තෙන්නේ සහෝදරයා‌‌‌ගේ මතක

තෙන්නේ සහෝදරයා‌‌‌ගේ මතක
          සයිමන් නවගත්තේගමගේ එක ‌කෙටි කතාවක තියනවා ‌වේලාව සවස හය පහුවේගන එයි,‌‌කෝටාල් ‌ඩේවිඩ්ට අධික වැඩ කියලා. අනේ ‌මේ සයිමන් කියන කතාව අපේ කාලයේ මට නූතන ‌කෝටාල් ‌ඩේවිඩ්ලට පමණක් ‌නෙවේ ‌කෝටාල් ගහපු ‌‌‌බේබද්දෙක්වන මටත් අධික වැඩ නැති වැඩ. ඒ යුගයේ ජවිපේ තරුණයෝ ‌බොන එකට විරුද්ධ කාලය. ඒ වගේ මතවාද නිසා මාව කිසිම සංවිධානයකට අතුළු කර නොගත් කාලය. මම එයාලගේ ‌ගොඩක් ‌දේ වලට එකග නමුත් ඒ සුරාලෝලී නිදහස් ප්‍රතිපත්තියට විරුද්ධ බැවින් එයාලා සමග ගණු දෙනු නොකළ කාලය. එවන් වකවානුවක තමා කුමක් ‌හෝ ‌හේතුවකට රාජ්‍ය ආරක්ෂක කට්ටිය මාවත් කුදලාගෙන ගිහින් මැගසින් බන්ධනාගාර‌යේ ගාල් කරන්නේ. ‌
කෝටාල් සහ අරක්කු ‌දෙකම ඇල්කොහොල්. ඒත් ඒ ‌දෙකේ තියන සංස්කෘතික ‌වෙනස සයිමන්ගෙන්ම තමා ජීවිතයෙන් කියවගන්න ‌වෙන්නේ කියන එකත් මම දන්නවා. රෝහන සහෝදරයා ජනාධිපති වරණයට දෙමලෙන් කළ කතාවෙත් අදෘෂ්‍ය මාන අධ්‍යක්ෂක වරයා සයිමන් වීම ගැනත් තෙන්නෙ මාත් එක්ක කතා කරලා තියනවා. මාත් වසර ‌දෙකකට ආසන්න කාලයක් සිරකරුවෙකුත් ‌නොවන ඒත් අපරාධකාරයෙක් වෙන සංස්කෘතික අවකාශයක එදා ආණ්ඩුව හිර කරලා දානවා. දැකපු ගමන් මගේ කටේ තිබ්බ ‌කෝටාල් ගඳ නිසා ‌එතන හිටපු ජවිපෙට සම්බන්ධ අය බොහෝ ‌දෙනෙක් මාව සලකන්නේ ආණ්ඩුවේ ඔත්තු කාරයෙක් වශයෙන්. ඒක නිල වශයෙන් මා සමග සාකච්ඡා කර රන්ජිදම් ඉවර කරලා දානව. ඒත් පුංචි මිටි අහිංසක වගේ දැනෙන ඒදා අපට වඩා වයසක මිනිහෙක් මා සමග සැබෑ දේවල් කතා කරන්න ගන්නවා. මට මාර පුදුමයක් දැනෙනවා. ඒ යම් කාලයක ජවිපේ ‌දේශපාලන මණ්ඩලයේ සිටි බණ්ඩාර ‌‌තෙන්නකෝන් නිසා. එයාගෙන් තමා මමතේරුන් ගන්නේ යම් සංවිධානයක මධ්‍යගත වාදය නිසා ඒ සංවිධානයේ අවංකත්වය මරලා දානවා කියන කතාව. නමුත් ඒකේ අනිත් පැත්තත් අද ගැටලුවක්. මධ්‍යගත වාදය නැතිව කෝමද සමූහ වැඩක් කරන්නේ කියන කාරනය. ඒක අපි විසි ඒක් වන සියවසේ මුල්කාර්තුවේ හැදෑරීම් වලට යොමු කරමු. ඇත්තටම මට පුදුමයි එදා තෙන්නෙලා වගේ අපිත් ඒක්ක හිටපු පී . බී ලා, ලෙස්ලිලා ගුණවර්ධනලා වගේ සහෝලා ගැන. පුදුම ආදරණිය චරිත. තෙන්නේ සහෝදරයගේ සහ එදා ඒයාට බාල සහෝදරියකගේ ප්‍රේමයට රෝහන සහෝදරයා සහය දක්වන්න තරම් තිබ්බ ආදරය දන්න අය දන්නවා ඇති. ඒ්ත් ඒදා මධ්‍යගත වාදයත් සමග තිබ්බ පක්ෂ විනය නිසා ජනතාවාදීී ‌දේශපාලනය වෙනුවෙන් ඒව සඟවන්න ඇති. මට තෙන්නෙගෙවත් ජවිපෙවත් එදා හෝ අද නැතිනම් හෙට ‌දේශපාලනය ‌මේ සටහනට අදාල නැහැ. නමුත් එදා ආදරය හැමදාටම ඔ්න කියලා සාධනය කරන්න පුළුවන්. ආදරයත් දේශපාලනිකයි තමා. කවුරු බැලුවත් නොබැලුවත් මම ඒ්වා නව පරපුරට සටහන් බවට පත් කරනවා. ඒ සමහර විට "මාරස" ඉතිහාසයේ ශාක්කිකාරයෙක් වශයෙන් ඇඳන් ඉන්න හින්දා වෙන්න ඇති.
           මොන ගැටලු තිබ්බත් එදා හිටපු ජවිපෙ සහෝදරවරු තෙන්නෙට ගරු කළා. ඒත් එයා වාට්ටු මීටින් වලදි කියන ඔ්න දේ කෙලින්ම කිව්වා. මට මතකයි එදා අපි ඔක්කොම ආණ්ඩු විරෝධී පත්තර බලනකොට ඒයා පළමුව බලන්නෙ ආණ්ඩුවේ පත්තර. යකෝ ටක්කෙට අනා වැකිත් කියනවා. මම අහපුවාම තෙන්නේ කියනවා ආණ්ඩුවේ මතය බලපුවාම ඒකට විර්ද්ද මත එයාට හිතා ගන්න හැකියි කියලා. ඒක මටත් තහවුරු වුනා. එදත් ජවිපේ කේඩරයේ පවා යම් යම් ප්‍රවනතාවල වෙනස් මත තිබ්බා. ඒත් සුභසාධක ගැටලු වලදි පමනක් තෙන්නේ ඒවා ලස්සනට විග්‍රහ කළා. ‌කොහොම ‌කොහොම හරි ජවි‌පේ ‌දේශපාලන මණ්ඩලයේ සිටි ‌තෙන්නේ සහෝදරයා මගේ ආදරණිය ගමන් සගයෙක් වුනා. එදා අපට වැඩිමල් 71 පරපුඑර ගැන මගේ තිබ්බ අනාදරය එයා අභීයෝගයකට ලක් කළා. අන්තිමට ඒක ආදරයක් වුනා. ඒක ‌කෙලවර ‌වෙන්නේ ඇතුලේ හිටපුු කාලය තුළ නිදිමරමින් කතාකරමින් අපි ‌දෙන්නා ප්‍රතිපෝෂනය ‌වෙමින්, කොහේද ලෝකයක යතාවට පිටතින් සැබෑ යථාවක් ගැන දොඩමින්. ඒ පරපුරේ මම ‌නොදැකපු ‌ගොඩක් ‌දේවල් මම ඉගෙන ගත්තත් සංවිධාන ගතගත විකාර නිසා ඒ්වා සමාජ ගත කළ නොහැකි බව මම දන්නවා. මම මේවා අද පුද්ගලික ආරකින් ලියන්නේ ‌මේ නිමේශයේ පවතින ප්‍රකාශන ආරත් සමග ‌සෙට් ‌වෙන්නයි. නැතිනම් සැබෑව අහෝසි වී යන නිසා තමයි. තෙන්නෙ කියන්නේ තනි මිනිහෙක් විය නොහැකියි. එයා යම් වාම ප්‍රවනතාවයක පැතිකඩක්..
තෙන්නෙ සහෝහි මායි මැගසිමේ රැට කාලා නිදාගන්නේ පාන්දර පහට. පී බී සහෝදරයාත් ඇහැරලා යම් යම් තැන් වලදි විසංවාද දානවා. හරියටම පාන්දර පහට බුද්ධදාස විතානච්චි කියන අපේ අදත් රංගනයේ ජනප්‍රිය චරිතය අවධි ‌වෙනවා. එයා පාන්දර අවධිවෙන්නේ යෝගි ව්‍යායාම කරන්න. එයා අවධිවෙනකොටම අපි දෙන්නා නිදාගන්න යනවා. හරියටම හයට ‌බණ්ධනාගාර නිළධාරීන් ‌පෝලිම් කියද්දි සියල්ල අවධි ‌වෙනවා. ඒත් මම නිදි. මට මතකයි ඒ නිලධාරින් පඩිපෙල නැගලා උඩට ඇවිත් අන්තිමට මාව ගණන් ගරගෙන යනවා. එතන තිබ්බේ ඒ සමූහ මිත්‍රත්වයේ මට තිබ්බ ආදරය සහ මම ඒයාලට තිබ්බ ආදරය මිසක් බන්ධනාගාර නිළධාරීන්ගේ ආදරයක් ‌නෙවේ. ඒ්කට මගේ මුහුණුපොතේ මිත්‍රයක්‍ වන මගේ ‌රෙට්ටුවට අල්ලපු රෙට්ටුවේ සිටි ප්‍රේමලාල් ශාක්කියට ඉන්නවා.එතනත් අපි නාට්‍ය වැලක් කරනවා. සියල්ල ස්වතන්ත්‍ර ගරිල්ලා වීදි නාට්‍ය වලට අයත් පිටපත්. දවසක් මට ‌‌ගෙදරින් විස්ට් ඇවිත් නැහැ. මට සිගරට් ඒකක්වත් නැහැ. මම ඒක ඇතුලේ සිගරට් විතරක් ‌නෙවේ ‌ලෝකලුත් බිව්වා ‌නෙවේ කෑවා.සිගරට් නැතිව කල කිරීමෙන් නිදාසිටින මා ගාවට එදා ‌තෙන්නේ එනවා. සිගරට් ඉවර හින්දද ඔය මැරිලා වගේ ඉන්නේ කියලා අහනවා. ඇත්තටම මම නිදාගත්තේ නාට්‍ය වැඩසටහනට ඔ්න මගුලක් වෙයන් කියලා. මම කිසිදා බලාපොරොත්තු ‌නොවුන විදිහට 71 පරපුරේ එයා මගේ අතට ‌එදා තිබ්බ නව නායකත්වයට ‌හොරෙන් බීඩියක් ‌දෙනවා. ඒ්ක දුන්නේ කැමැත්තෙන් නෙවේ කියලා මම දන්නවා. ඒත් එතන තිබ්බ අද අපි කතාකරන ආදරය ගැන කළලය මට කිසිදා අමතක කරන්න බැහැ. මම දන්නවා ඒවා කවුරු හරි පාටි කට්ටියට දෙන්න ගෙනාපු බීඩි වලින් එකක් කියලා. මට ඒවා අදාල නැහැ. එදා මම සදහටම නැගිටිනවා. මම ඒ නාටක‌ වැඩපිළිවෙලේ මට අයිති වැඩකොටස ඉවර කරනවා. ඒවා ගැන විස්තර පසුව ලියන්නම්.
          මම හිරගෙදරට එද්දි මගේ එදා ‌පෙම්වතිය වූ චූටි මාව අතහැරියා කියන කතාව එතන හිටපු සහෝදරයන්ට අළුත් කතාවක් නෙවේ.තෙන්නේ ඒකට කිව්ව කතා මට තාම කිසිදු ස්ත්‍රී වාදියෙකුගෙන් අහන්න ලැබිලා නැහැ. එයා මම එලියට එන දවසේ කිව්වා ගිහින් හැං‌‌ගෙනන එපා ශරීරයෙන් කියලා. එයා කිව්වේ ‌‌දේශපාලනයෙන් හැං‌ගෙන්න කියලා. මට ‌බ්‍රෙෂ්ට්ගේ ගැලිලියෝව එදා නැවත මතක් වුනා. ‌මොකද බන්ධනාගාර ‌පොත් පත් අතර තිබ්බා ඇන්ටන් ‌චෙපෝප්ගෙ ‌නේපත්‍යාගාරය කියලා ‌මාර කෙටි කතාවක්. ඒක නාට්‍යාගාරයක ජීවිතය අහසේ පාකරලා අපේ හදවත් පුපුදන නිර්මාණයක්. මම කිව්වා මට ‌මේක නාට්‍යක් වශයෙන් කරන්න පිටපතක් ලියල දෙන්න කියලා. ‌තෙන්නේ නිදි මරාගෙන ඒක ලිව්වා. මම නිදහස් ‌‌වෙලා ‌ගෙදර එද්දි ඒකත් අරන් අවා. ඒත් තාම ඒක ජනතා සතු කරන්න ජීවත් ‌වෙන තෙන්නෙගෙන් අවසරය ගන්න ලැබුනේ නැහැ. මම එයාව ‌හෙව්වා. කාලයට සාපේක්ෂකව ඒක විකාරයක් වුනා. දේශපාලන මාධ්‍ය වලනම් කීප විටක් මම දැක්කා. ඒවා මට අදාල වුනේ නැහැ.මැගසින් ජීවිතයෙන් පසු අපේ සුහදත්වය කරේ තියන් පිබිදෙන්න අවස්තාවක් තවමත් අපට ලැබුනේ නැහැ. එහෙම ලැබුනත් අපිට පළමුව කරන්න වෙන්නේ එදා එතන හිටපු මරා දාපු හෝ දිවිනසාගත් සගන්ට අපේ හදවතින් පාංසුකූලය දෙන එක. සමහර විට ඒ අඩුව ‌වෙන්න ඇති ‌මේ මමත් පුරවනවා ඇත්තේ.
                මම ‌නිදහස් වෙලා ගෙදර ඇවිත් රහසිගතව මැගසින් හිටපු තෙන්නේ සහෝදරයාට ලිපියක් දැම්මා. මම කිව්වා මගේ අම්ම එක්ක මගේ ආදර චූටිව හම්බ ‌වෙන්න ගියා‌ කියලා. එයාගේ කකුල් දේශපාලනයට ‌ බයවෙලා මෙඩලින් ගහන්න ගත්තා කියලා. මම එයාට කිව්වා කියලා මට මීලඟට හමුවන ‌කෙල්ලට ඔයාට වගෙ ‌දෙගුනයක් ආදරය කරනවා කියලා. ‌මේ ලිපියට ‌තෙන්නෙ එවපු උත්තරය තාම මා ගාව තියනවා. නීතියට පිටින් එයා ‌කොහොම මට පිළිතුරු ලිපියක් එව්වද කියලා මම දන්නේ නැහැ. එයා එවපු ලිපිය බලපු මම ගල් වුනා. එයා කියලා තිබුනා මාරේ ඔයාගේ ලිපිය බාල හිංදි චිත්‍රපටයක් වගේ කියලා. ඒ හැර ‌දෙයක් ඒකේ නැහැ කියලා. ඔයා ‌වෙනස් මිනිසෙක් වුනා කියලා ඒ අහිංසක ‌කෙල්ලට දැනෙන්න ඔයාට කතා කරන්න බැරිවෙලා තියනවා කියලා. එදා මට කඳුලු ආවේ ඇයි කියන එක ලියන්න මේ ලිපියේ උස පළල මදි. තෙන්නේ කියන්නෙත් 71 මාරම ආදර නීය චරිතයක්. අපි අසූවේ නිසා ඒක මාර විදිහට මට දැනුනා. එයා තවම ජීවතුන් අතර සිටියත් එයාගේ මා දුටු හෘද ශාක්ෂිය ‌ලෝකෙට එකතු කරන්න බැරි වුන බව ඇත්තක්. එයාගේ එදත් අදත් පසුවත් ජවිපේ සමග ඇති ගැටුම්කාරී මතවාද මේ නිමේෂයේ ‌මේ සටහනට අදාල නැහැ. මම කියන්නෙ අපි කවදාවත් නැවත හමුනොවුනත් අපි සදහටම හමුවෙලා ඉවරයි කියලා. මහාවීරව මතක් ‌වෙන්නෙ ‌මෙතනදි. ඔව් මහාවීර කියනවා වගේ එක් වතාවක් හමුවුනාට පස්සේ ජීවිතයටම හමුවෙලා ඉවරයි තමා කියලා. අවසාන වශයෙන් කියන්නත් මට කතාවක් තියනවා. මම කැමතියි නැවත ඔයාලා හිරගෙදර ඉන්නවානම් එතනට ඇවිත් මැරෙන්න හරි මමත් හිරවෙයි. ඒත් ඒක සිහිනයක්. ඒ යුගය දැන් අවසානයි. හැබැයි ඒ ආදරයේ තමා සැබෑ ‌දේශපාලනය තියෙන්‌නේ. ඇත්තටම ඒක ඇත්තක් තෙන්නේ. අපි ෂොපින් බෑග් වලින් වතුර උනුකරන් තේහදාගෙන බීලා සිහිනෙන් හරි කාව්‍ය ශාස්ත්‍රය ගැන නැවත කතා කරමු. කාලිදාසගේ, චෙකෝප්ගේ, දොස්තොව්සික්ගේ ආදරය විප්ලවයට බද්ධ කරන්න නැවත සිහින දකිමු.
"මිතුරු තුමෝ දුක් සැප දෙකෙහි ම. පැවති. බිතු සිතුවම් රූ මෙන් පිටු. නොපාවිති." (සැලලිහිණිය) (සැලලිහිණිය)
.සටහන
ජගත් මාරසිංහ.


Powered by Blogger.

Follow by Email