වහලා ගැහැවා කියලා විතරයි.
යකෝ ඒ සිල්වා මේ සිල්වා වගේ නොවේනේ නලින් සිල්වා.
කලාබර ආසියා නොවේ නවයම තමා
මොකද නවය නපුරුයි
ඒත් ග්‍රහයන් නවදෙනාට සමගාමීව තමා අපි දකින අපට වැඩදායක විශ්වය පවතින්නේ කිව්වලු
කාඩ් පැක් එක හදපු පරංගියන්ට කලාබරය අහුවුනේ කොහොමද කියලාත් ඔබම තමා කියන්න ඇවැසි. මොනවා කතා කළත් ඔබ කලින්ද දැකි අයුරු නේටෝව හරහා ඉන්දියාව ඇමරිකාව විසින් ඉන්දියන් රුපියල අපේ රුපියල වෙන්න වැඩි කල් යන එකක් නැහැ තමා. පානදුරේ ඉපදුන මේ වගේ සැබෑ අනාවැකි කියන නලින්ව පස්සට දාන්නේ නලින්ලා සමග එක පැත්තකින් පෑහුනත් දීප්ති කුමාරලා නොවේ වික්ටර් අයිවන් සහ නන්දනලාගේ විග්‍රහ ඔස්සේ කුමරතුංගයන්ගේ සහ කොස් මාමා වූ ආතර් වී දියෙස්ගේත් විස්තර හොයන්න වෙනවා. එක පැත්තකින් පෑහුනත් පානදුරෙන් පිටස්තර ආ අයටත් අද පිහිට ඒකලාවත් පොරවල් කරන්නේ පානදුරේ ඉතිහාසයේ පානදුරය නිර්මානය වුනේ පාන්තුරෙයි වදන සහ ඊට යට පෙලක් වන සංකල්පීය සැබෑවද මන්දා. පානදුරා වාදය පැත්තක තබා කතා කළාට මේ කතා කරන්නෙත් ඒකමද මන්දා.
අම්මව අත් හැරියනම් අම්ම ගැන කතා නොකර අම්මගේ රෙද්ද ගැන කතා කළ හැකිද යන්න වෙනම සංකල්පීය පැත්තක් නොවේ. දාර්ශනික පැත්තකුත් නොව්. කෙලින්ම කුහක පෙත්තක්.
ළඟදි ථේරවාදී විරුද්ධත්වය සඟවා ( ථේරවාදයට මේ බ්ලොග් ලියන්නාද විරුද්ධයි. ඒත් ඒ වගේම නුඹලා දකින ‌සංකල්පීය කෝණයට ඊට වඩා විරුද්ධයි) මහා සංවාදයක් කළ උපුල් සාන්ත සන්නස්ගල සහ කේකේ සමන් කුමාර ගේ සාකඡ්චාව දෙවැනි වර අහනකොට ථේරවාදය මාතෘකාව කරන් නිකන් මොනව කියනවාද මන්ද කියලා හිතෙනවා. ගොඩක් දේ කියනවා අනිවා. නමුත් ඒ සියල්ල කියන්නේ තේරවාදය වටා. යකෝ වටේ පිට්ටනි වලට යන්නැතිව සැබෑ එල්ලයට ගහන්න තමා තමා යුරෝපියන් ක්‍රිකට් ක්‍රීඩාව බිහිවුනේ. ගේමක් ගහද්දි යුරෝපය අනුදැක ක්‍රිකට් ක්‍රීඩාවේ ඇති මානුෂීය තත්ත්වය බැරිනම් කිසිවෙකුට කියා දෙන්නට ඇවැසි නැති ආදරය ගැනවත් හිතාපල්ලා. ඉතා වගකීමෙන් කියනවා මාරස දෙමලුන්ගේ මානසිකත්වය සම්බන්ධව පෙනී සිටිනවාට වඩා අඩුම වශයෙන් දෙමලුන්ට නොව මොන විජාතික මගුලා වෙනුවෙන්වත් නුඹලා හදවතින්ම ඉදිරියටවත් පෙනී හිටපල්ලා. නැතිනම් නුඹලා භෞතිකවාදයට ගේන්නට වචනවලින් තැත්කන ආධ්‍යාත්මික ශක්තිය නුඹලාට නුඹලාගේ චින්තනයෙන් විෂක් නොවූවත් නුඹලාගේ හදවතේ ශක්තිය ගැන කතානොකර නිහඬවන්නේ ආදරයට දිශාවන් නැති නිසාම වන්නේය.
ජාතිකත්වයට විරුද්ධ වෙමින් කෙලින්ම අර පොර පොල් වගේ ඉලක්ක දේශීය ක්‍රීඩාද මග හරිමින් පසුකාලීන එල්ලේ ක්‍රීඩාව වගේ වැටවල් කඩාගෙන අනුන්ගේ වත්තට පැන කැච් අල්ලන්න යනවානේ.
කොහොම උනත් කමක්නැහැ. අනිවාර්යෙන්ම නූතන ඇමරිකානුවන් සහ ඒ බිමේ සැබෑ අයිතිය සතු රතු ඉන්දියානු ජන සංස්කෘතික ගාතන කණ්ඩායම මෙහෙය වන ඇමරිකානු දේශපාලනයට ඉතිරිව ඇත්තේ කෙලින්ම දකුණු ආසියානු ශ්‍රම උල්පතෙන් ගලනා වටිනාකමේ අර ලෙනින්ලාද කියන ලද සංකේතීය ප්‍රාග්ධනය ක්ලවුඩ් බැංකු ගණනය කිරීම් හරහා සූරා ගැනීමට ඉන්දියානු රුපියලට අපේ රුපියල කෙලින්ම සමානත්වයෙන් බාර දී සමාන නැහැ කියා පෙන්වීමට තවත් කතන්දරයක් ගොතන කාරණය පමණයි. ඒ කතන්දරය බොහො සාහිත්‍ය සහ දේශපාලන දත්තයන් දත් දිලිත් ජයවීර වන් තව බොහො ව්‍යවසායකයො උඩ පැන පැන මෝඩ මාධ්‍ය සංකල්ප ගොතනවා නියතයි.
සූර්ය වන්දනාවේ සැබෑව කියමින්. සූර්යා ගෞතමයානන්වත් විතරක් නොවේ කාල් මාක්ස්ල ලෙනින්ලව එංගල්ස්ලවත් දැක්කා. ස්ප්‍රිචුවල් එනජි කියලා විග්‍රහ කරන ආධ්‍යාත්මික ශක්ති මගුල් මාරසට ඇවැසි නැහැ. උඹට ආලෝකය දෙන ඒකා මටත් ආලෝකය දෙනවා කියලා ඒ දිහා බලලා උඹලාව දකිනවා. ආදරය කරනවා. ඒක මිත්‍යාවක් කියපු කාලෝටත් ගෞරව කරනවා තමා. ඒ සැබෑ ආධ්‍යාත්මික කතන්දර හරහා ඒවා ගසාගෙන කාපු වරත්තුවන්ට පාඩම් ඉගැන්වූ නිසා. ඒ හේතුවාදී දේශපාලනය හරහා යම් කුලයක නළුවෙක් නාමයෙන් ලොකු කුලයකට බද්ධ කිරීමට මග පාදාගත් කාලෝ ඩොක්ටර්ට ආදරේ බව මා මිත්‍ර කේකේලා දන්නවා ඇති. ඒත් අද හේතුවාදය පමණක් නොවේ පරංගි මාක්ස්වාදය ඊට වඩා වනයක් කියලා නේද කියලා කතාකරන්න ඒකාගේ නිම නොවන පොත අවසන් කර මාරසට එනවා කිව්වා. එතෙක් මාරසට කළ හැක්කේ භෞතිකවත් ආධ්‍යාත්මිකවත් සැබෑව නොනිවෙන පරිදි බෙදා දෙමින් තවමත් ජීවතුන් අතර සිටින නලින්ද සිල්වානන් ගුරු තුමන්ට දීර්ඝායුෂ පැතීම පමණයි. නැතිනම් සායාගේ සතිය බැලීම පමණයි.
වජ්ජි පුත්තක උපත 2K නොව සිංහල භෞද්ධත් නොව වෙනම ශානරයක් නොව කෙලින් නැවුම් අංකුර
සල්ලි නැත්නම් මොනවා කරන්නද සායා. ‌නුඹගේ තියන තරුණ නාට්‍ය ගාය මාරයාව සුවපත් කරනවා බන්. නොබැලුවත් බැලුවා වගේ. සමහර වෙලාවට මාරයාට හිතෙනවා කිසික් නැතිව අර භූපති නලියාට සිනමාවක් කරන්න හැකිවූනම් කියා. ගොඩක් දේ පසුවට නොමළොත් ලිය වෙයි.
*******************************************************************************
මග සැබෑ දන්සැල් පෝලිම නිසා බුක්ති විඳින්න බැරි වුනත් පසක සිට වැඳ පින් දී සමාව ගන්නවා. දිගටම පලයන් කියලා මාරයා කියනු කුමට. ජනතාව සහ සහෝදරයා කියන දේශපාලන තොරම්බොල්ච වචනය පැත්තකින් තබා මෙසේ කියන්නම් සායා. උඹගේ නිර්මාණ එකයි මා දැක්කේ. අනෙක්වාසර්පයා කිව්වා හෝ නොකීවා මගේ හදේ තිබෙනවා. සර් නැහැ. සමහර විට නලින් මාරසට විරුද්ධ විය හැකියි. ආනන්ද කුමාර ස්වාමිගෙන් පසු ලාංකේය දාර්ශනික ධර්ම චින්තකයෙක් විදිහට ඉතිරිවන 80ද ඇතුලුව එකම පොර ඔබ පමණයි. කිසිම වාසියක් පතා මාරස දෙයක් ලියන්නේ නැහැ. පොතකට කිසිවෙකුගෙන් අටුවාවක්වත් ලියා නොගත් මාරස මේ දේ නොකිව්වොත් මාර අඩුවක් වෙනවා නියතයි. ආදරෙයි නලින් සර්.
කෙසේ උවත් මාරස තව කිවයුතු සෙස්ස පස්සට තබමින් මේ සැබෑව දැන ගැනීමට ආදරය කිරීමට ඉවක් සොයාගැනීමටත් සොයාගත් විට කළ යුතු දේට ඇවැසි මිනිසුන්ව උසි ගැන්වීමටත් ඇස් කන් නාසා මගින් කාලිදාසයන් කීවා මෙන් හදවත පලාගෙන වෙඩි තියපන් වැනි පැරණි මෝඩ බයිලාගස්සනට නොව වී ඇත්තේ කුමක්ද මේ වධියේ අප කළ යුත්තේ කුමක්ද කියනලැදැයි සිතෙන මාරස ඇතාම් වට සිතන මාක්ස්වාදී සංකල්පීයන්ට ඉතා තදින් විරුද්ධ වන නලින් සිල්වාට මේවා අපට කල්තියා දැනුම් දුන් නිසා ආදරෙයි කියමින් සටහන අවසාන කරන්නේ
පැල් කවි -
ලස්සන හිමවතේ මා වී පැසෙන්නේ
දුක්දෙන අලි ඇතුන් පන්නා හරින්නේ
රැක්මෙන දෙවියනේ වෙල බත් බුදින්නේ
දුප්පත්කම නිසයි මා පැල් රකින්නේ

ඉරු දෙවියන් ඉර මුදුනෙන් වඩින තුරා
සඳ දෙවියන් සඳ මුදුනෙන් වඩින තුරා
ගණ දෙවියන් ගන අඳුරෙන් වඩින තුරා
පැල්කවි කියමු අපි ඉරගල වැටෙන තුරා


Powered by Blogger.