මාරස සහ වෙබ් විරිත පළකළ මිෂනාරී ආදරයේ මුද්‍රා

              මාරස සහ වෙබ් විරිත පළකළ මිෂනාරී ආදරයේ මුද්රා

ඡායාරූප විස්තර නොමැත.
***********************************************
මුද්රා විෂම ලිංගික මුද්රා කරා (සම්මතයේ විෂම ලිංගිත්වය සම ලිංගිකත්වයම කරා)
මාරස මුද්රා ගැන ගොඩක් නොවේ ගොඩක් වගේ පේන අංශු මාත්රයක් ලිව්වා. කොටින්ම අත්දැක නැතිව ජීවත්වෙන්න හැකි උනත් ශ්රමයේ උල්පත මාක්ස් වාදීන්ටවත් අත් දෙක සහ මහපටඟිල නැතිව අත්විඳිය නොහැකියි. නමුත් තමන්ගේම අත්දෙකේ මුද්රා ඉතිහාසයේ නිර්මාණය වුනාට දෙදෙනෙකුගේ දෑත්වල තිබෙන මුද්රා නිර්මාණය වුනේ නැත්තේ ආසියාවේ ‌තිබි ලිංගික තහංචිබලයට පත් වූ පසුවයි. කොටින්ම ගැහැනු පිරිමි අත් අල්ලා ගැනීමත් ලිංගික තහංචියක් වූ දා සිටමයි. මේක ඇදුනොත් මාර තහංචි බෞද්ධ සහ අන් ආගමික ප්රවනතා වලින්ද මතුවනු නියත බව මාරස නොදන්න තොත්ත බබෙක් නොවේ. ඒ පුරාණ මුද්රාවල තිබි ශාරීරික සහනයට වඩා විෂම ලිංගික දෑතක ඇති මුද්රාවල ඊට සාපේක්ෂකව බලය වැඩී තමා කියලා අත් දැකීමෙන් දන් නැත්නම් ඒ මනුෂ්යන්දකියලා අහන්න හිතන මොහොතක අපි ජීවත්වෙන්නේ. කෙසේ නමුත් කිසිම පෙම්වතුන් දෙපලකට මේ මුද්රාව කිසිදා අමතක වෙන්නේ නැහැ. මරණය තෙක් අමතක නොවන දෙයක්. ඒක ඒකියන් ‌වෙනතක ගියත් තව එකියක් හෝ එකෙකු සමග හෝ මේ මුද්රාවට ගියාම තේරෙනවා ඒක තමා ලෝක මුද්රාවේ සාරය කියලා. පසුව කාලයා විසින් ශරරය චලිත වී මහලුවන වන විට නොවේ දෙදෙනාගේ ආර්තික සහ මානසික වගේම මානවීය ගැටුම් වලට විසඳුමක් නැති තැන තමා බ්රහ්මචාර්ය වී ඒ කියන්නේ ගැහැනුන්ව අත හැර තනි පුද්ගලයාගේ මුද්රාසංකේත ‌හොයාගෙන මුද්රා බිහිවුනේ කියලා. මන්දා තන්ත්රයානික හෝ මහා යානික හෝ මොන මගුලකින්වත්කියලා නැහැනේද පොදු ආධ්යාත්මික සාධනා මිස ආදර වන්තයන් දෙදෙනෙකුගේ ආධ්යාත්මික හෝ භෞතික සාධනාවන් ගැන. මෙතනිදි මාරස කියන්න උත්සහ කරන්නේ අතීතයේම වර්ථමාන ආධ්යාත්මික පොරවල්ද ඉන්නවා නම් අන්අය ගැන කුමන කතාද කිය කතාව නොවේ. මේ විෂම මුද්රාවේ ජීවිතයටත් එපිටින් දැනට කිව හැකි වදන් වලින් ආත්මය සහ භවයට කොතරම් බලපෑම් ඇතිකරනවාද කියන කතාව නොවේ. පවතින නීතිය සහ බලයේ බලය තියෙන්නේ සංකෘතික හරපද්ධති වල නොවේ කියනකතාවේ අධ්යාත්මික විහිළුව.
මාරස කියන්නේ අච්චාරුවක් තමා. නමුත් ඒඅච්චාරුවේ අමුමිරිස් කරලක් වෙනුවෙන් ඉදිරිය ම්රද්රා ගැන ආධ්යාත්මික යෝග දැනුම මෙන්ම අප විසින් අද දවසේ බිහිකළ යුතු විෂම ලිංගික දෑත්වල ආදරයේ ආධ්යාත්මයේ මුද්රා පෙර ඍෂි වරුන්ට අසු වූයේ නැත්තේ මන්ද යන්න ගැනත් ලියවෙයි. ආගමකට විරුද්ධ වෙන්නැතිව දෑතින් දේවල් කරන්න පුළුවන් මුද්රා මොනවද යන්න ගැන අපි ඉදිරියට කතා කරන්නේ අතීත මුද්රාවල සැබෑව අනිකා කරන් නොවේ. ඒ උතුමන් කතා කළ තැනින් පටන් උතුමියන් සහ උතුමියන්ගේද ආධ්යාත්මක වින්දනය දෙදෙනාටම විඳිට හැකි තැනක් නැතිද කියන හිස්තැන අපේ ආත්මයන් විසින් පිරවීම කළ යුතු බව සාධනයක් සේ අරගෙනය. මිෂනාරී විකාර අප පරපුරෙන් පසු තාර්කික දේශපාලනික යුතෝපියාවකින් මිදී පරාදය කළ අවසාන බවසැබෑවක්. ඒවා සූත්ර ගතවීමට ඍෂිවරු කුමට. අප සියල්ලෝම ඍෂි වරුන් බව දැනගත් එසේ කිරීම මුග්ද වම දකුනේ මුද්රා කිසිදා මාරස විග්රහ කරන්න යන්නේ නැත. මන්ද. මළමිනී වල දැමිය යුතු සහ පුච්චාදැමිය යුතු මිස කිසිදා තොප දෙදෙනා සහ තොප නිදනා ඇඳපල්ලේ තියා ගත යුතු බවකියන්නේ මිෂනාරී දේශපාලනයට අවංකව විරුද්ධ වූ ජාතික වාදීන්ට නොව ඒ මිෂනාරීන්ට විරුද්ධ කණ්ඩායම් දරුවන් හැදුවාවූද ආතල් ගත්තා වූද ඇඳ රෙදි කොට්ට මෙට්ට වලට විරුද්ධව නොවන්නේමය. ඒ පැල්ලම් සෝදා හැරි සබන් රින්සෝ සන්ලයිට් හෝ බාර් සබන් වන් තවත් ඉටිගෙඩි ගොඩ පොර පොර ගෙඩි වලට විරුද්ධවත් නොවෙන්නේය. ආධ්යාත්මික ලිංගික හිංසනයේ ආධ්යාත්මික සෝදාපාලුව ඇතිවූ විෂම දෑතේ ස්වභාවයේ දේශපාලනයේ යථ මිනිසාට බද්ධකරන්නට බැරි වූයේ පොන්නයන් හෙවත් උභතෝ භ්යන්ජනකන් සහ සංක්රාන්තික ලිංගිකත්වයේ යථාව පිළිගන්නා උන් සඳහා නොවේමය.
ඇසට නොපෙනුන් ලෝකයේ අද ශරීර වෙළඳාම සහ ඒ හිරගෙවල් ප්රරාණ රෝම ග්රීක ඉතිහාසයත් වඩා ම්ලේච නිසාය. මේ කතාකරන්නේ ඒවායේ නව නිර්මිත බී බී ඇස් පලිහක් කරගත් ජාත්යන්ර වාදය පරාය කළ ජාතන්තර මිනිස්වහල් ව්යාපර වලට තමාය. අන්තර් ජාලයේනම් නීතියට අනුවනම් අප කොදෙව්වේ ඒවා සිදුවන්නේ නීතිගත ආකාරයකටය.
මේ පවතින වමේ දේශපානයද දකුනේ දේශපාලනයද මිනිසාගෙන් නියමෙටම ඈත් වූ දේශපාලනයම වන්නේය. මේ මුද්රාවට නම් තැබිය යුත්තේ ‌මිශනාරී අර නාරී අර වාදී මේ වාදීවුදව නොකැඩිය හැකි මුද්රවක් ලෙසය. ඒ නම තැබිය යුත්තේ අප නොව. හසීස් ගංජා කේරල වලට අයිස් හෝ ඈෂ් යන අය ගේ මුද්රා ගැල ලියන්නට පෙර ඒවා ගැන සැබෑම දත් නව පරපුර විසින්මය.
************
ජගත් මාරසිංහ.
19 07 2024






Powered by Blogger.