පත්තර මහ ගෙදර චලිතය.
මම ලේක් හවුස් ආයතනයට මාර ගෞරවයක් ඇති මිනිසෙකි. දන් ඉතින් මගේ වයසත් හරිය. මගේ පාසැල් කාලයේ මහා බලාපොරොත්තුවක් තිබ්බේ ලේක්හවුසියේ ඇති මහා පඩිපෙල නගින්නටය. ඒ රැ තෙන්නකෝන්ගේ අදරයයි. පත්තර මහගෙදර මහා පත්තර මහගෙදරක් වූයේ සත දහයේ විශ්ව විද්යාලය කියන නාමයෙන් හෝ මාර්ටින් වික්රමසිංහයන් නිසාම නොව. ඇත්තටම ඩී ආර් විජේවර්ධන ැන මට කියා දුන්නේ ලගදී මිය ගිය කුලියාපිටියේ ශ්රී ප්රනාන්දයය. මා හැදෑරූ පමණින් මා දන්නා දේ කිව යුතුය. කුලියාපිටියේ ප්රනාන්දයන් ලාංකේය ධර්ම දර්ශන කතා කරන හැම එකාටම එකීටම නව නමක් දුන්නේය. ඒ වනාහී ජාතික චින්තනය යන නාම කරණයයි. කුලියාපිටිය ප්රනාන්දව මට නැවත මුණ ගැසුනේ මා ලේක් හවුසියේ රස්සාවක් කරන්නට ගිය දා සිටය. මට වසර පහක් පමණ ලේක් හවුසියේ රස්සාව කරන්නට හැකි වූයේ ජනදාස පීරිස් සහෝදරයා නිසාය. එයා ඒ කාලයේ ලේක් හවුසියේ සභාපතිය. මා සමග ජීවිතය ගැන අත සහ ජ්යෝතිෂය ගැන දොඩමලු වෙන්නට පැමිණි විශේෂ පුද්ගලයෙකි ජයරත්න රුබේරු. එයා වනාහී සෝවියට් දේශය සිංහලෙන් දුන් මහා පොරකි. අද හමුවූයේ නැති වුවද කවදා හෝ හමු වනු ඇත. සර්පයාටද මේ අවස්ථාවේ ලේක් හවුසියට පැමිණිය හැකි වුවද ඒකා හුඹහම තෝරාගත්තේය. ජනදාසයන් ඒ කාලයේ ලේක් හවුසියේ සභාපති වූවාට පෙර කල ලංකා සමසමාජ පක්ෂය කීතු කීතු වන කාලයේ සැබෑ වාමාංශිකයෙකි. ඒ කාලයේ පරිපාලනය බාරව සිටියේ රෝහන හෙට්ටි ආරච්චිය. කතෘ මණ්ඩල අධ්යක්ෂකව සිටියේ කරුණාරත්න පරණවිතාරණය. මා එයා ගැන නොදන්නවා නොවේ. මා සමග යම් ගැටලුවකට හැප්පී නැත්තාද නොවේ. නමුත් ඔහුගේ අත බලා මා පළමු වතාවට නුඹ දේශපාලනයට යනවා කියා කියපු කාරණාව චම්පික රණවකද නොදන්නවා නොවේ. මොවුන් දෙදෙනා මරේ මරුය. නමුත් ලේක් හවුසියේ වැඩ කරන සමයේ මට මගේ පුද්ගලික ජීවිතය සම්බන්ධව උදව්වක් ලැබුනේ ජනදාස පීරිස් යන සැබෑ වාමාංශික වැඩිහිටියාගෙන් සහ රෝහන හෙට්ටිආරච්චි යන දෙදෙනාගෙන් පමණි. නමුත් ඒ කාලයේ සිටි සනත් බාලසූරිය සහ දේවිකා වඩිගමංගාව නොසිටියානම් මට එතන මහා පාලුවක් ඇතිවනු නියතය. පෝද්දල ජයන්තගේ හෝ එයාලාගේ දෙමල දේශපාලනය දෙස මා බලා සිටියා පමණි. ඒ දේශපාලන මර්මස්ථානයෙන් මංජුල වෙඩිවර්ධණ හෙවත් වෙඩ්ඩාට කුමක් වූයේද යන්න ලියන්නට මා කාලයක් සහෘදයන්ගෙන් ඉල්ලා සිටිමි. අතර මැද ගැටලුවක් තිබේනම් රෝහිත භාෂණගෙන් අසා දැන ගැනීම වඩාත් කාලෝචිත බව හඟිමි.මා ජාතික වාදී හෝ සිංහල බෞද්ධවත් නොවූවෙමි කියා මා නොකියමි. මා ගැන දන්නා කිසිවෙක් නොව මා ලියන දේ කියවන කිසිවෙක් එතනට මා ලගු කරනු ඇතැයි මම නොසිතමි. එසේ කළද මට කම් කිම්. ඇත්ත නොව මා පිළිගන්නේ සැබෑව බව මා කියා බොහෝ කාලයක් ගතවී ඇත. මම අපෝහක භෞතිකවාදය ගැන මාර ආදරක් ඇති වුවත් නලින්ගේ වෙනස ගැන සොයා ගත් අයෙකි. නමුත් මේ සම්බන්ධව කියන්නට වේදිකාවක් තිබිය යුතුය. එතෙක් මා වැසිකිලියේ හෝ පාලු වෙල් යායක් දෙස බලාගෙන තනිවම කීවා වන්නට පුළුවන. නමුත් දැන් දැන් වේදිකාවක් සැදෙමින් තිබෙන බව මම දනිමි. එතෙක් කියන්නට තියෙන්නේ ට්රොස්කි වාදී කලා විචාරය විසින් නිෂ්පන්න වූ කලා කෘති මාරයි මාරයි මාරයි කියාය. අර ගම්පහ දිශාවෙ උසාවියකින් පැමිණි කලා විචාරකයාගෙන් අසන්නට ඇත්තේ ඊට වඩා වෙන බෙහෙතක් තියනවාද කියලා කියන ටිකය. සිංහලෙන් නොව තේරෙන භාෂාවෙන් කියනවානම් කීර්තිබාලසූරිය සහ ඒකාගේ සනුහරය ආරම්භ කර සුචරිත ගම්ලත් සහ පියසීලි ගැන මට ඇත්තේ හදවතේ කිසිදා නොමැරෙන ආදරයකි. නමුත් සහෝදර සහෝදරියෙනි. පශ්චාත් නූතනවාදය නුඹලාව අල්ලන් යම් දුරක් ගියේ නුඹලාවද විවේචනාත්මකව දකිමිනි. එහෙත් අද තත්ත්වය වනාහී විචාරය නොව විචාරය කරන්නට කලා කෘති නොමැති වීමය.අඳෝමැයි කියා කියමි.
ලේක් හවුසිය ගැන කතා කරන කල කුලියාපිටිය ප්රනන්දයන්ව සිහි වන්නේ එයාගේ නිර්මිත වචනයක් වූ "ජාතික චින්තනය"යේ දෙපය තබා ගෙන කෙලින් කීවේ ලංකාවට අවැසි වන්නේ මිය ගියා සේ පෙනෙන නමුතු මිය ගොස් නැති ප්රභූ දේශපාලනයක් බවය. රනිල්ගේ මාමංඩිය වූවාද එයාලා ගැන මමද හදාරා තිබේ. කොටින්ම මා මේ පසුගිය කාලයේ මුහුදු සීමා අධ්යක්ෂක වූ ක්රිස්ට් ධර්මකීර්ති නිසා යම් පුද්ගලයෙක් හමු විය. ඒ රනිල් සේනානායකය. ඩී එස් සේනානායකගේ මුණුබුරෙකි. අති සරල මිනිසෙකි. එයා මා හමුවූයේ ගස්කොලන් දැක දැක පොතක් ලියන්නට බෙරගල යන අතරමගදී මොරටුව උපේකාවේදීය. ඒ කතන්දරය කීවේ මට මගුල් බලයක් හදාගැනීමට නොව ප්රභත්වයේ සාමාන්යය දැනීමට පමණි. අවැසිනම් තව කියා ගෙන කියා ගෙන යාමට හැකිය. මා වනාහී ජනතා වාදී දේශපාලනය සහ කලාව කර ඉන් පසු බැස්මක් නොගෙන ජනතා වාදී කලාව ප්රතික්ෂේප කරන ලද්දේ පියසීලි විජේගුණසිංහ නැමති ට්රොස්කිවාදී සාන්තුවරිය මා සමග කතා කරන ලද සැබෑ සංකල්පනා නිසාය. කෙසේ නමුත් මේ මොහොතේ දේශපාලනය සම්බන්ධව මා කිසිත් නොකියමි. ඒ නොකියන්නේ මමද වෘශ්චික සහ අද රාජ්ය නායකයාද වෘශ්චික නිසා වීමට පුලුවන. මා මේ කීවේ වාමාංශික භෞතිකව නොව කෙලින්ම ආධ්යාත්මික තලයෙකිනි. කේ කේ සමන් කුමාරයන්ට පමනක් නොව සුනිල් විජේසිරිවර්ධනයන්ටත් විදර්ශන කණ්නන්ගරයන්ටත් මේ දෙස බලා සිටින මෙන් මම ඉල්ලා සිටිමි.දීප්තියාට සහ මාධවයලාට මා නොකියන්නේ උන්ට මාර ඉවක් තිබෙන නිසා කියා දැනට හිතුවාම කම් කිම්.
අවැසිනම් රහස් ඔත්තුසේවයේ හර බර වැකි කියන ලද අජිත් කොලොන්නයෝ ප්රභාකරන්ව කියෙව්වා සේ මීලඟ ජනපති විය යුත්තේ කවුදැයි අපටද කියන්නට කිසිවෙක් වැට බැඳ නැත.මතක තබා ගත යුත්තේ විධායකජනාධිපති ක්රමය ලාංකේයත්වයට පරිභෝජන සමාජයක අවැසි මෙන්ම ඒ සෙල්ලමක් නොවන බවය. රනිල්ගේ නෝනා වන මෙත්රී මීලඟ පොදු අපේක්ෂිකාව වීමට කිසිම අදහසක් කිසිවෙක් ලඟ නොමැත. එසේ වුවහොත් කුමක් වේද යන්න තීරණය වන්නේ පිරිමි යුධමය මානසිකත්වයෙන් හෙම්බත් වූ සාමාන්ය ඡන්ද දායකයාට වීමටත් හැකිය. ඒකී නාවත් සිරිමා මෙන් එවන් නායිකවන්ව සොයා යන වග ස්ත්රීවාදය කියා පෙනී සිටින එකීලාද දැන ගත යුතුය.
කතාව පටන් ගත්තේ ලේක් හවුසියෙන්ය. මට වඩා ලස්සන කරුණු කීමට සුනිල් මාධවට හැකි බව මම දනිමි. ඒකා මළත් ඒකාගේ හස්ත සටහන් මා ලඟ තිබේ. මීමන ප්රේමතිලකයන්ගේ කලාව සහ මගේ ලෝකය පොත නිා මා කැත කතුන්ගේ පතිවත පිළිබඳ අධීක්ෂණ වාර්තාව ලිව්වේ සර්පයාගේ යම් නොව අදීන හයියක් නිසාය. නයෙකු මෙන් සිටි ඒකා අද ගැරඬියෙක් නොවේවායි මම පතමි.
ලේක් හවුසියේ පොරවල් අද නැත. සිටියානම් රෙද්ද අස්සේ දීමනා ගෙන මා පාරට බසින්නේද නැත කොටින්ම කසුරීයාගෙන් පසු අපට ලියන්නට කිසිවක් ැති වූ බව දොඩාවත්තයන් දන්නවාය. මා ඒකාට දොඩාවත්තයන් කියන්නේ දිනකර පත්තරේ හයියෙන් හෝ මොකෙන් හෝ මාර කියවීමක් ඒකාට ඇති නිසාය. ඒකාත් පත්තර කලාවේ මාර පොරක් කියන්නට හැකි බොහෝ දේ මා සතුව ඇත. තව දුරටත් කියන්නේනම් කුලියාපිටියේ ප්රනන්දයන් අවධි කරන්නට දොඩාවත්තයන් මාර වෑයමක් ගත්තේ මා හරහාය. කුලියාපිටිය ප්රනන්දයන් මිය ගියද ප්රනන්දයන්ගේ අපන්නක චින්තනය සමස්ත ලෝකයේම විභවයක් වෙමින් පැවතීම ගැන දොඩාවත්තයා දොඩමලු නොවුනත් ඒ එසේමය. මා නුඹට ආදරය කරන්නේ නුඹ පැත්තකට වී බිම බලාගෙන වැඩක් කරන නිසාය.
මේ සියල්ල ලිව්වේ වෘශ්චිකයෙක් වූ මගේ තද වීම හරහාය. ලේක් හවුසියේ සිටි රංජන් අමර රත්නගේ දුරකතන අංකය සොයා ගැනීමට ගොස් මට මාර ඇබැද්දියක් සිදුවිය. මම ලේසිම මාර්ගය වූ ලේක් හවුසියෙන් ඒ ගැන විමසුවේ වෙන මාර්ග නැති නිසාටත් වඩා කලක් දිනමිණ පත්රයේ කතෘ වූ ඔහුගේ නම්බරය ඉල්ලා ගැනීම වා පහසු නිසාය. අනේ දිනමිණ කතෘවූ සහ දිනමිණේ සහ සිළුමිණ යන නම් තෑබූ සෝමාරාම හිමියන් ගැන කිසිදා මා හෝඩුවාවක් ගන්නට නැවත දුරකතනයෙන් විමසන්නේ නැත. මා පමණක් නොව ලේක් හවුසියේ වැඩ කළ කිසිවෙක් බස්එකක ගමන් කරනවානම් ලේක් හවුසීය ගාවදී පස්ස ඉස්සෙන්නේ නිකන් නොව. ඒ ප්රභූ දේශපාලනයෙන් මිනිසුන්ගේ සමාජවාදී දේශපාලනයට තිබෙන්නා වූ යම්පූර්වාදර්ශයක් නිසාය. යුද්ධය කාලයේ රජපක්ෂලා පවා ලේක් හවුසියට පැමිණ ජන මාධ්ය වේදින් සමග කතා බහ කර ගියේ දහසක් දේශපාලන ගැටලු මැද බව මම දනිමි. මහින්දගේ ලේක් හවුසියට තිබි සම්බන්ධය ලියන්නට තව පිටු ගනනාවක් වෙන් කරන්නට සිදුවෙනවා කියන්නේ ඔහුගෙන්මු බලයක ලබා ගන්නට නොවන වග දන්නෝ දනිති. එවන් සරල මාර්ග මාරයාට ඇවස නැති වග මා සිතා සිටිනා සිහිනයක් වීමටද හැකිය. රංජන්ගේ දුර කතනන අංකය ඉල්ලා ගැනීමට ගොස් සෙුරිටලාගේ සහ පහත් දුරකතන ක්රියාකරවන්නන් සමග පැය භාගයකටත් වඩා වේලාවක් ගතකරන්නට සිදුවීම අයිවෝ ජෙනිස් සමගද එකතුවී පේරාදෙනිය සරසවිය සහ ලාංකේප පුවත් පත් කලාවට පන දුන්නා වූ ඩී ආර විජේ වර්ධනයන්ට කළ අපහසයක් ලෙස මම නොදකිමි. මමච නිකන් බත් එකෙන් පසු 2.50 බත් ලේක් හවුස් පිඟානෙන්ම බුක්ති විඳීමට පින් කළ අයෙක් වූවා කියන්නේ ප්රභූ දේශපාලනයේ මාක්ස් වාදී සිතීමක් හරහා බවද සාධනය කළ හැක.
ලිපිය අවසානයේ මා එදා සනත් බාලසූරිය නැමති ශ්රී ලංකා . වෘතීය පුවත්පත් සංගමයේ කලාවේදීන්ගේ හෝ දේශ පාලනික හැතිකරයට කිසිත් නොකියමි. ඒ උනට ඇති ආදරය නිසාය. ඒ ආදරය පොළා පනින්නේ අද සිටිනා මන්දගාමී පුවත්පත් වේදීන් නිසා විය හැකිය. සනත්ගේ ප්රිය ආදරිය වූ දේවිකා වඩිගමංගාව සහෝදරියව සිහිවන්නේ සොර්බා ද ග්රීක් පරිවර්තනය කළ වඩිගමංගාවගේ දියනිය නිසා පමණක් නොව කෙලින් සහෝදරිය කියා ඇමතීමට සුදුසුකම් ලත් දේවිකා ඒකී නිසාමය.
"මචන්. දේවිකා. ලේක් හවුස් තිබ්බ අපේ කාලේ මනුෂ්යත්වය අද නැහැ . කොටින්ම මචන් බබාලා අද නැහැ. ඉන්න උන්ගේ නම් කියන්න මම කැමති නැහැ."
පත්තර මහගෙදර මහා සේවයක් කළ හැමගේම ගෞරවය රකින ලෙසත් කොටින්ම ඩී ආර් ලාගේ සහ වික්රමසිංහලාගේ සිට මීමනලා හරහා අද වන තෙක් මහා කාර්යක් ඉටු කරන ලද සියලු ප්රබ්රද්ධයන්ව සිහිකරමින් මා මේ ලිපිය අවසාන කරන්නේ පත්තර මහගෙදර අද පවතින උප සංස්කෘතික තත්ත්වයන් ගැන මහා කණගාටුවකින් බව සටහන් කරමි.
ජගත් මාරසිංහ
2021 01 08