මැරෙන්නට කලින් - රෝහිත රාජසේකර -

                                  මැරෙන්නට කලින්  - රෝහිත රාජසේකර -  

           අද 2024 අප්‍රියල් මස 13 වැනි ශනිදා  ව්‍යාහාරික පැය 21විනාඩි 05 ට ශක වර්ෂ 1946ලබයි. ඒ කෙසේ වෙතත් මිනු/ නාලන්දාවේ 5 වන ශ්‍රේණියේ සිට මා සමග ඉගෙනුම ලැබූ මිතුරෙක් වූ වසර 54ක් තිස්සේම වරින් වර මා මුණ ගැසී අතීතය සමරා යන ආදර මිතුරු භාෂාවෙන් එරිකා හෙවත් රෝහිත රාජසේකර අදත් සුපුරුදු පරිදි අළුත් අවුරුදු තෑගි බෝග මල්ලකුත් උස්සගෙන මා මුණ ගැහෙන්නට පැමිණියා. නමුත් ඔහු අද අප ඉතිහාසයට වගකියන ශුවි ශේෂ තෑග්ගකුත් මට පිරිනැමුවා. ඒ ඔහු විසින් ප්‍රථම වරට රචිත “මැරෙන්න කලින් “ග්‍රණ්ථයේ මුද්‍රිත පිටපතක්.

     පාසැල් අවධියේම සිට සාහිත්‍ය කලාවට ඔහුගේ දස්කම් වෙනම ආනන්දමය කතන්දරයක් වගේ සිහිවෙනවා. කලාව පැත්තේ බොහෝ අංශයන් පිළිඹඳව ඔහුට තිබුණ හැකියාව සහජයෙන්ම උරුම වූවක් වගේ කියලත් හිතෙනවා.

මැරෙන්න කලින් “ ඔහුගේ ප්‍රථම කෘතිසම්බන්ධව ඔහු මේ පොතේ පිදුම ලියන්නේ මේ ආකාරයෙන්.

"ඉපැරණි සෙන් පිරුලක් වන

මිනිසෙකු (පිරිමියෙකු) වී මේ මහ පොළව මත

උපන් යමෙක් නම්

* ගසක් සිටවිය යුතුය

* පුතෙකු සෑදිය යුතුය

* පොතක් ලිවිය යුතුය

සම්පූර්ණ කරුණු සඳහාය."

     මේ පොත ගැන එලෙස කියන ඔහු” සීයගේ කාලේ (1967 මහා ගංවතුර)” පරිච්චේදයේ සිට “පොඩි උන්ගේ ලෝකය (කවි) දක්වා පරිච්චේද 42ක් බොහොම රසවත්ව ලියලා තියනවා. ඔහුගේ භාෂාවේ ඉදිරිපත් කිරීම කෙටි වුනාට ඒ ඇතුලේ තියන සංකල්ප ලෝකය ගොඩක් දිගයි. ඔව් සරලයි කියන්නේ සංකීර්ණයි තමා. මේ අළුත් අවුරුද්දේ අපි දෙන්නම අද මේ පොතසමග නැවත ජීවිතයේ අතීත සුවඳ රස විඳල අළුත් උනා වගේ හැඟීමක් දැනෙනවා. ඇත්තටම මේක රෝහිත රජසේකරගේ පරක්කු වූ  වැඩක්. තව බොහෝදේ ඔහුගෙන් ජනතා ගතවිය යුතුව තිබෙන බව සැබෑවක්. ඉතින් ඔහුලේ ලේඛක ජීවිතයට මේ අළුත් අවුරුද්දේ මාරස සුභ පැතීමගැන තව මොකට කියනවාද

ජගත් මාරසිංහ

13 04 2024

උපේකා කේන්ද්‍රය.

jagathmarasinghe.wixsite.com/mare



Powered by Blogger.