Dr. M S Weerakoon (මතක)

Dr. M S Weerakoon (මතක)

Dr. M S Weerakoon (මතක)
දොස්තර වීරකෝන් 

   අප නග්න ඡායාරූපය කරණයේ අගය දැක්කේ ඔබෙන්. පල කිරීමට පැහැදිලි ඡායාරූපයක් සොයා ගැනීමට අපහසුයි. අනික නග්න කිව්ව ගමන් අපේ අය තවමත් ගොඩක් බයයි. කොහොමත් මාරස මේ මාසය ඡයාරූප ගැන වෙන් කළා.ජායාරූපයක් නැති උනත් මාරසේ ප්‍රණාමය ඔබ වෙනුවෙන් නොලිව්වොත් ඒක අඩුවක්. මට මතකයි ඔබ එක තැනකදි අහනවා සීගිරි ලලනාවන්ගේ පියවුරු පේන්න තියෙන්නේ ළදරුවන්ට කිරි බොන්නද කියලා. කොහෙ ගියත් කැමරාව ලඟ තිබුණත් මතකයි. මොකද ඔබ මගේ ළමා කාලේ මගෙත් වෛද්‍යවරයා. දරු උපත් දහසකට අධික සංඛ්‍යාවක සහාය වී අැති දිනපතා ගැහැණුන් අැසින් දකින මම අැයි මම කලාවට නිරුවත තොරගත්තේ කියලා.

   රූත් බර්ත්හරඩ් වගේ ස්ත්‍රී ශිල්පිනියන්ව අරන් ඔදා ඔබ අපට ගොඩක් දේවල් නිවැරදි කළා.එය හුදු කාමුකත්වය නොවේ. එක්තරා නග්න ඡායාරූප ශිල්පියෙක්ට රසිකයෙක් කිව්වම මේව බලපුවාම කාමය ඇවිස්සෙනව කියලා ඔහු කිව්වලු එතකොට අහක බලා ගන්න කියලා. නිරුවත ඉතා පුඵුල් විෂයක් වශෙයන් ඔබ සාකච්ඡා කළා. කලා කරුවා නිරුවත් සිරුර ගැන මෙතරම් ගිජු බවක් දක්වන්ෙන් මක් නිසාද යන්නත් ප්‍රශ්න කළා.අපි මේවා සාමාන්‍ය සමාජයට ගේන්න ගිහින් තව පොඩ්ඩෙන් කල්දේරම් බත් කන්න වෙච්ච අවස්ථාත් තිබ්බා.

  අපගේ සමාජ සිරිත් අනුව සැබෑ නිරුවත් නිරූපිකාවෝ බිහිවුනේ එක්තරා පංතියක. ඒත් ඉතා අඩුවෙන්.
 (එඩ්වඩ් වෙස්ටන් රූත් බර්න්හර්ඩ් කදනිංහැම්, ආන්ජලෝ වගේ අධ්‍යනය කළ යුතු අය මේ වනවිට රාශියක් ඉන්නවා.


අඳ මව් පියො               දෙදෙන
ඔහු වයන බව නොම         දැන
කතී වෙන                       මීයන 
සුසූ යයි අත යැසූ       සැකයෙන

සටහන- ජගත් මාරසිංහ


3 comments

ඔහුගේ පින්තුර පොත් තිබෙනවද ? මටත් කිසියම් මතකයක් තිබෙනව මම ඉගෙනීමට ගිය ඡායා රුප පාඨමාලාවකට ආව කියල දේශනයකට

තුති ජගත් නොදැන සිටි උත්තමයෙක් හඳුන්වා දුන්නාට.
අජිත් මෙතුමා Mine Eyes Have Seen නමින් පොතක් පල කර තිබෙනවා

http://mithra-srilanka.blogspot.com.au/2008/09/photographic-book-titled-mine-eyes-have.html

දොස්තර වීරකෝන් මීගමුවේ ප්‍රදර්ශනයක් කරලා. තියෙනවා එහි පළවූ ජයාරූප ගැන ලියවූ සගරාවක් මම දැකලා තියෙනවා. ඉන් ගත්ත ජයාරූප කිහිපයක් තියෙනවා


Powered by Blogger.