නා මෙනෙවිය පෙර කළ හිඳ ලවැලි තලාවේ !!!
වරක් කියන්නේ එක පාරක් නොවේ. ඔබ දන්නවාද ඔබ උපන් දිනය පමණක් නොවේ ඒ දවසත් දෙකම එකට එකතුවෙන් දවසක සිටන් වර නගන කලාව ස්වභාවයේ දින හදන් ඉන්න ග්‍රහ චලිතයට ඉතා ආසන්න කළණාත්මක සහ අනුකළණාත්මකව දැකීමක්. ඒ කියන්නේ ඔබ උපන්දිනයත් එදා දවසත් උදාහරණයක් විදිහට ජනවරි 01 වන සෙනසුරාදානම් නැවත ජනවාරි 01 සෙනසුරාදා තමා ඔබේ සැබෑ උපන්දිනය වන්නේ කියන සම්මුතියත් සමග. ඒ වගේ උපන්දින වරක් කියලා සමරන කස්ටියක් හිටියත් නැති උනත් සැබෑ ජ්‍යෝතිෂ්‍ය කෙනෙක් ගාවට ගියොත් දන්නවා සැබෑ උපන්දින කී වරක් උදා වෙලා තියනවාද කියලා. ඊට සමානව ග්‍රහ ගෝචර අරන් ඒවා කියන්න අදාල නැහැ. ඔබත් ඒ උපන්දින ගැන වාරය අත් විඳින්න. ඔබ සමරන උපන්දිනය වර නගන්න. ඒ දවසිනුත් දිනයෙනුත් සෙට්ද කියලා බලන්න. ජුලියස් සීසර්ගේ කැලැන්ඩරය මළ විකාරයක් බව ඊයේ පෙරේදා දවස් වල චාල්ස්ගේ මෞලි මංගල්ලය නිසා ලිවිය යුතුමයි. චාල්ස්ගේ කේන්දරය අවැසි වෙන්නේ අර දකුණුපලාතේ චාල්ස් නාමික කුමරා එනකන් සබන් දමා මූන සෝදා ඇඟ පුරා පියවුරු තවරා සිටින දැන් ලොවින් සමුගත් සහ තාම ඒ චාල්ස් එනකන් බලා සිටින ඉන්නවානම් ඒ වයසක යුවතියන්ට පමණයි. ඉතින් තොටගමුවේ විහරයේනේ අනංග පිළිමය තියෙන්නේ කියලා සමහර පශ්චාත් නූතන කියාගන්නා විචාරකයෝ සහ ලේඛකයෝ මැරෙන්න ගියා කියලා මාරස නොදන්නවා නොවේ. නමුත් මචන් මාරස ජෝක් ලියන්න ආස නැහැ. මොකද චාලි චැප්ලින් බලපු කිසිවෙක් ජෝක් ලියන්නේ නැහැ. මොකද ඒක ඒ තරම්ම අපහසු අමාරු බාරදූර කටයතුතක් නිසා වෙන්න ඇති. චාලි චැප්ලින් නැවත ඉපදී මේ වගේ දේවල් චල ආලෝක දඩයම් කරනවානම් ඊට යටින් මේ අනංග පිළිමයේ විකාරය සිංහල බෞද්ධ කියන සැබෑ නොවන විකාර පැත්තේ සාපයක්ද කියලත් තිර රචනයට ගත්තානම් මාර මරු වෙයි කියලත් හිතෙනවා.
ඉතින් ජ්‍යෝතිෂයෙන් වර නැගුවොත් වරක් කියන්නේ තමන්ගේ උබය කර්මයේ සිට නැතිනම් උත්පත්තියේ සිට ජනක කර්මය යන කර්මපල වාදයෙන් විග්‍රහ කරන නියත කර්මය ගැන මාර සුපෝෂිත කියවීමක්. ඒ ජීවිත කාලය ගැන ඇති ගණනය කිරීම් තමා ජ්‍යෝතිෂ්‍ය ක්‍රමවේදයෙන් ඉතා පෝෂිත අවකාශක පෝෂිත දැනුමෙන් හෙවත් අත්දැකීම් නැතිනම් ප්‍රත්‍යක්ෂ මගින් ගෙන පා තිබෙන්නේ. වරක් වඳිනවා කියන්නේ එක් පාරක් දෙපාරක් නොවේ. ඔබ උපන්දිනය සහ දවස උදාවෙන ඊළඟ දවස වෙනකොට ඔබ ගොඩක් පරිනාමයට ලක්වෙලා. ශරීරය පමණක් නොවේ සිතුම් පැතුම් පවා වෙනස් වෙලා. සමහර විට ඔබටත් මතක නැතිව ඇති. මෙතනදි නක්කත්ත සුතුර පටලවාගෙන සංවාද මතුවෙනවානම් මාරසව හමුවෙන්න වැස්ස වෙලාවක හමුවෙන්න කියන්නේ නිකන් ආදරයට පමණයි.
කොහොම උනත් කැලණි විහාරයේ මේ ඡායාරූපය පෝන් පොටෝවක් නිසා මේ ඇති. අනික ඒ කාන්තාව අරමුණු කරගත්තම තියෙන්නේ පංසලේ මහා බලවත් බිත්ති. අනිත් පැත්තේ ඉතා වටිනා සාමාන්‍ය මිනිහෙකුට හිතන්නවත් බැරි යාන වාහන. නමුත් ආදරය විතරක් පතන කවුරුන් හෝ දමා ගිය බල්ලෙක්. ඊට පරාරෝපිතව අඩුවක් නැති මනුෂ්‍ය දුවක්. මේවට කඳුලු හැලුවොත් ඇට මස් නහර හිස් වෙනකන් කඳුලු ගලා යාවි.
මේ කාන්තාව හිගන්නෙක් නොවේ යන්න දැක්කා. මේ බල්ලත් එයාගේ නොවේ පන්සලේ වගේ. නමුත් කුඩෙන් මුහුණ වහගෙන ඉන්නවා. ලස්සනත් නැත්තේම නැති මහා වයසක් නැත්තේම නැති කාන්තාවක්. මේ ඇයි. ඒ නිසා යාලුකමට නොවේ මේ වීදි ඡායාරූපය වැදගත්. තාක්ෂණික පැත්ත තිබ්බානම් මේ කතන්දරය දිග හරින්නේ බුද්ධගෝෂ හාමුදුරුවන්ගෙන් පටන් ගෙන විශාකා මහ තෙරනියගෙන් අවසාන කරන්නයි. නිකමට සයිමන්ගේ "ස්ත්‍රී " නාටකයත් සිහි වුනා. නමුත් මේ සටහන අවසාන කරන්නේ වරක් කියන කතන්දරය සහ ඒ සම්බන්ධව විද්වතුන්ගෙන් අහන්න උනගේ පෝන් නිහඬ වීම සම්බන්ධව පරිකතාවක් කියමින්. කොහොමත් අපේ 60 මුල උපන් උන්ට වඩා වයසක අය මොන ස්මාට් පෝන් පාවිච්චි කළත් ඒක උන්ට දුරද මන්දා. ඒ ගැන පසුව ලියමු. තාම පොහෝය ගෙවුනා විතරනේ. සම්ප්‍රධාය ගරුකරන මාරස ඒකේ අනිත් පැත්ත ඊට වඩා ගරුකරනවාද නැතිද යන්න මාරස පාටකයෝ නොදන්නවා විය නොහැකියි.
ඉතින් ධර්මසිරි ගමගේ. නුඹ මේක ලියලා තියෙන්නේ අනිවාර්යෙන්ම ආධ්‍යාත්මිකවද භෞතිකවද කැලනිය පර තෙරටම ශාක්සාත් කරගනිමින් තමා. ඔයාගේ හදගැස්මේ රිද්මයේ සුසරතාව මේ ගීතය පමණක් නොවේ ඔබ ලියපු ගීත වලටත් පිටින් අපට දැනෙනවා. ශාන්තිය පේන්න ගන්නවා. මළත් ආදරෙයි . 2004 දඹුල්ලේ ඔබ කියන ආදරය ගතින් මිය ගියත් කැලණි විහාරයට ගියාම ඔයාතාම නිකන් එතන ඉන්නවා වගේ. ආදරය කියන්නේ සෙල්ලමක් නොවේ. ආදරය කියන්නේ කලාවේ සුසරතාවයේ ආධ්‍යාත්මික ශක්තිය.
නිවන් පුරට මඟ පෙන්වන
පහන් වැටක් සේ
මැණික් කොතින් අහස උසට