පාට කුඩ යට ඡන්ද දායකයෝ (මිෂණාරී කොළම) (මිෂණාරී කොළම)

                                         පාට කුඩ යට ඡන්ද දායකයෝ (මිෂණාරී කොළම)

සයිබර් රස්තියාදුවේ යනවිට විවිධ වීදි හමුවේ. මාරසටද දැන් සාපේක්ෂකව ‌වයස කීයදැයි මා නොදන්නවා නොවේ. අසූවේදශකයේ සැමට දැන් ඒ වයසම වන්නේය.අපිමල්ලිලාකියපු උන්ද දැන් පනහ පසුකරන්නේය. උනගෙත් මල්ලිලා දැන් හතලිහ පසුකරන්නේය. අනේ මිෂනාරීන්ගේ ලිංගික සොදොම් ක්‍රමයට වයස ගැනකතා කරන්නට‌‌ මේ කාලයේ ආවොත් මාරසට මරේ මරුය. මන් ද ගොඩ කාලයකින් කටට සහ ඇඟිලි වලට ව්‍යායාමක් නැත. කතා කරගෙන කරගෙන ගොස් ලියාගෙන ලියාගෙන යන්නට අසූවේ තිබි කුලප්පුව හැට පැන්නත් වඳුරා වගේ තමාය.වඳුරා බිහින් ගමන් යන්නේ නැත කීවේ නිකන් නොවේය. වඳුරා පිරිමි වඳුරන් වැඳිරියන්ගෙන් උදුරා පොළවේ ගසා මරා දමනා යුරු මා බලා සිටියේ අර මාර්ටින් වික්‍රමසිංහගේ යුගාන්තයේ නවකාරයක් ‌ දකුණට ගෙන යන විට මොරටු පාලම පැන්න ගමන් හරක් පාරට පැන්නා වූ තැන සිට නුදුරින් ඇති ගමක් වූ පරත්තේ සිටය.නමුත් ඒගමට ගම් කීපයකට පසු අපට හමුවන්නේ පානදුරා වාදය  කළ පානදුරේය. පරත්ත ආරම්භයේම ඇත්තේ කුමාරතුංගයන්ගේ ගොරකානේ මහා සොහොනය. ඒ ගමේ යම් සිංහල කුලකයක් කියන්නේ ඒ මහා සොහොන කියාය. ඒ කියන්නේ කුමරතුන්ගයන්ගේ ගම අසල මුස්ලිම් ගමක් වූ සරික්කමුල්ලය. පසුව වලානය. ඒ මවාගත් දාරිශනික සිංහල බෞද්ධ මහා කුල ගම්මානයක් කියාද ඇතැමුන් අපහස කර තිබේ. ඒ සම්බන්ධව තර්ක කරන්නට කිසිවෙක් නැත. කුමාරතුංගයන් සිටියානම් කවියක් ලියනු ඇත. අනේ අර රැපියල්ලා හිටියානම් ඒවාට බෞද්ධ අර්ථකතනයක් දෙනු ඇත. වලල්ලා විටිගල වැනුම රැපියල් ලියන කාලයේ රදවුන් සමග කියා පද ගසපු පැත්තක්ද ඇත්තේය. කුළ වාදය මෙතනට ගන්නේ නැත. මන්ද කුළයේ කුළ වාදයක් නැත. සිංහලයේද  සිංහල වාද නැත. ඇත්තේ මාන පමණි කියා කිව්වේ ගෞතම සිද්ධාර්ථය. ඒකාගේ කුළය සෙව්වේත් ලංකාවට බද්ධ කරන ලද්දේත් සුජිත් අක්කර වත්තයනම්  ඉතිහාසයේ කාව්‍යක්කාරයාය. ඒ වාට වග කිවයුත්තේ ඒකාය.

 මාරස ඉදිරියේදී නිකන්න් නිකන්ම පල කරන්නේ දැන් සිටින වයසේ කතා කළ යුත්තේ ඒ කාලයේ මිෂනාරී සසගට පුරුදු වී ක්‍රමය වැරදියි කියා දකින ඇරියස් එකටැයි යමෙකු කීවොත් මාරසද කියන්නේ අමෙන් නොව අහම්භන්තේ කියාය. නමුත් මේ වචන දෙකෙහි සංස්කෘතික යෙදීම් කිසිවෙක් නිකන් පොරත්වයකට විනා මිනිසුන්ට දැනෙනා පරිදි පහදන්නේ නැත. ඉතින් මේ ඡායාරූපයටත් කිවයුත්තේ ඡායාරූප කොළමක් නිසා අහම්බන්තේ කියාමය. තවත් අය ආමෙන් කියා කියනවාද ඇත. කොටින්ම මේ තිබෙන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියේ ලාංකේය වූද ‌තවත් පැත්තකින් සිංහල බෞද්ධ වූද මිෂනාරී ආතල්ම වන්නේය. කොටින්ම මුන්දෙන්නා කුඩයෙන් වහ‌ෙ නොගත්තානම් කුමණ ක්‍රමයකින්වත් උනගේ ආතල් ජය ගත නොහැකිය. කම්බබස්ය. ඉතින් මෙවන් ජනතාවකගේ නිදහස් ඡන්දයේ ජයග්‍රහන ගැන කියන වමට කියන්නට ඇත්තේ මේ වමේද මිෂනාරී ලිංගිකත්වය කියා නොව උනගේද ඡන්ද පදනම කියාද නොව මේ උනගේ ජීවිතයේ දේශපාලනයයි කියාමය.

මාරස වන අපද ‌මෙසේ හැසිරී තිබේ. ඒ කියන්නේ ඇරියස් පුරවාගෙන තිබේ. දැන් කොල්ලෝ කෙල්ලන් බස්රථවල තොල් සිපගන්නා විට පේ ඒකක්ද නොදැනෙනවාද නොවේ. නමුත් ඉන් සියල්ල සැපිරී නැත. දේශපාලන සහ ආර්තික අර්බුදයට ඔබ්බෙන් සංස්කෘතික අර්බුදයේ යම් යම් කොටස් ජයගෙන තිබේ. නමුත් ඒ වෙළෙඳපොල තර්කයට අනුව පවතින මජර දේශපාලනයේම ජයග්‍රහණයන් වෙනුවෙන් පමණි.

කොටින්ම මේ කුඩේ යට ඉන්නේ අපේ රටේ මේ මැතිවරණයේද ඡංද දායකයන්ම වන්නේය. ‌ එසේය! වික්ටෝරියානු මිෂනාරී අමනුෂ්‍ය වහන්තරා ආදරයට ආදරය කරන්නෝය. ඉතා අඩු ප්‍රතිශතයක් ඊට විරුද්ධ බව නොදන්නවා නොවේ. ඒ අයගේත් කටට සාද් ඈපානන් පැමින ප්ලාස්ටර් ගසා තිබේ.

ඉතින් මේ ඡන්දය ගැන කිසිත් නොකියමි. මාරස දන්නා ග්‍රහයන් වැඩ කරන්නේ තක්කඩි ජ්‍යෝතිස බිස්නස් කාරයන්ගේ චක්‍රවල නොවන්නේමය. විද්‍යාවට පිටින් අනාවැකි කියන්නට විද්‍යාත්මක මාක්ස් වාදීන් කැමති නැත. ඒකලාට බලය ගන්නට බැරි වුවද මිනිසෙකු විනාස කරන්නට ඒකලා ඊඩිපස්ලා වගේ වීර පොරවල්ම වන බව නොදන්නවා නොවේ. නමුත් මොකා ආවත් අර්භුදයක් බව දන්නා වුන් දන්නවාය. කොටින්ම ‌ගණිතයට දක්ෂ වූ දේශපාලනය ගැන ඉවක් ඇති සියල්ල දන්නවාය.

අවසාන වශයෙන් මේ නැවත කියන්නේ මේ කුඩේ යට ආතල් ගන්නේ ලංකේය මිෂණාරි ඡන්ද දායකයන්ගේ සංකේතීය අර්තයක්ම වන්නේ කියාමය. නුඹලාගේ දහදිය හෝ වෙනත් කඳුළු සීයල්ලක්ම පාර්ලිමේන්තුව අබියස බේරේ වැවේ මාලුන්ට පෝෂ්‍ය දායක ආහාරයක් වනු නියතය. අර එකල කොළාම් ලිපි ලියූ ආර් පල්ලෙ වෙලගේ භාෂාවෙන් කීවොත් ඒ ශ්‍රක්‍රානු කෑ මාලුන් මූදු මාලුන් විසිද කනු ඇත. ඒවා එකි නෙක සංයෝග වී වෙළෙඳපල හරහා පාර්ලිමේන්තුවට පමණක් නොව සියලු ගෙවල් වලටද කරෝල වී හෝ යනු ඇත. සියල්ල මතක තබාගත යුත්තේ මේ කන්නේ අපේ සංස්කෘතික ආදරයේ  මිෂනාරීන් විසින් බිහිකළ මිනීමස් අපටම කැවීමේ සංස්කෘතියක්බවය. මේ ලඟදී කියවන ලද මිනීමස් කෑමේ සංස්කෘතිය පොත සිහි කරමින් සටහන අවසාන කරන්නම්.

ජගත් මාරසිංහ

09 08 2024


Powered by Blogger.