මිත්තරත්වයේ පතිවත

මම දන්නේ නැහැ උඹ කවියෙක්ද සාහිත්ය කාරයෙක්ද කියලා. මට උඹව අඳුන්වලා දෙන්නේ සර්පයා හෙවත් කේ කේ සමන් කුමාර. ඒ කැත කතුන්ගේ පතිවත පොත දිණමින මගින් හඳුන්වාදෙන්න. අපි හතර දෙනෙක් බේරේ කාණුව අයිනේ හමුවෙනවා. ඒ උඹයි අනිල් අරුමපුරයි, සර්පයයි, මායි. උඹ මගෙන් මාධ්ය වේදියෙක් කියන ඒක පැත්තකින් තියලා මාර ප්රශ්න වගයක්. අහනවා. උඹ ලියනවා කැතකතුන්ගේ පතිවත ගැන ලිපියක්. නුඹ ඒක කැටි කරන්නේ "මාරයාගේ කැත පොත" කියලයි. ඒක හරියටම හරි. තාම ඒක කැත පොතක්. කිසිදු ප්රකාශකයෙක් දෙවැනි මුද්දරණයට බාර ගන්නැති පොතක්. ඒ නිමේශයේම කෙසේ හෝ අහම්බයකින් මාත් සිළුමිණේ කතෘ මණ්ඩලයේ වැඩ නැති වැඩ බාර ගන්නවා . එක්ල් වමේ ලේක්හවුස් බලකණු නුඹලා. කිසිදු විටක චන්දයක් පාවිචිචි නොකරන මම මාධ්ය වේදින්ගේ මොකක්ද දේකට උඹට ජන්දය දෙන්න ඒනවා. පසුව ඇත්තටම අපි දෙන්නගේ දෘෂ්ටිවාද ඒක රේල් පාරක ලංකාවේ කෝච්චි වගේ වෙනවා. ඒත් අපි ලාංකේය දුම්රිය දෙපාර්තමේන්තුව වගේම ඒකම මාර්ගයක දෙපැත්තට පිලි මාරු කරමින් මිත්තරත්වයේ පතිවත රැකගන්නවා කියන කතාව ඇත්තටම මාරයි.. මම හිතන්නේ එහෙම වුනේ මම ගම් වැද්දෙක් නිසා. මම ජාතික වාදය ගැන ගොඩක් දේ වෙනුවෙන් පෙනී සිටිනනවා. ඒ වගේම ඊට ප්රතිපක්ෂ දේ සමගත් ගොඩක් දේ සම්බන්ධව පෙනී සිටිනවා. ඔය අතර වාරය හරිම සුන්දරයි. රංජන් අමරරත්න ලංකාවේ හිටියත් මට හමුවෙන්නේ නැහැ. හැබැයි මට අනිල් හමුවෙනවා. දේවිකා නංගිව අන්තිමට මට හමුවුනේ ඒයාගේ ළමා පොත එලි දක්වපු දවසේ. ඒත් කතා කරන්න හමුවුනේ නැහැ. ඇස්වල කඳුලු පුුරවගෙන හිටියා මතකයි. එයාගේ සහ උඹගේ සමාජයට තියන ආදරය මට ලියන්න සටහනක් මදි. නමුත් මේ මහපොළවේ පක්ෂ දේශපාලනය ගැන මා යමක් කීවා මතකනම් ඒක තාමත් නිවැරදියි කියන කතන්දරය කාට අමතක උනත් උඹට අමතක වෙන්න විදිහහක් නැහැ
ඉතින් ඊට පස්සේ උඹේ එක ලිපියක් මට අමතක කරන්න බැහැ. උඹ එකේ සිරසට දැම්මේ "මේ යාපනයට නියඟලා මල් පිපෙන කාලයයි' කියලා. මම අතරමං වෙනවා. මොකද මම ඒ අදහසට අඩක් විරුද්ධයි. අඩක් පක්ෂයි. ඒත් මට දැනෙනවා කාරියකරවනලාවත් උඹ මාධ්ය ලේඛනයෙන් ඉස්සර කරන්නයි යන්නේ කියලා.
මාධ්ය භාවිතාව කලාවක් වශයෙන් ඉදිරියට ගෙනියන්න හිටපු උඹලා සහ ලාංකේය නව පරපුරේ කණ්ඩනය ගැන මෙවැනි කෙටි සටහනකින් ලියන්න බැරි නැහැ. පුළුවන්. කෙලින් කියනවානම් අහසත් ප‌ොළවත් එක්කළ නොහැක. මක්නිසාද යත් අහස සහ පොළව යනු ද්වන්දනාත්මකව එකක්ම මිස දෙකක් නොවන නිසාය. මා කවදා හෝ අප හමුවේවා නොකියමි. මන්ද මා ගාව තොප දෙදෙන සැමදා ජීවත්වෙන නිසාය. නුඹගේ කව්පොත මා තාම නොබැලුවෙමි. අපේ පරපුරෙන් පසු නුඹලා මංජුලලා බැටන් එක අතටගත්තේය. එහෙත් අනිත් පරපුරට එය දීමට දේශපාලනය නුඹලාට ඉඩ දුන්නේ නැත. ඒ කණ්ඩනය නව පරපුරට විශාල ලෙස බලපා තිබෙන බව දකින්නේ මා පමණක්දැයි වරෙක සිතේ. එදා කලාව රස විඳීමට ආදරය කිරීමට ගත් මධු අද එවන් අවස්ථාවල තනිකමට නොව මොකක්දෝ කාලකන්නි දේශපාලනික විකාරයකටත් ඔබ්බෙන් මතකයන් අමතක කිරීමට බෙහෙතක් වී තිබෙනවා සේය

විචාර අහෝසි වූ සටහන් ලියන යුගයක නුඹේ කව් සැබෑ කව් වනු නියතය. එහෙත් අප දෙනාගේද ගැටුමක් තිබේ. නමුත් ඒ ගැටුම මා සමග ගැටුමක් කරනොගත් එකම පුද්ගලයා නුඹය. ඒවා ප්රාග්ධනයේ සහ වෙනත් සංවිධිත විද්යාත්මකව එක එක විදිහට දකින්නට හැකිවනු ඇත. නුඹගේ මත වාද මට කම් කිම්. මට නුඹ කවියෙකි. එහෙයින් නුඹ කව් ලියා ඇති බව දැක්කාම මට ඇති වූ සතුට මාරය. මාරයාගේ සතුට කොහොමත් මාරය. මාර පරාජය කළ කවිය මා සොයාගන්නම්.
ජගත් මාරසිංහ
19 09 2020


Powered by Blogger.

Follow by Email