ආදරයේ ත්‍රීකෝණයක් කියන්නේ ලිංගිකත්වයේද මනුෂ්‍ය කමේද හොඳම සංකේතයක් තමා.

               ආදරයේ ත්‍රීකෝණයක් කියන්නේ ලිංගිකත්වයේද මනුෂ්‍ය කමේද  හොඳම සංකේතයක් තමා.

    මේ මාරස සයිබර් රස්තියාදුවේ කතාවක් නොවේ. සයිබර් රස්තියාදුවත් ජීවිත රස්තියාදුවට ද්විතීයයි. හස්තරේකාව ගැන හොයන කොල්ලෝ හරියට හොයනවානම් බස් එකකදි ජැක් ගහන්නෙත් හේත්තුවෙන්නෙත් එහා පැත්තේ ඉන්න එකීගේ අත නිරීක්ෂණය කරලා තමා. නැත්නම් ඉතින් කම්බුල් පාරක් සෙරෙප්පු පාරක් කන්න වෙනවා අපේ කාලයේ අනිවා. නමුත් කෙසේ හෝ හස්ත රේඛාශාස්ත්‍රය නැත්නම් සාමුද්ද්‍රිකාවට ඇලුම් කළ අයෙක් ආසා පිරිමිනම් මිටමොලවා තිබෙන් කාන්තා අල්ලේ පිටි අල්ලේ උපන් ලපයකින් පමණක් ඇතුල බලා අනිත්වා අමාරු නමුත් සෙක්ද නැතිද යන කාරණය බැලීමනම් මාර පහසුයි කියන කතාව මාර තමා. මොකද ඒක තමා වයසක අය තුලත් සැඟවී පිස්සු නටන නොවේ ස්වභාවය සාධනය කරන සජීවී සංකල්පය
පවතින දේශපාලන විකාර සමග ගැහැනුන්ටනම් මොන තරම් රැඩිකල් උනත් නාඳුනන පිරිමියෙකුගේ  අල්ල බලන්න හැකි වන්නේ මනසින් ඉමේජ් කරගැනීමෙන් හෙවත් ප්‍රතිරූප ගතකිරීමෙන් විතරයි. ස්ත්‍රී වාදය අහෝසි වුනේ ගොඩක් කල් කියලා දේශපාලනිකව කියවුනත් මේ තත්ත්වය තාම අප ස්ත්‍රීන්ටනම් එසේම තමා. අල්ල දිගහැර පෙන්වන්නේ ගොඩක් දෙනෙක් ආදරයක් පටන් ගත් විට පමණයි. නමුත් ඒ ආදරත් ආදර නොවේ වංචා.
මේ කාන්තාවගේ අල්ලේ රතුපාට ත්‍රිකෝණයට විවිධ නම් තියනවා. ඒවා එකිනෙකි ගුරු කුල. අර මාක්ස්වාදී ට්‍රොස්කිවාදී පෙරටුගාමී කෙලින් ජවිපේ වගේ. නමුත් මේ සියල්ල හොයන්නේ එක දෙයක්.
ඉතින් කාල්මාක්ස්ලගේ කාලයේම කයිරෝ මේ අත් සහ ග්‍රහයන් ගැන නව දෙයක් කළා. ඒකත් ඉතින් ඉතිහාසයේ තිබ්බ දෙයක්ම පරීක්ෂා කරලා හරි කිව්වම තමා.
ඉතින් මේ තියෙන්නේ මැද රේඛාවේ අන්තිමට තියන ඩයනාගේ .ත්‍රිකෝණය. පටල ගන්න එපා. මේ සෙක්ස් ඩයනලා ගේ ත්‍රිකෝණයක් නොවේ. සෙන්ට් කියන ආගමික නායිකාවත් සමග ඉතිහාසය හොයන්න බැරිතරම් දිග ත්‍රිකෝණයක්. 
මේ ත්‍රිකෝණය අල්ලේ පිහිටියොත් අනිවා පිරිමියෙකු උනත් ගැහැණියකු උනත් පෞරෂය වැඩී. මොන තර්කයෙන් ගත්තත් පෞරෂය වැඩී කියල කියන්නේ ඇලපති හෝමෝන වගේම පෙරදිග විදිහටනම් අපෝ සහ බීජ ධාතුව වැඩී. මාර ලස්සන වෙනවා. කෙලින් කියනවානම් සෙක්ස් උනගේ ජීවිතය වෙනවා. ඉතින් ඒ කියන්නේ ජීවිතය ජීවිතය කියන කතන්දරයම තමා. ඒ අතරේ අර මාපට ඟිල යට සිකුරු මණ්ඩලය ඉස්සිලා තිබ්බොත්. ඒවා ලිව්වොත් ...........පස්සේ ලියලන්නම්. හැබැයි මේ ලක්ෂණ වැඩියෙන්ම තියෙන්නේ ජනතාවට ආදරේ රැඩිකල් කාන්තාවන් ගාව. මේ ගැන මාරසනම් සාපේක්ෂකව හොයලා අවසානයි. ‌හරියට පොඩ්ඩක් හෙව්වම විෂය දන්නවානම් සූත්‍රගතවෙනවා කියන කතන්දරය සැබෑ සිතන්නෝ දන්නවා නියතයි වගේ.
     මේ සම්බන්ධව වැඩි විස්තර මාරස ලියන්නම්. මතක තබා ගන්න අපේ පරපුරේ පොඩි උනුත් සා මුද්‍රිකා සැබෑ ලෙස හදාරණවනම් කාන්තා නුඹලට බස් රතයක හරි හේතතු වුනොත් මළ කෙලියක් වේවි. ජැක් කාරයෙක්ල කියාවි. ජැක් ගහපු විඳපු කිසිවෙක් නැති බව කවුරුත් දන්නවා. පසු වයස‌ෙ ගියාම ඒක මාර ඉතිහාස පැන්ටසියක් වෙනවා. ඒ ගැන කතාකරණකොට මාර සතුටු සිනාවෙන් සියල්ලන්ගේ මුහුණු උතුරා යනවා. මේ තමා ආදර ඇත්ත.
  වයස පැත්තකට දාලා අනිවා අනියම් හෝ විවාහයකින් සියල්ල අවසන් වෙනවනම් මොකො. මතු ආත්මයේත් මට නුඹව හමුවේවා කියන අරගලය මේ බවයෙදි කරදරයක් වෙයි. මාරස දන්නේ නැහැ මතු බවයක් තියනවාද කියලා. ඉතින් ඒ පාර භෞතිකයේ භෞතික කෙලින් කියන්නට මැරිලා බලන්න ඇවැසියිනේ. 
මේ ඩයනාගේ හෙවත් සෞභාග්‍යය ත්‍රිකෝණයේ තව ගොඩක් දේ ලියන්න තියනවා. කොටින්ම මේක පිහිටන්නේ මතු බුදුවන කියන ජන සංකල්පයේ විෂ්ණුදේව රාජයානන්ගේ ප්‍රියන්බිකාව වන ලක්ෂ්මී දේවිය හෙවත් ශ්‍රියා කාන්තාවන්ගේ අත්ලේ.
මතක තබා ගන්න ඇවැසි මේක මේ විදිහටම නොවේ වෙනත් විදිහටත් පිහිටනවා කියන කතාවමයි. ඉතින් ලක්ෂ්මී දේවියන් වගේ තමා හැම කාන්තාවක්ම. ඒක තීරණය කරන්නේ ඒකිව අගේ කරන පිරිමි ඇස් අයිති මනස. නමුත් මේවා බිඳ දැමිය නොහැකි අතීත පූර්වාදර්ශ. කෙලින්ම ප්‍රත්‍යක්ෂ විද්‍යාවල් තමා. කියන්නේ නැහැ අත වහගෙන ඉන්න කියලා. ඇයි දන්නවාද. අත වැහුවත් මේ ත්‍රිකෝණය ඇති ළලනාවන්ගේ පිටි අල්ලේ තියන උපන් ලප ගැනත් දන්න අය දන්නවා. මාරස කියන්නේ මේවා සම්බන්ධව සජීවි අත්දැකීම් වලින් කියන කතන්දරද කියන්න දන්න අය දන්නවා ඇති. නමුත් තව ගොඩක් දේ තියනවා. මේ සම්බන්ධව යටින් දිවෙන දේශපාලන රේඛාව සෙවීමේ ගායක් මාරසට තිබ්බා. ඒ ගැන මාරස පසු ලිපි වල කියාවී. සජීවී අත් මාරස සතුයි. සජීවී කතන්දර සමග. මේ නිකන් මුට්ටිය දමා ආතල් ගන්නවා පමණයි.
දෑත ඇඟිලි මහපටඟිල රේඛා යනු ශ්‍රමයේ සංකේත ලෙස ගතහැකි ආකාරය අපෝහකයට අවධිවී කියවන විට මේවා ගැන ලියන්නට දහසක් කාරණා ඇතත් පොතක් ගසන්නට ප්‍රකාශකයන් නැති නිසා නොමිලේ කඩින් කඩ මාරස මේවා පල කරණවා ඇත
කෙල්ලනේ. බලාගෙන. අත වසා ගෙන ඉන්න. මේවා ගැන දන්න අය දන්නවා ගැහැණු හැටහතර මායන් එක පිඩකින් පරාජය කරන්න.
මතක තියාගන්න ඇවැසි ඉතිහාසය විදිමත් නොවන බවයි. ඒක මාර විදිමත්. යකෝ ජ්‍යාමිතිකවම විදිමත්.
ජගත් මාරසිංහ
23 07 2024


Powered by Blogger.