නාවුල චූලා මතක සහ කමල් පී සිහිවීම

නාවුල චූලා මතක සහ කමල් පී සිහිවීම

මම පාසැලෙන් අස්වී පිස්සු කෙලින කාලය උදාවිය. නාටක දේශපාලන කලාව පිළිඹඳ උණ උපරිම කාලය එයයි. එහෙත් සිත දුකින් පිරී තිබිණි. යහලුවන් බොහෝ දෙනෙක් ආගිය අතක් නැත. පෙම්වතියද මා හැරගොස්ද හැර යන්නට සැලසුවේ දැයි නොදනිමි. රස්තියාදු සහ ඇල්කොහොල් උන ඊට හපන්ය. දිනක් මිනු නාලන්දාවේ මහපොළය. මම එහි ගියෙමි. හැම තැනම පුංචි පුංචි විදුලි බුබුලු දැල්වේ. මම ඒ බුබුලක් ගානේ හැම තැනම නැරඹුවා මතකය.
අපේ ඉස්කෝලේ අලුත් කොල්ලන් ටිකක් තාපසකේ උඩ පාවෙනවා පෙන්වා බණ කියයි. මගෙත් කොල්ලා මතුවුණේය. මම යටින් අත දැමුවෙමි. දැන් තාපසයා සමග මගේ අතද පාවේ. කොල්ලෝ කැත වැඩ කළා කියා මට ගහන්නට මා වට කරයි. මා කියන්නේ මේ මගේත් පාසැලයි. අයිසේ ගහනවා ඔයවගේ කැඩපත් මැජික් කරද්දි වැට අඩි දෙකක්වත් ඉදිරියෙන් කියා පමණි. ගැහැවොත් ගහනවා කියන වචනය කියවෙනවා පමණක් නොව නාකි උනත් එවා හැමදා සැබෑවකි. ගැහුවානම් මා ගුටිකනු ඇත. එහෙත් ගහනවාමය. මන්ද කිසිවෙකුට දඩුවම් කිරීමට අයිතිය නීතියට හැර කිසිවෙකුට තිබිය නොහැක. ඒවා අප පපු කැවුත්තේම ලැගුම් ගෙන තිබේ.
පසුව මගේ ගුරුතුමියක් වූ කුමාරි ගුරුතුමිය හමුවිය. ඇය මගේ හිත නිවා දැමීය. සුපස්ටා සංගීත කාරයෝ සෙල්ලම් කරයි. මම බලා සිටියෙමි. ආයේ අයේ ආයේ එන්නේ නෑ බාල කාලේ ඉස්කෝලේ සින්දුව රුවන් එයාගේ අලුත්ම සින්දුව ගයයි. පිට්ටනිය රසිකයන් පිරි තිරී ඇත. ඒත් මගේ යාලුවෙකුට ඉන්නේ කුමාරි ගුරුතුමිය පමණි. එයා වැඩකි. මම පාන්දර එකට පමණ මිනුවන්ගොඩ ටවුමේ වළංකඩ වීදියට ගොස් දොරකට ගසයි. දොර නෑර කවුද කියා අසයි. ඒ මගේ ගොලයෙකුගේ අම්මා කෙනෙකි. මම පොලීසියෙන් කියා ගැඹුරින් කීවෙමි. දොර ඇරෙයි කෝලන් කරනවා වැඩිනේ කියා බැනුම් අසන්නේ සර් කියා නිසා ගානක් නැතුවා සේය. කෙසේ හෝ හිස් බෝතලය පිරෙයි. මහ පොළ නිසා එලි වෙනකම් කොළඹට බස්ය. මම පිටකොටුවට ආවෙමි. තනිකමට සිටියේ ඇල්කොහොල් පමණි. එකල මම මධිරාභාදියෙකි. බටහිර වෙදුන් කියා සිටියේ වටේ පිටේ කළුවර වුවහොත් එතනම නිදා ගෙන රෝහලට එන ලෙසය. එයට කියන්නේ බැලැකවුට් වෙනවා කියාය.දැන් වැඩේ හරිය.මට බැලැකවුට්ය. වාසනාවකට ලයිට් දැමූ පුද්ගලික බස්රතයක් පිටකොටුවේ නවතා තිබේ. මම නැග්ගෙමි.
පිටු පස සීට් එකේ හේත්තුවක් දමා නිදා ගත්තෙමි. පිබිදුන ගමන් ත්‍රීවීලයකින් රෝහලට යාමට අධිෂ්ඨාන කර ගතිමි. මා පිබිදෙන විට බස් රථය මගීන්ගෙන් පිරී තිරී ගොස්ය. මා කූදන්නේ නැතිව කොන්දොස්තරයා සෙනග පටවාගෙන බසය ගමන් කරන්නට පටන් ගෙනය. මම පළමුව බෝතලය බැලුවෙමි. භාගයකට වඩා ඇත. සල්ලි බැලුවෙමි. ඩයරිය අස්සේ දොළොස් දහක් ඇත. පසුව වට පිට බැලුවෙමි. එවිටම බසය නැවැත්වීය දැන් මා සිටින්නේ කෑගල්ලේය. බසය නවත්තන ලද්දේ මගීන්ගේ පහස නිවීමටය. මම තේ නොව මා ගෙන ගිය පානය වැසිකිලියට ගොස් සප්පායම් වී රොල්ස් එකකා නුවර බසයක් නිසා නුවර ගියෙමි. චාරයක් නැතිවා නොව ආශාවක් ඇති විය. නුවරට ගොස් මම මොරටුවේදී කලකට පෙර ඉගැන්වූ වත්තේගම ශ්‍රී ජින මංගලා රාමයේ හිමිවරුන්ව හමුවී දෙ මසක් පමණ එහි දිවි ගෙව්වෙමි. හැන්දෑවට වත්තේ ගමට යමි. ඒ හිමිවරුන්ට හොරා තැබෑරුමටය. එහෙත් අප දෙගොල්ලන්ම මේ රහස දනිති. දවල්ට කිතුල් රා බොමින් වහලයකට නැග කිසිවක් මුර කරමි. (ඒවා වෙනම කිව යුතු කතාය.) සවසට වත්තේ ගමට ගොස් තනියම සිසිල් සුව විඳිමි. සමහර දින වලට නවන්දන් වැඩකරුවෝ පිත්තල වැඩ කරන අයුරු බලා සිටිමින් කිතුල් රා බොමින් බොහො දේ උගත්තෙමි. තනිකම අත්විඳීමට මටනම් මාර වත්තේගම ටවුමය. වටේම කඳුය වලාකුළුය. වෙන කිසිත්නැත ඇත්තේ අහස පමණි.
මසකට පසු එතනින් මාතලේ අළුවිහාරයට ගොස් සිරි නැරඹුවෙමි. මා පිරිවෙන් ගුරුවරෙයෙක්ද වූ බැවින් හිස නමා වැන්දෙමි. ඉන් පසු පලාපත්වෙලය. එතනින් නාලන්දා ගෙඩිගේ මහ වැලියෙන් වෙනස් කළ හැටි නැරඹා කෙටි සටහන් ගසා ගතිමි. මහ වැලි ව්‍යාපාරයෙන් මොද්දු මාලු අස්වැන්න ගැනද මාලු කාරයන් සමග කතා කළ හැටි ඉතා හොඳින් මතකය. මට මාලු මල්ලක් තෑගි වශයෙන් හමුවිය. මොද්දු කියා කීවාද මතකය.
දැන් යහලු ගෝල හාමුදුරුවන් දුන් මුදල්ද අතේය.අවසාන අවන් හල නාලන්දාවේ කියා මතකය. පසුව නාවුල පාසැල ඉදිරි පිට ගම්පහ වෙද මැදුරට ගියෙමි. ඒ මිනු නාලන්දාවට එකල ශිෂ්‍යත්වයකින් පැමිණි චූලනී කුමාරගේ ගෙදරටය. මා වට කොට චූලාගේ මිතුරන් රැසකි. දැන් මට කෙනෙකු ගැන දැන ගැනීමට හිතේ තිබේ. එහෙත් ආරංචි වලට අනුව බියකුත් නැත්තා නොවේ. වට වූ යාලුවන්ගෙන් මචන් කමල් පී අලහකෝන් මැරුවා නේද කියා ඇසුවෙමු.
අනේ නැහැ සර් ඉන්නවා කියා එකෙක් කීය. පංතිත් කරණවා කිවේෙය. ඒත් බලන්නට යන්නට බැරිවිය. ඒ හෝටන් තැන්න පීරා බලන්නට ගිය නිසා වීමට පුළුවන. අසූ පහේදී කමලයා මට අන්තිමට රවියා සමග සොයිසා මහල්වලදී හමුවිය. ඒ දේශපාලනයට නොව කලාව ගැන පත්තරයක් කිරීමටය. තවත් දිනයක කැලණි කැම්කපස් එකට එනතෙක් බලා සිටියාද මතකය. එහෙත් කළ පත්තරයක් නැත. මා හිරේ ගියේය. ඔහු ගැන කිසිදු ආරංචියක් නැත ඒ ඒ කාලයේ කලාව කරන්නට යන අයගේ ජිවිතය එසේය කීවාට කිසිම වරදක් නැත.
දැන් ඔහු මා මෙන්ම යම් වයසකට ගොස් ඊ පවුරේ සුන්දර දේ ලියයි. කමල්ට කියන්නට මට ලොකු රහසක් තිබේ. ඒ ගමනේදී මට කෙලවුනේ බයිසි කළයකින් ඇල හැර කුඩාපාඩු පැත්තේ අරක්කු සෙවීමට ගොස්ය. වාහන කීපයක් ලයිට් නිවා නවතා තිබේ. මඩ පාට අලි අලියෙක් පාර මැද්දේය. මොරටුවේ ගණන්කාර කම් හමාරය. බාලදක්ෂයකු බැවින් බයිසිකලය පාරේ දමා ගසකට නැග වාහන ලයිට් දමා පණ ගන්වන විට ඉර නැග එමින් තිබුණා. මතකය. මම මගේ වැඩෙත් කරන් ආපසු ඒමට පෙර චූලලා වාහනද රැගෙන මා පසුපස විත් තිබිණි. චූලා මගට ආවේ මට බනින්නට පමණද කියා සිතේ. මේ මගේ මධුලෝලී චාරිකාවේ අති සුන්දර මතකයන්ගෙන් තවත් එක් හුස්මකි. නැවත ඒ පලාතේ නොගියාද නොවෙමි. තව බොහෝ මතක තිබේ. ඒ ගමනේදී පමණක් මම හය මසක් පමන ඒ ප්‍රදේශයේ මිහිර හෙවත් සැප දුක අත් වින්දෙමි. මොරලන්ද රෝහලේ සාස්තර කිව්වාද මතකය. දොස්තරලාද මිසීලාද පොලිමේය. නාවුල මගේ ගම මෙන් විය. ආගර පනන. රිවස්ටඩ් මගේ ජීවිතය විය. රිවස්ටඩ් මොන පුංචි නුවර එලියද. ඒ වනාහී නුවරඑලියමය. වසර දෙක තුනකට පෙර චූලා මිය ගියේය. දැන් මා ඒ පලාතට තනි වී ඇත. ඒත් කමල් පී කියන කතා හරහා මගේ තනිකම නැති වූවා සේය.
දැන් මට ඒ පලාතේ කරක් ගැසීමට කමල් පී අලහකෝන් ජීවමානය. නාවුල චූලා මළාට පසු මට එන්නට දුකය. තව භාගෙට බලපුවා විඳපුවා බොහෝ ඒ ප්‍රදේශ වල තිබේ. නාලන්දා රොහලේ මම දින පහක් සිටියෙමි. නාලන්දෙන් බී දඩමස්, ගංගේ මාලු කෑ විට එසේ වන වග ත්‍රී රොද රියැදුරක් කීවා මතකය. ඒ රෝහලේ සිටි දින පහද මා සිටියේ මාර මාරම ආශාවෙනි. එහි තිබූ විදුලි පංකා සුද්දාගේ කාලයේද යැයැ සැක සිතිණි. රෝහලේ කෑම ටික අපූරුය. අලුත් එළවළු නිරස නොවන්නේ කෙසේද.
මේ මධුලෝලී ජීවිතයක නොමියන මතකය. මේ මධුලෝලී ජීවිතය වනාහි පශ්චාත් අරගල කාරී දේශපාලන වේදනාවක් බව දන්නේ අප පමණි. නමුත් එය දැන් පැන්ටසියක් වී හමාරය කියා කවුරුන් හෝ කීවොත් එහද වරදක් නොදකිමි. ඒ පොළවේ ජීවිතයේ හැටිය. අනාගතයේ ලේඛකයන්ට මේවාට බොරු ලියන්නට නොදී මේ ලියා පෙන්වන්නේ සැබෑ පාර නොව සාරයම වේ. මේ ගමනේදි මා ‍නොදැක දායක කරගත්තේ කමල්ගේ නම පමණක් විය හැක.
මහ වැලි ව්‍යාපාරය ගැන බොහෝ ධනාත්මක දේ මා ඉගෙන ගතිමි. තව සංසෝධනය කළ හැකි තැන් බොහෝය. පන්සල් ගොඩකට ගියෙමි. ඒ හැම පන්සලක්ම චාම්ය. කොටින්ම සාංගීකය. සාංගීක යනු බෙදා ගෙන කෑමය. කොටින්ම බෙදා ගැනීමය. එනිසාම ඕනාම දෙයක් ඒ පන්සල්වල කතා බහ කළ හැක. නාවුල සිට අප සීගිරි ගිය හැටි ලිවීම පසුවට කල් තබමි.
නාවුල විද්‍යාලයේ ගුරුවරියෝ පිරිසක් දිනපතා චූලනීලාගේ අම්මලාගේ නිවසට තේ පැන් බීමට පැමිණෙයි. මම කතාවට වැටෙමි. ඒ වෙද මහතාට අප කියන්නේ සියදෝරිස් බුදු හාමුදුරුවෝ කියාය. පිටුපස ගම්බිරිස් කොටුවේ සිට මම එතුමාගෙන් චරක සංහිතාවය කියවා වෙද ගැටලු ගැන දැන ගතිමි. ඒ ගුරුවරියන් සමග සාහිත සංවාද කිරීම එකල මාගේ සිරිත විය. කමල් පී ඔබ ගැන පමණක් නොව කේකේ සමන් කුමාර ගැනද දීප්ති කුමාර ගැනද මා ගැනද කියන්නට ඒ ගුරු ගැටිස්සියෝ දැනසිටියේය. ඒකාලයේ එහි සාහිත්‍යට කැමති පලාත් මන්ත්‍රී වරයෙකුද සිටියා මතකය. අප නෑමටද කීපවිටක් මහවැලියට බසින අතුරු ගඟකට ගියෙමි. ඇගේ බිරින්දෑද බොහෝ සමාජ ශීලීය. අපිට නැවත මාතලේ නාවුල සීගිරි මසක්වත් වලක් බැසීමට අවැසිය. කමල් පී අලහකෝන්ගේ උදව් අපට ලැබෙනු ඇතැයි සිතමි.අන්න උඹේ සර් රාජාද අල්විස් රිය අනතුරකින් නවසීලන්තයේ මැරුනා කියා කීවේද වෙද මහතා නොහෙත් පප්පාය. කුමණ වැඩ ඇතත් එයාගේ ප්‍රවෘති වලට ඇහුන්කන් දීම දින චර්යාවේ එක් අංගයකි. වෙද මහතාගෙන් මාලත් මහා දැනුම වනාහී චරක සංහිතාව නැමති වෙද ග්‍රන්තයේ වචනමය අටුවාය. දැන් සියල්ල මිය ගොස් ඇත වෙදමහත්තයාගේ දියනියන් තිදෙනාගෙන් කෙනෙක් වෙද්‍ය විද්‍යාව හැදෑරිය. දන්නා පමණින් අනිත් දෙදෙනා මිසීලාය. ලංකාවට ආවාදැයි නොදනිමි. චූලාගේ පොඩි එකා සහ දරුවා ගෙදරය. කමලෝ යංකෝ පොඩි එකාවයි නෝනවයි යාලුවන්වයි බලා එන්න.

(බය වෙන්න එපා ඔයාලා. කේතලෙන් මල්ලක් ගේන්න තරම් දැන් අඩු වයසක් නැහැ. පනස් හයක් කමල්. ඒ කය. සිත ඊට වෙනස් බන්.)

ජගත් මාරසිංහ
2018 05 01



Powered by Blogger.