ළදරු වලිප්පුවක ඡායාරූප පවතින සැබෑවමක්ම වන්නේද?

 

            ළදරු වලිප්පුවක ඡායාරූප පවතින සැබෑවමක්ම වන්නේද?


                 දන්නේ නැහැ කොහෙන්ද ලියන්න අවැසි කියලා. මොකද මාරසත් පිරිවෙන් ගුරුවරයෙක් බව මාව හදවතින් හපා කෑ කවුරුත් දන්නවා අනිවා. මාරස මාක්ස්වාදයටත් ආදරෙයි තමා. නමුත් මාරසද මේ ලෝකයේ තවත් පාරම්පරික වෘක්ෂයකින් බිහිවූ සහ භින්න වූ තවත් ශාකයක් වෙන්න ඇති. එතන වැදගත්කමක් තියනවා කියලා මාරසට හිතෙනවා. මොකද චූටි කාලේ සිටම මුල් වකවානුවේ බාලාරිෂ්ට දෝෂ කියා මාව පරිස්සන් කිරීමත් පසුව බෞද්ධාලෝක ධර්මයේ එහෙන් මෙහෙන් යන ආලෝක රේඛා දැක විකාර හොයන්නටත් මහායානය තන්ත්රයානය පමණක් නොවේ තාවෝවාදය හොයන්නටත් ගිය මාරසට අන්තිමට කාටවත් ගැති නොවන රැකියාවක් දුන්නේ සිරිසුමංගල සිරිනිවාස පිරිවෙනේ මා හදගත් එකල 70 වියැති මළවැන්නේ ඤාණාලෝක ලොකුහාමුදුරුවන් වහන්සේ.
උන්වහන්සේ ගැන ලියපුවා සම්බන්ධව මාරස හද පිරෙන්න ලයික් ආපු සටහනක් තියනවා. ලයික් දාන ගොඩක් අය මාරසට අදාල නැහැ. නමුත් බලාපොරොත්තු වන උන් කැමැත්තක් හරි සිනාවක් හරි දැම්මානම් හද පිරෙනවා තමා. හදවතක් දැම්මානම් අතරමං වෙනවා. මට ඒ කාලයේ පිරිවෙන් පනත ස්ථීර කරගන්නකන් මගේ ආදරයක් වූ චූටි බලන්නට යාමටත් උදව් කළ හැටි මට මතකයි. මම ‌ඒ කාලේ මත් වතුර බොන්න ඇබ්බැහි වෙනකොටත් උන් වහන්සේ උපායශීලීව නොවේ කෙලින් අදහස් ඇතිව අපට නොපෙනන ජාතික චින්තනාත්මක ආදරයකින් ක්රියාත්මක වූ හැටි මතකයි. කැත කතුන්ගේ පොත මා ඒ කාලේ ලිව්වේ දාර්ශනික අදහසකින් වෙන්න ඇති. නමුත් ආදරයේ සහ සාමාන්ය අරුතෙන් ලිව්වොත් නොවේ ලියන්න මට නැවත කරුණාසේන ජයලත් ගැන ‌හොයපුවා මදිවට තවත් පැත්තක් හොයන්න වෙයි. ඒක සෙල්ලමක් නොවේ. අඟහරු ලොකේ මිනිස් ජීවින් නැහැ කියන කතන්දරය. මීඩියා වලටනම් ඉන්න බව දන්නවා තමා.
දවසක් මට මතකයි මම හොඳටම ‌ඇල් කොහොල් ගන්න කාලයක් ඒක. මා පිටුපස ආදරයෙන් එලවන්නේ අපේ පිරිවෙණේ කෘත්යාධිකාරීන් ලෝකු හාමුදුරුවන් වහන්සේ. මාරස ඒක දන්නවා. මාරසටත් ඒ කාලේ මේ කතන්දරය තේරුනා. පවතින කිසිම විඥ්ඥානයකින් ඇල් කොහොල් සිගරට් ඇබ්බැහියට කිසිදු සමාවක් නැහැ. ඒ වෙලාවට සමාව දුන්නත් පසුව නැවත බණ ගොඩයි තමා. නමුත් මලවැන්නේ ඤාණාලෝක හාමුදුරුවන් වහන්සේ මට එසේ වූයේ නැහැ.දවසක් මම ඇල්කොහොල් වදෙන් නිදහස් වෙන්න සිල්සමාදන් වෙනවා කියලා හිතා ගත්තා. හිතාගෙන මළවැන්නේ හාමුදුරුවන්ට ගිහින් කිව්වා පෝය දවසේ මට සිල් ගන්න අවැසියි කියලා. ලොකු හාමුදුරුවන් කෙලින්ම ගියා තමන්ගේ කුටියට. ගිහින් උතුරු සළුවක් ගෙනත් මට දුන්නා. සුදු සරොමක්ද දුන්නා. මීට පෙරද සිල් ගන්න ගිහින් ඉස්කොලෙදි මේ වගේම දේවල් සිදුවී ගැටුම් ගියා. නමුත් මම සිල් ගන්න ආසයි. ඒත් ඒකට මොනවා හරි බාදකයක්. මගේ ආත්මය ඉඩදෙනවාද මම දන්නේ නැහැ කියන්නේ නැහැ. මොකද මගේ ආත්මය කියන්නේ මමම තමා. ඒත් මම කියා කෙනෙක් නැහැ කියලා කොච්චර කිව්වත් රජයේ ආරක්ෂක හමුදාවන්ට වඩා සංස්කෘතික හමුදා පිලිගන්නේ ‌නැහැ ඒ කතන්දර. තෝ තමයි බල්ලා කියලා කියන්නේ. ඉතින් මේව මාරස වසර හැට දෙකට නිකන් කතන්දර නොවේ. දාර්ශනික සහ සමහර ධර්ම කතා නැතිකරලා දාපු දාර්ශණික කතන්දර.
මේ පන්සලේ හිටපු මාද ගණිතය පමණක් නොවේ තව දේවල්ද උගන්වන ලද සාමනේර හාමුදුරුවන් වහන්සේලා අද ලොකු හාමුදුරුවන් වී ඇති බව දන්නවා. ගොඩ කාලෙකින් හමුවුනේ නැහැ. දැක්කොත් මාරේ සර් කියලා පුදුම ආදරයක් පාන බව දැනෙන සීනෙකින් මා ජීවත් වෙනවා තමා. ඒ ජීවිතයක හැටි. ඒක සත්යක්. භෞතිකව නාවත් ඒක අනිවා. මතක තබා ගත යුත්තේ පැන්ටසිය යථ නොවූ නමුත් ඊට පෙර මේ කියන කාරණාව යථාවක් කියන කතාව වෙනම ලියන්න වෙනවා කියන කතාවයි.
අපේ ලොකු හාමුදුරුවෝ මට ඇල්කොහොල් වලින් මිදෙන්න පඩි අරන් දෙනකන් ණයට සල්ලි දුන්නා. උන්වහන්සේ සිගරට් අරක්කු මත් උගුරක්වත් මා දන්නා පමණින් බීලා නැහැ. දවසක් මම පැරෑලියේ පන්සලට මොරටුවේ සිට උන්වහන්සේ සමග ඡායාරූප ශිල්පියෙකු විදිහට යන ගමනෙදි වාහනය පැදවූ මිනිසුන්ගෙ වදනින් ප්රභූවරයෙක් අම්බන්ගොඩදී වාහනය නතර කළා ලොකු ගෙයක් ගාව. මම බීලා නැහැ. නමුත් ඒ මහත්මයා ගේ ඇතුලට ගියාට පස්සේ ලොකු හාමුදුරුවෝ මාව කැඳෙව්වා ඉදිරිපස දෙවැනි ආසනය ගාවට. මාත් පස්ස දොර ඇරන් පිටතින් එතනට ගියා. උන් වහන්සේ මට කිව්වා මේ ඒ මහත්තයාගේ දෙවැනි ගෙදර කියා. සැබෑ ආදරය අපි දන්නේ නැහැනේ මහත්තයෝ. අපි උපදෙස් දෙනවා අපි දෙන උපදෙස් ඒ අයට පිළිපදින්න ‌ඒ අයගේ ලෝකය ඉඩ මදිනම් අපි මොනවා කරන්නද කියලා. මාරසට ඒ කාළෙත් චුට්ට ඇත්නම් කඳුලු එනවා කිව්වාම ඇති. පස්සේ නැවත මට කිව්වා සමහර විට අද අපට මෙහේ නතර වෙලා හෙට පැරෑලියට යන්න සිද්ධ වෙයි කියලා. මට අවවාදයක් දුන්නා. මෙහෙම
" මම කියපු දේ තේරුනානේ. එයාලාගේ සංසාරයේ පුරුදු එයාලා ගෙනියයි. අපට කාඹරයක් දෙයි. සමහර විට අඩියක් පුඩියක් මාරසංහ මහත්තයාටත් දෙන්න පුළුවන්. මට අන දෙන්න බැහැ ගන්නද එපාද කියලා. නමුත් අපේ පිරිවෙන මේ ආකාර හැකි පමණ හොඳින් ගෙනියන්න මහත්තයා උදව් කර තිබෙනවා. ඒ අඩි පුඩි ගත්තත් නොගත්තත් මගේ ගෞරවයටත් වඩා මහත්තයාගේ ගෞරවය රකින්න කියලා. පස්සේ කිව්වා මහත්තයාගේ ගෞරවය තමා සිරි සුමංගල පිරිවෙනේ ගෞරවය රකින එක තමා කිව්වේ කියලා. මාරස නිරුත්තර වුනා. කැමරාව තියන් මම මාවම ගහ ගත්ත අවස්ථා තාම මගේ විනාශ වන තැනින් තැන ගොනු වල ඇති.
නමුත් ඒ දේවල් සිද්ධ වුනේ නැහැ උන්වහන්සේ සහ අපි තිදෙන මොහොතකට පසු පදුමගබ්බාරාමයට ගියා. ඒ වැඩ කටයුතු හොඳින් කළා. සියල්ල ඉක්මන් වුනේ රාජ්ය සමාජ අසාධාරයන්ට ලක්වූ මාරසට අනියත මරණ සහතික ලිවීම පමණයි. උන්වහන්සේ කියන ලද සෑම අරුතින්ම මට හැඟුනේ එකම එක දෙයයි. බොනවනන් බීපන්, තමන්ට ඇවැසිනම් බීලා මැරියන් කියන්න බැහැ හදවත අවංකව තියා ගනින් ඒ උඹ වෙනුවෙන් මිනිසුන් වෙනුවෙන් කියලා. ඒ කාලයෛ් මේ දේවල් දන්න ගැටවර සාමනේර හිමි කෙනෙක් හිටියා. සිවුර හැරියත් කොහේ හරි ඉන්නවානම් කතා කරන්න කියා කියනවා. නම් ගම් කුමට?
ඉතා ලස්සන කතාව මේ ‌මොහොතේ ලිවිය යුතුයි හාමුදුරුවනේ. මාරස තාම ලියනවා. ‌අනිත්වා කියලා වැඩක් නැහැ. නමුත් කිසිදු වැරදි දේකට පැටලිලා නැහැ. එකම වැරදි දෙයක් දැන් දෙකක් වී තිබෙනවා. ඒ කියන්නේ ජාතික සිතීම සහ මාක්ස් සිතීම. ඒ ගැන වෙනම ලියන්නම් ලොකු හාමුදුරුවනේ. කොහේද ඉන්නේ කියලා අහන්නේ නැහැ . ඉන්න තැන මාරස ඉතා හොඳින් දන්නවා. නමුත් අනෙකුන් නොදන්නා නිසා කුකුසක් ඇතිවී අනාදර කතාවන් ඇතිවන හෙයින් එය මාරස දැනගත්තාම ප්රමාණවත්.
ඉතින් මාක්ස් ගෑනියෙකුගේ අතින් අල්ලාගෙන ඉන්න දේවලුත් ළදරු විශිෂ්ට ඡායාරූප තමා. නමුත් මාක්ස්වාදය කියන්නෙත් වෙනත් ආගමික සහ දේශපාලනික දේශනාවල කියවෙන ධර්මය කියන්නේත් මේවන් සෙක්ස් හෝ වික්ටෝරියන් සදාචාර විරෝධී ආලෝක මෙහෙයුම් නොවන බව වඩා දැනගත යුත්තේ මාක්ස්වාදී නමින් පෙනී සිටින තවත් පිරිසක්. කොටින්ම සරලව ගෝකිගේ අම්මා නොව තමන්ගේ අම්මාවත් කියවා නැති කස්ටියක්. ඒ වගේ පිරිස් වෙත අනුකම්පාව දයාව නොදක්වනවානම් ඒ පිරිස ඊටත් හපන් පිරිසක්.
කෙසේ නමුත් මේ කියන වල්බූත ආලෝක දඩයම් පන්සලේත් පල්ලියේත් විතරක් නොවේ මාක්ස්වාදී සංවිධානවල මධ්යම කාරක සබාවලත් තියනවා තමා. වහ ගන්නවාත් තමා . එලිදරව් වෙනවාත් තමා. නමුත් ‌බුද්ධ සාසනය කියන්නේ නිර්මල බුදුන්ලාගේ සමාජයක් නොවේ. ඒක අද වන විට සමාජ දේශපාලනයට අයිති සමාජයෙන් පෙත්තක්. ඉතින් ඒ සාසනයට පහර ගැහැව්වත් ඒ සාසනයේ විනය විරෝධීව සිටින එක් අයෙකු තෝරා පහර දීම සමහර විට වෙනත් මානයක කලාවක් විය හැකියි. කලාවට පැති කොච්චර තිබ්බත් මොකෝ. ඒකත් හරියට අර ධර්මය වගේම තමා. දර්ශනයනේ පැති ගාන වැඩි වුනාම කෙල ගන්න යන්නේ.
ඒත් සමාජයේ අප වගේම මනුෂ්යත්වයෙන් හිතන සැබෑ බුද්ධවාදියෙකු මෙන්ම මාක්ස්වාදියෙකු කිසිදා මෙවන් විකාර කරන්නේ නැහැ. අර ට්රොස්කි සහෝලා විසින් කියල ලද ජනතාවාදීන්ගෙන් ආභාෂයලත් නූතන සිනමා, නාටක, සහ චිත්රකාරයන් අතර මේවා පොලා පනින්නේ අද ඊයේ සිට නොවන බවත් ඉතිහාසයේ සිට එසේ බවත් ඒකලා දන්නවා අනිවා. එසේ නම් මේ ඇයි යන්න තම තමුන්ගේ නැන පමණින් වටහා ගැනීම කාලෝචිත තමා.
ජීවිතාලෝකයේ තිබෙන හැම ආලෝක පෙත්තක්ම වැදගත් තමා. අප කුමක් කළ යුතුද ආධ්යාත්මිකව හෝ භෞතිකව මේ දේ ජය ගත යුතුද මාක්ස් සහෝදරයා පේල්ද බුදුනුවන් පේල්ද යන තැන් කතා කරන කතාව පසක තබා මාරස මේ ලියන ලද්දේ සැබෑවේ යමක් කියන්නයි. මීට වඩා නොතේරෙන්නේනම් භාෂාවේ වෙනත් මානයකින් කියන්නට මාරසද නොදන්නවා නොවේ. හැබැයි පරිස්සමින්. විශේෂයෙන් සාමාන්ය සමාජය විවේචනාත්මකව දකිනා වීදුරු ගෙවල් වල සිට ගල් ගසන අසරණ විප්ලවවාදී මාධ්ය දුහුනන් පරිස්සමින්. ඒත් නුඹලාට කිසිවෙක් හිරිහැර කරන්නේ නැහැ. මිනිසුන් හෝ ගුරුවරයෙක්වත් දුහුනන්ට අනුකම්පා කරනවා විනා තරවටු කරන්නේ වත් නැහැ. ඒක තමා ජීවිතේ සිරිත. සිරිත විරිත බොහෝ අය හැදෑරුවේ නැහැ. මිනිසුන් බුදුන්ලා දැකි ආශාවෙන් නොව ‌ලෝක ආර්ථික දේශපාලන ආදරයකින් ප්රාග්ධනය ආශාව බවට වේශ නිරූපනය කර බෙදා ගත්තා. ඒකට දේශපාලනය ලෝක දේශපාලනයම කලවංවී විකාර ව්යවසනය ගැනවත් දැන නොගෙන මිනිස් ජීවිතයේ මිනිසා තුළම පවතින සංසාරය ගැන කෙසේ ආලෝකයෙන් දඩයම් කරන්නද? නමුත් ආලෝක දඩයම් කියන්නේ සැබෑවක්. ඒත් සැබෑ ආලෝකය දකින්න ඇස් තිබ්බට මදි. මොකද ඇස් වලින් දෘෂ්ටි විතානය හරහා මොළයට දෙන ප්රතිබිම්බය උඩ යටිකුරු කොට මොලය විසින් විසඳෙන කාරණා වලට ‌තමන්ගේ සිත ගැන අදහසක් නැති මිනිසුන්ගේ මොළය ඒකලා විවිධ ප්රචන්ඩ අනුරාගික කාම ද්වේශ ප්රාසාංගික මගින් අත්අඩංගුවට ගන්නවා නියතයි. මාරස කියවා තිබෙන සහ වසර 62ක කාලයෙන් වසර 45ක් දුටු සැබෑව ඒ වීමට හැකියි. කෙලින් කියනවා මේ කිසි මානයක නොවේ සැබෑව පවතින්නේ කියා. නමුත් පවතින අතීත යම් සැබෑ සාරයකට ආදරයේ මේ ලියන ලද ගීතයට තේමා ගීතය විදිහට මේ ගීතය දානවා තමා

.නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්

පිවිසූ තිලෝ සතුන්
සම්බෝධි රාජ පාද පද්ම
වන්දනා කරම්...

ක්ලේෂ තාපයේ අනන්ථ
වේදනා ජලේ
නෞකාව දම් අමා වඳිම්
නමා නළල් තලේ...

දෑගසවු රහත් බුදුන්
මා සිතින් පුදා
වන්දාමි සඟරුවන්
ගඳින් මලින් බැතින් සදා...

පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි

                                                                                               https://youtu.be/4a1fceQhq7w

jagathmarasinghe.wixsite.com/mare

19 03 2023


Powered by Blogger.