ව්‍යාජ මිනිසුන් සහ වෙස් මුහුණු
1977න් පසු ලංකාවට උදාවූ තත්ත්වය විකාරයක් විය. සිංහලෙන් කියනවානම් ජවිපේ කෙලියේ පිස්සුවක් බව කියමින් පශ්චාත් නූතනවාදය සැබෑ වැඩකොටසක් නොකළා කියා කිසිවෙකුට කිව නොහැක. මේ සමගම සාහිත්‍ය කලාවද වෙනස් වීිය. දීප්ති සහ කේ කේ සමන් කුමාර පමණක් නොව රොහාන් පෙරේරාගේ දාර්ශනික සංකල්ප ගත් කෘති වලට උත්තර දීමට දීප්තිගේ ඊඩ්න් උයන නැවත ජනක ඉනිමංකඩයාගේ මහා නූතන ග්‍රන්ථ ව්‍යාපාරකයන්ගේ කරලියට පැමිණවීම මාරය.
1977න් පසු සියල්ලෝ වෙස් මුහුණු බැඳ ගන්නා ලදී. මාරසටනම් හිතෙන්නේ නලින්ද සිල්වා සහ දීප්ති කුමාර එසේ නොකළ බවය. දීප්තිගේ ඒදන් උයන සහ නලින් ද සිල්වාගේ කාලය ගැන කියවීම මරේ මරුය. ඒ සම්බන්ධව ලියන්න වෙන්නේ සටහන් නොව පොත්ය. ජවිපෙ අධ්‍යාපන අංශයට ඒවා අධ්‍යනය කරන්නට තව කොච්චර කල් ගතවේවිදැයි නොදනිමි. නමුත් තම පක්ෂය වෙනුවෙන් ජීවිතය නැතිව සහ ඇතිව දිවිපිදූ අයගේ නාමයෙන් උන් කතා කළ යුතුය.
කෙසේ වුවද දීප්තිගේ සිට අතර මග විකාර දේශපාලන කරනම් ගසන අයගේ සිට නිර්මාල් දක්වා වූ වැරදි නිසා නැවත ජවිපේ ස්වයං තීරණය අයිතිය කරලියට ගෙන කරන විකාරයෙන් ඉතිහාසයේ දේ නැවත නැවත සිදුවන්නේ නැති වුවද වෙනස් ආකාරයෙන් සිදුවන බව ජීවමානය.
ජනතා විමුක්ති පෙරමුන ගැන මැතිවරණයක් ළඟ නිසා මා කතා නොකරමි. නමුතු මා අනුර කුමාරයන්ගේ ආඩම්බරය රූපවාහිණියෙන් බලා සිටිමි. කාරි නැත. කාලය සහ අවකාශය කියන කතන්දරය බෞද්ධවත් , සිංහල බෞද්ධවත්, ජවිපේ හරහාත්, ඊට විරුද්ධ බලවේග හරහාත් දන්නා මාරස ඔහේ බලා ඉන්නවා නොව ඉතිහාසය වෙනස් වීම අනිවාර්යයි කියන මහා කාරණය වේදිකාවට ගේන්නේය. ඉතිහාසය අනිවාර්ය නැත. අනිවාර්ය බව හෝ නැති බවට කරුණු ඇසුම් දැකුම් රුකුල් කියා කුමාරතුංගයන් පරිවර්තනය කලේ ඕඩිවල් විෂුවල් යන්නය. වම පරාද නැත. පරණවීත් නැත. වම ධනේශ්වරකරණය කිරීම පුණරුත්ථාපනයේ ආධ්‍යාත්මික විශේෂිතය වී ඇත නොව ඒ කරන ලද්දේ පරංගියා ආදා සිටය. පරංගි මාක්ස්වාදයේ සුල මුල හොයන්නට නොව දැනෙන්නට දීප්තිගේ ඊඩ්න් උයන මාර විය හැක. මාරසනම් දකින්නේ දීපිතියා උපදින්නේත් මැරෙන්නේත් ඊඩ්න් උයනෙන් කියාය.
Jagath Marasinghe
https://jagathmarasinghe.wixsite.com/mare
23 09 2023