මිස්ට ඇන්ඩ් මිසිස් අයියර්
පැය දෙකහමාරකට
ආසන්න කාලයක් දිවෙන මෙම චිත්‍රපටයේ අභ්‍යන්තරයේ ඇත්තේ සරලව ගත් කල හින්දු සහ මුස්ලිම්
ජාතීන් දෙක අතර කුරිරු ගැටුමක් විනිවිද මතු කරනු ලබන යම් මානුෂික දැක්මක් මෙන්
පෙනේ. ඉතාම සිත්ගන්නා සුලු දර්ශනයන්ගෙන් ද සංගීතයෙන් ද සමන්විත වූ මෙම චිත්‍රපටය
ලොකයේ තිබෙන ජාතීන් අතර ගැටලු කොතරම් වේදනාත්මක අත්දැකීමක් දැයි අපට තහවුරු කරනු ලබයි. මෙවැනි ගැටුම් සිය නේත්‍රා දෙකෙන්ම දැක පුරුදු වූ අප ඒවාට හඩන්නට නොව කෑ ගසන්නට පුරුදුවී කදුලු
ස්නායු වේලී ගොසින් තිබූ අවධියක අපර්ණා අප හඩවන්නට සමත් වූයේ කෙසේද යන්න සිතන්නට ඉතිරිව තිබෙන ගැටලුවක් වී තිබේ? ඒ දිනවල මා මධුලොලත්වයේ ආවේශයෙන් සියල්ලෙන් වෙන් වී සිටියද කවදා හෝ අපර්ණාගේ මෙම නිර්මානයට
මොනවා හරි ලියනවා යන හැගිම සැබෑවටම අතපසු වූ මතකයක් ලෙස මට කරදර කරයි. ඉන් නිදහස්
වීමට මේ වචන ටික ලියන්නට ඇතැයි කියා ඔබ සිතන්නේ නම් සැබෑවටම එය නිවැරදි බව මම
කියමි. වර්ගවාදයේ අතෝරක් නැති සිදුවීම්
නිසා වේදනාව ජනිත කරනු ලබන මෙලේච මිනිසුන් අතර සැගවී මනුෂ්‍යත්වයද ඉතිරිව තිබෙණ බව
හගවමින් මෙම චිත්‍රපටයෙන් සිනමා රසිකයාගේ නිදා සිටින ජීවන ධාරිතාව අවධි කරනු ලබයි.
ඉන්දියානු
සිනමාවේ කලාත්මක පාර්ශවය නියෝජනය කරන දක්ෂ සිනමා කාරියක් වන අපර්ණා සෙන් ගේ
"මිස්ටර් ඇන්ඩ් මිසිස් අයියර්"යනු ජාතිවාදය යන වචනය පවා දවසේ මාතෘකාවක්
වූ බුද්ධිමතුන් ඉන්නා අප රටේ පොදු මහජනතාවට පෙන්විය යුතු එමෙන්ම පොදු සංවාදයට ගත
යුතු අපූර්ව සිනමා කෘතියක් බව මෙය නැරඹූ පසු ඔබට පසක් වනු ඇත. අපර්ණා සිය රටේ ජනප්‍රිය සිනමාවට ආකර්ශණය වූ පේ‍්‍රක්ෂකයන්ට පවා නැරඹිය
හැකි ආකාරයට සිනමා පටය නිර්මාණය කිරීමට ගත් වෙහෙසින් සිය රටටවත් පලක් වූවාද යන්නත්
සැක සහිත වීම වෙනම කාරණයකි. අප කොදෙවේද
විවිධ කණ්ඩායම් විසින් වරින් වර
මෙහි ප‍්‍රදර්ශණ වාරයන් සංවිධානය කරන ලදී. එහෙත් දකුණු අතින් සිනමාවද වමේ අතින් ජාතිවාදයට එරෙහි විරෝධයද අල්ලාගෙන
ජීවත් වෙන බුද්ධිවාදී සමාජ ක්‍රියාකාරීන් බහුල අප රට තුළ මෙම කෘතිය පිළිඹද සැලකිය
යුතු අවධානයක් ඇති වූයේ නැති හේතුව වැඩි දුර හැදෑරිය යුතු කාරණයක් බව පෙනේ. ඒ
තත්ත්වය සුලුවෙන් නොසලකා හැරිය නොහැක්කේ මේ තත්ත්වය ජාතික ගැටලු පිළිඹද නැවත අනාගත කුරිරු අනාවැකියක් රහසේ අපට පවසන්නේද
යන සැකය මතුවන නිසාය. කලාවෙන් සමාජ දේශපාලන
තත්ත්වයන් වෙනස් කළ හැකි බව කියන ජනතාවාදී
න්‍යායන් පිළිගනිමින් මා එසේ නොලියන බවද සදහන් කළ යුතුය.
අපර්ණාගේ සිනමාව හෝ ජාතිවාදය නැමති දේ කතා බහ
කිරීම මෙම සටහනේ අරමුණ නොවන අතර අදාල සිනමා කෘතිය මෙහි ගොනුකර කර තිබෙන්නේ එය
නැරඹීම අතපසු වූ බොහෝ දෙනා ඉන්නා බව දන්නා නිසාය. මා ඔබට ඇගිල්ලෙන් ඇන එවැන්නක් කිව්වාට
අමනාප නොවනු ඇතැයි සිතමි. අද අහම්බෙන් ජීවත් වන අප පරපුර තරම් ජාතිවාදී ගැටලුවෙන් පීඩාවට පත් වූ පරපුරක්
මේ රට තුළ අතීතයේවත් නොසිටින්නට ඇත. මතු පරපුරට එවන් පීඩාවක් උරුම කිරීමට පසුගිය
කාලයේ මේවා දුටු ඇස් කන් ඇති මිනිසුන්ට කිසිසේත්ම අයිතියක් නැත.
මෙම සිනමා කෘතිය ජාතිවාදී
කුරිරු දේශපාලන විකාර සම්බන්ධ තවත් විකාරයක්
නොවන අතර වර්ග වාදී අන්ධකාරයෙන් වැසී ගිය මානවයාගේ අසීමිත ගුණ සුවද අපට සිහිකර දෙනවාටත් වඩා යමක් අප තුළ ඇති කරයි.
අපර්ණා සෙන්ගේ සිනමා පටය ආරම්භ වන දර්ශණයේ එන දුර ගමන් බස් රිය යනු සංසාර ගමනක
තවත් එක් ප්‍රකාශනයක් විය නොහැක. මන්ද
ජාතිවාදය යනු දේශපාලනයේ සැලසුම් සහගත කුරිරු ක්‍රියාකාරිත්වයක් බව සැබෑවක්
නිසාය. අපර්ණා සමස්ත කෘතියම ජාතිවාදයට
එරෙහිව ජනතාවක් අවදි කිරීම යන අරමුණ කරා ඉතා දක්ෂ ලෙස මෙහෙයවයි. මේ කෘතිය තුළ අපට
අපර්ණා තවත් රහසක් පවසයි. ඒ කලාවෙන් සමාජය වෙනස් කිරීම කෙසේ වෙතත් කලාවෙන් මිනිසුන්ව
අවධි කළ හැකි බවය. ඕනෑම වර්ගයක ඕනෑම කුලයක මිනිසෙකුගේ ශුක්‍ර ධාතුවට සාධාරණයක් ඉෂ්ට
කිරීමට ගර්භාෂය සමත් බව නොදන්නෙක් සිටිය නොහැක. මේ සන්නිවේදනය ඉතා හොදින් දැනෙන්නේ
ගර්භාෂය අයිතිකාරියන්ට යන ස්වභාවික තර්කය
තවත් පසෙකින් සංස්කෘතික තර්කයක් ලෙසම පොලා පනී. අප කවුරුත් සන්නිවේදනයට අත් පොත්
තබන්නේ ගර්භාෂ තුළ නොසිඳෙන ජලය හරහාම බව විද්‍යාත්මක සත්‍යයකටත් වඩා මිනිසාගේ ප්‍රත්‍යක්ෂයක්ම
වේ. එහෙයින්ම අපර්ණලා වෙනුවෙන් අපර්ණා නම් ස්ත්‍රිය මේ රහසද අවසානයේ අපට හඟවනවා
සේය.
ජගත් මාරසිංහ