දෙබිඩ්ඩෝ
අපේ පැරණි නායකයෝ කොතරම් ඉහලින් බුදු දහම වැළඳ
ගත්තා ද යන්නට වඩා වැදගත් වන්නේ එදා සාමාන්‍ය මිනිසා විසින් බුදු දහම වැළඳ ගත්තේ
කෙසේද යන කාරණයයි.කෙසේ හෝ අපේ පරැණ්නෝ බුදුනුවන්ද සිය ආගමට සම්බන්ධ කර ගත්තා නොවේද
යන කාරණය නැවත සිතා බැලීමට කාලය අපට බල කරයි.
“ඕං කී ගන්තුවා බුදුරැස් වරමින් වරෙන්“ කියමින්
සූනියම් ශාන්තියේ එක් තැනක දිෂ්ටි කරන්නට පටන් ගනී. දුම්මල මිට රැගෙන විත් පළමු
කොට වැඳ නමස්කාර කරන්නේද බුදුන් වහන්සේටය.
බුධො පූජ සරණනාං
හරනම් සක්ත ලක්සදා
එතෙසු බුධ සරණානං
ඒතා මංගල මුත්තමං
එපමණක්ද නොව සූනියම් ශාන්තියේදී ආතුරයාගේ හිස ගාන
නානුවලට කියන කවි පද අවසාන කරන්නේද බුද්ද රත්න, දහම් රත්න, සංඝ රත්න අන්හසයෙන්
නානු ගාමි ආදී වශයෙනි. කොටින්ම සූනියම් ශාන්තිය පුරාම බුදුනුවන් ගේ බලයද සම්බන්ධ කරගෙන
තිබේ. අපේ ආදිතමයෝ බුදුනුවන්ව සිය ආගමට යම් ප්‍රමාණයකට
හරවා නොගත්තානම් වින කැපීමට කිසිසේතම බුදුන් වහන්සේ සම්බන්ධ වීමට පුළුවන් කමක් නැත. එසේම යම් අයෙකු මහණ වීමට ප්‍රථම ග්‍රහතරු ගැන අදහසක් ගැනීමටද
ශාසනය තුළ ඉඩක් ඇති විය නොහැක. කොටින්ම අපේ ආදිතමයන්ගේ ආධ්‍යාත්මික ක්‍රමවේදයන් අන් මිනිසුන්ට වඩා
මෙතරම් වෙනස් වීමට හේතුව කොදෙව් පුරාණය තුළම සැඟවී තිබේ. සමහර භෞතිකවාදීන් සහ
භෞතික විද්‍යා උගතුන් පමණක් නොව අපරදිග විද්‍යාවට අසු නොවන හැම කාරනයක්ම මිත්‍යාවක් ලෙස දකින අවශේෂ පිරිසද පරිගණක මෙවලම් බෑගයේ දමා කරේ
එල්ලාගෙන සූනියම් දේවාල ඉදිරිපිට රහසේ දනින් වැටීමට හේතු පවා තවමත් ඓතිහාසිකව
විධිමත්ව හැදෑරීමකට ලක්වී නොමැත. තමන්ට ලග්නයක් නැති වගත්, දෙවියන් පිළිනොගන්නා
වගත් සමාජයට පවසා රහසින් ඒ දේවල් වල අන්තයට ගිය පිරිස මුළු ජනගහනයෙන් තුනෙන්
දෙකකටත් වඩා වැඩි විය හැකි බව අවධි සිහියෙන් අප මිනිසුන් දෙස බැලීමෙන් පමණක් ඔබට
වටහා ගත හැක. මේ ආකාරයෙන් විමසන විට අප රට දෙබිඩ්ඩන්ගේ ලෝකයකට අනුගත වී හමාරය. අප රට පමණක් යන අදහසින් වැහැරීම සුදුසු නොවන්නේ අධිරාජ්‍යවාදීන්ගේ ග්‍රහනයට නතුවූ අන් රට වලද තත්වයේද එතරම් වෙනසක් නැති බැවිනි.
මෙම දෙබිඩි විකාරය ඒක ලිංගික පවුල් විකාශනයේ සිට මහා දේශපාලනික සංස්කෘතිය දක්වාම ඔඩු දුවා තිබේ. වික්ටෝරියානු සදාචාරය නැමති විකෘතිය මේ තත්ත්වයට හේතුව වශයෙන් විග්‍රහ කරගත හැකි වුවත් සියලු ආචාර්ය ධර්ම සංයෝජනය කරගැනීමෙන් අද ඇත්තේ සලාද සදාචාරයක් බවට තර්ක කිරීම වඩාත් කාලෝචිත බව පෙනේ. සලාදය වනාහි දෙබිඩි තත්ත්වයද ඉක්මවා යන්නකි. දෙබිඩ්ඩන් වර්ග වෙමින් තුන් බිඩ්ඩන් සිව් බිඩ්ඩන් ආදී වශයෙන් බහු බිඩ්ඩන් දක්වා චලිත වන්නකි. මාක්ද්වාදී ධනේශ්වර චින්තකයන් බිහි කිරීමට සමත් මෙම චලිතය නුදුරේදී මාක්ස්වාදී, නූතනවාදී, පශ්චාත් නූතනවාදී, ජාතිකවාදී ධනේශ්වර චින්තකයන් දක්වා විකාශනය වීමට ඉඩ ඇති බව හැඟේ. මේ සියල්ල පරාජය කර අධිරාජ්‍යවාදී තත්ත්වයට පෙර තිබි තත්වයේ සමාජයක් නිර්මාණය කරගැනීමට සිහින දැකීමද සිහිනයක්ම විනා අන් දෙයක් විය නොහැක. මන්ද ඒ කාලයේ තිබි පසුගාමී දෙබිඩි තත්ත්වයකටම ආදේශ වී නිර්මාණය වූ පශ්චාත් යටත් විජිත දෙබිඩිවාදය බිහිවූ ලෙසද දැකිය හැකි තත්වයක් නිර්මානය වී ඇති නිසාය. යට ගිය සමාජයක සිහිනයේ ඇති යථාව වනාහී මලගෙවල් සංස්කෘතියේ පාලු කැපීමට සහ මාධ්‍ය මිත්‍යාංධකාරයේ තේමාවන්ට යහපත් වූවාට අද ජීවත් වන මිනිසාට නම් ඉන් කිසිදු සෙතක් ශාන්තියක් බලාපොරොත්තු විය නොහැක. එහෙයින් මේ වර්තමාන සලාද සංකෘතියට විසඳුම් ඇත්තේද එය තුළම බව සැබෑවකි. මේ අතර එක් බිඩ්ඩෙකු සේ පෙනී සිටින සමාජ කුලකද තිබේ. අපි කැපුවත් මේ පැත්තයි කියමින් පෙනී සිටින මේ කුළකවල සිටින්නන්ගේ පිළිවෙත් ඊටත් වඩා භයානක වග මේ වන විට සාධනය වී හමාරය.

මිනිස් ඉතිහාසයේ සමාජ පංති වෙන්වීම සිදුවූ දා සිට දෙබිඩි තත්ත්වයක් තිබූ නමුත් තරමකට හෝ බටහිර දැනුමේ මහන්තත්වයක් අප දිවයින අරක් ගත් පසු මේ දෙබිඩි මානසිකත්වයට නරුම වාදී කුහකකමක් එකතු විය. මේ විකාරය මත තවත් පැත්තකින් වැඩි දෙනෙක් බටහිර විද්‍යාව බලයට පත්වූ දා සිට ග්‍රහචාරය පිළි නොගන්නා බව කියමින් සිය කේන්දර විමසා ගැනීම පමණක් නොව තක්කඩි කට්ටඬියන් ගෙන් පවා වැඩ කරගන්නේ හොර රහසිනි. කලාව සම්බන්ධව නිර්මිත රුචිකත්වයද එසේමය. ප්‍රසිද්දියේ අමරදේවලා, බීතෝවන්ලා, යානිලා ගැන දොඩමලු වන අමුතුම විද්වතුන් සේ පෙනී සිටීමට සිහින දකින පිරිසක් රහසේ
බයිලා අසන්නේ තාලයට උඩ පනිමිණි. මෙවන් අය විටක හිත යටින් ආදරය කරන්නේ කවුරු හෝ එකෙකුට හෝ එකියකටය.
එහෙත් කසාද බැඳ ගන්නේ වෙන එකකු හෝ එකියකි. මේ විකාර සලාද වාදයට මුහුණ දී අඩු ලාබයකින් පණ නල
බේරා ගත්තේ දේශීය වෙදකම පමණි. එහෙත් අද වන විට දේශීය වෙදුන්ට වැඩිහරියක් වෙදකම් කරන්නට
සිදුවී තිබෙන්නේ බටහිර වෙදුන්ට සුව කිරීමට නොහැකි ඉතිරි බිතිරි වූ සංකීර්ණ ලෙඩුන්ටය. එහෙයින් දේශීය වෙදුන්ගේද ප්‍රචාරණ කටයුතුද අද සිදුවන්නේ මෙය තේමාව කර ගනිමිනි. මෙවන් බොහෝ කාරනා හේතු කොට අද දේශීය වෙද්දුන්ගෙන් වැඩි දෙනෙක් හොර තක්කඩි නඩයක් බවට පත් වී තිබේ. සාස්තර කාරයන්ගේ විශ්මිත අනාවැකි මෙන් දේශීය වෙදකමේද විශ්මිත ලෙස ලෙඩ සුව වීම ඔය පුම්බා උඩ දමන තරම් තත්ත්වයක නැති බව දන්නේ ලෙඩ වී ප්‍රතිකාර ගැනීමට ගොස් තම සේසතම හෝ ඉන් කොටසක් අහිමි කරගත් අහිංසක රෝගීන් පමණි. දේශීය සහ බටහිර යන ක්‍රම වෙදයෝ අද වන විට සමාගම් විසින් මෙහෙය වන තත්ත්වයක් නිර්මාණය වී ඇති බැවින් අවසානයේදී කියන්නට තිබෙන්නේ තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත් කොබෙයියා බොල කොබෙයියා යන රබන් පදයමය.
ඉන්දියාවේ රාවනාව දෙවැන්නට දමා රාමා ගැන කතා කිරීම සාමාන්‍ය දෙයක් වන මුත් අප දිවයිනේ රාවනාගේ නම කී පමණින් සිදුවන්නේ අනිකකි. එලෙසම ඕනෑම දේශීය ක්‍රමවේදයක් මිත්‍යාව මත තබා තම දේශපාලන අරමුණක් ඉදිරියට ගැනීමට සමහරුන් මග බලාගෙන සිටිති. මොවුන් නොදන්නේ පෙරදිග හෝ අපර දිග වේවා අද මිත්‍යාව වනාහී වෙළඳ පොළ ආර්ථික බලයක ප්‍රධාන ප්‍රචාරන න්‍යෂ්ටිය බවට පත්කර ඇති බවය. වෙළඳ පොළ ආර්ථිකය විසින් නව චින්තන ගොඩනැංවීමත් සමග මිනිස් ආධ්‍යාත්මය අද වන විට ජාන විද්‍යාව ඇසුරින්ද විග්‍රහ කරගන්නා තත්ත්වය යථාවක් වෙමින් පවතී. ශරීරයට පිටින් විඤ්ඥානයක් පැවතිය හැකි බවට මතවාද පමණක් නොව ඒ සම්බන්ධ මහා සිනමා කර්මාන්ත පවා ලොකයේ නිර්මාණය වෙමින් පවතී. මේ වග මනාව දන්නා විද්වතුන් පවා මුනිවත රකින්නේ දෙබිඩිවාදයේ අනුහසින් බව සැබෑවකි. එහෙයින් කළ යුත්තේ නම් අපට ගැලපෙන සාම්ප්‍රධායික ක්‍රම වේදයන්ටද නව සිතීමක් මෙන්ම නව භාෂාවක්ද ගොඩ නගා නිර්මාණාත්මකව සමාජ ප්‍රගමනයට දායක කරගැනීමය. එය අප විසින් කරගත්තා හෝ නොගත්තා ගෝලීය සමාගම් හිමියන් විසින් නූතන තාක්ෂණික ඇප් තාක්ෂණය හරහාම වැඩේ ආරම්භ කර තිබේ. මේ කාරණා ගැන සලකා බලන කල අප විසින් කළ යුත්තේ දෙබිඩ්ඩන් නැති කිරීමක් නොව දෙබිඩ්ඩන්ගේ ලෝකයේ වර්ධනය වන්නා වූ සමාජ කුහකත්වයට විරුද්ධ අරගයක් බව පැහැදිලිය. සූනියම් ශාන්තියේ ඇති බුද්ධ බලයෙන්ම ලිපිය ආරම්භ කරන ලද්දේ මේ කොඩිවිනය කපා දැමීමට මිනිසුන්ට ඇඟිල්ලෙන් ඇනීමට වග ඔබට වැටහෙන්නට ඇතැයි හඟිමි. “ඕං කී ගන්තුවා බුදුරැස් වරමින් වරෙන් වරෙන් “ කියමින් අවසානය සටහන් කළ යුතු වන්නේ එබැවිනි.

කට මෑත කීවොත් මේ ගැන පරොස් වෙලා
ලට පට ඇත තවත් උඹලගෙ මම සොයලා
ඇට නැති දිව කීවොත් සැම තැන වෙයි පතලා
මට හෙම අවලාද මේ ගැන නො කියල්ලා
(කවි සඟරාව)
ජගත් මාරසිංහ.
ජගත් මාරසිංහ.