කල්‍යා මතක
ගොඩ කාලෙකින් කල්‍යානන්ද පෙරේරා මට මතක් වුනා. ඇත්තටම මතක් කළේ එවරස්ට් ආරච්චි. ඌ ගැන පස්සේ කියන්නම්. අනේ එයාගේ වර්තමාන දේශපාලන දිශාෙවෙන් මට කම් කිම්. මට කියන්න දෙයක් තියනවා. ඒ ඒයා මට වඩා මාස හතක් බාලයි කියන එක පමණක් නෙවේ. ජාතික ප්‍රශ්නය ගිනිගන්නකොට එයා මට ජවිපේ පන්ති කළ ගුරුුුුුුුුවරයෙක් බව . මම අහන් හිටියා. එදා එයා මරු. ගැටුම් කළමණාකරනය ගැන ඉවක් තිබුනා. එදා එයාගේ තිබ්බේ වතුර තිබහට වතුර ටිකක් දෙන්න සහෝදරයා කියන ආදරය විතරමයි. ඒත් අපි ඒයාට බස් ඒකේ යන්න සහ තේකක් බොන්න සල්ලි දෙනවා. ඒවා එයා ගන්නෙත් අපි බලෙන් දෙන හින්දා. ඒදා රත්මලානේ හිටපු එයාට රස්සාවක් කරලා ආතල් ගන්න ඔන තරම් රැකියා ඇබෑරුතු තිබ්බ තැන් තිබ්බා. ඒක මම දන්නවා.බස් එකේ යන්න සල්ලි නැතිනම් එයා පයින් යන බව මමත් ජයන්තත් ඉතා හොඳින් දන්නවා. අපිි දන්නවා එයා යන්නේ තවත් දේශපාලන වැඩකට කියලා. අපිට සමහර විට ගැටලු තිබ්බත් ඒ පොදු මිනිස්සු වෙනුවෙන් ඒයා වූ මහන්සියට එදා අපි එයාව අගේ කලා පමණක් නොවේ පුදුම වුනා. ඒ කාලයේ භුගත දේශපාලනයට මාර කැපවීමක් තිබ්බ තවත් ඒක් චරිතයක්. එයත් මට එදා විප්ලව වාදියත් බුදුවරයෙක් කියන්න තරම් කාරනා මතුකල දේශපාලන මිතුරෙක්. ඒත් මෙන්න යකෝ හිටිගමන් එයා අතුරුදහන්. මම දන්න විදිහට ඒ කාලේ ජීවිතය ගැන දොඩමලු වෙන්න මම මොරටු කැම්පස් ඒකේ අමර ලාල් ඉන්ද්‍රදේව සහෘදයාව මුන ගැහෙනවා. මෙන්න මීයා වගේ කල්‍යත් ඒතන. අමර ලාල් කියන්නේ චම්පිකගෙ වාමාංශික වැඩිමලෙක්. මේ දෙන්න මැද්දට ඒ කාලේ දේශපාලන සම්බන්ධතා ගේන්නේ කල්‍යා බව මම නොදන්නවා නෙවේ. දන්නේ නැහැ වගේ ඉන්නවා. ඔය අතරේ තමා රට කලුපාට වෙන්න ගත්තේ. රට මොන පාට උනත් ඒ කාලේ තිබ්බ කලා සම්මන්ත්‍රන ගැන එයා ඇවිත් මට පණිවුඩය තියලා යනවා. පස්සේ ඉතින් තර්ක ගොඩයි. හැබැයි කල්‍යත් එක්ක කතා කළ තර්ක බොහිමියන් ආර්ට් තරක නෙවේ. අනුසුම් ජීවිත දේශපානන දේවල්. කොළඹ රීගල් එකේ කේ කේ බාල චන්දර්ගේ තන්නීර් තන්නිර් චිත්‍රපටය බලන්න මම ඒයාව ඒක්කන් ගියේ (1985) මල්වත්ත වීදියේ ජයන්තගේ පොටෝ කඩේ දි හම්බවෙලා. ඒත් අතර මග පස්ස හැරිලා බලද්දි ඒයා නැහැ. ඒදා අපි මගින් මගට කතා කළේ ජාතීන්ට ස්වයං තීරන ගැනීීමේ අයිතිය ගැන කතන්දරය. එයා මග නතර උනා. ඒ එයාගේ ආරක්ෂාව සම්බන්ධ ගැටලුවක් කියලා මම පසුව දැන ගත්තා. එතන තමා අපේ දේශපාලන කණ්ඩනය. පස්සේ එයාගේ දේශපාලන චලිතය ගැන මම කියන්න යන්නේ නැහැ. ඒක මේ සටහනට අදාල නැහැ. නමුත් තවම ඔහු සැබෑ දේශපාලය විශ්වාස කරන එකට මම ආසයි. කුමණ දේශපාලන ප්‍රතිවිරෝධතා තිබ්බත් කල්‍යා කියන්නේ තවම මට මචං කියන්න හැකි චරිතයක්. මචන් කියන්නෙ කම්බ්‍රේට්ම තමයි මචං.
ඔයාගේ අද දේශපාලනෙන් මොකක් වුනත් ඒ ආදර මිත්‍රත්වයට කවුද ආදරය නොකරන්නේ. 1983 ජාතිවාදී කෝලහල දවසේ මොරටුව සොයිසා මහල් නිවාස පද්ධතිය ගිනි ගොඩක්. අපි දෙන්නා දෙමල මිනිසුන්ට පැත්තක ඉඳන් භෞතිකවම ආදරය කරනවා. එදා මට දෙපැත්තෙම ජාති වාදීන්ට සාප කරන්න කල්‍යත් ඉන්නවා. එදා අපේ සාකච්චාව මාර එඩිතරයි. කිසි කතාවක් නැහැ. වර්ග නැතිව ජාතිවාදී විරොධියි. එදා අපි දෙන්නත් ජාතිවාදීී වාම දේශපාලනයෙන් කන්ඩනය වෙනවා. ඒත් අපි දෙන්නගෙත් කණ්ඩනයක සීමාවක් සලකුනු වෙනවා. ඒක දිග කතාවක්. ඉවාන්ද ටෙරිබල් පිල්ම් එකටත් වඩා දිග කතාවක්. ආධ්‍යාත්මිකත්වයේ සහ භෞතිකයේ අපෝහකය ගැන කතාවක්. ඒත් මේ කල්‍යා ගැන මේ මා විසින් ලිවිය යුතුම ආදරය ගැන සටහනක්. ආදරය කියන්නෙත් දේශපාලනික බව මම දන්නවා. දේශපාලනයෙන් ගැලවෙලා කිසිවෙකුට පැවැත්මක් නැති බව දේශපාලනය දන්න කවුරුත් දන්නවා වගේ කල්‍යත් අනිවාර්යෙන්ම දන්නවා. ඒ දැන ගැනීම පමණක් තාමත් අපට මචන් කියලා කතා කරන්න ප්‍රමාණවත්. හරි මචන්. තව කතා කරමු.
ජගත් මාරසිංහ
28 01 2020