ඇයි මිනිස්සු 13 අංකය බිය ද?

                                            ඇයි මිනිස්සු 13 අංකය බිය ද?



2022 ජූලි 14 ඊ වෙබ් විරිතේ ඊ පවුරු සටහන


ජූලි පලවනදා සිට 12 දක්වා මාරස ඇඟිලි දික්කරමින් භෞතිකවාද පසක තබා පාර භෞතිකය මතු කරමින්යා දේවල් පවසන ලද්දේ බොහෝ තැන් වලදී භෞතික වාදයට සාක්සාත් කරගැනීමට පාර භෞතිකවාදය සමග ධර්මද පිටුවහලක් කරගැනීම වඩා කාලෝචිත බව යාන්ත්රික භෞතික වාදීන්ට දැන ගැනීම උදෙසාය. ඒලෙසම රාසි දොලහ ඉක්මවූ තැන ජූලි 13 ගැන අංක විද්යාවෙන් සරලවම මාරස කලින්ම ලියා තැබුවේ දහතුන සංඛ්යාවේ මිත්යාව යුරෝපයේ මිත්යා මතයක් වන්නේ එහි සැඟවී ඇති කාරණා අනාගත ක්රියාකාරකම් සඳහා ස්ථිර පදනමක් සැකසීමේ හැකියාව ප්රදර්ශනය කරන ගුනයක්ද දහතුනේ ඇති බව ඉඟි කිරීමටය. ඒ දේවල් දැන් සැබෑවක් වී හමාරය. 13 දා මිනිසුන් විසින් සලන ලද කඳුලු බාල්දි වලට සමානවම වැදගත් පදනමක සැකසීමක්ද ඇති බව දැනගැනීමෙන් යම් සදය සතුටක් හෝ ඇතිකර ගැනීමට හැකි බව ලියා තැබිය යුතුය. ඇත්තෙන්ම ඒ් සදය සතුටක් නොව මහා සතුටක් වන ආකාරය මතුවට කල් දැමිය යුතුය. ඇත්තෙන්ම 13 යනු අංක විද්යාත්මක රටාවන් අනුව ගත්කල අනාගත ක්රියාවන් සඳහා ස්ථිර පදනමක් සැකසීමේ හැකියාවක් ඇති ප්රදර්ශන අංකයක්ද වන්නේය. අහස සමගද ගනුදෙනු කිරීමෙන් තව බොහෝ දේ කියනු හැකි වන්නේය. තක්කඩි අනාවැකි ඔත්තු පවසන්නන්ට මාතෘකා සැපයීම මාරසේ විදිහ නොවන නමුත් 2019 අග සිට පාරභෞතික සැබෑවන්ටිකක් ලියා දැම්මේ ඒ තත්ත්වය කළ යුතුම බව දැනුන නිසාය. පාර ඒවා සාධණය වුවද කිසිවෙකු ඒ හඬට කන් දුන්නද නොදුන්නා සිටින වග මාරස නොදන්නවා නොවේ. සමාජ දේශපාලන පැත්තෙන්ද මාරස ක්රියාකාරිත්වය දන්නෝ දන්නා බව හඟිමි. නමුදු පාර ‌භෞතික වාදය සහ මිත්යාව අතර ‌‌බොහෝ දේ නූතන සමාජ විද්යාවෙන් ගිලිහී ගොස් ඇති බව මිනිසුන් දැන ගත යුතුය. බොහෝ දෙනා නොදන්නේ සෑම විද්යාවකටම මිත්යාවක් ඇති අතර සෑම මිත්යාවකටම විද්යාවක්ද ඇති බවය. ( මතු -මාරස.)



14 ජූලි 2022


Powered by Blogger.