ගාමිනී ජයලත් සහෝදරයා
මතක දිගඅරිනවා කියන්නේ සෙල්ලමක්. ඒත් වෙලාවකදි ඒ සෙල්ලම ලෙල්ලමක්. මට ලියන්න හිතුනා ගාමිණී ජයලත් කියන ගමන් සගයා ගැන. එයාගේ ඡායාරූපයක් නැතිව දස අතේ කෝල් ගත්ත. මෙන්න එවරස්ට් ආරච්චි ටක් ගාලා මට පොටෝ දෙකක් මෙසෙන්ජරයට දැම්ම. තාම නියම මාධ්‍ය වේදියො
මේ මතකය නන්දා මාලිනියගේ ගේ පවන ගීත මතකය දක්වා දිවයනවා. එයාගේ සත්‍යයේ ගීතයේ සම්මන්ත්‍රනයෙන් පස්සේ කොළඹ මහජන පුස්තකාල අපේ ශාලාවේ පවන ගීත ගැන සම්මන්ත්‍රනයක් තියනවා. භීෂණයේ ආරම්බය. පවනේ ප්‍රධාන දෙසුම සුචරිත ගම්ලත්. සුචරිත කළ කතාව තැන් තැන් වලින් කට පාඩමින් මට අදත් කියන්න හැකියි. මට මතකයි සුචරිත ජාතිවාදී සංකල්ප විස්තර කරද්දි සුනිල් ආරිය රත්න ඇඹරුන හැටිත්. සමහර විට අපට එහෙම පෙනුනා වෙන්නත් පුළුවන්. නමුත් සුචරිත ඒතන හිටපු රසිකයෝ දැකලා විප්වයේ ප්‍රීට්රොගාඩ් දක්වා මනෝ මූල්ක වුනා වෙන්න පුළුවන්. එයා එදා තිබ්බ තරුණ පුවනතාවලට විරුද්ධ වුනා. ශාලාව පිරෙන්න තරුණයෝ. සුචරිත අහනවා එයාලගෙන් කෝ විප්ලවයේ ජවිපේ මර්ධනය හමුවේ කොහේද ගියේ කියලා. අම්මට සිරි මෙන්න එවකට කොළඹ සංවර්ධන සභාවේ මන්තත්‍රී කෙනෙක් වශයෙන් හිටපු ගාමිනී ජයලත් වේදිකාවට නගිනවා. තද ආවේගශීලී කොල්ලො අතර එකෙක් එයා. මේ රාජ්‍ය මර්ධනය හමුවේ එයා කියනවා අපි ඉන්නව. අපි දිනනවා. අපි මේ මර්ධනකාරී ආණ්ඩුව වෙනස් කරනවා තමා කියලා. මුලු හෝල් ඒකම දෙවනත් වෙන්න අත්පොඩි. මම ඒතකොටයි දැනගත්තේ එදා නිර්මාණ සංවාද කුලකය කාගෙද කියලා. ඒ ගැන තව විස්තර තියනවා.
මට ඒ ගාමිණී ජයලත්ව නැවත හමුවෙන්නේ මැගසින් බන්ධනාගාරයේදි
ඒයා විදුහල්පති කෙනෙක් වගේ. ඒක ජනතා වාදයේ ප්‍රතිඵලයක්. මම ඒ ජනතා වාදයට විරුද්ධව සංවාද කළා. වැඩක් වුනේ නැහැ. ඒත් ඒයාට තිබ්බ ආදරය මට තාමත් නැති කරගන්න බැහැ. ඒක මාර ප්‍රහේලි කාවක්. ට්‍රොරෙස්කිගේ තියරිත් පත්‍යක්ෂ නිසා මගෙන් ඈත් වුනා.
මම සිගරට් එකක් බොන්නේ කොයි වෙලාවෙද ප්‍රින්සිබල් වගේ ඒතන්ට ගාමිනී එනවා. මම විතරයි එතන සිගරට් බීපු එකම කොල්ලා. ඒත් ආදර තාත්තා කෙනෙක් වගේ අහනවා මාරසිංහ සහෝදරයා තමුන්ගේ පෙනහල්ලටවත් ආදරයක් නැතිද කියලා. කෙනෙකුට කියන්න පුළුවන් මේ මගේ පිය රික්තකය එයා පියවනවා කියලා. ඒවා බයිලා. අපි කතාකරමු ඒ වෙලාවට මට එයා ගැන ඇතිවුනේ දාර්ශනික පිළිකුළකුලක්. එතකොට සාංදෘෂ්ටික දෘෂ්ටි වාද අපේ ඔලුව අරක් අරන්. ඒ කාලේ එයාට පපුවේ අසනීපයකුත් තිබ්බ මතකයි. එයා කියපු ගොඩක් දේවල් වික්ටෝරියන් තමා. හැබැයි ඒවා එයා වැඩකළ පක්ෂ වැඩපිළිවලක් සමග බද්ධ වෙලයි තිබ්බේ. මොන මගුල උනත් දැන් හිතෙනවා ඒකේ තිබ්බ ආදරය මාරයි කියලා. හැම තැනකම ඒයා බලන් හිටියේ සමාජ සාධාරණය දිහා. මම එයාට කලින් නිදහස් වුනා. නිදහස් වෙන දවසේ මගේ රැවුල කැපුවේ රංජිදනුයි ප්‍රේම ලාලුයි. පැත්තකින් බලා සිටිය කට්ටිය අතරෙන් ඉස්සරහට ආපු ගාමිණී ජයලත් කිව්වේ නැහැ මට එලියට ගිහින් දේශපාලය කරපන් කියලා. ඒයා කිව්වේ සහෝදරයා එලියට ගිහින් සිගරට් අරක්කු බොන්නේ නැතිව අපිට විරුද්ධව හරි ලියන්න කියලා. මම එනවා ඔයාව හම්බ වෙන්න නිදහස් වුණ ගමන් කියලත් කිව්වා. මට ඒ ආදරේ තේරෙන්නේ දැන්.
මහත්මා ගාන්දි සුද්දට ඒහෙම යන්න දෙන්න බැහැ කිව්වා වගේ ලාංකේය වමේ ජනතා වාදයටත් ඒහෙම යන්න දෙන්න බැහැ කියන එක මගේ තියරියක් වුනා. ඒ විතරක් නෙවේ වික්ටෝරියානු බලයටත්, හේතුවාදී මතවාදයටත් එහෙම යන්න දෙන්න බැහැ කියලයි මම අද කියන්නේ. ආයේ ගාමිණී ජයලත්ව මට දකින්න හමුවුනේ නැහැ. එයා ගැන අතීතයේ සමහරු හිතාගෙන ඇති එයා ජනතාවාදී උද්දච්ච මිනිහෙක් කියලා. නමුත් මම අද දකිනවා ඒක ඇතුලේ තිබ්බ ආදරය ඔය කියන සංකල්පීය පියාගෙන් ඔබ්බටත් විස්තර කරන්න හැකියි කියලා. අවැසිනම් සුපර් ඊගෝ දක්වා යමු. ඒ ආදරය බාල පරපුරට අහිමි වීම අද මාර ගැටලුවක්. මම මෙහෙම කියන්නම් ගාමිනී ජයලත්. මට තාම මතකයි ඔයාගේ විසිට් බත්මුලට වට්ටක්කා ආපු දවසට මාරේ සහෝදරයට දාන්න. සිගරට් වලට හොඳයි කියන ආදරය. ආදරෙයි ගාමිණී ජයලත් නැවත අප අතර ඉපදේවා කියන්න මට බැහැ. මම දන්වනා නැවත ඉපදුනත් ඒ ඉපදෙන්නේ ඔයා නෙවේ කියලා. ඒ කියන්නේ අපේ යෞවනයේ වපසරියේ හිටපු ඔයා නෙවේ කියලා.ඉතින් ඔයාට මට තැග්ගක් දෙන්න තියනවා. ඒ මම සටහන ලියන්න ගත්ත වෙලාවේ උනපු කඳුලු කැට ටික. ඒවාල තියෙන්නේ ලුණු රස විතරයි. නමුත් ලුනු නැතිව මිනිස්සුන්ට ජීවත්වෙන්න බැහැනේ. ඒක හදාගත්ත රසයක් වීම වෙනම කතාවක්. ආදරෙයි ගාමිනී ජයලත් සහෝදරයා. සහෝදරයා කියන්න මම අකමැති උනත් ඔයාට එහෙම නොකියා බැහැ.

ජගත්
මාරසිංහ
30
01 2020