"පොත් කියවපොත් කියවන ළඳුන් ( ඥාති මිත්‍රයන් ළඳුන්ට කියවන්නට දෙන්නේ වෙනත් පොතකි)

ඥාති මිත්රයන් ළඳුන්ට කියවන්නට දෙන්නේ
වෙනත් පොතකි



ඔව් මේසයිබර් රස්තියාදුවේදී මාරස ඇහිඳ ගත්තා. පොත් කියවන ගෑනුන්ට මේ විදිහට කිට්ටු වෙන්නේ ලංකාවෙනම් අම්මගේ හෝ තාත්තගේ ඥාති පිරිමි. නැතිනම් මොන ආගමක උනත් දහම්පාසල්වවල ජීවිතය උගන්වන පොරවල්.
මාරස මොනවා හරි කියනවානම් කියන්නේ සමාජීය සාධක ඇතුවයි. ඒ ගැන කිසිවෙක් කළබල විය යුතු නැහැ.
දැන් මේ ළමයට පොත කියවන්න නොදී මේ පුරුෂයා කියන්නේ මෙසේ කරන්නේ පෙම්වතුන් පමණක් නොවන නිසා. දැන් මේ කෙල්ලට පොත් කියන්න නොදී ඒ මැද්දට පැන ඒකිට ආදරය කියන සංකල්පයක් දානවා. නමුත් ඒක අවසන් වෙන්න ඇත්තේ‌ කොහොමද කතාවට පිරිමින් ගොඩක් දෙයක් කියාවී.ගැහැණු කිසිත්කියන්නේ නැහැ.
ලංකාවෙත් මෙහෙමතමා. ඒකට කියන්න තියෙන්නේ අනේ මේ කියන කතාව විතරයි.
කවුද මේකට විරුද්ධ. සමාජයේ සියල්ල ඒම තමානේ. නමුත් ඒ කෙල්ලගේ ආධ්යාත්මික තත්ත්වය.
ඒක අද වෙනස් වෙලා කියනවා පශ්චාත් නූතන තත්ත්වයන් අනුව. මාරස සෙවීම් කරන්නේ ජීවිත සමග. කෙලින්ම ඒක අයින් වෙලා නැහැ. ඒකට කැමරා සහ බලය ලබා දීම සහ ලබා ගැනීම සම්බන්ධව දේවල් ඔස්සේ ඒක හංගලා ප්රාග්ධන මාධ්යක් ඔස්සේ මේ දේ සිදුකරනවා කියලා කෙලින්ම ලියන්නේ රචනා ලියන මාරයා තමා.
පසුවට මේ ගැන තවත් ලියන්නම්.

ජගත් මාරසිංහ
15 09 2024

    
ආදරයේ ගැබ් පෙළහර
ඔව් මාරසත් දන්නවා ගැබිණි කාන්තාවන්ට භෞතිකව ජීවිත දෙකක් තියනවා කියලා. නමුත් ආධ්‍යාත්මිකවනම් ජීවිත ගොඩක් තියනවා. කාන්තාවක්ව පිරිමින්ට වටහා ගන්න බැරි භෞතික සාධකය වනාහී ස්වභාවයාගේ ගර්භාෂය තමා. නමුත් ලංකාවෙත් යුරෝපයේත් ක්ලිනික් නැත්නම් සායන වලනම් කියන්නෙ මව සිතන දේ දරුවත් සිතනවා. ඔබ පතන දේ දරුවත් පතනවා කියන සැබෑ කතන්දරය තමා. ඒකට අපේ අම්මලා තාත්තලාගේ යුගයේ ගැබ්  පෙලහර කියලා මාර සංස්කෘතික ව්‍යායාමක් තිබ්බා. ඒ ගැන මාරස හැදෑරුවේ හංස පූට්ටුව ලියන කාලේ. තාම හදාරණවා. මාරසට ගැබ් පෙලහර ගැන කියන්න ජීවමාන සුදුසුකම් ඇති. නමුත් ඒක අද ගැබිනියන්ට කියන්නේ අර යුරෝපීය ආකල්ප පෙරදැරි කරන් සේවස්ත පුහුණුවලට ගියාම යුරෝපිය් කියවීම දුන් ම්ඩ්වයිප්ලා හෙවත් පවුල් සෞඛ්‍ය සේවිකාවන් මගින්. ඒ මිඩ්වයිප්ලට අපේ කොදෙව්වේ කිව්වේ දායම්මලා කියලයි. දායම්මා තමා සියලු සැත්කම් දරුප්‍රසූති කළේ. ගමම එකතු වෙලා තමා ගැබ් පෙළහර කරන්නේ. අල්ලපු ගෙදර නොවේ මුලු ගමේම අල්මාරිවත් දොරවල්වත් ලොක් කරන්නේ නැහැ ඒ දරුවට ඒ මගින් විපතක් වෙයි කියලා. ඒවා මිත්‍යාමත නොවේ ආදරණීය පොදු සමාජයකට උකහා ගත හැකි ලස්සන දේවල්. කොටින්ම සමාජවාදී ලංකාවක් බිහිකරනවානම් ඒ අදහස් වලට අනුව බිහි නොවුනොත් ලාංකේය ඇට මස්  මිදුලු තුල සැඟවීතියන ජානත් ප්‍රතිවිප්ලවය කියන අර්ධයට එකතු වෙනවා අනිවා.
ඔබ කියවන්නේ ලස්සන පොතක්. ඒක ඔබේ සිනහවෙත් තියනවා. ගැබිණි සෙක්ස් කියන ඉසව්වටත් ඔබගේ දකුනත සහ කළවා දෙකම ප්‍රමාණවත්. සැලසුම් කළ ඡායා රූපයක් වුවත් ගොඩක් දේවල් කියන ගැබිණි කතකගේ සැබෑ ඡායාරූපයක්. මේ අවස්තාවෙදි තමා පිරිමින්ගේ ආදරය පුදුම ඉසව්වකට ආවේශ වන්නේ. ගැබිණි කතක් දැක්ක ගමන් ආදරය හිතෙන්නෙත් ඊට අසාධාරණයක් උනොත් ඇය වෙත පෙනී සිටින්නෙත් මේ ආදරයෙන්ම තමා. කොටින්ම සෙක්ස් කියන්නේ ගෑහැණියක් සමක බීඩී ඇස් ඇම් ම නොවේ ආදරයේ විභවයක් තමා. පසුව දිගට කතා කරමු.

ජගත් මාරසිංහ


11 09 2024


පොත් කියවන ළඳුන් =පොත් කියවන ගැබිණි ළඳක්
පොත් කියවන ළඳුන්ව ඡායාරූප ගත කරන ආලෝක දඩයක්කාරයන්ගේ පැන්ටසිය වන්නේ උන්ගේ ඔළුවේ තියන කාන්තාවන්ගේ බුද්ධිමත් බාවයේ හිතලුවක් කියලත් කතා කළ හැකියි. නමුත් අද ස්කෑන් යන්ත්‍රය බිහිවුනාට පස්සේ කාන්තා කුසේ දරුවෙක් වැඩෙන විට ඒ කියවන පොත් වලින් ඒකා හෝ ඒකිගේ මානසික වර්ධනයට මාර දෙයක් වෙනවා කියලා සොයාගෙන අවසන්. ඒක ඉස්සර මිනිස්සුත් දැනන් හිටිය බව ස්කෑන් ඇවැසි නැහැ ජන කවි වලිනුත් ලියන්න සාධනය කරන්න හැකියි. කොහොම හරි මේ "

ස්ටොක්සි දායක "ලූක් මැට්සන්" විසින් "ගැබිණි කාන්තාව ඇඳේ වැතිරී විවෘත පොත කියවමින්" යන උදෘතය  යන උදාන පද පෙල සමග තිබි පොත් කියවන ගැභිණි ළඳකගේ ඡායාරූපයක්.

https://youtu.be/H7vVKpSlXDU

09 09 2024





"පොත් කියවන ලඳුන්" *** පරිසරය කියන්නේ කැලේම තමා
අපි දන්නවා කාන්තාව සහ පරිසරය සමග තියන අපෝහකය. ඒ වචනය පැත්තකින් තිබ්බත් කාන්තාව සහ පරිසරය කියන්නේ ආදරයෙන් ගත්තත් සෙක්ස් වලින් ගත්තත් භෞතිකව ගත්තත් මාර සමගාමී සමීකරණයක් වගේ. කොටින්ම මාරසට මතකයි නග්න ඡායාරූප ශිල්පයේ ලංකාවට විතරක් නොවේ ලෝක ඡායාරූප ශිල්පීන්ටත් පොරක් වූ  දොස්තර වීරකෝන් කියනවා නග්න ඡායාරූප ගන්නවානම් උදේ දහයට ප්‍රථම පරිසරයේ ගැහැනියක් නිරුවත් කළ යුතුයි කියලා. ලංකාවේ වටාපිටාවෙන් එන ප්‍රශ්න නිසා අමාරු කාර්යක් කියලත් කියනවා. ඒ සමගම එයා කියනවා මගේ බිරිඳගේ මිතුරියන් මගේ නග්න ඡායාරූප කාර්යට පෙනී සිටිය නිසා මහා ගැටලුවක් උනේ නැහැ කියලා. අනේ මාරස පුංචා කාලේ මගේ දොස්තර. ඒ කාලේ මම දන්නනවානම් ගහනවා ආදරයට කනට පාරක්. හැබැයි ගහල කියනවා ආදරෙයි යකෝ කියලා. නමුත් වීරකෝන්ගේ ඡායාරූපයක් නොවේ මෙතන තියෙන්නේ . සයිබර් රස්තියාදුවෙන් මාරස ඇහිඳ ගත් වර්ණ ඡායාරූපයක්. 
    පරිසරයේ වර්ණ උෂ්ණත්වය සෙවැලි කොටින්ම අඳුර සහ එලිය ගැන අවබෝධයක් ලබාගෙන පරිසරය සහ තමන්ගෙ ආළෝක දඩයමේ ඉලක්කය දඩයම් කරගත යුතුයි කියන කතාව. පොත් කියවන ළඳක් පරිසරයේ ගහන්න ලේසිම නැහැ. මොකද ගොඩක් අද කාන්තාවෝ පරිසරයට ආස උනත් පැන්ටසිය පරිසරයේ ප්‍රතිමූර්තියක් වන් ආටිපිෂල් වෙන මගුලක් තමා. නමුත් පොත් කියවන කාන්තාවන්ව සැලසුම් කර හෝ නොගෙන ඡායාරූප වලට දඩයම් කරණ ආලෝක දඩයක්කාරයන්ගේ නූතන තත්ත්වයේ පරිසරයක් මැද්දේ පොත් කියවන තාරුණ්‍යයෙන් හෙබි  කාන්තාවකගේ ඡායාරූපයක් මාරස සයිබර් රස්තියාදුවේදි මුණ ගැහැලා ඇහිඳ ගත්තා. අනේ එක පාරටම අර අමරදේව මාස්ටර්ගේ කැලේ ගහක සින්දුව මතක් වුනා.

කැලේ ගහක මල් පිපිලා සුවඳ ගලනවා
හදේ ලැගුම් ගත් බඹරුන් රොණට වඩිනවා
මල් නොතලා රේණු තලා උන් පැණි බොනවා
මගේ දෑස මට නොකියා කරදර දෙනවා

ගලා හැලෙන අඳුර මැදින් නුවන් පිපෙනවා
මලේ මහිම ඒ අතරේ මට හමුවෙනවා
සදා සතුට සිහින ලොවේ කිරුළු දරනවා

මා තනි වූ විටදී පමණි එ මල දකින්නේ
හිරු සඳු මෙහි විත් මොකටද කරදර දෙන්නේ
අඳුර සමඟ මොහොතක්‌ මට ඉන්නට දෙන්නේ
(මඩවල එස් රත්නායක කියන්නෙත් ගීත රචනයේ සෙල්ලම් බඩුවක නෙවේ තමා)
https://youtu.be/oiIf9GrW-oY

ජගත් මාරසිංහ

10 09 2024



ගොඩක් කා 
මාරස දන්නවා ඉන්ද්‍රනාත් තේනුවර නැත්නම් අද නව පරම්පරාව ඡායාරූප ශිල්පයේ අබ්බගාතයෝ වෙන්නත් ඉඩ තියනවා කියලා. නමුත් මාරස විසින්  මාධ්‍ය ගත කරන ඡායාරූපයකට ඒකා විතරයි කොමන්ටුවක් දාන්නේ. ඇත්තටම ඒකාම කියනවා වගේ මට පොටෝ ගහන්න ඇවැසි නැහැ මම දන්නවා පොටෝ ගහන පරම්පරාවකට උගන්නලා තියනවා කියලා. ඒ වගේ නිහත මානී ඡායාරූප ශිල්පය සම්බන්ධ පොරක් මට අසූවේ එහාටත් මෙහාටත් හම්බවෙලා නැහැ. ඒච් එම් පෙරේරා සහ ඩොක්ට වීරරත්න විතරක් නොවේ නග්න ඡායාරූප ශිල්පයෙන් පටන් ගෙන ජීවිතයේ ආදරය සම්බන්ධව කතාකරණකොට ඉන්ද්‍රනාතයට ගහන්න ඡායාරූප ශිල්පයෙන් තාක්ෂණික පැත්තෙන් විතරක් නොවේ හැඟීම් පැන්ටසි පැත්තෙනුත් ගොඩක් අමාරුයි. මොකද ඒකා ඉතා දුක් විඳිමින් අසූව දශකයේදී ඒ විද්‍යාව සහ හැදෑරිම් නිශ්චල ඡායාරූප විතරක් නොවේ ඒ තාක්ෂණයත් ඉගෙන ගත්තා නොවේ හැදෑරුවා. හදාරලා ලංකේය  දුහුනන්ට ඒක අතහැරියා. මාරස දන්නේ එක දෙයයි. මහ ලොකු ඒකාත් ඉගෙන ගත්ත විල්සන් හෑගොඩගේ පුතාලා  කොහේ හිටියත් පානදුර ඡායාරූප කණ්ඩායම කොහේ ගියත් අද බඩගින්නේ ඉදන් ඡායාරූප ශිල්පයට වැඩක් කරන්නේ පරණ  උන්ගෙන් පසු තෝ පමණද ඉන්ද්‍රනාතයෝ. ඒක ඉතින් අර අබය ගිරියෙන් මතුවෙච්ච තේනුවර පරපුරම තමා වෙන්නැති කියලයි මාරස හිතන්නේ.
ඇත්ත මචන්. නුඹ කියලා තිබ්බා පොත් කියවන ලඳුන් ගැන ඡායාරූපයක් ගැන මම කියාගෙන යනකොටඑ ඒ ඡායාරූපය මම නිකන් සටහනක් වගේ තියුනු දෙයක් කියද්දි මේ ඇවිත් ස්වභාවිකව ගහන වීදි ඡායාරූප නොවේ කියලා. ඒක ඇත්තයි. 
      නමුත් මේ මිනිස්සුන්ගේ අද භාෂාවෙන් කාන්තා පැන්ටසිය වන හැටින් ඔබ දන්නවා. ඒක ගැන ආලෝක කළමණාකරණය ගැනත් ඔබ දන්නවා. ඡායාරූපය කට් කරණ හැටිත් ඔබ දන්නවා. නවීන ඡායාරූප විතරක් නොවේ ඒ අයි තාක්ෂණයේ ඡායාරූප පටන් ගත්තත් ඒ ගැන කියන්නත් ඔබ දන්නවා. මම කියන්නේ සියල්ල දන්නවා කියලා නොවේ. නමුත් මේ මොහොතේ නුඹ අර කියන නුග ගස් වලට වඩා නුඹ බෝ ගසක්.
පොත් කියවන ලඳුන්- ගැබ මෝරන ගර්භීනී කාන්තාවන්- සරාගී යුවතියන්ගේ වේදනාව වගේ අලුත් පැන්ටසි දැන් තියනවා. කොටින්ම පවතින දේශපාලයත් සමග පසු බැස යන බුද්ධිමතුන්ගේ මුහුණු කියන්නෙත් වෙනම ආලේඛ්‍ය ඡායාරූප ශානරයක් බවට පත්වෙලා.
මම හිතන්නේ ඒ සම්බන්ධව වර්න පැත්තකින් තියලා හරි අරන් හරි ලෝ සතට ඒ ඡායාරූප ගසන කලු සුදු පරතරයත් නැතිනම් වරණ උෂ්නත්වයත් උඹ පොදුවේ කතාකළොත් මාරයි කියලයි. ඒක අපේ ගෝලයන්ගෙන් වෙන්නේ නැතිනම් 
වෙන කුමක් කරමුද බන්.
අඩුම ගානේ මේ සින්දුව.

ඔබේ දෑසයි ඔබේ දෑසයි
නීල උත්පල දිගටි දෑසයි
මීන චංචල කිඳුරු දෑසයි
කිඳුරු දෑසයි..

ඈත අහසේ තාරකා සේ
වශී කර මා සිත සිනාසේ

ඈත අහසේ තාරකා සේ
වශී කර මා සිත සිනාසේ
දුරක සිටියත්‌ ළඟක සිටියත්‌
ඔබේ ඇස මට නිබඳ සිහිවේ
ඔබේ ඇස මට නිබඳ සිහිවේ

ඔබේ අඩවන්‌ නුවන්‌ දුටු සඳ
රාග ගින්නෙන්‌ දැවෙයි මා හද

ඔබේ අඩවන්‌ නුවන්‌ දුටු සඳ
රාග ගින්නෙන්‌ දැවෙයි මා හද
එවන්‌ දෑසින්‌ සිහිල්‌ දිය ඉස
නිවන්‌ ගිනිගෙන දැවෙන මා හද
නිවන්‌ ගිනිගෙන දැවෙන මා හද

ඔබේ දෑසයි ඔබේ දෑසයි
නීල උත්පල දිගටි දෑසයි
මීන චංචල කිඳුරු දෑසයි
කිඳුරු දෑසයි..

https://youtu.be/64P22FhLVmg

මේ සේකරගේ සින්දුව පැත්තකින් තිබ්බත් ඒකේ මොකක්දෝ දෙයක් දැනෙනවා. ඔය නූතන චිත්‍රශිල්පියෝ කියන දේවලට පිටින් අපේ අම්ම ප්‍රථම ආදරයේ අර චාමර කියන ප්‍රතම ප්‍රෙමයේ සින්දුවත් නිකන් ගෑවිලා යනවා. 

ඉතින් මම හිතනවා තව බොහෝ කරුණු තිබ්බත් නුඹටයි සුජිත් රත්නායකටයි ලොකු වගකීමක් තියනවා කියලා. උඹලා දෙන්නම කලාවට දෙයක් කළා තමා. තොපි දෙන්නගේ‍    කළුසුදු මරු කිව්වේ අවධියෙන්. තව වැඩ කොටසක් ඉතිරි වෙලාද කියන කතාවත් කියන්න ඇවැසියි. මේ දේශපාලනයේ පොරවල් වෙන්නේ උඹලා.ඡන්දය ඉල්ලන මගුල් නොවේ. පුරවැසියා ඉන්නේ කළා කාරයෝ අතේ. තොපි දෙන්න මාර මාර පොරවල් දෙකක්. මොකා බලයට පත් වුනත් මොකෝ. නමුත් මතක තියාගනිල්ලා පුරවැසියෙක් කියලා ආර්ට් දන්න මිනිස්සු ගැහැණු අපට ඉන්න ඇවැසියි කියලා. අනේ මාරසටනම් මේ කිසිදෙයක් ඇවැසි නැහැ. මේ පොටෝව ගැනලියන්නම්. මොන තරම් පිරිමි හිටියත් කාන්තා ජන බලයෙන් විතරයි අපේක්ෂකයෙක් ජයගන්නේ.ඒක අපට තව දින එකොළකින් දැනගන්න ලැබේවි

ජගත් මාරසිංහ

09 09 2024

"පොත් කියවන ලඳුන්" 

ලංකේය  පශ්චාත් සහ නූතන දේශපාලනිකද මන්දා...!


 
"පොත් කියවන ලඳුන්" 
            දන්නේ නැහැ මේ දැක්ම මාරයාට දුන් 60 , 70, 80? 90 දශකයේ පොත් කියවන මාක්ස් වාදී දේශපාලන ළඳුන් කොහේ ඉන්නවාද කියලා. අසූව දශකයේ අගයි අනූව මුලයි දැන් දරුවන් හදාගන්න උත්සාහ කරන ඒ එඩිතර කෙල්ලන්ගෙන් කීප දෙනෙකුගේ මූහුණුනම් ඊ පවුරේ පේනවා. දන්නේ නැහැ දැන් දේශපාලනයවත්. එක එක මාර විදිහට ජීවත් වෙනවා නොවේ ජීවිතයේ පැතුම් තියනවා කියලා තේරෙනවා. මේ දේශපාලන මොහොතේ  ඒ අසූවේ මාරයා කියන එකාගේ උන්දිහා බලපු ලස්සන දැනෙන්න මේ ඡායාරුපයම ඇති කියලා හිතෙනවා. පසු උත්තර මාරයා දෙන්නේ නැහැ. මොකද මගේ නම මාරස හෝ මාරයා වෙනුවෙන් ලියන්නේ නැහැ. අප සමග ඇසුරු කරපු ඒකාලේ ඒ කාල පරාසයට අයත් වූ ගෑහැනු පොත් කියවපු හැටි මාරස ඉතා හොඳින් දන්නවා. උන්ගේ ජීවිතයත් සියලු අධ්‍යාපනයත් සියලු දේපලත් ආදරය වූ පිරිමින්ට පරිත්‍යාග කළාද කියන කතාව මාරස දන්නේ නැහැ. ඒක දන්නේ ඒ දහදෙනාට ආසන්න කස්ටියක් විතරයි. නමුත් මේ මාරස ආදරයෙන් සහ තරහින් කතාකරන්නේ කාටද කියලාට පෙර පිරිමි දැනගන්නවා ඇති. නමුත් මාරස මේ සටහන සමග කීකරු ඒකිලාට පමණයි. ඒකිලා කියෙව්වේ මාක්ස්වාදය පොත්. ඒකිලා කියෙව්වේ ආදරය ගැන පොත්, කීප දෙනෙක් පශ්චාත් නූතන වාදී තත්ත්වයටත් ගැඹුරුව නොවේ පොළව විනිවිද ගොස් මාර ජීවිත ආකල්ප. මාරස මේව දන්නේ නැහැ. අසූවේ මතකය මම පොත් කියවන ගැහැනු ලමයෙක් සමග බයංකාර සම්මන්ත්‍රණ වලට ආවා කියා විතරයි කියමුකෝ කෙටියෙන්. නමුත් ඊට පස්සේ මේ මා හිතින් අයින් කරන්න බරි යසෝදරාවන් වන් පිරිසක් රතු ඇඳුම් හිතෙන් නොවේ ආදරයෙන්ම වැළඳගෙන මාර වැඩ කොටසක් කළා. සමහරු තාමත් කරනවා වෙන්න ඇති. ඒ අය දැන්  දේශපාලනික නැති උනත් සිය දරුවන් සහ තමන් කෙල්ලන් වශයෙන් කෙලින්ම සැබෑ දේශපාලනිකව ආදරය කළ ලෝකයට පෙම් බඳිනවා නියතයි. ඉතින් මාරසට හිතුනා දැන් හිටියත් කතා නොකරන කොහේද ඉන්නේ මොකක්ද කරන්නේ කියලා දන්නැති ඒ මාරස දුටු පරපුරේ තොප වෙනුවෙන් පොත් කියවන ළඳුන් අතිරේක තීරුවට සටහනක් තබන්න. ඒක තියන්නේ අනාගත පරපුරට තොපලා අහිමි වේ කියන බයෙන් විතරයි. නුඹලාගේ පරම්පරාව මාරසට ආගන්තුක් නොවේ.
තව වචනක් කියලා සටහන අවසන් කරනවා. ගැහැනුන් වශයෙන් පොත් හරියට කියෙව්වේ උඹලා පමණයි. හරියටම මේ වගේ රොමැන්ටික් විලාසයකින් උනාට මාර විප්ලවීය දේශපාලනික රට නොවේ ආදරයත් සම්බන්ධ සිහිනයකින්. මේ සටහන ලියන්නේ පවතින් දේශපාලනික විකාරයකින් නොවේ. මාරස හෘර්ද හාක්ෂියෙන්. උඹලට ජයවේවා සහෝදරියනි. අසාධාරණයට විරුද්ධව සටන කොතැනද එතනදී අප අනිවාර්යෙන් ජීවතුන් අතර නොසිටියත් හමුවෙයි. 
ජගත් මාරසිංහ

09 09 2024


රො සේඒ
අපි හිතන විදිහටනම් මේ වැඩේ කරන්න බැහැ. අපට තියනවා පොත පතට ආදරය වගේ ගෞරවයකුත්. ඒත් ඉතින් තම තම නැන පමණින් තමයි. මේ තැනැත්තිය මේ ඡයාරූපය සමග ලියලා තියනවා මෙහෙම.
(මගේ හිතේ කොච්චර වෙලාවක් මේක තිබ්බද කියලා ඔයාට හිතාගන්නවත් බෑ :) දැන් ඒක මෙතන තියෙනවා!)
ජගත් මාරසිංහ

05 09 2024



"පොත් කියවන ලඳුන්"  

සැලසුම් කරල ගත්ත වීදි ඡායාරූපයක්ද කියලත් සැකයක් ඇති වුනත් පොත් "කියවන ලඳුන්" අතිරේක තීරුවට නොදා බැහැයි කියලා දැනෙනවා. වස්සක් පායපු ගමන් අව්වක් ඇවිදින්. ඒ අය මෙහෙම ලියලා
“මගේ ජීවිතයේ මම කැමතිම දේවල් දෙක පුස්තකාල සහ බයිසිකල්. ඔවුන් දෙදෙනාම කිසිම දෙයක් අපතේ නොයවා මිනිසුන් ඉදිරියට ගෙන යයි. නියම දවස: පුස්තකාලයට බයිසිකලයක් පැදීම.
( Peter Golkin නමැති පිටුවකින් ඇහිඳ ගන්නා ලදී)
ජගත් මාරසිංහ
05 09 2024



"පොත් කියවන ළඳුන්" 
පොත් කියවන ගැබිනි ළඳුන්

                  ගර්භාෂය කියන්නේ අපේ මහ ගෙදර තමා. ඒවා ගැන ලියන්න ගියොත් ජ්යෝතිෂයෙන් පටන් අරන් බුදුුුුුුණුවන් සිහිකර ප්රොයිඩ්වත් පසුකර නූනත මනෝවිශ්ලේෂණ හරහා ගැඹුරටම ලියන්න වෙනවා. ඒකනම් පිස්සු හැදිලා ආයෙත් සනීප කරන්න බැරි පිස්සු හැදෙන වැඩක්. මේ මාරස සයිබර් රස්තියාදුවේදි pexels වෙබයේ ජොෂ් විලින්ක් නම් ලත් පිටුවක තිබී ඇස ගැසුනු ඡායාරූපයක්. කෙලින්ම උදුරගත්තා තමා. ඔව්  පෙරදිග අපරදිග කියලා බේදයක් නැහැ ඔසප් චක්රයයි සඳගමනයි අතර ජ්යෝතිෂ සිද්ධාන්ත ඇලපති ටෙලිපති නොවේ මොන පතිටත් පොදුයි. මේ ගැබිණි ළඳ උපේක්ෂා සහගත හිනාවක් දාගෙන බණ්ඩියත් එලියේ දාගෙන කියවන‌ පොතේ නමත් සඳට සුභ රාත්රියක් පතන පාඨයක්. [goodnight moon]
     අද නූතන ගැබිණියන් සම්බන්ධ වෛද්‍යවරුන්ගේ දැන් ටිකක් පරණ උනත් කියන නූතන කතාව තමා බඩේ තියෙන්නේ මස්කෑල්ලක් නොවේ සංවේදනා දැනෙන හැඟීම් දැනීම් තියන ජීවී දරුවෙක් කියන සැබෑව. 
මේ ගැන කතන්දර ගොඩක් තියනවා. නූතන පර්යේෂණත් ගොඩයි. ස්කෑන් යන්ත්‍ර බිහිවුනාට පස්සේ දරු ගැබක් කියන්නේ තවත් ප්‍රඥ්ඥාවන්ත ලෝකයක් කියලා මිනිස්සු සැක හැර දැනගත්තා.    දවසක් දරුවෙක් ඉපදිලා දොස්තරලට මිසීලටවත් ඇඬීම නවත්වන්න බැහැයිලු. නමුත් රූපවාහිනී ප්රවෘති යනකොට ඒක මීක් නැතිව පුවෘති අහනවාලු. අන්තිමට විශ්ලේෂණය කරල බලනකොට මේ ගැබිනිය ප්රවෘති පෙරේතියක්. තවත් පර්යේෂණයක නටන්න ආසා අම්ම පාටියකට ගිහින්. නටලා නැහැ  ආශාවෙන් නැටුම් බලන් ඉඳල. දරුවා දඟලන්න අරන් දොස්තර ගාවට ගියාම ස්කෑන් කරල කියනවාලු ඔයා හිතෙන් නටලා. නමුත් මේ බිළිඳා ඇත්තටම නටලා ඔයාගේ බඩවැලක එල්ලිලා ඉන්නවා කියලා. තවත් වරක තාත්තා ගැබේ ඉන්න දරුවට එකම කතන්දරයක් කියනවා. දරුවා හෑල්ලුවෙලා දැනෙන තේරෙන වයසෙදි ඒ කතන්දරය කියන්න ගියාම දරුවා කිව්වලු අපෝ තාත්තේ ඔය කතාව අහල අහල මට ඇතිවෙලා කියලා. මේ සම්බන්ධව බොහෝම සංකීර්ණ නිදර්ශන ගැබිණි කතුන් සම්බන්ධව විශේෂඥ දොස්තර උපාලි මාරසිංගේ පිටුවේ සඳහන් වෙලා තියනවා දැක්කා.
  ඉතින් මේ පොත් පෙරේති දරුවා හෑල්ලු කිරීමට පෙර පොත් කියවලා රස විඳින බව අපට එයාගේ මූනෙන්ම පේනවා. අනික මේක වැඩිදුර සැලසුම් කළ ඡායාරූපයක් නොවන වගත්පේ නවා. ඒකත් සිද්ධියට අනුව වැදගත් කාරණයක්.  කොහොම උනත් දරුමල්ලේ පැද්දි පැද්දි ඉන්න පොඩි එකා  අම්මත් එක්ක එකතුවෙලා සඳට සුභ රාත්රියක් කියලා දරුමල්ලේ ඉඳන් කියනවා අනිවා තමා. මොකද අපිටත් ඇස් පියාගත්තට ආලෝකයක් තියනවා. කළු කියන්නෙත් වර්ණයක් තමා. කළු වර්ණය නැත්නම් කොහෙන්ද සුදු වර්ණයක් කිව්වලු. වර්ණ තියෙන්නේ ඇහේ නොවේ සිතේ කියලා බුදුණුවන් අනුදැක ත්‍රාන්තිකයෝ කියන්නේ කට කහනවාට නොවේනේ. මේ ගැන මාරස වෙනම දීර්ඝ සටහනක් කරණ තෙක් ඔබටත් දරුවටත් දරු ප්රසූතියට මුහුන දුන් සහ අනාගතයේ මුහුන දෙන සියලු කාන්තාවන්ටම සුභ සිහින සපල වේවා පතමින් සටහන අවසාන කරන්නම්. මේ ආළෝක දඩයම ජීවිතයෙන්ම කළ ඒ ශිල්පියා පියෙක් විය යුතුයි. දරු උපතක් තාත්තගේ උපතක් වන නිසා තවත් ලස්සනයි.
ක්ලිනික් එකෙන් බල  කරන්න ඇවැසි නැහැ. ගැබිනියන් පොත් කියවනවානම් ඉතින් දරුවට විශිෂ්ට පෝෂණයක් තමයි.

ජගත් මාරසිංහ
05 09 2024



"පොත් කියවන ලඳුන්"

ආළෝක දඩයම්.


මාරස සයිබර් රස්තියාදුවේ යන විටත් ජීවිතයෙදි වගේම දැකල තියනවා කාන්තාවන් පොත් කියවන්නේ බොහෝවිට පාලු අමුතුම ස්ථාන වල නාටක ස්වරූපයකින් කියලා. ඉතින් බොහෝවිට අනිකුන් ඒකිලා දිහා බලන් ඉන්නේ ලතාවකට කලාවකට යන කෝචිචියක් දිහා නොපෙනී යනකන් බලාගෙන ඉන්න ඇස්දෙකකින්. ඇත්තකුත් නැත්තේම නැහැ. කෝච්චිච්ය යන්නේ පීලි දෙකක එකම පීල්ලක යනවා වගේ. ඒක යන්නෙත් පද්ද පද්ද. කාන්තාවන් පොත් කියවන්න ගියාමත් එයාලගේ හැටි පොත් කියවන ගැහැනු සමග පැටලිච්ච පිරිමිනම් අනිවා දන්නවා. තව වෙනසකුත් තියනවා. පිරිමින්ට වගේ නොවේ අර පර්යේෂණ වලින් සාධනය කර ඇති සේම ගැහැනු පොතට සම වැදී සිටියත් වට පිටාවත් අකුරටම කියවනවා. එතනත් පීලි දෙකක් තියනවා. ඉතින් පොත් කියවන ගැහැනු දිහා මිනිස්සු බලන්නේ කොච්චික් දිහා බලා සිටින ඇස්වලින් වගේ . කෝචිචිය සමග පැටලුනොත් මොකද වෙන්නේ කියන කාරණය පොත් කියවන ගැහැනු සමග පැටලුම හොඳට දැනගන්න පුළුවන් කියලා මරසට දවසක් අවන්හලකදි පොත් කියවන මධුලෝලයෙක් කිව්වේ ඇස්දෙකේ කඳුළු පුරෝගෙන. ඒ කඳුල ගැන බ්ලොග් ලියන්නත් බැහැ. නවකතානම් ලියන්න පුළුවන්. මොකද මොනව ලිව්වත් පොතයි වටපිටාවයි යන දෙකම අමුතුම තැනකට වෙලා අකුරක් නෑර කියවලා තනියම අඬලා ඒ අය ඒක ඔලුවට ගත්ත විදිහ එයාලා අපට කොච්චර තේරුන් කළත් පිරිමින් තේරුන් ගන්නේ නැහැ නෙවේ. ඇත්තටම බැහැ වෙන්න ඇති.
ජගත් මාරසිංහ
01 09 2024

පොතක් පොත් කියවයි 


              පොත් කියවන කාන්තාවන්ගේ ආලෝක දඩයම් වල පැති දෙකක් තියනවා. මොකද ඡායාරූප ශිල්පියා පිරිමියෙක් වුනත් කාන්තාවක් උනත් දෙන්නම හිතන්නේ එකම විදිහකට සමානව වගේ. ඒ ආලෝක දඩයම් වල තියන මහා පොදු සාධකය ගැන මාරස මෙහෙම කියන්නම්. මහා පොදු සාධකයක් මහා පොදු සාධක කියවනවා. එක එල්ලේ බලාගෙන පොතකට සිය දෑසම නාභි ගතකරලා වගේ පෙනුනට ගැහැනුන්ට හතරවටේ පේනවා තමා. ඉතින් මේ අය පොත් කියවන්න තෝරගන්නේ අමුතුම තැන්. කොටින්ම අගුපිලක උනත් ඒ අය පොත් කියවනකොට ඒ වටාපිටාව ලස්සනට පේන්නේ පිරිමි ඇස් වලින් කාන්තාවක් සිටින වපසරිය ලස්සන වීම වෙනම කාරණයක්. ඒ අයට සොබාදහමේ ලාලිත්‍යයෙන් පිට භාවනාවකට සම වදින්න බැහැ කියන කාරණයත් අහක දාන්නත් බැහැ.පොතක් පොතක් විසින් කියවනව කියන කතාව ආලෝකයෙන් තප්පරෙන් එකකින් දඩයම් කිරිමත් ලේසි නැහැ. තවත් අදහසක්වන්නේ පොත් කියවන ගැහැණියකගේ ලිංගිකත්වය බුද්ධිමය මිරිඟුවක සැඟවෙනවා. මේකට ඡායාරූප ආලෝක දඩයක් කාරයෝ ගොඩක් කැමතියි. අන් කරුණක් නිසා නොවේ රසිකයෝද ඒකෙන් අමන්දානන්දට පත්වන බව තමන්ටම දැනෙන නිසා තමයි. කොටින්ම පොත් කියවන ගෑනියෙක් දැක්කම බොහෝවිට පිරිමින්ට හිතෙන්නේ සෙක්ස් කරන්න නොවේ. ලව්කරන්න. සෙක්ස් නැතිව කොහොමද ලව්කරන්නේ කියන කතන්දරය හම්බ වෙනකම්ම ගැහැණු කියවීම කොහේ යනවද කියන කතාව පිරිමින්ට අප්‍රබංසයක් වීම පුරුෂ සිතීමේ දිළිඳු කමක්ද මන්දා.
ජගත් මාරසිංහ
01 09 2024



එයා ඉන්නේ වෙන කොහෙද

භෞතිකව ජීවිතය තියන විදිහට තිබුනාවේ. ඒත් ආධ්‍යාත්මික ජීවිතය ‌‌කොතන කොහොමද කියල දකින්න බැහැ. නමුත් අපට ඇය සතුටින් කියල දකින්න ආලෝක දඩයක්කාරයා සමත් වෙලා වගේ.
ඇය සැප පහසු බංකුවක ඉඳගෙන නැහැ. සැප මතුකරගන්න ගියත් මතුවෙලා තියෙන්නේ වම් පාදයේ කලවේ මස්පිඩක්. වමත තියෙන්නේ බක්කි දාරයක් උඩ. සැහැල්ලුයි ඇඳුම්. වටේ පිටේ තිබෙන කුළුබඩු වල කටුක සුවඳ අපටත් දැනෙනවා වගේ. ඒත් ඇගේ මුහුණින් මේ සියල්ල අතරින් තමන් සිටින ආධ්‍යාත්මික ලෝකයේ මිහිර ඒ නිර්ව්‍යාජ සිනහව තුළ සැඟවිලා තියනවා. එක පැත්තකින් බලපුවාම පොත් කියවන ළඳකගේ වීදී ඡායාරූපයක් තමා. පොතක් කියවන තැන ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. කොටින්ම භෞතික මොහොත සහ ආධ්‍යාත්මික මොහොත භාවනාවෙදි වගේ තනි සරළ රේකාවකින් ඛණ්ඩනයවෙනවා. ඒක ඇයත් දකිනවා. දකින අපිත් වෙන මානයකින් දකිනවා. පිස්සු හැදෙන මාන තුනක් නිසා පිස්සු හැදිලා ආයෙත් පිස්සු හැදෙන්නේ නැහැ. අපේ හිතත් නිමිල යනවා.


ජගත් මාරසිංහ

02 09 2024






Powered by Blogger.