මතක සංඥා

ප්‍රඥාව නොදත් ප්‍රඥාව


මතක සංඥා

2018 සැප්තැම්බර් 29 වෙනිදා සෞඛ්‍ය තත්ත්වය හේතුකරගෙන බණ්ඩාරණායක සම්මන්ත්‍රන ශාලාවේ පැවති පොත් ප්‍රදර්ශනයේ වෙළඳ කුටි නැරඹීම සීමා සහිතව කිරීමට සිදුවුනත් මිත්‍රත්වයේ නාමයෙන් නිලන්ත ගමගේව හොයාගන්න කොහොම හරි අපි සයුරට ගියා. ටිකක් වෙලා සයුර නරඹලා  ආපසු එන්න හදනකොටම නිලන්ත සයුරෙන් මට සිහිවටනයක් වශයෙන් පොතක් දෙන්න අමතක කළේ නැහැ. ඒ සයුර ප්‍රකාශන අාසභ ගේ "ප්‍රඥා මාර්ගය (2017)" නමැති අධ්‍යාත්මික ග්‍රන්තය. මේ මොහොතේ අප රට තුළ සදාචාරය ආගමික සලාදයක් වී මිනිසුන්ට අසීමිත කරදරයක් වී තිබෙන බව ඇත්තක්. නමුත් ලවක් දිවක් නැතිව තේරවාදී සංස්කෘතියට එල්ලවන සමහර ප්‍රහාර දුෂ්ටයි කියලා දුෂ්ටයොත් කියන්න පටන් ගනී කියන එකට ප්‍රඥා මාර්ගය වෙනුවෙන් ලියන මේ ලියවිල්ලත් ඉඟියක් වෙන්න පුළුවන්. එකල සාධනීය වැඩකොටසක් ඉටු කර අවසානයේදී පමණ ඉක්මවා හේතුවාදය රටේ පැවති සම්ප්‍රධායික මුල්බැසගත් සමිප දේවල් පවා  මිත්‍යාව වශයෙන් වර්ග කර පහර දෙන විට හේතුවාදය සමග එකගෙයි සිටි දක්ෂම පිරිසක් වෙන් වූ ආකාරය අපේ පරපුරට අමතක විය නොහැකියි. ඒ අය හේතුවාදීන්ගෙන් වෙන් වෙලා කතා කළේ යාන්ත්‍රික වාදී තර්ක නෙවේ. අපෝහකයත් අභියෝගයට ලක් කළ ප්‍රවාද. ඕනම ක්‍රියාවක සීමාවක් තියනවා කියලා අමතක වෙන අයට ඒක මතක් කරලා දෙන කට්ටිය බිහිවෙන්න එතනින්මයි කියන එකත් අපි අත්දැකීමෙන් දන්නවා. කොටින්ම මහායානික ධර්මය වෙළඳ ප්‍රචාරණයට යොදාගැනීම හමුවේ අසාධනීය පැති මතු වෙන්න පටන් අරන්. පාලියෙන් සංස්කෘතෙන්  ටිබෙටයට ජපානයට තිබ්බතයට ගිහින් ඉංග්රීසියෙන් ලංකාවට එනවිට ගොඩක් අනවශ්‍ය දේවල් එකතු වෙන එක වෙනම කතා කළ යුතු දෙයක්.  ඒ සම්බන්ධව විටක දැඩි කලකිරීමක් පමණක් නොවේ පිළිකුලක්ද නැත්තාම නොවේ. මීට කළ යුත්ත සිතමින් සිතන මොහොතක නිලන්තගෙන් ලැබුන ප්‍රඥාමාර්ගය වෙනම ඉඟියක් මතු කළා කියලා හිතන්නත් සාධකත් නැතුවාම නෙවේ. හේන්පිටෙගෙදර ඥනසීහ හාමුදුරුවන්ගේ ශුන්‍යතා දර්ශනය කෘතියට ලියූ අධ්‍යාත්මීය පිළිතුරක් සහිත ප්‍රඥා මාර්ගය ග්‍රන්තය මහා යානය වෙළඳ පළ තර්කයකින් පමණක්  දොඩන පිරිසට තේරවාදයේ නොදකින පැත්තකට ඇඟිල්ල දික් කරනවා වගේ කියලා කියන්නත් පුළුවන්. පොත පොඩි උනාට එතන කියන දේවල් මහා දිගයි.තේරවාදී දෘෂ්ටියක් සහිත විද්වත් හිමිවරුන් මහායානය විමසුවේ වෙනම දිසාවකින් සහ අරුතකින් කියන එක සමහරු තවම දන්නෙත් නැහැ වගේ. අර වාද මේ වාද කිසිවක් තනි සරල රේකා වලින් බෙදිය නොහැකියි කියන එකත් මතක නැති අයට මතක්කර දෙන්න කාලය බලකරීම අනිවාර්යක්. අද දවසේ නිදහසේ හිස් පිට්ටනි වල කරනම් ගසන අයට ඉදිරියේදි ඒ නිදහස අහිමි වෙන්නේ නීති වලින් නොව ඒ හිස්පිට්ටනි වල සිටින ක්‍රීඩකයන්ගේ දර්ශනයෙන් සහ ධර්මයෙන්ම බවත් මතක තබා ගැනීම වැදගත් විය හැකියි. මොනවා උනත් "සයුර" කියන්නේ බිස්නස් එකත් සමගම වැඩක් කරන්නත් හයියක් තියන තැනක් වගේ. අනික සයුරේ කරදිය වල ඖෂදීය ගුණයකුත් තියන බව ඇත්තක්නේ. කොහොම උනත් ආසභ ගේ "ප්ඥා මාර්ගය" ග්‍රන්ථයේ තොරාගැනීම යහපත්. ඒ නිසාම තෝරාගැනීම පිළිඹඳ ප්‍රඥාව කියන මං සලකුනේ ශ්‍රද්ධා මාත්‍රාවෙන්ම නතර වෙන එක හොඳයි.

තොරාගැනීම පිළිඹඳ ප්‍රඥාව
ශ්‍රර්ධා මාත්‍රාව

ප්‍රඥාව,


සියල්ල සම ව සලකා ප්‍රශ්න කරයි;

ඉක්බිති එක් මාර්ගයක් පමණක් තෝරා ගනියි;

ක්ෂණයෙන් ඉතිරි මාර්ග ගැන උපේක්ෂක වෙයි;
තේරීම ගැන යළි වික්‍‍ෂේප නො වෙයි.

(ප්‍රඥා මාර්ගය-පළමු මං සලකුණ)

ජගත් මාරසිංහ
2018 ඔක්තෝම්බර් 03


Powered by Blogger.