සතුටේ නොව ප්‍රමෝධයේ මහා නගර්.

                                       සතුටේ නොව ප්‍රමෝධයේ මහා නගර්.

මාරස සයිබර් රස්තියාදුව
**********************
ලංකාවේනම් අග නගරය කොළඹ කියන්නේ මහා ගමකට බවත් පැත්තකින් බලපුවාම ඇත්තක්. නමුත් අර සත්යජිත් රායිගේ මහා නගර් මාරසට දැන් මතක නැහැ. මතක තැනින් තැනින්. හැබැයි කොළඹ ගත්තත් අපි සිනමාවෙන් දැක ඇති කියවා ඇති නගරත් සමගත් ගත්තම මේ ඡායාරූපයට සයිබර් රස්තියාදුවේදි ඇස හිටියා. ‌Leonardo Amaro කියන කෙනෙක් තමා දාලා තිබ්බේ. කවුද කොහේද ‌කියලා හොයන්නවත් ඉඩක් දීලා තිබ්බේ නැහැ. මහන්සි උනානම් හොයාගන්න හැකියි. නමුත් හොයාගන්න දෙයක් නැති වෙන්න විදිහටම ඡායාරූපය නම්කරල තිබ්බේ "නාගරික ආත්මය" කියලයි. අනේ මාරසත් ‌අර චැප්ලින් ගෝල්ඩ් රෂ් නැමති චිත්රපටයේ රත්තරන් හොයාගෙන යන යුරෝපීන් මෙන් කොළඹ කියන ගමම වන ගම්පහින් රත්රන් හොයා කොළඹ ඇවිත් දැන් යන්නේ ආපුහා තමා. ආපස්ස කියන්නේ ඉදිරිය කියලා තේරුම් ගන්න මේ ඡායාරූප මරු.
ඒ යන්නේ ගම් නියම් ගම් පසුකොට සතෙක් සීපාවෙක්වත් මැස්සෙක් කිනිතුල්ලෙක් බැක්ටීරියාවක් නැති කැලයක් හොයාගෙනද කියලත් සිතෙන අවස්ථා නැත්තාම නොවේ.
කොහොම උනත් පරංගින්ගේ චින්තනයේ අග්රපලයේ කොළඹ ආත්මයේ භාවමය සංගීත චිත්ත සංධවනිය තමා මේ කියල කියන්න හැකි විදිහට ඡායාරූපය නම් කරල තියනවා. වීදි ඡායාරූපයක් නිසා සැලසුම් සහගතනැති බවත් පේනවා. කොහොමත් වීදියේ ජීවත්වන මිනිසුන්ට සැලසුම් නැති භාවමය වින්දනය උගන්වන්න කාටවත් බැහැ. මේ වීදි ඡායාරූපය ඡායාරූපයක් උනාට මහපාරේ මොරසූරණ වැස්සක තෙමුනු කොළ කැබැල්ලක ලියපුකවියක් වගේ. පද පේන්නේ නැහැ. එක පදයක්නම් පේන්නෙම නැහැ.
ඒ පදය මොකක්ද දන්නවාද? ඒ පදය තමා සයිබර් රස්තියාදුවේදි හමුවූ මේ ඡායාරූපය කියලයි මාරසටම් හිතෙන්නේ.
ජගත් මාරසිංහ

18 04 2024


Powered by Blogger.