දුර කතනයකින් සිදුවන කාර්යන් පැති දෙකකින් අපට දැකිය හැකිය. එකක් සංස්කෘතික ඇමතුම්ය. අනික උපයෝගිතා ඇමතුම්ය. මා දුර කතනයේ සංස්කෘතික ඇමතුම් වලට ලොල් වූවෙක් වෙමි. කොටින්ම මධු තොල ගාගත් විට පසුගිය කලක මගේ බයිට් එක වී තිබුනේ දිව නොව කනය. මේ ගැන චින්තා පූූූූසා සහ මාරේ කියා ලිපියක් ලිව්වාද මතකයේ තිබේ. ඒ දැන් සිටින චින්තා නොව එදා සිටි නෑඹුල් චින්තාය. එහෙයින් මම මගේ දැනුමේ සහ ආදරයේ නාමයෙන් ගන්නා කෝල් සීමා කළ බවද සැබෑවකි. අනෙකුන් මට කෝල් ගන්නේ ද අඩුවෙන්ය. මන්ද ඒයාලා කොස් ගැන අසන විට මා දෙල් ගැන කියන නිසාය. දෙල් ගැන කියා අවසානයේ කොස් ගැන කියන්නට මම කැමතිය. කොටින්ම දෙල් නැතිව කොස් ගැන කිව නොහැක වගේ එකක්ය.
මේ සටහනට අදාල වන්නේ මගේ සංස්කෘතික සංවාද වලට මට කනින් සම්බන්ධ වී ලෝකයේ පැවැත්ම සමග ජීවත් වීමට ආධාර කරන චරිත තුනකි. එක් අයෙක් සුනිල් විජේසිරිවර්ධනය. සුනිල් අයියා කියා බොහෝ අය ඔහුට කියයි. මා කියන්න් සුනිල් සර් කියාය. නමුත් විභවියට මා ගොස් තිබෙන්නේ එකම එක වරක් පමණි. ඒ ඒදා එයාගේ තිබි පශ්චාත් යටත්විජිත වාදය ගැන මගේ අවුලක් තිබි නිසා වීමට පුලුවන. තවත් පැත්තකින් විභවියට රොක් වූ තරුණ කැල වෙනම නාගරික සංස්කෘතියක හැඩයක් ගත් නිසා කියාද සිතේ. ඇත්තටම ඒ කාලයේ ජවිපේ සමග අග නගරයේ දේශපාලන සම්බන්ධතා නයයි පොළඟයි මෙනි. මා ජවිපේ ඇතුලේ වැඩ කර නැත. ඒත් ජවිපේ ගාය මටද නොතිබුනා නෙවේ. නමුත් ඒ කාලයේ මා ජීවත් වූයේ මොරටුවේ මහල් නිවාස වලය. මේ කාලයේ ජවිපෙන් කැඩීගිය සගයන්ගෙගෙන් පෝෂිත ජනතා සංගමයද මතකයට නැගේ. ජනතා සංගමයත් යුග මෙහෙවරක් නොකළා නොවේ. ඒ මෙහෙවර ජයම්පතිගේ් "පතුල" නැමති ඊ පවුරු පිටුවෙන් අවසන් වූවාද යන්න ඉතිහාසයේ ශාක්කිකාරයන්ට වෙනම කතා කළ යුතු දෙයකි.
කල්‍යානන්ද සහෝදරයා ගැන මා ලියා තිබේ. කල්‍යානන්ද සහෝදරයා දවසක් මට කනින් මරු කතා වක් කීවේය. මා කනින් කියන්නේ පෝනයෙන් කතා කරන ඒවා ගැනය. ඇස් වලින් කනට බොහෝ දේ ගෝලීීය දේශපාලනයෙන් මාරු වී ඇත. ඒසේම කන් වලින් ඇස් වලටද බෙහෝ දේ මාරු වී ඇත. ඒ නිසා සමහර තැන්වලදී කම්බුලට ගැසිය යුත්තේ කනත් ඇසුත් එල්ලකරගෙන විය යුතුය. ඒ කළ නොහැකි දෙයකි. ගැටලුව ඇත්තේද මෙතනය. කල්යා සහෝදරයාද කනින් කතා කිරීමට කැමති නැතිවාසේය. මේ දැන්ද කෝල් එකක් ගතිමි. ඒහැම දෙයක්ම කල් දැමීම සමහර විට චින්තාගේ මෙන් ඔහුගේද සිරිත වීමට ඉඩ තිබේ. අපේ පරපුර චින්තන ධර්මදාසලාගේ සහ විදර්ශනලාගේ පරපුර සමග සන්දි වන ස්ථානය ගැන ඉතිහාසයේ ශාක්කි කාරයෝ අවධියෙන් බවත් සඳහන් කළ යුතුය. මන්ද කිසිදා එය ඉබේ සිදුවන්නේනම් ගේමක් නිසාය. නමුත් කල්යා කනින් කියූ දෙයක් මට කීප වාරයක් මාර වූ බවද සටහන් කරමි. දවසක් මගේ ප්‍රශ්නයකට ඔහු කීවේ දේශපාලනය දමා කිසිදා ගෙදර යන්නේ නැති බවය. ඔහු කරන දේශපාලයට මා විරුද්ධ විය හැකිය. ඒවා වෙනම කතාය. ඒත් ඒකාගේ තියන දේශපාලන උනට මා මාර ආදරේය. ඒ නිසාම මම මගේ මනසේ ඇතිවන දේශපාලන ගැටලු කනින් ඔහුට දමා ගසමි. කනින් කියන්නේ පෝනයෙන් කියා නැවත කියන්නේ දැන් අප ගතින් හමුවන්නේ කලාතුරකින් නිසාය. අවසානයේ මා දමා ගැසූ ප්‍රශ්නයට කල්යා සහෝදරයා මාර කතාවක් කීවේය. අද තියන සැබෑ ප්‍රශ්නයක් මගේ කන පුරවා දැමීය.
අද තියන ලොකුම ගැටලුවක් වශයෙන් ඔහු මට පැවසුවේ අළුත්ම අළුත් පරම්පරාව කලාව හෝ දේශපාලන මේ ඉතිහාසයේ ජීවිත පරිත්‍යාගයෙන් ගෙනා කිසිම දේකට සංවේදී නැති බවය. අපි දැන් අපේ දරුවන් සමග ජීවත්වන නිසා ඒ සම්බන්ධව මගේ හදවතේ තිබූ තුවාලයක් කල්‍යා පෑරුවේය. කෙටියෙන් මහා කලාව සහ දේශපාලනය ගැන ගෙනා විප්ලවීය හෘද්යාංගම කිසිවක් අළුත්ම අළුත් කොල්ලන්ට කෙල්ලන්ට දැනෙන්නේවත් නැත. මෙය ලෝක සත්තාවක් සේ දැකිය නොහැක. ඉතිහාසයේ ශාක්කි කාරයෝ ඒ ගැනද අවධියෙන්ය.
මම වහාම සුනිල් විජේසිරිවර්ධන ඇමතුවෙමි.මන්ද ඔහු ප්‍රාමාණිකයෙක් බව මට වැටහී ඇති නිසාය. ඔහු කීවේ ඒක ඇත්තය කියාය දැන් කාගෙන් හෝ ඇසිය යුතු ගැටලුව මේ අනාගත පරපුරට කළ යුත්තේ කුමක්ද කුමක්ද කියාය. එක් වරම මට පාලිත තේනුවරත් සමඟ කනින් සුගතපාලද සිල්වා ගැන කළ කතාවක් සිහිවිය. ඒ කාලයේ උපාලිගේ "එව බලව"නාටකය නරඹා සුගතපාලද සිල්වා ආපසු යන විට දුග්ගන්නාරාළ විසින් සුගත පාලද සිල්වාගෙන් අසන ලද පැනයයි.
"අද නාට්‍ය කලාව අර්භුදයකට ලක්වෙලා නේද"
සුගත්ගේ කෙටි පිළිතුර හැම දාම මෙන් එදාද "ඔව්" යන අකුරු දෙකය. විය. නමුත් එදා මාධ්‍ය සිටියේ නැහැඹුල් පද හරඹයකය. නැවත සුගත්ගෙන් අසා ඇත්තේ මීට පිළියම කුමක්ද යන ප්‍රශ්නයයයි.
සුුගත්ගේ පිළිතුර වූයේ "ඒක දන්නවානම් මා මෙහෙම ඉන්නේ නැහැ " කියන සරල පද පෙලයි. ඒ කියන්නේ දන්නවානම් මම කරනවා කියන නිර්ව්‍යාජ කතාවයි. මට ලස්සන කතාවනම් සුනිල් විජේසිරිවර්ධන දුන් පිළිතුරම සුගත් කියා ඇත්තේ කුමන අන්තර් ඥානයෙන්ද යන්නයි.
කල්යා සහෝ ඇසූ බරපතල ප්‍රශ්නයට මේ සියලු කතා පුද්ගලිකය. සැබෑවටම මෙය කළ යුත්තේ සැබෑ දේශපාලනික ව්‍යාපාරයකිනි. අද ඇති අර්බුදය එයමය. නව පරම්පරාවේ සැබෑ චින්තනයට මොලෙන් ගැසිය යුතු ප්‍ලග් ඒක ගැසිය යුත්තේ අනිවාර්යෙන්ම සැබෑ දේශපාලනික ව්‍යාපාරයක හැදෑරීම සහ අවංකත්වය මුල් කරගනය. ලෝකෙම ඔහොම තමා කල්‍යා කියා මම නොකියමි. මක් නිසාද ලෝකයට වඩා මා දන්නා ලංකාව ගැන මට විශ්වාසයක් තිබෙන නිසාය. විශ්වාසය යනු භක්තිය ලෙසද ගත හැකිි බවද ඉතිහාසයේ ශාක්කි කාරයෝ නොදන්නවා නොවේ. කෙසේ හෝ මේ කාරණයේදී ළදරු චින්තනයක් ඇති අද තරුණ කැල වෙනුවෙන් වයසක අපි බොහෝ කැප කිරීම් කළ යුතුව තිබේ.
ජගත් මාරසිංහ
30 ජූලි 2020
1 comments:
https://lankacitizens.com/political/වමේ-ගබ්සාව-එසේ-සිදුවිය/