පීතෘ අවභෝධය
මට ඊයේ ඉතා සතුටුදායක දවසක්. මොකද මගේ පුතා කෙලින්ම යම් අදහසක් සම්බන්දව මට විරුද්ධව නැගී හිටියා. ඒ මොහොත ගැන මම මොනවා කියන්නද? මගේ කියවීම් අවකාශය තුළ මට ඒදිරිවීර සරත්චන්ද්‍රගෙයි සත්‍යජිත් රායිගෙයි නිර්මාන රස විඳින්නේ ජීවිතයෙන්මයි. කොටින්ම කටුම්බ ජීවිතයේ ශුවිශේෂ තැන්වලදි ඒ දෙන්නගේ නිර්මාණ පේන්න පටන් ගන්නවා. ජීවිතය ගැන අවබෝධය එයාලා නැවත සුසර කරනවා වගේ.
මට මතකයි කොළඹ විශ්වවිද්‍යාලයේ සම්මන්ත්‍රනයකදි තමන්ගේ ගුරුවරයෙක් වූ සරත්චන්ද්‍රට විරුද්ධව සුචරිත ගම්ලත් නැගී හිටියා. දෙන්නම් බැටේ විචාරක කියන ගුරු අවලාදය ගැන සුචරිත තදින් කතා කළා. නමුත් සරත්චන්ද්‍රගේ කතාවෙදි ඒයා කිව්වේ ස්ලෝකයක තේරුමක්. එයා කිව්වේ එයාට එදා සතුටු දවසක් කියලයි. මොකද ගුරුවරයෙකුට සතුටුවෙන්න පුළුවන් එකම දවස තමන්ගේ ගෝලයෙක් මම උඹට එකඟ නැහැ කියන දවස නිසා කියලා. මම දන්න විදිහට තාත්තා කෙනෙකුට සතුටු විය හැකි එකම දවස තමන්ගේ දරුවෙක් මම උඹගේ ඒ මතයට විරුද්ධයි කියන දවසට. ඔව් ඒ ඊඩිපස්ව අල්ලලා පොලේගහන දවස. එතනින් එයා ගලාගෙන අපු සංස්කෘතික පවුලේ එක් සිහිනයකින් කණ්ඩනය වෙනවා. එයා ඒයාගේ ගමනක් පටන් ගන්නවා. ඔව් එයා ඒයාට නියමිත තවත් අම්ම කෙනෙක්ව හොයා ගනීවි. දුවෙක්නම් ඒත් එහෙමයි. ඒ කතන්දර දිගයි.
මට දැනෙන විදිහට තාත්තාකෙනෙකුගේ ලස්සන දේශපාලන කතන්දරය සරත්චන්ද්‍ර සිංභාහු නාටකයෙන් ඉවරකලාද මන්දා. පිය පුතු අරගලය එයා කදිමෙටම අපේ හදවතට කාවද්දනවා. සුද්ධෝදන සාක්‍යසිංහ තවත් ඒක් පිතෘ සංකල්පයක හෘද ශාක්ෂිය. එයාගේ සිද්ධාර්ථ පුතා බුදුවෙනවා. ඉතින් සුදොවුන්ට රජකම කියන තමන්ගෙ දේ ඉදිරයට ගෙනියන්න දෙන්න පීතෘ සාධකයක් නැහැ. තමන්ගේ මුනුබුරා වූ රාහුල ගැන බලාපොරොත්තුවත් සිද්ධාර්ථ ඉවර කරනවා. එයාවත් ඒක්ක ගිහින් මහනකරනවා. අනේ සුද්ධෝදනට අළුතින් පටන් ගන්නවා. තවත් විවාහයක් කරගෙන නන්ද කුමාරයාව හදනවා. මෙන්න සිද්ධාර්ථ ඒයාවත් මහන කරලා. ලෝක පිය භූමිකාවේ හෘදශාක්ෂික් වූ සුද්ධෝදන කෙලින්ම ගිහින් බුද්ධට ඇගිල්ල දික්කරලා විරෝදය පානවා. මම දන්න විදිහට බුදුකෙනෙකුට කෙලින්ම ඇගිල්ල දික්කරලා විරුද්ධවුනේ එයා විතරයි. ඔව් ඇට මිදුලු තුළ පවා ඇති පිය සෙනහස ගැන කියලා නැවත මේ වගේ දේ නැවත සිදුවෙන්න ඉඩ තියන්න එපා කියලා එයා ඉල්ලීමක් කරනවා. නැහැ ඒක ඉල්ලීමක් නෙවේ. ආදරයේ නියෝගයක්. කොහොම උනත් දරුවෙක් දෙමාපියන්ගෙන් කණ්ඩනය වීම කණගාටුවට කරුණක් නොවේ. ජීවිතයේ අනිවාර්ය වූ අලුත් ගමනක්.
සටහන
ජගත් මාරසිංහ
21 02 2020