සකල විද්‍යාවන්ගේ සතුටේ බලාපොරොත්තුව
කවුද ග්රහයෙක් මරු කතාවක් කියලා තිබ්බා. මේ වෙලේ ජ්යෝතිෂ කාරයෝ අහසේ ඉන්න ග්රහයන්ව විකුණගෙන කනවා කියලා. ඒ කීම මරු නොවන තැන් දෙකක් තියනවා. හැම විෂයක්ම විකුණගෙන කන තක්කඩියොත් ඉන්නවා එහෙම නොවන මිනිස්සුත් ඉන්නවා. ඒ වගේම සැබෑ විදිහට අහසින් හිතන මිනිස්සුන්ගේ ග්රහයෝ ඉන්නේ අහසේ නෙවේ තමන්ගේ ඔළුවේ කියන එක තාන්ත්රික සැබෑවක්. ඉතින් සෙනසුරා මිනිසෙක් විදිහට සංකේතීයව හිතපුවාම එයාගේ වම් කකුල කොරයි. ඇවිදින්නේ කොර ගගහා. ග්රහයෝ ගැනයි එයා මිනිස්සුන්ගේ අත් දැකීම වලට සෙට් වෙච්ච හැටියි කියන්න මෙවන් කෙටි සටහන් වලින් බැහැ. ඒත් දිග සටහන් අද මිනිස්සු කියවන නිමේෂයකුත් නෙවේ.මේ වසරේ. නමුත් මේ නොවැම්බර් 20 වැනිදා මේ මකරෙට වෙලා ඉන්න සෙනසුරුගේ ගෙදරට තවත් යාළුවෙක් එනවා. එයා ගුරු. ග්රහ මණ්ඩලය අනිත් ග්රහයෝ ඔක්කොම තරාදියේ එක් පැත්තක තැටියකට දාලා අනිත් පැත්තට ගුරුව විතරක් දැම්මොත් ගුරු ඉන්න පැත්ත බර වෙනවා කියන කතාව එයාගේ ස්කන්ධය ගැන සරලව කියන්න හොඳටම ප්රරමාණවත්. අනික අතීත පූර්වාදර්ශ මත එයා සුර ගුරු කියන ප්රඥාවන්තයෙක් වශයෙන් ලියවිලා තියනවා. ඉතින් පුරාණ සෘෂි කතාවක කියනවා මේ දෙන්න එකතු වුනාම කොරාට වෙනද වගේ ගමන් යන්න බැහැ. මේ යෝධයව ඇදන් යන්න බැහැ. අනික හිතන හිතන විදිහට ලෝකෙට දුක උගන්වන එක තනියම කරන්නත් බැහැ. මොකද ප්රඥාවත් ඒකට පැත්තක ඉඳන් තර්ක දානවා. ඒත් ගුරු මකරයට නීචයි. නමුත් ගුරු නීච වූ කිසිවෙක් වයස හතලිහෙන් පස්සේ දියුනු නොවී ගියේ නැහැ කියලා හෙට්ටිගොඩ මහත්තය කියනවා. ඒ විතරක් නෙවේ එයා කියලා තියනවා මතකයි ගුරු නීච වීම ලෞකික පැත්තට ධනාත්මක වෙන කතා. කෙසේ හෝ අහස සහ සැබෑ දේශපාලනය ඔළුවේ තියන් හිතන්න පුරුදු උන කට්ටියට කෙලින්ම මතක් වෙනවා වෙද්ය විද්යාවට ජයග්රහණය කරන කාලයක් උදා වෙනවා කියලා. ඒ පළමු පියවර. ඒත් 2023ජනවාරි 17 පමණ වන තෙක් මේ සෙනසුරාත් එතනින් සම්පූර්ණයෙන්ම යන්නේ නැහැ.
අපේ රටේ මිනිහෙක් මැරුණම මහපට ඇඟිලි ගැට ගහලා මෝචරියට දානවා තරම් ලේසි නැහැ යුරෝපයේ ඒක කරන්න. රක්ෂණ සමාගම් විතරක් නෙවේ මානව අයිතිවාසි කම් සංවිධාන නැගී සිටියොත් ඒවට වන්දි ගෙවන්න ලේසිත් නැහැ. මම මෙතන ධනේශ්වර දේශපාලනයේ හොඳ නරක ගැන කතා කරන්න යන්නේ නැහැ. වෙද්ය විද්යාව මුල් අඩිය තියන්න හොයා ගෙන තියනවා කියලා එහෙන් මෙහෙන් එන ආරංචිවල සත්ය අසත්ය සසඳන්න යන එක මේ ලිපියේ අරමුණ නොවේ.
නමුත් හොඳම අඩිය පළමු අඩිය වේ කියලා ප්රස්ථාවක් මම අහලා තියනවා. ඒ අඩිය කොයි පැත්තෙනන් හිතුවත් නොවැම්බරය ගැන බලාපොරොත්තු මතුවෙනවා. ඒත් ඒ පළමු අඩිය නිසා සීරු මාරුවට වේගය ගන්න ස්භාවය කෝකටත් ප්රත්යක්ෂයක්. ඔව් මිනිසෙක් ජීවත් කරන්නේ බලාපොරොත්තු වලින් කියලා ඒ කාලෙ සයිමන් නවගත්තේගමයෝ ස්වීප් අරන් මගේ සාක්කුවටත් එකක් දාලා බලාපොරොත්තුවක් සාක්කුවේ තියෙනකොට මරු මාරේ කියලා කියනවා කියලා කියන හැටි මම කලින් ලියලා තියනවා. සමහරවිට ඒක ඇදෙන්නේ නැතිව යන්න හැකියි. නමුත් මේ මම කියන අඩිය එහෙම වෙන එකක් නැහැ. හැබැයි අපි කවුරුත් මතක තියාගත යුතු ඒ පළමු අඩිය කියලා. සමහර විට අධික වේගයෙන් ගමන පටන් ගන්න පුළුවන්. නැත්නම් මන්දගාමීව. ඒව ගැන ලියන්න ගියොත් මේක සටහනක් නොවී පොතක් වෙනවා. ඒක ප්රකාශ කරගන්න ගිහින් ප්රකාශකයොත් එක්ක කෙලගන්න වෙන නිසා කෙටි සටහනක් බලාපොරොත්තුවක් කියන්න හොඳටම ප්රයෝජනවත්. අපි මේ ලියන එකේ ඊ පවුරේ ප්රධානියා මාර්ක් සකර්බර්ග්ටත්, ස්ටීල් ජෝබ්ස්ටත් ප්රසිද්ධියේ කියන්න හැකිනම් එයාලගේ සාර්ථකත්වය පිටුපස හිටියේ කරොලි බබා කියලා මෙවන් බලා පොරොත්තුවක පිය සටහනක් කියන්න මාරසට තියෙන්නේ බයක් නෙවේ. සතුටක්. කොටින්ම උකටලී සතුටකටත් වඩා නිරාමිස සතුටක්. සැබෑව වෙනුවෙන් මහන්සිවෙන සකල විද්යාවන්ටත් සකල සම්ප්රධායන්ටත් සකල දෘෂ්ටිවාද වලටත් ජය වේවා කියමින් මේ සටහන අවසාන කරන්නම්. මේක අනාවැකියක් ලෙස ගන්නවාට වඩා බලාපොරොත්තුවක පිය සටහනක් ලෙස එක් අයෙක් වත් ගත්තොත් මාරසට සතුටු විය හැකියි. ඒකත් නිරාමිස සතුටක්.
ජගත් මාරසිංහ
27 10 2020