ගම්මන්පිල නමැත්තාගේ ප්‍රකාශයක් සම්බන්ධව දැනුම් දීමකි

                         දැනුම්දීමයි!!!!

     2018/06/19 දින හිරු නාලිකාවේ පව 06 55 ප්‍රවෘති ප්‍රකාශයට ප්‍රකාශයක් නිකුත් කරන උදය ගම්මන්පිල නමැත්තා ජගත් මාරසිංහ වන මා සම්බන්ධව මගේ අනුදැනුමකින් තොරව චම්පික රණවක නමැත්තා සම්බන්ධ කර මා ඇල්කොහොල් සඳහා සිය කැමැත්තෙන් ප්‍රතිකාර ගත් අංගොඩ රෝහල සම්බන්ධ කරමින් තමන් ගේ වාසියක් සඳහා කරන ලද ප්‍රකාශයේ ඇති බංකොලොත් බාවයට මම කණගාටු වෙන බව ප්‍රකාශකර සිටිමි. මට ප්‍රශ්නයක් තිබේනම් හිටපු මාධ්‍ය වේදියෙකු වශයෙන් මමද වෙබ් ජාලයක් පවත්වාගෙන යන බැවින් ඒ ඔස්සේ මා ප්‍රකාශ නිකුත් කරනවා විනා අනුන්ගේ කටවල් සහ යකඩ කටවල් මට අවශ්‍යය තාවයක් නැති බවද දන්වා සිටිමි.මා සිය කැමැත්තෙන් අංගොඩ ප්‍රතිකාර අගය කළ ආකාරය ‍දේශපාලනිකව සහ දාර්ශනිකව හැකි අයුරින් 2000 වර්ෂයේ සංහිඳ ප්‍රකාශකයෝ විසින් පල කළ "කැත කතුන්ගේ පතිවත පිළිඹඳ අධීක්ෂණ වාර්තාව නැමති ග්‍රන්තයට" "මධුලෝලත්වයේ ව්‍යාකරණ අර්බුදය" ලෙස ලියා ඇති බවද සඳහන් කළ යුතුය. ඇල්කොහොල් සහ අංගොඩ රෝහලේ මධිරා භාදය සම්බන්ධව අදාල වාර්ථාවක්ද ඒ ග්‍රන්ථයේ ඇතුලත් වගද සටහන් කරමි. ඇල්කොහොලික් නොව වෙන මානසික ආභාදයක් හෝ වේවා මානව වාදී අංගොඩ රෝහලට සිය කැමැත්තෙන් යාමට කාගේවත් කිහිලි කරු හෝ විලංගු පොළවේ ජීවත් වීමට හැමවිටම උත්සාහ ගන්නා මා වැන්නෙකුට කිසිසේත්ම අවැසි නොවන වග තහවුරු කිරීමටද මෙය අවස්ථාවක් කර ගනිමි.
Powered by Blogger.