ආදර පංතිය
ආදරය කියවන්න අපේ සම්ප්රධායේ අයන්නෙන් පටන් ගන්නවා කියන්නේ අනන්තයෙන් පටන් ගන්නවා කියන එකමයි. නත්ති සෝකෝ කුතෝ භයං කියන පාටයෙන්ම ඒක දැනෙනවා.
"පේමතී ජායිතී සෝකෝ
පේමතී ජායිතී භයං
පේමතී විප්ප මුත්තස්ස
නත්ති සෝකෝ කුතෝ භයං"(ප්‍රේමය නිසා දුක හටගනී. ප්‍රේමය නිසා භය හට ගනී. ප්‍රේමයෙන් මිදුණු තැනැත්තාට භයත් දුකත් ඇති නොවේ.)*ධම්ම පදය
කොටින්ම සාම්ප්රධායෙන් පටන් ගන්නවානම් පටන් ගන්න වෙන්නේ අනන්ත වූ ශූන්‍යම වූ ඉසව්වකින්. ආරම්බයම වෙන අනන්තයේ තේරුම දන්නවාද කියන එකට වඩා වැදගත් වෙන්නේ ආදරය අවබෝධ වෙන්න තරම් ආදරයක් තමුන්ට දැනිලා තියනවාද කියන කාරණය. ආදර පන්තිය කියන්නේ ආදරය කරන අයගේ පන්තිය මිසක් ආදරය ඉගෙන ගන්න තැනක් නෙවේ. ඉපදෙන දරුවෙකුට කිරි උරන්න කවුරුත් කියාදෙන්න ඕන නැහැ වගේ ආදරය කරන්නත් කාටවත් කවුරුත් කියා දෙන්න ඕන නැහැ. තමන්ට අවශ්‍ය තාවයක් තියනවානම් වැඩි දියුණු කරගන්න හැකියාවක්නම් තියන බව සැබැවක්.
ජාතියක්,කුලයක්,වර්ගයක්,වයසක් නැති සමාජ පන්තියක්. අන්තිමට ගත්තම මුළු සමාජයම ආදර පංතියේ කට්ටිය වගේ. ආදරයෙන් දිනපු-පැරදුන-දිනන්න උත්සාහ කරන- කෝච්චියේ පැනපු. වහ කාපු- වහ බීපු- ගඟේ මූදේ පැනපු- කොටින්ම දිවි නසා ගන්නට හයියක් තියෙන- ජාතිය ආගම් මාරු කළ- අම්මා තාත්තව අත්හැරපු- පිටිවහල් උන- පොලීසි ගිය- හිරේ ගිය- එල්ලුම් ගස් ගිය- පිස්සංකොටු ගිය- පැවිදි වූ ආදර පංතිය. බොරුව රංජ කරන ආදර පංතිය. කොටින්ම ආදර පංතියේ භාෂාවේ ප්‍රධාන ලක්ෂණය බොරු කීම සහ බොරු තේරුම් ගැනීම කිව්වත් නිවැරදියි. මේ පංතිය මාර පංතියක්. වචනේ අහපු ගමන් සතුටු වෙන, දුක හිතෙන, බය හිතෙන, ආදරේ හිතෙන පංතිය....සල්ලි වලින් ඔබ්බට ගිය පංතිය. මොහොතකට ලෝකය අමතක කර ආදරයට පමණක් තැන දුන් පන්තිය. ධනපතියන් හිඟන්නියන්ව බැඳගත් පූජකයන් උපැවිදි උන පංතිය. ඒ උනාට උත්තර නැති තැන පරිනත මිනිසුන් පවා විචාරයකින් තොරව ආපහු ආගමට හරෝගන්න ආදරය. ආන්න එතනදි තමයිි ආගමික දේශපාලන දෘෂ්ටිවාදියෝ ආදරය පස්සෙන් එලවන්න ගන්නේ. ඔව්! අපේ කාලේ විප්ලවයෙන් පස්සේ ආදරය කළ යුතුයි යන්නට හේතු පැහැදිලි කරන්න පැය ගණන් කතා කරපු අය හිටියා. එයාලගෙන් අතලොස්සක් තවම ජීවත් වෙනවා. ආදරයෙදි දේශපාලන දෘෂ්ටි වාද වල ස්වරූපයත් ආගමික වෙන එක මරු වැඩක්. පැවැත්මක් ආගමක් වෙන්න එච්චර කාලයක් යන්නේ නැහැ. මනස්ගාත වලින් ආදරය ගරා ගන්න ලස්සන ක්රමයක් තන්ත්‍ර වලින් ඉගෙන ගන්නත් පුළුවන්. අදරය ගැන භාවනා කරන්න. ඉක්බිති වෛරය ගැන භාවනා කරන්න. දැන් මේ දෙකම පැත්තකින් තිබ්බම ඔබේ ආදරයේ පැවැත්මට ඉඩ හැදේවි. ඒ පැවැත්ම ඔබට පෙනේවි. පැවැත්ම පෙනුනනත් නොපෙනුනත් ආදරය කරන එකනම් තහනම් කරන්න කිසිවෙකුට බැහැ කියන එක සැබෑවක්. මිනිස්සු උල උඩ ඉඳගනත් ආදරය පැතුවා. පන අදිනකොටත් ආදරය පැතුවා. ඉතින් ආදරය කරන්න කවුරුත් කිසිදෙයකට භය වෙන්න හේතුවක් නැහැ. ආදර වන්තයෝ කාගෙවත් විචාර අහන්නෙ නැති බව කවුද නොදන්නේ. අපිත් භාරත අගම්පොඩි සේනාව ලංකාවට ගෙන්න ගත්ත අවස්තාවේ හිරගෙදර ඉඳන් ආදර ලිපි ලිය ලියා නිදහසට දින ගැන්නා. කාලෙකට පස්සේ නිදහස් වෙලා ඇවිදින් ආදර වන්තිය වෙන කෙනෙකුගේ අතින් අල්ලන් යන දිහා බලාගෙන කවි ලියන්න පටන් ගත්තෙනම් නැහැ. විරහවට බිව්වෙත් නැහැ. ආදරය කියන්නේ මත් මනස ඉක්මවා ගිය මනසක් ලැබෙන විදිහක්. ආදරයෙන් දින්නා. පැරදුනා. නැත්නම් වෙන මොනවා හරි උනා. කොහොම හරි අපි ආදර ඉසව්වක පැලපදියම් උනා. දැන් ආදරේ කරනවාටත් වඩා ආදරේ ලියන යුගයක්. ඉතින් කාට පුළුවන් උනත් අපිට බැහැ ලියන් නැතිව ඉන්න. ඔයාලට ඕන්නම් අපි ලියන ඒවා බලන් නැතිව ඉන්න පුළුවන් බලන්.
ඒත් සිද්ධාර්තගෙයි යසෝධරාගෙයි ආදර කතාවත් නොමියන ආදර කතාවක්. ඇත්තටම ආදරයත් සාංගීක වෙන අපූර්ව තත්ත්වය අපට දකින්න පුළුවන් වෙනවා. කවුරු හරි මාක්ස් සහ ජෙනී මාක්ස්ගේ ආදරය ගැන හෙව්වනම් එයාලටත් ලස්සන ආදරයක බෙදාගැනීමේ විශ්වීයත්වය මතු වෙලා පෙනේවි.
මුළු මහත් ලෝකයේම මිනිසුන් ආදර පංතියේ සාමාජිකයන් වුවත් පොදු සමානාත්වයක් ඇති ආදර ලෝකයේ මිනිසුන් රැඳීසිටින්නේ යම් යම් නිමේෂ වල පමණයි. ආදරයේ පවතින විට දෙවියන් බුදුන් වන සියල්ලෝම එතනින් ඉවත ගිය විට නරුමයෝ කාලකන්නින්ගේ තමන්චට හිමි චරිතය එක එක වේශයෙන් රඟපාන්න පටන් ගන්නවා. ඉතින් අපි ආදරේ කරපු කෙනා නෙවේ ආදරයෙන් ඉවත් උනහම ඉන්නේ. එක්කෝ හතුරෙක්. නැතිනම් මෝඩයෙක් හෝ ජෝක් එකක්. අදරේ වැඩිදියුණු කරන්න දන්නැති මිනිස්සු කොහොමද සමාජ සම්බන්ධ තා පවත්වන්නේ. ස්වභාවිකත්වය තියෙන්නේ ආදර ලෝකයේ. සාමාන්‍ය ලෝකයේ මිනිස්සු කරන්නේ තනිකරම බොරුවක්. රඟපෑමක්. ආදර ලෝකය සැහැල්ලුයි පුළුන් වලටත් වඩා සැහැල්ලුයි. හේතුව මිනිස්සුන්ට එහි රඟපාන්න බැහැ. දොස්තොව්ස්කිගේ රස්කොව්නිකොල් චරිතය වගේ දනගසා ගැහැනියකගේ දෙපා නොවැන්ද පිරිමියෙක් අපේ රටෙන් හොයන එකත් නොමල ගෙදරකින් අබ ඇට හොයනවාට වඩා හපන් වෙන්නේ ඒකයි.