ඕම් කාම දේවාය සුජිත් රත්නායක

ඕම් කාම දේවාය විද්මගේ

          මට දැන් වයස අවුරුදු හැටකි. හැටේ උපන්දිනයේ මම පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියේ මගේ සගයන්ගේ ආදරය නිසාය. ඒවා සයිබරයෙන් ආවාද නැතිනම් ස්පර්ශයෙන් ආවාද යැයි මට කම් කිම්. ඒ මගේ ආදරය නොව උනගේ ආදරයයි. මගේ හැඟීමයි. 

මා මේ ටික ලීවේ සුජිත් රත්නායකගේ වයස පනහා පිරෙන දිනේ තිබි අපි ‌පොඩි කාලයේ පටන් බලන චිත්‍ර ප්‍රදර්ශනය බැලීමට නොහැකි වූ කණගාටුවෙන් නොවේ. මක් නිසාද මම සුජිත්ව පැන්ටසියක් වශයෙන් ගත් නැති කල ඒකාගේ රේකා යන හැටි මට දැනුම් දෙන්නේ මගේ වෙන මොකක්ද මගුලක් විසින් කීවත් නිවැරිය..

කෙසේ හෝ කුමන හේතුවක් නිසා හෝ සුජියාගේ 50 බැලීමට 60  මාරයා ට බැරි විය. මා ඒ අඩුව පුරවා ගන්නේ කෙසේ දැයි කල් දැමූවෙමි. මා නේත්‍රාවෙන් බැලීමට නොහැකි වූ මේකාගේ 50 නේත්‍රා මංගල්ලය බැලීමට මවුසය සහ යතුරු පුවරුව අනිකා කරගත්තෙමි. මේකා එදා පැවැත්වූ ‌දෘශ්‍යය කලාව මොන මගුලක්දැයි මට සිතුනේ මේකා ජගත් වීරසිංයන්ව බය නැතිව වචන වලට ගෙනත් තිබූ ආකාරයෙනි. කිසිදා වචන වලින් චිත්‍රයකට වැඩක් නොවන බව ඉතිහාසය පුරා පැවති මතවිකාරය සුජිත් 50හින්ම අවසාන කරන ලද්දේ චිත්‍රයකින්ද නැතිනම් චිත්‍රකලාව සම්බන්ධව ශිල්පියා අකුරින් හෙවත් මනසින්ද සම්බන්ධ වීමෙනි. කොටින්ම සුජියා ඉතිහාසයයේ යම් සංකල්පයකටද කෙලවා දමන ලදී. ඒකා කෙලවා දමන ලද්දේ අපේ උන්ට තේරෙන භාෂාවෙන් චිත්‍රයකට නමක් තැබීමෙන්ම ඒ චිත්‍රය විඳින්නා වල්මත්වී කෙලවාගන්නා බව කෙටියෙන්ම පසක් කිරීමෙනි. මචන් සුජියා. මට එන්න බැරි උනත් උඹේ චිත්‍ර සියල්ලම මගේ දෙනෙත් ඉදිරියේ මැවී පෙනෙන්නේ නුඹගේ හදවතේ රේකා වලින්මයි. මොළයේ කීමට තරම් මාක්ස්වාදී  කියවීම රේඛීය ජනතාවාදී දිළින්දන්ට දුක දීම අපට අයිතියක් නැහැ නේද මචන්. උඹ හරි. ඒවට තව උත්තර තියන බව අපි නොදන්නවා නොවේනේ. අපිත් ඒක ඒ වෙලාවට බලාගමු කියන්නේ සීසර්ගේ වචනය නෙවේ. අර සෝලිස් මැන්ඩිස් කැලනි විහාරය අතහැර ගොස් පින්සල් ටික කැලනි ගගට දමා ගෙදර ගොස් කෙසෙල් වැවූ අවධියේ ඔහුව හමුවීමට පැමින එක්කන් යන්නට හැදූ සුද්දියන්ගේම වචනයෙනි.

නමුත් සුජිත් රත්නායක, එක දෙයක් අවැසියි. මගේ අතීත චිත්‍රකාමයේ නුඹත් දැන් ඉදිරියෙන් ගමන් කරනවා. ඒ වගේම කලකට පෙර මා සමග මිචෙල් නොහොත් රාජුත් ගමන් කළා. නුඹ භෞතික ආධ්‍යාත්මික උනත් මිචෙල්ගේ ආධ්‍යාත්මිකත්වය නුඹ අතහැරියාද? මේවාට නුඹ වචන වලින් දෙන උත්තර අනෙකුන්ට වැඩක් වේවි. මටත් වේවි. නමුත් මම කැමති මේ ආධ්‍යාත්මික සහ භෞතික ‌යන වෙන් කළ නොහැකි දේ එකට එකතු වෙන චිත්‍රයක් මිහිපිට දැකීමට. එකට තමයි ඒ දෙක තියෙන්නේ. දැන් වෙනම තමා සිතන්නේ. ඒ කතාවේ පළමු දේ කළ හැකි අප කලාපයට බව අටුවා කුමට? සුජිත්ගේ විප්ලවීය චිත්‍ර 50න් පසු අප මියැදෙන්නට කලින් එවන් සිතුවමක්!........

       චිත්‍රයක් ස්වභාවයත් එක්ක මැරිලා යනවා සහෝ ‌භෞතිකව. නමුත් ආධ්‍යාත්මිකව කිසිත් මැකෙන්නේ නැහැ. හැකිනම් චිත්‍රශිල්පියෙකුගේ ‌පින්සල් පහරකින් හැර ඕනම මාධ්‍යකින් කියන්න කියලා චිත්‍ර විඳින උන්ට අභියෝග කළ හැකියි.

නමුත් මචන් ආධ්‍යාත්මිකව සහ ‌භෞතික කියවිම් වලට උඹව අදාල නැහැ. නමුත් රාජු හෙවත් මිචෙල් ‌ඕ‌ෂෝගේ ආධ්‍යාත්මිකත්වයේ සුසර තාව දකින ඇති බව මා දන්නේ 80 දශකයේ නන්නත්තාර වූ අවධියේ, නන්නත්තාර වුනේ ජීවිතෙන් නොවේ. මාක්ස්වාදී කණ්ඩායම් හැදෑරීමෙන් ඇති වූ කුලවාදී සහ වෙනත් ලනු භෞතිකවාදීව හැදෑරීමෙන්. ජීවිතයෙන්ම හැදෑරීමෙන්. සිනමාවේ ලනුව ගොඩක් දුරයි. මේවල කතෝලික බෞද්ධ ප්‍රධාන පදනමත් තියනවා. මේවට කියන්න තියන දේ මෙච්චරයි. අම්මට ඉතිරි පද නොකියනවා නොවේ තොපට දැනෙන නිසා කියන්නේ නැහැ. අම්මට ඒ දේ කළාම තමා දේවල් ලැබෙන්නේ. වික්ටර් අයිවන්  කුලවාදයේ වංශ කතාව ලියන්න ගිහින් බාගෙට නැවැත්තුවා වගේද මන්දා. නන්දන වීරරත්න මගේ අති ජාත මිත්‍රයෙක්. එයත් නවත්තලා ඉවරයි. පටන් ගන්නවානම් නුඹලොගේ අම්මලා තාත්තලාගෙන්ම පටන් ගනිල්ලා.  මම කියනවා. ආයේ ලියයි. වෙන භාෂාවකින්. සංවිධානයක් නැති මිනිස්සු වයසට යනකොට භාෂා වෙනස් කරනවා. සංවිධානයක් නැතත් හෘර්ද ශාක්ෂියක් ඇති උනට එහෙම වෙනවා අඩුයි. මට දැනුනා තනි රේකාවකින් වෙන්කරන ආධ්‍යාත්මිකත්වය සහ භෞතිකයේ විකාර කලාවේ ප්‍රභේද ගැන. මෙච්චර දෙයක් චිත්‍රයෙන්ම වගේම වචනයෙන්ම කියන්න හැකි සුජිත් සහ මිචෙල්ගේ ඇති ඒ ‌බෙදීම් රේඛාව ජයගනිමින් සිටිනවා කියලයි මම ලිව්වේ. මේ අස්සේ මට නම අමතක නිසා බර්ග්මාන්ගේ සෙවන්සීල් පිල්ම් එකේ තියන එක රූපරාමුවක් මතක් වෙලා වයසින් බාල උවත් දැනුමෙන් පෝසත් වගේ දැනෙන මම සිනමාව ගැන කතාකරන අළුත් කොල්ලන්ගෙන් කැමති බූපති නලියට කතා කරනවා. ඒකාගේ වචනේ බර්ග්මාන් චිත්‍රකලාවට සම්බන්ධ නැහැ වගේ දේවල් කියලා මට දැනුනේ. නමුත් අන්තිමට දැනුනේ. සමහර විට මට නොතේරුනාද දන්නේ නැහැ. අපි දෙන්නා නෙවේ මම මහ හයියෙන් කියවන් කියවන් යන්න ඇති. නමුත් ඒකා කිව්ව ‌ඉතිහාසයේ සෘණාත්මක වචනයක් ගැන පමණක් මම කියනවා. උඹලට කලාව කොටස් කරන්න හැකි උනාට කාට හැකි වුවත් කිසිවෙකුට කොටස් කර කලාව තනි රේකාවකින් වෙන් කළ නොහැකියි. මම ලාංකේය පරංගි මාක්ස්වාදී කියන අර්ථය නම් වලින්ම පැහැදිලි කර දෙන්න අවස්ථාවක් පෑදුනු එක මාරයි.

  නුඹ මිත්‍ර මා නොදන්නා විදර්ශන කන්නංගර ගැනවත් සිනමාවේ චින්තනලාගේ අනාගතය ගැන කලකිරීමක්වත් නුඹලාගේ පරංගිත්වය ගැන නොසැලකිමක්වත් මාරසටත් නැහැ. ඇත්තේ ආදරයක් නෙවේ. විරහවක් පමණයි. පරසතු මල් බැලුවා වගේ භූපති. අර චිත්‍රපට ගෙනා කතෝලික සිනමා පර්ෂදයේ ජයග්‍රහණය අද සිනමා රසිකයන් බුක්ති විඳිනවා. නලින්ද සිල්වලාටත් අමතක වුන මාතෘකාවක් දුරකතනයෙන් මතක් කර දුන් භූපති නලියට ‌තුති. දැන් කෝමද ලංකාවේ සිනමාව. ඇයි දුන්න සම්මාන අමතක කරන්නේ. මේ ටික ලිව්වේ සුජිත්ට ගඟේ යන්න නෙවේ. ඔය පරපුරේ කවුරුත් ගඟේ යන්නේ නැහැ. නමුත් සුජියාගේ වැඩ ගැන මේක ලිව්වේ මාර ආදරයකින්. ඒ තවමත් කලාවේ තියන බලය මාරු වෙවී යනවා. අද ඉන්නේ සංකේතීය පරංගියෝ. (පරංගියෝ එක තලයකින් මරු බව මාරස දන්නවා. නමුත් මාක්ස් වාදී පරංගින් වීමේ ජෝක් එක ගැන හිනා යන්නේ නැහැ. ) අනිත් කලාවන් වලට වඩා ලාංකේය ජනතාවගෙන් තනිවෙලා තිබ්බ 

දෘශ්‍යය කලාව ගැන නුඹ සිතුවමින් පිට ලියන්න පටන් ගත්තා. නියමයි නෙවේ මචන් ජය වේවා. ලාංකේය ‌ජයවර්ධනලාගේ දේශපාලනයෙන් පසු තේනුවරලාගෙන් මතුවූ බැරලිසම් සමග නුඹේ මේ කතන්දරත් වැදගත් වෙනවානම් හොඳයි. මොකද දන්නවාද. අඬලා අම්මා තාත්තා කියලා ඉවර වෙලා තමා ඉතිරි හැම දෙයක්ම අපි කරන්න පටන් ගන්නේ. අම්මගේ බඩේ ඉන්නකොට අපිට ඇහෙන්නේ අම්මගේ පඩ සහ හදවතේ ශබ්ද කියලා කියනවා. අසූව දශකයේ අපි කිව්ව ටින් ඩ්‍රම් කියන පිල්ම් එක බලලා දරුවා විරෝධය පාමින් එලියට පනිනවා කියලා. එක එක වැදගත් සහ වාද මනෝ දර්ශන සමග. දැන් කතා නොකර ඉන්නේ හැදෑරීම් නවත්තලා නෙවේ නේ දරුවෝ හරියට හැදෙයි කියලා. මම දකිනවා අසූවෙ දශකයේ උන් පිස්සො කියලා කවුරු කිව්වත් දරුවන්ව උනත් මිනිස්සුන්ට විරුද්ධ වුනොත් මර්ධනය කරවි. ඔව්. එක්කෝ භෞතිකව. නැතිනම් ආධ්‍යාත්මිකව.   

පරංගි සනුහරය නිසා අද මම කෙලින්ම කියනවා. ඔව් මාත් ජාන වලින් පරංගි ඇති. මම කියන්නේ ආඳා පරංගි ගැන. නුඹ කළේ වැඩක්. ඒ වැඩෙන් විලක් හදාගෙන කට්ටිය නාවි. දැන් කෙලින් කියන්නම්. ලෝකය දැකලා රෙද්දේ ඇකඩමියානුවත් අරන් උඹට ඕන දේ උඹ අඳිනවාටත් වගේ ඇඳෙනවා කියන එක මාරයි. මළ ගිය සිහින අතහැර හිටපන්. ‌නුඹ අඳින්නේ අපේ සිහින. සිහින කියන්නේ අපි ජීවත්වෙන්නේ සිහින වල නිසයි. එහෙම නැති පරංගියන් මේ ලියන දේශපාලන මොහොතේ කුමක්ද කියන්නේ. නිශ්ශබ්දයි. වැඩේ තද උනොත් කට්ටියක් රට යයි. වෙන කිසිදෙයක් නොවෙනවාමයි. ‌

ඉතින් සුජිත්. සෝලිස් මෙන්දිස් නියම ආර්ට් කාරයෙක් නෙවේ කියලා උගත් බුද්ධිමත් කට්ටිය කියනවා. පුරුද්දට වගේ දේකට බිතුසිතුවම් ඇන්දා කියලා. කමක් නැහැ. ඒකත් හරි කියමුකෝ. සේකර නෙවේ තවත් කට්ටියට එහෙම කියනවා කියලා නුඹ නොදැන ඉන්න විදිහක් නැහැ. නමුත් එහෙම කියන්නේ අඳින්නා විතරක් හිසේ තියන් බලන්නා පහතින් තියන්. ‌‌ඔබගේ අනිත් චිත්‍රප්‍රදර්ශනය කුමක්‌ හෝ කුමණ ආකාර වේද කියා මා කියනු කුමට. හැබැයි ඒ බලා මාතෘකාව ඔස්සේ දෘෂ්ටිවාද කතා කරන්න එන උන්ට දාපන් බැරියරයක්. උනලී බංකර් එපා. මාර පරාජය කියන සෝලිස්ගේ චිත්‍රය ‌නුඹට දැනෙන පරිදි ගහපන්. උඹ ආධ්‍යාත්මිකව දෘශ්‍යය කලාවේ මාර පරාජය කරන්න ආසන්නයි. නමුත් එසේ හැකි වන්නේ මාර පරාජය කළොත් පමණයිනේ මචන් කියලා යාන්ත්‍රික භෞතිකවාදී මිතුරන්ටත් කියපන්. 

"මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි.........!,"

ජගත් මාරසිංහ

2022 ජනවාරි 05

ඕං කාම දේවාය විද්මහේ

පුෂ්ප භානාය ධීමහී

 තන්හාය අනන්ග  .........පරංගින් ස්වාහං..................... 





Powered by Blogger.