27 03 2022
වචන නැතිව කතාකරන්න පුළුවන් වෙනවා......!
පුෂ්පාලි රණසිංහ කියන්නේ මගේ ආදර ගමන් සගයන්ගෙන් අද ඉතිරි වෙලා ඉන්න කෙනෙක්. අපි මුලින්ම බාලදක්ෂ නායකයන් ලෙස ළමා ව්‍යාපාරයේ යෙදෙමින් ළමා පරපුරට මාර වැඩකොටසක් කළා. නමුත් භීෂණය ආරම්භ කාලයේ අපි දෙන්නා නැවතත් මැගසින් බන්ධනාගාරයේ එකට හිරබත් කනවා. මට තිබුණ චෝදනාව අනාගතයේ රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් බව පාලකයන් සිතීම. පුෂ්පාලි කෙලින්ම කටුනායක එයාර්පෝස් කඳවුරට පහර දීමේ සිද්ධිය සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙක්. මම වසර දෙකකින් විතර නිදහස් වුනා. නමුත් පුෂ්පාලි දහතුන් වසරකට ආසන්න කාලයක් කල්දේරම් බත් කාලා අවසානයේ නඩුවෙන් නිදොස්කොට නිදහස් කළා. ඉන්පසු මුලු ලෝකෙම ආතභූත උනා. නිදහසින් පසුත් අපි දෙන්නා ඕන්නම් දවසක් හමුවෙන්න ඇති. ඒත් එදා වගේම හරියටම සමීප වෙන්න තිස්හත් වසරක් ගතවිය යුතු බව ස්වභාවයා අපට තීරණය කරලා තිබ්බා. ඒ හමුවීමෙන් පසු ඔහුගේ පොඩි අක්කාගේ මංගල ඡායාරූප එකතුවේ සැඟවී තිබි මේ ඡායාරූපය අපි දෙන්නගේ අතීත මතක සුසර කරන්න පටන් ගත්තා. අපි දෙන්නටත් හිතුනා වසර තිස් හතකට පසු නව සිංහ භවන කියන ඒ ආදරණීය ගෙදර ඒ ජනේලය ළඟ ඉදලම තවත් පොටෝවක් අරන් බලන්න. වඩාත් වැදගත් කාරණය මේකයි. දේශපාලන පසුතල කොතරම් වෙනස් වුවත් අපේ මිත්‍රත්වයේ ආධ්‍යාත්මය කිසිදු ආකාරයකින් තවමත් පළුදුවෙලා නැහැ. මිතුරෙක් වෙන එකට වඩා අමාරුයි ගමන් සගයෙක් වෙන කතන්දරය. ඒක දිග කතාවක්. කොටින්ම ගමන් සගයන්ට අනිකව දැනෙනවා. කොච්චරද දැනෙනවාද කියනවනම් වචන නැතිව කතාකරන්න පුළුවන් වෙනවා.