කවුරුදෝ අර කවුලුවෙන්
දේශපාලනිකව කුමන මතබේද ඇතත් කුමාරි ජයවර්ධනයන්ව සිහි නොකර මේ පෝස්ට් එක දාන්න මාරස අපොහොසත් තමා.
ඉතින් ලස්සන නොවේ. මොන කතන්දර කීවත් ගැහැනු කියන්නේ පශ්චාත් නූතන යුගයේ මාර සංදර්භයක්. කෙලින්ම සාංගීක වෙළඳ භාන්ඩ තමා. කෙලින්ම ගැහැනු ඉල්ලා සිටිනවා ඒක මරු කියා. නමුත් හද ගැස්ම ඊට වෙනස්. මොන තරම් වෙනස් උනත් මහා දුක්කිත චරිත. ඒක මාරස කිව්වේ පිරිමි භාෂාවකින් නොවේ . කතා කරන්න ආවොත් ගැහැනු භාෂාවෙන්ම සැබෑ ජීවිත සමගත් මාරස කතා කරන්න ලෑස්තියි කියන චන්ඩි කතාව කිව්වට සමාවෙන්න. බලු බැල්ලියන්ගේ සංසර්ගේ ඇති අදීන සම්බන්ධය කඩන්න ආකාශ වෙඩි දාන්න තරම් ශක්තියක් මාරසට නැහැ. නමුත් කියලා නිහඬ වෙන්නම්.
කිඩිනැප් ගැන මාරස ලියලා තියනවා. අද ශරීර වෙළඳාමේ කැත වැඩ ගැන ඔබ තරුණ වියේ සිටියානම් මහා දේවල් ලියයි. කෙලින්ම අද වෙන කොට ලාංකේය මිනිස් කාන්තා ශරීර වෙළඳාම අනාචාරය කියන වචනය සංකල්පයක් කරන් ඊට යටත්ව මාර විදිහට සිදුකරනවා . ඇවැසිනම් දේශපාලන නොවේ මහා මාක්ස්වාදී ලෙස පෙනී සිටින උත්තුංග මිනිස්සුන්ගේ නම් පිටින් ලියන්න මාරසට මතකය තියනවා. කෙලින්ම ගමෙන් කොළඹට ඇවිත් ස්ත්‍රීවාදය කතාකරන හැම ගැහැනියක්ම කිඩ්නැප් වගේ කියලා විතරක් නොවේ ඒකට වග කිව යුතු මහා පරංගි මාක්ස්වාදීන් සම්බන්ධවත් භෞතිකව කතා කරන්න මාරසට හැකියි.
කෙසේ උවත් කමක් නැහැ. අනේ තාමත් අපේ කාන්තාවො ආදරය හොය මින් අර ලිංගික වහලියන් මෙන් කවුලුවෙන් බලා ඉන්නවා. මට ආදරය හිමියි. ඒ කවුද කියලා. පිරිමින් ඒක හොයන කතනදරය ඊටත් වඩා ආදරයේ විඩාව සම්බන්ධව කතාවක්. ඇත්තටම මෙය ලියන්න කවුලුව විවෘත වුනේ යම් ගීතයක් අසා ඒ ගීතය සමග අතීත දේශපාලනිකව පමණක් නොවේ මාරස ආදරය කරපු හැම ගැහැනියක්ම කවුලුවෙන් බලා සිටියාදෝ කියන දෙයක් දැනුන නිසයි. කවුරු කෙසේ කීවත් කලාවේ සුසරත්වයේ ආධ්‍යාත්මික ශක්තිය තමා ආදරය. ඒක නැත්නම් කොහෙද යකෝ කලාවක් කියලා කෙලින්ම අහන්නත් හැකියි.
ගායනය - ශාන්ති ගීතදේව පද රචනය - ඩෝල්ටන් අල්විස් සංගීතය - ශාන්ති ගීතදේව Singer - Shanthi Geethadewa Lyrics - Dolton Alwis Music - Shanthi Geethadewa
https://jagathmarasinghe.wixsite.com/mare
08 05 2023