සාහිත්ය මාසයේ මාරස පැතුම මෙයයි.........


ප්රංශ රට කොරලා තියන විදිහට ජේ ආර් විසින් ඉදිරිපත් කළ ව්යවස්ථාවෙන් ගැලවෙන්නට නොහැකි බව අදට සාපේකෂ යථාවක් වී හමාරය. එසේම ප්රජාතන්තර වාදයද මේ නිමේශයේද මිනිසුන් අනුමත කොට ඇත. එහෙයින් සිනමාව කප්පදුකරනවා වෙනුවට ශ්රේණිගත ක්රමයකුත් ආධුණිකයන්ට හෝ වේලි වේලි ඉන්නා ප්රවීනයන්ටත් කොටින්ම සියලු ජනතාවටත් ලේඛකයන් වීමට අවශ්ය පසුබිම ප්රංශ ව්යවස්ථාවේ මෙන්ම මෙහේද කළ යුතු කාලය දැන් පැමිණ තිබේ. එය කරන්නට පියවර ගත්විට ප්රංශ කලා නීතිය ව්යවස්ථාව මෙන්ම ලාංකේය කරණය කිරීමට අපිට විශාල බුද්ධිමතුන් කොටසක් නොසිටනවා නොවේ. (චාල්ස් අබේසේකරලාගේ කාලයේ මේවා මග හැරී ගියේද මග හැරියාද යන්න ලිවීම මාරස පසුවට කල් තබමු.) ජාතිකවාදී සහ නව ලිබරල් පොත් ප්රකාශකයන් සහ සිනමා කරුවන් සහ නාට්ය කරුවන්ද ඊට සහයෝගය ඔවුන් කළ සමාජ කතිකාවලින් ලැබෙන බව අනිවාර්යය.
ඉතා මෑත අනාගතයේ බිහිවන පෝට්සිටි සංස්කෘතිය මහා ආන්දෝලනයක් ඇති කරනු නියතය. එහෙත්, ජේ ආර්ගේ විවෘත ආර්ථිකය මෙන්ම එයද නොකරම බැරි ශුවිශේෂ ආර්ථික මොඩලක් වීම අනිවාර්යය. එදා හැත්තෑ හතේදී මෙන්ම බුද්ධසාසන අමාත්යාංශය සහ පිරිවෙන් පණත කලඑළි බස්සවා විවෘත ආරථිකය කරලියට ආවා සේ නව ව්යවස්ථාව සීරුවෙන් ගමනේ එන ආකාරය පොළවේ දේශපාලනය කරන ඇත්තන්ට නොපෙනෙනවා නෙවේ. වෙනසකට ඇත්තේ පෙර මග සලකුණු ගත් කළ බුද්ධ ශාශනට සම්බන්ධව අමාත්යාංශක් පිහිටුවීම සහ මෙවර එය අනගාරික ධර්මපාල සටන් පාටයක් වූ ගව ගාතනයට තහංචි පැමිණීමත් සමගය. ඒවා අනාගතයේ බිහිවන පෝට් සිටි සංස්කෘතියට ප්ශ්න වන්නේ ව්යවස්තාවෙන් පසු ඒ සංචාරක කලාපයේ නීතිමය වගන්ති සැලසුම් කිරීමේදී පමණි. නව ලිබරල් අංකුර ලේඛකයන් නිසාම මහපොළවේ දේශපාලනය මාරසට දැනෙන අයුරු ලියා තැබුවේ මේවා ඒ කාලයේ ලියන ලද ලේඛකයන් වයසක නිසා බවද සටහන් කළ යුතුය.
මේ නව ව්යාවස්තා වෙනස් කම් වලදී පමණක් නොව 1931 සර්වජන චන්ද බලය ලබා ගත් අවස්ථාවේදී සිට ඒවා සම්මතයට පෙර හිරකරුවන් නිදහස් කිරීමත් බුද්ධ සාසනය විශේෂ කොට සැලකීමත් ඒදා සිටම සිදුවී තිබේ. ඒ තත්වය වෙනස් කළ යුතු විප්ලවීය වෙනසක්ද තවම සිදුවී නැත. එසේ වූවා කියා සම්මත වන හැම ජනසම්මත දෙයක්ම භාරගත යුතු බව මහජනතාවට "මාරස" කිසිදා කියන්නේ නැත. එහෙයින් ඒවායින් සිදුවූ සහ අනාගතයේ වෙනත් ව්යවස්ථා සංශෝධනයන්ගෙන් සිදුවන ධනාත්මක හෝ සෘණාත්මක දේ ගැන කතා කිරීම මේ සටහනේ අරමුණ නොවේ. මාරස මේ ලියන්නේ කලාව ගැනය. දේශ පාලන ක්රියා කරුවන් වූ කාලා කාරයන්ගේ නව ලිබරල් සිහින ගැන නොව මහ පොළව ගැනය.
මේ සාහිත්ය මාසයේ වග කිවයුත්තන්ගෙන් "මාරස" වෙබ් ජාලයේ එකම ඉල්ලීම ප්රංශ හෝ කවුරුන් හෝ කියන වෙනත් රටකටත් අභය ගිරි කල්ට් එකටත් වඩා නිදහස් ස්වාධීන සහ ඕනෑම හැකියවන් ඇති ලේඛකයෙකුට ලිවීමට ප්කාරකාශ කිරීමට ඇති අයිතිය ( පොත් ප්රකාශකයන් වඩාත් දැන ගත යුතුයි.) වැඩවසම් යුගය සිහිකරවන ප්රරකාශන සමාගම් ගැනද සලකා බලා ඒ සම්බන්ධව නව රජය පියවරක් ගත යුතු බවයි.
එලෙසම සියලු වාමාංශිකයෝ අනාගතයේදී ප්රාග්ධන චලිතය විසින් සිදුවීමට නියමිත ව්යවස්තා සංශෝධනයත් ඒ හරහා බලයට පත්වන පෝට්සිටි සංස්කෘතියට සාපේක්ෂකව තමන්ගේ න්යාය පත්තරයට අනුව දිනාගත යුතුදේ දිනාගැනීම සඳහා ඊට ප්තිවිරෝධී වගන්ති ගැන නැවත සලකා බැලිය යුතු බව අනිවාර්යකි.( ඒ ධනේශ්වරයට කඩේ යාමක් නොව තම මතවාදය වටා රොක් වන මිනිසුන් ඒක රාශි කරගැනීමේ හෝ තමන්ගේ බලයක් කරගෙන කඩා දැමීම ගැන දන්නා වමේ ඉතිහාසයේ අපි හෝඩි කුක්කෝ නොවන වගද සටහන් කළ යුතුය.) හැමදේකටම විරුද්ධවීම නොව දිනාගත යුතු දේ දිනාගැනීමේ වමේ ඉතිහාසය ඉතිහාසයේ ශාක්කි කාරයන්ට අමතක නැත. කිසිදු පක්ෂ දේශපාලනයකට අයත් නැති "මාරස" මේ බව තවකෙකු කියනා තෙක්, ලියනා තෙක් කල් දැමූ මානසිකත්වය අවසන් වූ නිසා ලියා පල කළෙම්.

ලෝකයේ මහා කලාකාර රටවල කලාව සහ සාහිත්ය සහ කලා කරුවන් මෙන්ම ලාංකේය සාහිත්යත් , ලෝකයේ කලාවත්, කලා කරුවනුත් දිනේවා! ඒ කාගේවත් දිනීම නොව මිනිස් සංහතියේ දිනීමයි!‍‍ ජනතාවට ගෝත්තිරිකයන් යැයි මේ ලියුම් කරු කිසිදි නොපවසනු ඇත. ජනතාව සත්යයට මෙන්ම සැබෑවටද සංවිධානය කළ හැක. ඒ බව කවුරු කවුරුත් වටහා ගත යුතු බව සිහිකරමින් නවතිමි.

ජගත් මාරසිංහ‍
24 09 2020





Powered by Blogger.

Follow by Email