ගැහැනියෙකු නිරුවත් කර ආදරෙන් බැලීමේ තෙඇස

                     ගැහැනියෙකු නිරුවත් කර ආදරෙන් බැලීමේ තෙඇස

සෘග් වේදය පැත්තෙන් සිතන විස ඊශ්වර දෙවියන්ට ඇස් තුනක් තිබෙනවා කියා කියා තිබෙන බව මාරය. ඒ ඇස පිළිම සහ පැරණි සිතුවම් වලනම් ඇත්තේ නළලේය. ඒ නළලේ ඇති තෙවැනි ඇසින් තුන්කල් බැලිය හැකියයි කතාවක් තිබේ. අනේ පිරිමින් ‌නොව පිරිමි මානසිකත්වයෙන් සිතන ගැහැනුන්ද මේ තෙවැනි ඇසින් බලන්නේ කාන්තාවන්ගේ ලස්සන සෙවීමට නිරුවතම වන්නේය.
බුදුන් වහන්සේද දෙතිස්මහා පුරුෂ ලක්ෂණ තිබෙනවා කියා ඒ ගැන හොයන ඒකාලයේ අදකාලයේ සිතන විට පැන්ටසි කාරයෙක් විත් ඒ විමසන විට කෙලින්ම සිවුර ඈත්කර පෙන්වූ බව සැබෑවක්ය. ඒ ගැන වැඩි දුර දැන ගැනීමට අර සුජිත් අක්කරවත්තගේ සිට ඊට අදාල අය ගාවට යා යුතුය. මාරසනම් ඒ ගැටුම් මානසිකත්වය හමාර කර බොහෝ කල්ය.
මේ වීදිඡායාරූපයක තිබි මාරස සයිබර් රස්තියාදුවේදී ඇස ගැසුන ඡායාරූපයකි. මාරස ඇස සිටියේය. ගැහැනියෙක් නිරුවත් කර විඳින්නට ඇත්තේ ඇගේ ශරීරයේ තැන් තුනක් ආලෝකයට නිරුවත් වීම පමණි. එවිට තෙඇස දෙන්නේ සංඥාවේ වස්තුවෙන්මය. මේ ඡායාරූපය ඊට කදිම නිදසුනක්යැයි දැනේ. ඇගේ ශරීරයේ ආලෝකයට නිරාවරණය වී ඇත්තේ දකුණු කකුලේ බත් කෙන්දේ සිට කලවා දක්වා ප්‍රදේශයයි. අනික පිරිමින්ගේ ජීවන ධාරිතාව වන අම්මාගේ කිරි සහ ඉන්පසු වෙනත් කිරි මතුකිරීමට උරන පියයුරු වලට යටින් නිකන්ම නිකන් චතුරස්‍රාකාර කෑල්ලක්ය. ඉතිරිවා පපුවේ ‌උඩ කොටස බෙල්ල හිස මුහුන සහ දෑත්ම පමණි.සංඥාව පෙරදැරි කරගෙන සිටින සංඥාකාරකයේ දෑස්ද මාරය. 
පිස්සු හැදෙන්නේ වැඩි දුර සිතන කළය. දවසක මාරස තරුණ කාලයේ ගවුම ඉස්සී තිබී ඒ හදන ගැහැනුලමයෙකුට මාරසනම් කීවේ අනේ බන් පිස්සු නටන්නට එපා උඹ දැක්ක දවසේම මාරස උඹේ ඇඳුම් සිතෙන් ඉවත් කර දැක අවසාන බවය. නමුත් මේ ඡායාරූපය වීදි ඡායාරූපයකි. ඇය මේ මෙලෝ මගුලක් නොදන්නවා වීමට හැකිය. ශිල්පියානම් නොදන්නවා උනත් උගේ තෙඇසක් නැති උනත් ගැහුණු ශරීරයේ තුන්තැනක් ප්‍රදේශ වශයෙන් නිරාවරණය වී තිබේනම් ඈ නිරුවත් තමාය. ඒ අපට පේන්නේ කලාත්මක ඇහැකින් නිසා මාරය. මන්ද මස් කඩයක් අපට පෙනෙන්නේ නැත. රොමැන්ටික් ගැහැණු නිරුවතේ ලිංගික කමටහනක් පෙනෙන්නේය. ඒ සම්බන්ධව ලිංගික කාම වේදයේ ආදරයෙන් පටන් ගෙන සෘංගාරාත්මක සෞන්දර්ය ඉක්මවා සෙඩිසම් නැතිනම් දූෂණ මානසිකත්වය හරහා ඇට සැකිල්ලක්ද දැක අනිත්‍ය සම්බන්ධව මහා භාවනා අවකාශයකටද යාමට හැකිය.
මේ ඡායාරූප ශිල්පියා අචේතනිකව හෝ සචේතනිකව රසිකයාට පෙන්වන්නේ මේ ‌තෙඇස තමන්ගෙන් නැතත් ඉලක්ක කරගත් අරමුනේ මතුකළ හැකි ආධ්‍යාත්මක මගුලක් බවද පෙනේ. ගැහැනියකගේ නිරුවත සෘංගාරමත්ය. ඇවිලෙන සුළුය. ජීවිතයේ ආදරයේ ආශාවේ නිම් වලලු පුළුල් කරන්නේය. ඔව් අංගජාතය පමණක් නොව ආධ්‍යාත්මයේද නිම්ව වලලු පුළුල්න කර ජීවිතයට පෙම්බන්දනවා සේය. කළාව යනු ආනන්දයක් කියා කාලිදාසයන්ලා කීවා වූ රසවාදයේ අරුමයද සිහිවන්නේය. 
  අවසානයේ අනිත්‍ය මෙනෙහි කරණ නිසා ඒද මාර භාවනාවක්ම වන්නේය. කොතරම් තියුණු භාවනාවක්ද යනු ඇටසැකිලි ඉදිරි පිට භාවනා කරන නූතන මානවකයන්ට ස්ත්‍රියක් ඉදිරි පිට බවුන් වැඩිය නොහැකි නිසා එසේ කරන්නේ නැත අවසානයේ පිරිමින් බිය වී සිටින්නේ ස්ත්‍රියටද  ආලෝකයටද යන කුකුස මේ වීදි ඡායාරූපයෙන් මතුකර තිබෙන්නේය.
ශිල්පියා සොයා ගැනීමට නොහැකි විය. ඒ වීදි ඡායාරූප පිටුවේ වරදක් විනා මාරසේ වරදක් නොවන්නේය. නමුත් මෙහි වැදගත් වන්නේ ආලෝකය ගැහැනිය නිරුවත සහ නිර්වානය වන් දේ ගැන කුකුසක් පමණි. හැබැයි පුතෝ ඒ කුකුස වනාහී සියලු දනාගේ ජීවිතයේ කූටප්ප්‍රාප්තියම නොවන්නේද
ජගත් මාරසිංහ
04 08 2023





Powered by Blogger.