මාර මතක

       
*****************************************************
 මතක
මව් සෙනෙහස ඇතිවෙන්නෙත් ශ්‍රමය පදනම් කරගෙන බව විස්තර කර සාධනය කළ හැකිනම් ඉඩමේ අයිතිය අඳ ගොවියන්ට මිසක් වෙන කාටද මිනිහෝ කියන්නා සේ .....(මතු)
මතක
     ඉන්දුලංකා ගිවිසුම අත්සන් කිරීමට පෙර හිරගත කළ රැඳවියන් අතර මා හිටියේ මැගසින් බන්ධනාගාරයේ. එහි දෙමල හිරකරුවන්ව බන්ධනාගාර පන්සල පැත්තේ රඳවලා සිංහල හිරකරුවන්ව බන්ධනාගාර කෝවිල පැත්තේ රඳවලා මැද්දෙන් කටුකම්බි සහ ටකරන් වලින් විශාල වැටක් ගහලා තිබුනා. ඒ ඇයි කියලා ඇහුවොත් දෙන්න තියන සරලම සහ ගැඹුරුම උත්තරය හිරගෙවල් එහෙම තමයි කියන කෙටි උත්තරය විතරයි. ඒ තත්වය යටතේත් කානු යටින් අදහස් හුවමාරු කරගෙන දෙගොල්ලන්ටම පොදු සෞඛ්‍යය ප්‍රශ්න වෙනුවෙන් දෙගොල්ලම එකට උපවාස කරපු හැටිත් තාම මතකයි. මුල් දිනවල එකම ඇඳුමෙන් සිටිය අපට අඳින්න සරොන් කමිස තුවා මේ කටු කම්බි වැටට උඩින් එයාලා අපි හිටපු පැත්තට විසික් කරපු හැටිත් මතකයි. මේ ටකරන් වැටෙන් අත් දැකපු කතන්දරය බොහෝම දිග එකක්. රංජිදම්ලා විසින් ඇතුලේ සංවිධානය කළ චිත්‍ර ප්‍රදර්ශනයකට චිත්‍ර ගැන මෙලෝ මළ දානයක් නොදත් මා විසින් බෙහෙත් පෙති සහ කොළ වර්ග වර්ණ වශයෙන් ගෙන ඇඳපු මැකී යන චිත්‍රයක් තමයි මේ. පොළවේ ඉඳන් පිට බලනකොට අපිට පෙනුනේ හමුදා ටරට් දෙකයි මේ හිර ගෙදර වෙහෙරේ කොතයි විතරයි. මේ චිත්‍රයට මට රැඳවියන්ගෙන් සම්මානයක් ලැබුනා. ඒ සම්මානය මැගසින් සබන් වලින් කපපු රැඳවියා අතුරුදහන් වෙලා කියලා අරංචි වුනේ අවන්හල ගෙදර වුන පසු යුගයකදි.එතකොට ඒ සම්මානය දියවෙලා ගිහින්. සම්මාන සඳහා නිර්මාණ කටයුතු කිරීමේ ආශාව සදහටම නවතා දාපු දවසත් එදාම කිව්වොත් නිවැරදියි. ඒ රැඳවියන්ව මට වටින්නේ දේශපාලනිකව එයාලා නිවැරදි තැනක සිටි නිසා නෙමේ. මොක හෝ එයාලගේ බලාපොරොත්තුවේ තිබ්බ යම් සැබෑ හැඟීමකට විතරයි කිව්වොත් නිවැරදියි.කොහෙම වුනත් අපි ඒවා ලියන්නේ නැතිවට නිකමුන් සමහරුන් වූ යුගයක කාගේ කාගෙත් පැටිගිරිය ........(මතු)

ජගත් මාරසිංහ
2017 අගෝස්තු 08


Powered by Blogger.