දුල්ෂිකා තුෂාන්ති නැගනියට ආදරයෙන්
මමත් ලාංකේය නඩු බලන්න යන පැන්ටසියක් තියන මිනිහෙක්. නමුත් පානදුරේ උසාවියේදි මාව හොල්මන් කළ නීති වේදි දෙපලක් ඉන්නවා. එක්කෙනෙක් සුදත් හඳුන්ගේ. නඩු පැත්තකින් තියලා සින්දු අහන්න හැකියි. අනිත් කෙනා දුලක්ෂි. නඩුව පැත්තකින් තියලා ජීවිතය ගැන තියෙන ආදරය ගැන කතාකරලා නඩුනොදා යන්න කියන තත්ත්වයට මිනිසාව පත්කරන්නේ සල්ලි සත පහකටවත් ගණනන් නොගෙන බව මට ජීවිතයෙන්ම කිව හැකියි.
මම දවසක් අහනවා ඔයාගේ ලග්නේ මොකක්ද කියලා. වෘශ්චික කියනවා. මට මානවේ හෙවත් චන්ද්‍රරත්න මානවසිංහ විතරක් නොවේ පමණක් නොවේ ජෝතිපාලයන්වත් සායි බබාව සිහිපත් වෙනවා. ගෝටාබය හටපු ජකාධිපතිව සිහිපත් වෙන්නේ යම් කාරනාවක් නිසා. වෘශ්චිකයො හෙවත් ගෝනුස්සො තරම් පසුබැස නැවත සටනට එන කුලකයක් තවත් නැහැ.
ලෙැකු නඩුවක් තියනවානම් මෙතුමිය සමග කතා කරන්න යන්න. වියදම් කරන්නේ නැතිව ගෙදර යන්න කියලා උපදෙස් දෙයි. හැබැයි නඩුවකට ගියොත් ආයේ අරින්නෙත් නැහැ කියලා අපේ ගීත කියන සුදත් හඳුන්ගේ කියන දොඩම්ගොඩ බදාගත්තා වගේ සියල්ල බදාගෙන සිටින එයත් කියාවී
තව කවුරුත් කුමට කියන්නද. නඩු ගොඩක් අරන් ගිය මිනිහෙක් තමා මාරයා. නමුත් නිවි හැනහිල්ලේ කතා කරලා ගෙදර යන්න කියනවා. සල්ලි තියනවාද කියලත් අහනවා. ඔබ වන් රාජ්‍ය නිළධාරිනියන් දිනේවා කියලා ලේසියකින් මාරයාගෙන් අහ ගන්න ලැබෙන්නේ නැහැ. නමුත් ඔබ සිංහල බෞද්ධ බව මම දන්නවා. ඔබ තාත්තට හරි ආදරෙයි කියලත් දන්නවා. ඒ නිසා අන්‍ය ආගමිකයෙක් කිව්වත් මේ සින්දුවෙන් මේ සටහන අවසාන කරනවා.
(ඔබ පියාට අම්මට වගේම සේවාදායකයින්ටත් ආදරය බව දන්නා නිසා මට දැන් හැඳුන දේ ලිව්වා. කිසිදා මාරයා ඔබවයි සුදත් නීතිවේදීන්වත් සොයා කාලක් ගහල හරි එන්නේ ජීවිතය ගැන කතා කරන්න මිසක් නීතිය ගැන කතා කරන්න නොවේ. මම ආදරය කරන නීති චරිත දෙකක්. කවදාවත් ....ඉතිරිවා කියන්නේ නැහැ. ඒ අවංකත්වය සදාකල් රැකේවා කියන රිද්ම තිබ්බේ ක්‍රිස්තියන් හඬක් ආවත් මේ සින්දුවෙන්. ගැහැනියකුගේ පියාට ඇති ආදරය දිදුලනවා වගේ. හඳුන්ගේ සහෘදයා. මාරයා දන්නවා දුලක්ෂි තාත්තට තියන ආදරය. සමහර විට ඒ ඔබට සාපේක්ෂකව මට හස්ත රේඛාපමණක් විය හැකියි. නමුත් සංකල්පීයව ජීවිතය හරි වෙනස්. අපට පාලනය කරන්න බැහැ. ලඟදි දවසක අහම්බෙන් හරි හමුවේවි. අපි සුදත් හඳුන්ගේ කියන මහත්මයාට මේක එයාගේ හඬින් අහමු. ඒකත් පිස්සු හැදෙන හඬක්)
වේදනාවයි නීතියයි කියන්නේ දෙකක්. නමුත් ආදරය කියන්නේ එකක් .
පුරුදු පාරෙන් අදත් යනවා
ඒත් වෙන ගමනක් පුතේ
හුඟක් අය මගෙ පස්සෙ එනවා
තනිව ආ ගිය මගේ
කවමදාවත් මගේ බර උඹෙ
කරේ තිබ්බේ නෑ පුතේ
හුඟක් බර නම් බිමින් තියපන්
රිදෙනවා ඇති අත් උඹේ
හුඟක් බර නම් බිමින් තියපන්
රිදෙනවා ඇති අත් උඹේ
කන්ද පාමුල සොහොන හුරු නෑ
දන්නවා මං මයෙ පුතේ
මගේ තනියට තවත් අය ඇති
අඳුරගන්නම් හෙට උදේ
සොබාදහමට අවනතයි මං
ඉතින් යන්නම් ගොම්මනේ
යන ගමන් මේ බේත් තුණ්ඩුව
අරන් පලයන් අම්මගේ
යන ගමන් මේ බේත් තුණ්ඩුව
අරන් පලයන් අම්මගේ
https://youtu.be/eniV_p1fkSU
https://jagathmarasinghe.wixsite.com/mare
26092023
1 comments:
අගනා සටහනක්.
ජයවේවා