සුළගට පිටුනොපාන ජගත් සහ විජිත්

සුළගට පිටුනොපාන ජගත් සහ විජිත්

     මේ මගේ මිතුරෙක්. ඒ නම බාබු. නැතිනම් සී විජිත්. මම පාසැල් වියේ සිටම සන්ඩුවෙවී යාලුවෙවී ඒත් කළණ මිතුරත්වය හිසේ තියන් ඉන්න පොරවල්. ඒකා මළොත් මගේ සර්වාංගයෙන්ම පැත්තක් ගියා වේවි. අපි තමා ලෝකයට ආදරය කළන මිත්‍රත්වය ප්‍රායෝගිකවම ඉගැන්වූයේ. ඒකම ප්‍රාර්ථනාවයි මාරසට තියෙන්නේ. කවුරුත් මැරෙනවා අනිවා. නමුත් නැවත ඉපදෙනවා සත්‍යනම් අපි දෙදෙනා එහා ගෙදරයි මෙහා ගෙදරවයි වත් ඉපදේවා. කළණ මිත්‍රත්වය බොහෝ දුරයි. ආසන්නයේ අපි ඉන්නවා.

සුළඟේ ලෙලෙනා.. මල්‌ සේ දඟ පා
අප පාසැල්‌ ගිය කාලයේ..
යාළුවෝ අද නැත.. වෙන අය එහී ඇත
කාලය මැවු වෙනසක අරුමේ..

සුළඟේ ලෙලෙනා.. මල්‌ සේ දඟ පා
අප පාසැල්‌ ගිය කාලයේ...
යාළුවෝ අද නැත.. වෙන අය එහී ඇත
කාලය මැවු වෙනසක අරුමේ..

ලොකු පන්තියෙ අය පොඩි පන්තියෙ අය
හැමදෙන එක පන්තියෙ විලසේ..

ලොකු පන්තියෙ අය පොඩි පන්තියෙ අය
හැමදෙන එක පන්තියෙ විලසේ..
අප පොත්වල දුටු රජවරු සිටුවරු
වෙන්නයි කවුරුත්‌ සිත්‌ මැව්වේ..

සුළඟේ ලෙලෙනා.. මල්‌ සේ දඟ පා
අප පාසැල්‌ ගිය කාලයෙේ..
යාළුවෝ අද නැත.. වෙන අය එහී ඇත
කාලය මැවු වෙනසක අරුමේ..

සාම ලා අමර ලා පොත්‌ තුළ තව ඇත
එන එන අය හා යාළු වෙතේ...

සාම ලා අමර ලා පොත්‌ තුළ තව ඇත
එන එන අය හා යාළු වෙතේ...
අපේම පාසැල අපේම මව විය
එදවස්‌ අප හට නැත ආයේ..

සුළඟේ ලෙලෙනා.. මල්‌ සේ දඟ පා
අප පාසැල්‌ ගිය කාලයෙේ..
යාළුවෝ අද නැත.. වෙන අය එහී ඇත
කාලය මැවු වෙනසක අරුමේ..

සුළඟේ ලෙලෙනා.. මල්‌ සේ දඟ පා
අප පාසැල්‌ ගිය කාලයෙේ..
යාළුවෝ අද නැත.. වෙන අය එහී ඇත
කාලය මැවු වෙනසක අරුමේ..

https://youtu.be/4lgXqSu-Gdw

ජගත් මාරසිංහ
https://jagathmarasinghe.wixsite.com/mare
02 09 2023


Powered by Blogger.