දවසක පැල

දවසක පැල 

    මම කිසිදා අසරණයෙක් වන්නේ නැත. නමුත් දුක කඳුල කාටත් මෙන්ම මටත් උරුමය. මම ඉතා දියුණුයැයි කියන දරුවන් දෙන්නෙක් සැදුවෙමි. නමුත් මාගේ ‌එදා ‌ආදරය වූ සව්මිගෙන් වෙන් වීමට ඇහැකි වුවද මට නොහැක. කෙලින් කියන්නේනම් බුදුන්ට අනුවත් මාක්ස්ට අනුවත් සියලු දරුවෝත් මනුෂ්‍යයෝත් අපේම අම්මලාය, අක්කලාය, නංගිලාය, පුතාලාය, දුවලාය. හකුරු පදු ගොවිගම නවම්දම් ගැන වෙනම කතා කිරීමට මාරස ලෑස්තිය.

    ඉතින් මා මේ කාලයේ වස නොබොන්නට බේරාගත් මනෝ සහෘදනියගේ පොඩි මලයන් අප දෙදෙනා බලන්නට ආවේ දිවි ඇති තාක් හාල් මා ගානේ කියාය. එ දෙහිඅත්ත කණ්ඩියේ සැබෑ ගොවියෙකි. අක්කා වෙනුවෙන් වස විෂ නැති ආකාරයට එ ගෙනත් දුන් හාල් ටික ගැන කියන්නට ඇත්තටම මගේ ශබ්දකෝෂයේ වචන නැත.  පෙරකල මාක්ස්වාදියා පසුකලකද එසේය. පෙරකළ බුදුනුවන්ගේ සැබෑව දැන ගත්තා පසු කලකදිත් එසේය. අම්මාට එ සහල් රස වන විට කුසේ ඇති දරුවාටත් එ සහල රස වෙනවා ඇත. මටද එසේය. නමුත් කියන්නට බොහෝදේ කියන්නට සිදුවේ. කෙටියෙන් කියන්නේනම් දරුවන් සිටින පියෙක් තවත් දරුවෙක් හැදූ පසු එ පියාට දස වද දෙන්නේය. මට සිංහභාහු සහ මනමේ සිහිවෙනවා කිව්වාම ඇතිය. මාරයාට තියෙන්නේ කටක් නොව මචන් අප්පල්ලයකි. අවසානයේදී තාත්තා මළ පසු උන් පශ්චාත් නූතනවාදයේ පෙරට වඩා මාර සෙල්ලම් දමනු ඇත. ඒවාට කියන්නට වචන ඇතත් මා කුණුහරුප වැඩියෙන් කියන්නට කැමති නැත.

   ඉතින් මනෝ මල්ලියේ. දරුවෙක් හමුවෙයි. අනිවාර්යෙන්ම ඊට ගොඩක් ඉස්සරහින් මා මැරිලා යයි. එ කාලයට සාපේක්ෂකව අනිවා

     ඊට මට දුකක් කඳුලක් තිබේ. නමුත් ධර්මයෙන් සිතන නිසා නැත. ඉතින් මනෝගේ පොඩි මල්ලියේ මගේ දරුවෝ සහ එයාලාගේ අම්මාත් සමග එ දරුවව ජීවත් කරන්න. අපි කවුරුත් මැරෙන මිනිස්සු. කෙලින් කතා කරන මා කිව යුත්තේ මොන දර්ශන තිබ්බත් මගේ දැන් ඉන්න පුතුවත් දුවවත් මා බලන්නවත් අකමැති බවයි. මනුෂ්‍යත්වය නැති උන් බැලීමට මා කැමති නැත. මරණයටවත් එපා කියා එකාලේ අපේ අම්මලා කීවේ එ නිසාය. නමුත් තොප අම්මාට යම් මිනිස් කමක් ඇත. ඇයට පමණක් මගේ මරණය බැලීමට ඉඩ ඇත. නමුදු උනටද මනෝටද කාටද හැමකෙකාටම නිදහසේ දේශපාලනික නීතියේ අයිතිය බුක්ති විඳින්නට අයිතියට මා ජය වේවා කියමි.

    ඉතින් මනෝගේ මල්ලියේ. මේ අහම්බෙන් ජීවිතයේ බුදුන් වහන්සේගේම ධර්මයෙන් දුන් ගුරු මහ දශාවේ දායාදය පිළිගන්න. මන්දා ආත්ම භව තියනවාද කියලා. නමුතු කොහේ හරි සිට බලා සිටීවී. ඔයා ඔයා විසින්ම වස විස නැතිව ගෙනත් දුන් හාල් වලට වඩා මට දුන් මනුෂ්‍යත්වයට අනේක අපමාණයක් පින් මචං

දවසක්‌ පැල නැති හේනේ
අකාල මහ වැහි වැස්‌සා
තුරුලේ හංගාගෙන මා
ඔබ තෙමුනා අම්මේ
පායන තුරු හිටි පියවර
හිටියා ඔබ අම්මේ

නුවර වීදි යට කරගෙන
නින්දා වැහි වැගිරුණදා
බිරිඳකගේ සෙනෙහේ කියා
යෝද ඇළේ බැම්මේ
නුඹ සෙනෙහස සුවඳ දිදී
දැනුනා මට අම්මේ

කොළඹ අහස කලුකරගෙන
මුහුදු හුළඟ අඩලනකොට
ඔටුන්න බිමදා දිවගෙන
එන්නද එක පිම්මේ
මම එනතුරු ඉඳිකඩ ලඟ
ඉන්නවාද අම්මේ

https://youtu.be/V7qZ_zGJ2BY

https://jagathmarasinghe.wixsite.com/mare

ජගත් මාරසිංහ

09 09 2023


Powered by Blogger.