“බාල චන්ද්ර පටු නළලින් පින්සල කරකවන සුජිත්”
මම සුජිත් රත්නායකගේ චිත්රප්රදර්ශනය විඳීමට මගේ තවත් නව ගමන් සගයෙකු සමග කොල්ලු පිටිය පීරුවෙමි. දුර කතන වැඩ කරන්නේද නැත. අවසානයේ සර්පයා ඒ තිබෙන ඉසව්ව කීවේය. අපි සොයාගතිමු.
ඒය BAREFOOT නැමති තැනක් විය. ඒ සැබෑවටම කලා භවන හෝ ලයනල් වෙන්ට් නොවීය. නමුත් වෙන්ට් එකේ තරම් නීතී තද නොවනා තැනකි. එය මහඟු අස්වැසිල්ලක් විය. වෙන්ට් ඒකේද කලා භවනේද මා ච්ත්ර රස විඳ තිබේ. අපී සුජිත්ගේ "කෙටුම්පත් තෘෂ්ණාව" සොයා ගියෙමු. තෘෂ්ණාව යනු අපට නුහුරු දෙයක් නෙවේ. අපේ කොදෙව්වේ හැම මගුලම සාමය නොව මග හැරීමට සැබෑ සංකල්පීය වචනය තෘෂ්ණාව බව ජීවිතයෙන් දකින්නට නොදන්නා කෙනෙක් සිටිය නොහැක.
මම එදා තවත් තිදෙනෙක සමග පාසැල් කාලයේ අපේ චිත්ර ගුරුවරයා වූ ආරියරතන බාලචන්රද්රයන්ගේ නිවසට ගියේ ඔහුගේ කලාව ගැන උපදේශන කතා අප වෙනත් ලෝකයකට ගෙන ගිය නිසාය. ඒ 1974- 1975 වසරය. මේ NCG විභාගය එවකට රජය කරලියට ගෙනා කාලයයි. කොටින්ම සමාජ අධ්යනය නැමැති විෂයක් ඇතිකොට අපට කාල් මාක්ස්ගේ ඡායාරූප ඇතුලුව සමාජවාදය පෙල පාසැල් පෙළ පොත් වලට එකතු වූ කාලයයි. මේ සම්බන්ධව මට වරක් රංජිදම් පවසන ලද්දේ මේ අධ්යාපන ක්රමය අද ලංකාවට ගැලපුනේ නැතත් සමාජවාදයක් යටතේ අධ්යාපනය කෙසේ විය යුතුදැයි තීරණය කිරීමට මෙය මහඟු පිටු වහලක් වනු නියත බවයි. එහි තිබූ ප්රාග්වෘතිය විෂය සම්බන්ධවත් ව්යාපෘති වන් විෂයන් ගැනත් අප දෙදෙනා මැගසිමේ සිට බොහෝ දේ කතා කළ බවද මතකයේ තිබේ.
එදා අපේ කලා වින්දනය අකලට මහළු වූවන්ගේ වින්දනයක් බවට පත් කළ බාලචන්ද්ර ගුරුතුමා සමග අප ජීවිතය යනු කුමක්දැයි සෙවීමට ගත් උත්සාහයට අද වසර හැටක් පමණ වයස එතුමාගේ ගෝලයන් වූ අදද ජීවත්වන හෙවුඩයේම අධ්යාපනය කළ හදිරම ප්රේමරත්න සහ නිල්පණාගොඩ හැරල් සේනානායකත් හොඳින් දන්නා බව දනිමි. මාරස මේ ලියුම් කරුනම් හෙවුඩයට වැස්සකටවත් ගොස් නැති බව සැබෑවකි. ඒවා ගේට්ටු දමන ලද සාමාන්ය මිනිසුන්ට මාර හිරගෙවල සේ පෙනුන අවස්ථා නැත්තේද නොවේ. ඒ දිනවල මගේ චිත්ර කලා ගූරු තුමා බොහෝ මත් පැන් වලට ඇබ්බැහිිවී සිටියේය.
වරක් දෙකක් අපි එතුමාගේ නිවසට ගියෙමු. එහිදී ඔහු විසින් අඳින ලද සහ ඇන්දා වූ දිරා යන චිත්ර කීපයක් අපට පෙන්වා නොයෙක් දේ කතා කළේ ගොළුබස වන් අන් බසකිනි. ඒ ගැනද යමක් සටහන් කළ යුතුය. ඔහු වැස්ස කියා ඇඳ තිබූ එක් චිත්රයක තිබුනේ කුඩයක මුදුන් කොත සහ ත්රීකෝණාකාර ගණ චාප කොටස් දෙකක් තුනකුත් වතුර බින්දු කීපයක් සහ පැත්තට ගිය රේකා කීපයකුත් පමණි. ඒවා තද නිල් වර්ණයක් සහ ඊට සාපේක්ෂකව අඳුරු නිල් වර්ණයත් සුදු වර්ණයත් අතරේ තවමත් මා මනසේ දෝංකාර දේ. දවසක් වෛද්ය වරයෙකුගේ අඳෝනාවක් ගැන පසු කාලයක ජෝන්ද් සිල්වා සමරු රඟහලේ නැරඹූ සිනමාපටයකද මේ නිල් වරණයේ ඇති අපිස් බව සහ සොඳුරු බව දුටුවෙමි. එදා බලචන්ද්රයන් ගේ චිත්රයකින් මා දුටු වැස්සක භාවයන් නැමති අපිස් බවේ යථාව කියා ඔහු සිනා සුනාද අද මෙන් මතකය. එදා මට ඒවා ප්රහේලිකා විය. නමුත් අදටද ඒ චිත්රය මට මතකය. ඔහු මහගම සේකරයන් ගැන අපට කියා දුන්නේය. ගීත රචකයෙකු උවද ඔහු මහා චිත්ර ශිල්පියෙකු වීමට තව ඉසව් පැනිය යුතු බව කියන අවස්ථාවල අපි අතරමං විය. තවත් ඒ ගුරුගේ චිත්රයක් මගේ මතකයේ තිබේ. ඊට එතුමා දමා තිබූ නම “වේදනා”ය. ත්රිමාණ උල් කිහිපයක් මත මිනිසෙකුද නොවන මිනිසෙකුත්වෙන මනුෂ්ය ලෙස දැනෙන කෙනෙකු සිටින ආකාරය නොව සිටිනා වේදනාවේ සංවේදිත්වය මට තවමත් දැනේ. මන්ද මාද එසේ සිටීනා කෙනෙකු ලෙස හැඟී යන නිසාය.
මාරස මේ ලියුම් කරුට මානව රූප ඇඳිය නොහැක. මා උත්සාහ කළෙමි. මා අඳින මානව රූප මට හීනමානයක් ඇති කරයි. ඒ විකාරයක් සේ මට දැනෙන බව මැගසින් බන්ධනාගාරයේදී රංජිදම්ට මා පැවසුවෙමි. රංජිදම් මට මානව රූප ඇඳීමට උගන්වන්නට වෙහෙස විය. රංජිදම් යනු චිත්ර ශිල්පියෙකු නොවීය. ඉංජිනේරුවෙකු ලෙස ඉගෙන ගත් ගණිතය සම මාක්ස්වාදයටත සියල්ලන්ටම වඩා මිනිසුන්ටත් ආදරය කළ අයෙකි. ඒ කටු සටහන් තාම මා සතුව තිබේ.
සිංහලෙන් කලාව ගැන කියන්නට "ගිරිකුළ සහ සඳ මඩල" හරහා "පශ්චාත් නව්ය වාදය"ග්රන්ථයේ කතන්දර හොඳටෝම යල් පැන ගොස් ඇති බව සත්ය නොවන්නේ කෙසේ දැයිි මම වග කිව යුතු විචාරකයන්ගෙන් අසන්නේ සරලම මගකින් මේවා රස විඳින මිනිහෙක් නිසා ඒ බව දැනෙන නිසාය. වෙනත් භාෂාවලින් චිත්ර කලා දාර්ශනික මානව සහ මනෝවිද්යාත්මක දේශපාලනික මතවාද පරිවර්ථන දමන්නන් දේශපාලනයක් නොවන හෝ දේශ පාලනික ලෙස කතා කරනවා විනා ඒ වායේ චිත්තරයක හදවතේ ගැස්ම සරළව මැන ගන්නටවත් මිම්මක් නැත. ඒහෙත් බාලචන්දු ගුරු තුමාට පිංසිද්ද වන්නට අපටනම් තාම ඒවා දැකපු ගමන් කුමක් හෝ දෙයක් නිසා හෘදයේ වේගය වෙනස් වෙනවා දැනේ.
මේ ලියුම් කරුද අසුව දශකයේ් තරුණ විය ගත කෙරූ අයෙකි. ඒ අතෝරක් නැති භීෂනය හමුවේත් ඉන් පෙරත් පසුත් චිත්ර ප්රදර්ශන කොහේ තිබ්බත් ඒවා බලන්නට ගිය බවද මතකය. "බැරලිසම්" වන් චිත්ර කලා සංකල්ප පැටලී නොව ඒ කාලයේද මේ කාලයේද ඔහුගේ දේශපාලනය පංති දේශපාලනය නොවන නිසාම හදවතින් තේනුවරව එලිපිට පට්ට නොගැසුවාට අනියමින් පට්ට ගසන්නට ඇත්තේ විරෝධතා ඇති මුත් ඔහුද අපේ හද ගැස්මට ඇමතුව නිසාය. නමුත් රාජුගේ චිත්තර වලට මා ආසා කළාද නැතිනම් ඔහුගේ චිත්ර තුළින් මතුවූ ආධ්යාත්මිකත්වය මගේ මොළයත් හදවතත් ඒකාත්මික කළාදැයි මා නොදනිමි.
මා ජනතා වාදියෙකු වී සිටි යුගයේදී එක්තරා කාටුන් චිත්ර ප්රදර්ශනයක් අසූව දශකයේ නැරඹීීමට ගොස් ඇති වූ ආශාවට සමරු පොතේ අත්සනක් දමන්නට කීවාද මතකය. ඔහු අත්සනක් දැමුවේ නැත. ඔහු එදා අත්සන තැබුවේ මුදලට පොතක් ගත්තා වූ නරඹන්නන්ට පමණි. ඒ එදා ජනතා වාදයේ විලම්භීතයයි. මැද පන්තියේ දේශපාලනයේ කේදවාචකයක් වී ඇති අනාගතයයි.
එදා මගේ ඇසින් කඳුලු බින්දුවක් හෝ වැගිරෙන්නට ඇත. නොදන්නා උන්ට නොදන්නා අපි උගන්වා අපි 1987දී මැගසිමේද චිත්තර ප්දර්ශන පැවැත්වීය. ගෝල්ඩන් රෙට්ටෑන්ගල් හෙවත් රත්තරන් සෘජුකෝණාශ්රයේ වර්ණ විභේදනයේ සම්ප්රයුක්ත රේඛාව ගැනත් රංජිදම් සහ මම ගණිතයෙන් කොතෙක් දුර ගියාද යන්න ප්රේමලාලයන්ට මතකයේ ඇති බව මම දනිමි.
හබරන සිට පොළොන්නරුවට යාමට විශාල කැලෑවක් පසු කළ යුතුය. නමුත් ඒවා අද රක්ෂිත බව නොලිය බැරිය. මා දැන් පොලොන්නරුවේ පරාක්කරම සමුද්දරයට බසින ගල් පඩියක් මත සිට දෑස් පියා ගත්තා සේය. මට කවුදෝ හීනෙන් මෙන් සුජිත් රත්නායක නම් චිත්ර ශිල්පියා නිශ්ක්ශංක ලතා මණ්ඩපය අසල මා සිතුවම් කරනවා කීවා සේය. මම නෙත් හැරියෙමි.
නමුත් මා සිටියේ නැළවෙන ස්ත්රී ලාලිත්ය බඳු නිශ්ශංක ලතා මණ්ඩපයේ නොව බම්බලපිටියද කොල්ලුපිටියද කියා ඇඩ්රස් නැති තැනක පවතින බෙයාපුඩ් නැමති නව ලිබරල් හෝ නව ලිබරල් පරංගි වාමාංශිකද වශයෙන් අදහස් ලිවිය හැකි ආපන ශාලාව අසල කලාගාරයේ නොවේ.
මගේ ගමන්සගයා ගෙනා කාලෙන් අරික්කාලක් තවමත් මා ගසා අවසාන නොවන වගද සැබෑවකි. ප්රදර්ශනය ශාලාවට යන තැනම තිබූ කොරෝනා චිත්තරය මට ඇති කරණ ලද්දේ ද්වන්දනාත්මක වේදනාවකි. මා ඒ සම්බන්ධව කිසිත් නොළියමි. ඇතුලට ගිය විටම එකම කලු පැහැ වර්ණයක ප්භේද මතුකරමින් මේකා මාර වැඩක් කර ඇති බව මගේ හද ගැස්ම මට වටහා දුන්නද කුකුසක් තිබිණි.
බිතුසිතුවම් කලාවෙන් පසු අපරදිගුන්ගේ ච්ත්තර කලාව වෙන්ට්ලා හරහා සමාජ ගතවූ ආකාරය සම්බන්ධව මම කිසිවක් නොලියමි. මන්ද ඒ ගැන ඉන්ගිරිසියෙන් වැඩිපුරද සිංහලෙන් අඩුවෙන්ද ලියවී බලයක් බිහි වී ඇති නිසාය. නමුත් සුජිත් මේ සියල්ල ගැන කැක්කුමකින් කතා කරන්නෙකි. අඳින්නෙකි. මාක්ස්වාදය විසින් ගෙන එන සාමූහිකත්වය දකින්ටද ඔහු වෑයම් කරයි. වරෙක ඒ සියල්ලෙන් මිදී පශ්චාත් නූතන දර්ශන අනුදකින්නටද තැත් කරයි. ඒ එසේ සිදු නොවුනානම මාරයි කියන්නට හිතුනත් ඔහුගේ සියලු සිතුම් ලාංකේය මැද පන්තියේ විලාපයේ හෘර්ද ශාක්ෂියේ හැඟවුම වෙනු නියතය. සමහර විටක ඔවුගේ සහෝදරයෙකුද චිත්තර ශිල්පයෙක් උවද උන් දෙදෙනාගේ පෑහුමක් තවම සොයා ගත නොහැක. ඒද වර්ණයන්ගේ වාසනාවකි.
ඉතින් සුජිත්…………! මේ විචාරයක් නොවේ. සටහනක් තමයි. අද විචාර ලිව්වොත් ඒවා ඇඩ්. මම ලිව්වේ සටහනක්. “බාලචන්ද්ර පටු නළලින් පින්සල කරකවන සුජිත්” කියල. මට මේවා රස විදින්නට ඇහැක් දුන් බාලචන්ද්ර සර්වත් සැබෑ අහසින් චන්ද්රයාගේ බාල චන්ද්රයට ඇති ලාංකේය ආදරයත් ඔයාට පුද කිරීමටයි.
ඉතින් මෙතනින් පස්සේ ලියන දේ නිසා මේකට ලයික් වැටෙන්නේ නැති බව දනිමි. ඒ හේතුවාදී සහ විඥ්ඤාන වාදී කියන විකාර ගැටුමක් තාම පවතින නිසා නොව ලාංකේය ගමෙන් ආ මැද පන්තියේ ආගම ඇදහීම අපරදිගට වසංගන රසල් නැමති මහා වෘක්ෂය නිසා කියන්නටද හැකිය.
මේ යට තියෙන්නේ උඹේ කේන්දරය සහ මට සිත් ගත් නුඹ ඇඳි වදින ගැහැනු රිද්මයක්. තන්දෙක ඉරි දෙකින් ඉවරයි. දැක්ක ගමන් මට තෝර ගන්න බැරි වුනා මේ ගැහැණියට පිටුපසින් තියන මුහුන පිරිමියාද නැතිනම් එක පාට මට පේන මමද කියලා. මම බලාගෙන හිටියා. කිසිදු ඉරක් හඳක් ගහක් කොළක් ආභරණයක් නැති උනත් නුඹගේ හැම ඉරියව්වක්ම නිශ්ශංක ලතා මණ්ඩපයේ ගල් කණු වගේ. නැත්නම් මුරගල වගේ. සඳ කඩ පහන වගේ. ඒ චිත්තරයේ ඇත්තටම පිරිමියාද ගැහැනියද කියලා සූත්රගත කරන්න ගියොත් අපි අනාතයි. ඒ දෙන්නම අපි. නිකන් පිරිමියා කියන්නේ ගැහැනිය ගැන සංකල්ප මවන මුහුණක හෙවනැල්ලක් විතරයි.
මම කාගේ කාගේත් වගේ උපන් වෙලාවන් හොයලා තියනවා. ඒක හොයාගන්න ඉස්පිරිතාලෙක ලේඛණාගාරයකට යන්නම අවැසි නැහැ.මාරස පටන් ගන්න ප්රථම ලෝක ලියනාඩාඩෝගේත් ඩාලි වැනි කලා කරුවන්ගේත් පිකාසෝලාගේත් කොටින්ම කාල් මාක්ස්ලාගේත් උපන් වේලා හෙව්වා. දැන් ඒවා ගැන තොරතුරු සහ තවත් විස්තර අන්තර් ජාලයේ තිබෙනවා. ඊට පෙර ලංකාවේ අයගෙන් තිබුනේ ලාංකේය කලා සංස්කෘතියේ මර්සිලින් ජයකෛාඩි පිය තුමාගේත්, රුක්මණී දේවිගේත්, එඩී ජයමාන්නගේත්. ගාමිණී පොන්සේකාගේත් උපන් විස්තර පමණි. ලංකාවේ සයිමන්ගේත්, සුගත් අයියාගේත්, සුනිල් විජේසිරිවර්ධනගේත්, තවත් අයගේත් හැකි විදිහට උපන්වෙලා මාරස විසින් අන්තර් ජාලයට දමා තිබේ. නමුත් රැඩිකල් විදිහට එදා අප රටේ කිසිම සැබෑ කලා කාරයෙකුගේ ලග්නයක් තබා උපන්වේලාවක් තිබුනේ නැත. නමුත් තමුුුුුුුන්ගේ ජීවිතය ගැන අහසින් සිතා පොතක් ලියන්නට මට අවසර දුන්නේ මා සමග කොතරම් මතවාදී ගැටුම් තිබ්බත් කේ කේ සමන් කුමාර පමණි.
අවසාන වශයෙන් මම සුජිත් නම් නුඹගේ මේ දමා ඇති චිත්තරයේ නුඹ ලියා තිබෙන රැගුම් ආදිය දක්වන්නා හෝ රඟ පාන්නා කියන්න පිරිමියෙක් නැති සිතුවම අපවා අඬවනවා . කොටින්ම අපි ලෝක විශිෂ්ටයන් ගැනත් අහසින් හෙව්වා. උඹ ගැනත් සොයා මද සටහක් පමණක් දැම්මා. ගැහැනියද පිරිමියාද වෙන් කළ නොහැක. අහසද පොළවද වෙන් කළ නොහැක. එකම දෙයක හෘද ශාක්ෂියක් සහ භෞතිකයක් වන කිසිවක් වෙන් කළ නොහැක
නමුත් මාරස මේ සටහන මම මෙසේ අවසාන කරන්නම්. ඉතා ලඟකදී ධනේශ්වර දේශපාලනයේ කියා ගත්කල එකල්හි නැගී ආ විවෘත ආර්ථිකයට පසු පෝට් සිටි සංස්කෘතිය ඉතා මෑත කාලයේම කළඑළි බසින බව පොළවේ ඉන්න අපට නොදැනෙනවා නොවේ එදාට කලාභවන අහෝසියි. කෙටුම්පත් තෘෂ්ණාව" හොයන්නේ කොතනද මම තනිවී නුඹේ මේ දමා ඇති චිත්තරය භාවනාවක් කරගත් මොහොතේත් මා ඇතුලට ගිය අවස්ථාවේ වැඩිපුරම ඒ ගැන විපරම් කෙරුවේ චීනුන්. මම දන්නේ නැහැ ඉන්දු චීනුන්ද කොහේ චීනුන්ද කියලා. කොහොමත් දේශපාලන ඉලක්කයක් දැන හෝ නොදැන යන ගමනත් සමග නුඹට ජයගත හැකිවනු බව කියන්නේ අපේ අත්දැකීමෙන්. ඒ නුඹගේ පමණක් නොව අපේද ජයම වෙන්නේ නැහැ එය මිනිසුන් විසින් කරගත යුතුයි. බිහි වෙමින් පවතින පෝට් සිටි සංස්කෘතියට උඹ ගැහැව්වේ ගලක් නෙවේ කාන්දමක්. මොකද කාන්දමක විකර්ශනයත් ආකර්ශනයත් දෙකම තියනවා.
මම ආසා වර්ණ ගැන කතා කරන්න. කළු වර්ණයේ ප්රබේද ගැනත් ආදරය ගැනත් අපි පසුව කතා කරමු. සිනහවක භෞතිකයන් මිය යන මේ නිමේෂයේ නුඹගේ උත්සාහයට මම ආදරෙයි. ඒ යාලුකමට විතරක් නෙවේ කියන කතාන්දරය මේ සටහනේ ඇති.
ආදරෙයි. ඒ නුඹට වඩා නුඹේ චිත්ර වලට. ඒ කියන්නේ නුඹටම තමා.
ජගත් මාරසිංහ