අර්ධ නාරී


අර්ධ නාරී

                                     අර්ධය යනු භාගය වන්නා සේම භාග දෙකක්  එකතු වූ කල පූර්ණ වශයෙන් සම්පූර්ණයෙන් එකක්ම වන්නේය. භාගය දශම සංඛ්‍යාවලින්ද කිව හැක. පූර්ණ සංඛ්‍යාවක් ආපසු එන කළ දශම වී  සූනවී නැවත සූන්‍යය වේ. ගණන් කාරයෝ එතනින් නැවතී නැත. නැවත සූන්‍යයෙන්  පිටුපසටද සිතයි. සෘණ සංඛ්‍යා බිහිවේ. එය තාක්ෂනයෙන් එක් පසකින් මෙසේද විඳිය හැකිය. විදුලි සෝපානයක් උඩු මහල්වලට යන කල ධණ (+)ය නැවත මහපොළවට පැමිණිකළ සූන්‍යය වේ. පොලවෙන් යට මහල් වලට යන කළ සෘණය. සෝපානයක සිට  උඩට යන විටත් යටට එනවිටත් අමුත්තක් අපට දැනේ ඒ බර සම්බන්ධ වෙනසක් පමණක්ම නොවේ. ප්‍රවේගය, වේගය සහ මන්දනය සමග සිදුවන ස්වභාවයේ දෙයකි. පිරිමින් වඩා ගැහැණුන් සංවේදීය. විදුලි සොපානයක් උඩ යට යන විට ගැහැණිකගේ මුහුණ බලා සිටීමෙන් ඒ බව සැබෑවටම දැනෙනවා ඇත. පොළව තට්ටුවට යටට යන විට ඇය ගැහෙන්නට පටන් ගනී. බිමි තටිටුවේදී සාමාන්‍ය ගැහැණිය වේ. ඉහලට යන විට කෙලින්ම චන්ඩි රැජින බවට පත්වේ.

නිර්මාණාත්මක කාම කලා චිත්‍රපට අධ්‍යක්ෂක වරුන් මේ කාර්යය මැනවින් තේරුම් ගෙන තිබේ. විදුලි සෝපානයක පොලොවෙන් යටට යද්දී කාන්තාවකගේ  අතින් ඇල්ලූවත් කිසිත් නොකියනවා සේය. බිම් තට්ටුවේදී අත පැත්තකට ගෙන සාමාන්‍ය වේ. උඩට යනවිට විකාර කරන්නට ගියහොත් ඇගේ සුමුදු සියුමැලි හස්තයක් අප කණ හරහා වදිනු ඇත. මෙයින් අදහස් වන්නේ ධන සෘන සහ සූන්‍ය අතර පිරිමින්ගේ කෙසේ වුවද කාන්තාවන්ගේ ලිංගික මානසිකත්වය චලිත වන ආකාරයයි. ප්‍රවේගය මන්දනය සහ ත්වරණය අතර  කාන්තාවන්ගේ ආදරය චලිත වීමේ ස්වභාවය ආදරයට අනුලෝමව සමානුපාතික බවක් දැනේ. කාන්තාවන් පැහැරගෙන යාමටද (kidnap) මෙය  භාවිතා වේ. අල්ලා සෝපානයකදී කාන්තාවන් මර්දනය කරගන්නේ පහල බසින විටය.  අත් බැඳ කටට පැලස්තර් දමන්නේ යටදීය.

            විදුලි සෝපානය යටට යනවිට ආදර වන්තියෝ ආදර වන්තයාව පමණක් නොව එහි සිටින සියළු පිරිමින්ව විශ්වාස කරයි. ඒ බිය නිසාම නොවන වග ඔබට වැටහෙන්නට ඇතැයි හඟිමි. පහත මාලයේදී ආදරය විවෘත බවටම පත්වෙනවා සේය. බිම් තට්ටුවට පැමිණි විට යුතුකම් සිනහවක් පමණි. උඩු මහල් වලට ගිය පසු හැකිනම් මා පස්සෙන් වරෙන් යන අහංකාර කම මතුවේ.
                           කේකේ සමන් කුමාරගේ අර්ධ නාරි හී ගණිතමය පදනම ප්‍රවේගය, මන්ධනය, නිශ්චලතාවයට සාපේක්ෂව ලිංගිකත්වය පමණක් නොව ඊට අනුගතව පවතින ආදරයේ චලිතයේද ගණිතම ඉඟියක් දැනේ. මස් කඩ නොව කලාත්මක කාම කතා නිර්මාණ ශිල්පියෝ වැඩිපුරම විදුලි සෝපානය වැඩකට ගන්නේ නිකම්ම නොවන වග දැනේ. කෙසේ නමුත් අර්ධ නාරිගෙන් භාගයක් මා මෙතැනින් තබා දෙහිවලට යමි
                    දිනක් මා මගේ ආදරවන්තියට නයිටියක් තෑගි දීමට තේරීමට දෙහිවල අපරැක්කයට ගියෙමි. තෝරනවා නිමක් නැත. අවසානයේදී වේලාව බැලූ සඳ සේවිකාවන්ගේ උපහාසාත්මක යටි සිනහවේ අරුත තේරුණි. අනේ මගෙත් අර්ධයක් ගැහැණියක් යන වචනය මම විහිලුවට මෙන් කීවෙමි. එතැන් සිට මට දැනෙන්නේ ඔවුන්ගේ සැලකිල්ල වඩා වැඩි වූවා සේය. නයිටිය එතැන තබා මම පුස්තකාල මතක සිහි කළෙමි. අඳෝමැයි! නිරුවත් වානරයාගේ සිට පවුල් ඉතිහාසය හරහා කාල්මාක්ද මා පසු පස එන්නා සේය. ඔව්හු එන කළ ලෙනින් ට්‍රොස්කි පමණක් නොව අද වන විට ලැකාන්ලා සහ ග්‍රාම්ස්විලාද පැමිනීම අනිවාර්ය බව සැබෑවකි. මන්ද එයාලා භෞතිකව ත්‍රිමානව විග්‍රහ කළදේ සිව්මානයක් බවට පත්කරයි නව න්‍යාය වේදියෝ පත්කරනවා සේය. ගැහැනියකගේ ආශාවටත් වඩා ගැහැනිය ගැන ඇති පිරිමි ආශාවේ පැන්ටසිට හරහා මිත්‍යාව සහ යථාව දැනෙන්නේ ඔවුන්ගේ කියවීම් හරහා බැවිනි.

         යුග ගණණාවක් අවසන් කර මම කේකේ සමන් කුමාරගේ අර්ධනාරී වෙත එමි. එකම ගැටලුවක් තිබේ. මෙය මේවන් කුමක් හෝ මොඩලයක් සදා නොගන්නේ නම් කළාත්මකව කියවන්නේ කෙසේද යන්නයි. ඒවාට අපි හිස් තැනත් තැබිය යුතුය. මන්ද හිසිතැන් පිරවීම භාර වන්නේ පිළිතුරු ලියන්නාටය. කොටින්ම පාඨකයාටය. ඒ නව සාහිත්‍ය ශානරයන්හි විලාසිතාවකටත් වඩා විද්‍යාවක් සේ පෙනේ.

                                               එහෙත් මෑ ඇටය හෙවත් කිටෝරියස් නැමති මස් වැදැල්ල   පුරුෂ ලිංගයේම කොටසක් යන මතයක්ද තිබේ. පිරිමින්ටද ගැහැණු අඩලයක් තිබේ. මේ මතවාදයෝ මා ඉදිරියේ හොල්මන් කරයි. මේ සියල්ල සහ ඒවාටත් වඩා අතුරුකාරනාද භෞතිකවද අාධ්‍යාමිකවද ස්ත්‍රියට බද්ද කිරීමටත් වඩා පුරුෂයාගේ ආශාව සමන්  වෙනත් ආරකින් නැවත ලියන්නට පටන් ගෙන තිබේ. ඇත්තටම ස්ත්‍රියගේ අර්ධනාරිය ඇත්තේ පුරුෂ ලිංගයේය. මා එසේ ලීවේ පුරුෂයාගේ හිස යනු පුරුෂ ලිංගයම වග දැනී යන නිසාය. නිසාය. දන්නා අතීතයේ සිට පිරිමින් හිසට දමන තොප්පියේ ඉතිහාසයෙන් කොටසක් තිබෙන්නේද පුරුෂ ලිංගයේ කෙලවරේ සේ ලිවිය හැකි බැවිනි.  ලිංගයේ කෙලවර ආදර නාමය ටොපා වීමේ ඉතිහාසයද කලාත්මක කතාවකි.

                                              අර්ධ නාරී කතාව නව කතාවක් නොව මහා ආතල් හෙවත් දාර්ශනික ආශාවේ ප්‍රෙහෙලිකාවකි. එහෙයින්ම එය බොහෝ දුර ගිය නව කතාවකටත් වඩා තවත් එක් වෙනත් ආකාරයක නව කතාවකි. මෙය බැලූ විගස මා සමන්ට කීවේ යම් පදනමක් ඇති අයෙකු පලංචියක් බැඳගත්තේ නැතිනම් මෙහි රසිකත්වය විඳිය නොහැකි බවයි. දෙවන වර කියවන විට මට වැදුනේ ගනිතයෙන්ය. අර්ධ නාරී සිව්මාණ ආකාරයට ලියවී තිබේ. ආකෘතිය පමණක් නොව අන්තර් ගතයේදිද එසේය. මේ මෑත කාලයේ සිට මා සර්පයාට දමන චොදනාවක් තිබේ. නුඹ් සියල්ල මාර මුත්  මේ වන විට නුඹෙන්  කලාත්මක බව අතුරුදන් වෙමින් පවවතින බවයි. සැබෑවටම සිදුවී ඇත්තේ කලාත්මක බව අතුරුදහන් වීම නොව තමාද නොදැනුවත්ව අවකාශයේ සැඟවී යාමය. එය සිතා මතා සිදුවන්නක් විය නොහැක. සමන් මේ වන විට වෘතිය ලේඛකයෙකි. එහෙයින් බිල් ග්‍රේඩ්ස් මෙන් ඔහු කෙටි මන් හෙවත් ෂෝට්කට් සොයනවා වීය හැක. එකම පොතේ එක පිටුවක සිව්මානය හොල්මන් කරයි. කොටින්ම අන්තර්ගතයත් ආකෘතියත් දෙකම සිව්මානය. සිහින කල්පිත සාහිත්‍ය කරුවන්ගේ ආභරණ වූ සාස්කෘතික දේශපාලනය, ලිංගිකත්වය පමණක් නොව එවාට අයිති ජන සංස්කෘතිය වූ කුවේනිලාව සහ කලාපීය ඉතිහාසය ඔහු ඕකිඩ් මලක තියා දිග හරී. ඕකිඩ් මල ස්ත්‍රී යෝනිය ලෙස ගැනීමම මනරම් ආස්වාදයකි. එහෙත් ඔහුගේ සිව්මාන වැහැරීමටත් වඩා ආදරයට පිටු ආකෘතිය නිතරම අපට ඉඩ දෙන්නේ නැත. ඉඩ සොයා ගත්විට ලාංකේය වශ කතාව කියවා හමාර වූවා සේය. මේ කෘතියට පැරණි ආකාරයට පූර්වාදර්ශ එක් කළ නොහැක. වෙනත් සූත්‍රයක් හදාගත්තේ  එබැවිණි. මී වද කැඩිය හැක. වල්ලේ බැඳි මී වදය කඩන්නේ කෙලෙස යනු ජන කියමනකි. නමුත් මම ලියූ කාන්දම් සර්පයා නම් සංකල්පය මට පෙනෙන ආකාරයට කිසිසේත්ම අර්ධනාරී ගෙන්ද අහෝසි වී නැති බව දැනේ. මෙම සටහන අවසාන කිරීමට 67 වන පිටුවෙන් කියන මේ වචන පෙළ යෙදිය යුතුමය.
උද්ගෝෂණ
ගල් මුල්
පෝස්ටර්
කැලෑ පත්තර
ගොසිප් සයිට්
එප්බී කමෙන්ට්ස්
පේක් එකවුන්ට්ස්
සයිබර් කැලෑ පත්තර
ලෙස්බියන් විරෝධී ව්‍යාපාර
(පිට 150)


ජගත් මාරසිංහ



Powered by Blogger.