සර්පයෝ සර්පයෝ-  

සර්පයෝ සර්පයෝ අහපන්කො
මගේ දුක
වසර අටකට පසුව
මගේ මිය ගිය බිරිඳ
තමන්ගේ පුතු මතක් වී
දුකට දුර කතතනයෙන්
අනේ අඬනවා
ඊට පසු මගේ පපු
කැවුත්තම හිසට ගත්
මගෙම මහත්තයා කී
අනිකියත් ඇගේ පුතු
නිසා වැලපෙමින් මචන්
මා දමා ගොස් අනේ
මටම පලි ගස ගසා
අඬනවා
දෙදෙනාම සනසවා
කොට්ටයක් බදාගෙන
කරන්නට දෙයක් නැති
මමත් හිස ගසාගෙන
සිටිනවා
දෙදෙනාම මට යසෝධරාවන්
බවත් සිතෙනවා
ඒත් මා බුදුන් නොව දැනෙනවා.
මගෙ කඳුලු දැකලාද
මම දන්නේ නැහැ මචන්
නෙට් එකට පිටින් සිට
මදුරුවෝ මිහිරි ගී ගයනවා.
-ජගත් මාරසිංහ-


Powered by Blogger.