ඉතා වසවර්ති මාරයෙක් කිව්වත් ආදරයේ කොළඹ හුණුපිටියේ සිංහයා.

       ඉතා වසවර්ති මාරයෙක් කිව්වත්  ආදරයේ කොළඹ හුණුපිටියේ සිංහයා.

(හුණුපිටිය ගංගාරාමය අමතක වනනේනම් 80 දශකයේ පැතිකඩක්ම ඩිලීඩි තමාය තමාය.)

මාරසට මතක කාලයේ මාර භීෂණයකි. ඒ කාල‌ේ ජවිපේ බලයට පත්වෙනවානම් මාර සතුටකි. දැන්නම් ජවිපේ නම තිබ්බත් මාලිමාවටනම් බයක් නොව භීතිකාවක් ඇතිවන්නේ කා හටද මාරසටම් නැත. මන්ද අසුව දශකයේ ගූ කප්පරක් කෑ ඌරන්ට පඩ ගඟ ගඳක් නොවන නිසා කියන ලාංකේය යටත් විජිත අධ්‍යාපන වීරයන්ට ගැටලුවක් උවද මාරස වන් පාදඩහෝ කුමන නමකින් හෝ ඊට පහත්යැයි සිතන අයගේ සිතීම මාරසට නොතේරෙන නිසාය.

මරණ රැල්ලක් ආරම්භ විය. ඒ ජ්‍යෝතිෂයෙන් මාරස කියා ඇත. මා ඊ පවුරු මිතුරියක් වූ අමිලා විමානිගෙන් ආරම්භ විය. ඉන්පසසු උඩුගම් බලා කාලයකට සාපේක්ෂකව රැල්ලේ ‌පාලිත තෙවරප්පෙරුම ඇතුළු තවද අය යන්නම යන්න ගියෝය. අනේ නලින්ද සිල්වා මහතාද ගිය ආකාරය නොව ඒ හෘර්ද ශාක්ෂිය මාරස තවම ලියා නොමැත.ප්‍රිය හෝ අපිය තවත් අය ගියෝය. ගියේ කොහිද කියා දන්නේ ඒ එක එකාගේ හෘර්ද ශාක්ෂි ගිණුම් වලට අනුවය. තන්ත්‍රයානයේ කියන්නේ ආගම් ප්‍රමාණය ලේකයේ ජීවත්වන මිනිසුන් සතුය කියාය. එක ඒකාගේ ගිණුම් වල එකම ආගමේ කොටස් කාරයන් විදිහට තමන්ගේ ආගම දන්නේ ඌ පමණක් කියාය.

මේ ගංඟා රාම හාමුදුරුවන්ගේ චන්ඩිකම අසූව දශකය ලබන්නත් පෙර සිට ප්‍රසිද්ධය. පිරිවෙන් පැත්ත දන්නා මටනම් සිතෙන්නේ අස්ගිරි මල්වතු කෝට්ටේ මහා නිඛායන්ටත් පිටින උන් වහන්සේ මාර පොරක් වන සැබෑ ලෝකයේ හාමුදුරු කෙනෙක් කියාමය.

කෙසේ හෝ මම ලිංගිකත්වය කරලියට ගෙන "හෝම් කමින් " යන වේදිකා නාටකයක් කිරීමට පටන්ගත්තෙමි. පිටපත ඇත. කරන්නට හෝ කියන්නට කිසිවෙක් නැත. එදා නාටකයට දුක සේ මහන්සි වූ සන්ජය වර්ණගේගේ මිත්‍රයෙක් වූ වඩු වැඩ දන්නා පින්සිරි අපේ හාමුදුරුවන්ගේ ‌හිතවත් කොල්ලෙක් විය. ඒකා සමග මම උන් වහන්සේ හමුවීමට ගියෙමි. වචනයක් කතා නැත . මම පිරිවෙන් ගුරුවරයෙක්ම විය. අපේ හෝම් කමින් පුරුදු වන්නට කෙලින්ම ගෙයක්ම වෙන් කර දුන්නේය. සල්ලි සත පහක්වත් ගත්තේ නැත. නමුත් මාරස කීවේ මේක ලිංගිකත්වය ගැන නාටකයක් කියාය. මන්ද පසුව ඒ දැන ගත්තොත් කුමකින් කුමක් වේද යන සැකය නිසාය. කිසිදු දෙයක් කතා නොකර මා සමග බුදු මැදුරට ගොස් අර දේශපාලන මහා ධාතු කරඩුව මා හිස මත තබා ගාතා කියා කීවේ එක් අදහසකි. බුදුන් වෙනුවෙන් මට කරන්න හැකි දේ කළා. දැන් ඔබ ඉදිරියට යා යුතුය. නමුත් ඉන් පසු මට ඒ අමතක වී වෙන මගක ගියා සේය. මම උන්වහන්සේ අපවත් වූ බව දැනගත් විට බොහෝ කල් ගත වී හමාරය. කොළඹ පලාතේ නොව ලංකාවේම මාරසට ප්‍රශ්නයක් ඇතිවුවහොත් උන්වහන්සේ ඉන්නවා නේද කියන බලයක් මාරස සිතේ නොතිබුනා නොවේ. නමුත් කිසිදා එවන් දෙයකින් ප්‍රයෝජනයක් නොගන්නා වූ මාරසටනම් මොන පිස්තෝල කතා කිව්වෙත් ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් වහන්සේ උත්තම මනුෂ්‍යක් නිසා මාරස හදවතින් කිසිදා නොගිලිහෙන මහා මහා මහා හිමිනමක්ම වන්නේය. උන්වහන්සේට නිවන් සුව මාරස පතනේනේ නැත. මන්ද මාරසට සාපේක්ෂකව උන්වහන්සේගේ ආදරයේ නිවන තිබුනේ මා උන්වහන්සේව වරදවා ත‌ේරුන් කාලයත් පෙර වගේ දැනෙන නිසාය.

ආදරෙයි හාමුදුරුවනේ. මන්ද මිනිස්සුන්ට. ඒවා විවිධයි තමා. තවත් කෙනෙක් කියයි ඔබ වහන්සේ මිනී මරුවෙක් කියා. මාරසට ඒවා කම් කිම්.

 මාරසටනම් මාරස අදහස් ප්‍රකාශකිරීමට දුන් සහය අමතක කළ හැක්කේ මාරස මළදාට පමණි. දන්නේ නැහැ. මැරිල බලන්නම් තව භවයක් තියනවාද කියලා. තියනවානම් ඔබ අමතක වන්නේ ඒ භවයෙත් නොවන්නේය. ඒක ඉතින් යථාවෙන් සොයන්නට මැරිලාම බැලිය යුතු නොවන්නේද?

කුණ්කුණාවේ හාමුදුරුවන් සිරගතව ඉදිත්දී ලියූ කවියක් අනේ කූඹින්නේ තොපටත් රජෙකු ඉන්නේ... අපට නැත ඉන්නේ ඒ නිසාවෙනි අප තැවෙන්නේ... රජෙක් ලැබුනෝතින්...කැවුම් කිරිබත් කඤ්ඤං... පෙරහර කරඤ්ඤං... සාධුකාරෙන් ගිගුම් දෙඤ්ඤං.. කවදා පායත්ද අප දිනිසුරාණෝ... රණ බිමකට සරිලන සෙනෙවියාණෝ... මුඩු බිමකට සරිලන ජල කඳාණෝ... සුන්බුන් කොඳු ඇට සිටුවන රජාණෝ... කවදා පායත්ද අප පුන් සඳාණෝ... පරහිත පිණිස දළ දන් දෙන ඇතාණෝ... නිදුකින් ඉන්ට මඟ පෙන්වන වෙදාණෝ... මුසා බසින් අප නොපෙළන රජාණෝ... කවදා එත්ද අපගේ එක් නෙතාණෝ... ගිමනට හෙවණ දෙන තුඟුනුග තුරාණෝ... අප සම බිමක රඳවන සොහොයුරාණෝ... රජෙකැයි අපට නොසිතෙන මහ රජාණෝ...//

ජගත් මාරසිංහ

03 08 2024

http://jmaraya.blogspot.com/



Powered by Blogger.