1987 ජුලි 27 ඉන්දු ලන්කා ගිවිසුම අත්සන් කිරීමට ඔන්න මෙන්න තියලා එවකට තිබි ආණ්ඩුවට විරුද්ධව බලපෑමක් කළ හැකි විශාල පිරිසක් අත්අඩංගුවට ගන්නවා. ඒත් ඒ පිරිස මැගසින් බන්ධනාගාරයේ දෙවනත් කරමින් හිරගෙදර තුලත් උද්ගෝෂණය කරනවා. කෝටාල් ගගහා හිටි මමත් වමෙක් වූ නිසාටත් වඩා ජනතාවාදි පරවේණි නාටකය කළ නිසා අල්ලන් ගිහින් ඇතුලට දානවා. මට එතනදී හමුවන චරිත ගොඩක් අතරින් කොළඹ විශ්ව විද්යාලයේ හේමන්තවත් අමතක කළ නොහැකියි ආදරයක්. මම හිතන්නේ ගෙවිඳුල, දයා පතිරනලා, පුෂ්පෙලා , පැස්කල්ලා වගේ ගොඩක් චරිත ඒදා ජනප්රිය චරිත වෙන්නේ සයිබර් එකේ නෙවේ. ජීවත් වෙන උනුසුම් ජීවිත වල හෘද ශාක්ෂියේ. මේ අතර සිටි හේමන්ත ජේ වී පී ඒකට බැහැගන වැඩ කරපු කෙනෙක් කියලා මම දන්නේ ඇතුලෙදි. ස්වභාවයෙන් මාර අහිංසකයි. කතා කරපුවාම මිනුවන්ගොඩ මගේ අම්මගේ පැත්තෙන් ඥාතියෙක්. කොච්චර විදිමත් අයෙක්ද කියනවානම් අප සිටි රැඳවියන්ගේ වාට්ටුවේ රහස් පාමසියක් තිබ්බා. ඒකෙන් තමා හදිසි අපාදාවකදි ප්රතිකාර සදහා බෙහෙත් නිකුත් කරන්නේ. ඒ වැඩේ කරන්න අත්අඩංගුවට පත්ව සිටි දොස්තරලටවත් පාමසිස්ලටවත් බැරිව ගියා. අන්තිමට රැඳවි විරෝධය හමුවේ ඒ වැඩෙත් බාර දුන්නේ හේමන්තට. නමුත් ඒ අහිංසකත්වය යටින් තිබි විප්ලවවාදී ජීව ගුණය මට එයා ට දාපු චෝදනා අහලා අහක දාන්න බැහැ. ඒදා ජවිපෙට විරුද්ධව ගේන චෝදනා වලට අද ජවිපෙ කතා කරන දේවල් මේ සටහනට අදාල නැහැ. ඒවට ඇවැසිනම් වෙනම කතා කරමු. මේ හේමන්ත ගැන මතක සටහනක්. මේ ඡායාරූපය මට ඒව්වේ මේ මොහොතේ විදේශයක ජීවත්වන පුෂ්ප විතානගේ. ඒයා කවුද කියන්න එක සැබෑ ලාංකේය දේශපාලනික චරිත වලට කිසිදා අමතක වෙන්න විදිහක් නැහැ. මේ සියල්ල මට හිරගෙදරදි රංජිදම් ගුණරත්නම් නිසා හමුවූ චරිත. මොකද රංජිදම් තමා මාව රැඳවියන්ගේ කලා ගුරුවරයෙක් බවට පත්වෙන්න බලහත්කාරයෙන් වගේ තල්ලු කළේ. මේ පුෂ්පේ මට එවූ සටහන පුෂ්පෙගේ හදවතත කියා පාන්නක්. ඒ විතරක් නෙවේ ඒදා තරුණ පරපුරේම කේදවාචයකය පමණක් නොවේ හෘද ශාක්ෂියත් කියා පාන්නක්. පැත්තක් නොගෙන අතුරු දහන්වූ යාලුවෙකු වෙනුවෙන් කතාවක් මතකයක් ලෙස මතුකරන්නේ ආදරයටමයි. නැතිව එදා එයාගේ විරුද්ධ වාදීන්ට රිදවන්න නෙවේ. මම කියලා තියනවා ඒදා අපේ ආදරය අහස තරම් කියලා. ඇත්තටම තාමත් එහෙමයි.
පුෂ්පෙගේ වචනයෙන් හේමන්ත-
සමීපතම මිතුරකුට කලයුතු යුතුකමක් ලෙස මේ කෙටි සටහන ලියමි.
මගේ සරසවි මතකයන් තුල අදටත් පැරෙන තුවාලක් බදු වේදනාත්මක මතක අතුරින් හේමන්ත විශේෂවේ.
අප කොළඹ සරසවියට පිවිසියේ 84 වසරේ අග බාගයේදිය. එවකටද ඔහු ජවිපේ ශිෂ්‍ය පෙරමුණේ සාමාජිකයකු විය.
මේ වකවානුව ස්වයං තිරණ අයිතිය, ජාතිවාදය, දේශප්රෙමය වැනි දේ ගැන, තර්ක විතර්ක වලින් පිරි යුගයක්ව තිබුණි.
සාහිත්‍ය පෝත පතට, දේශපාලන සංවාද, නාට්‍ය වැනදේ ගැන දැඩි උනන්දුවක් දැක්වු හේමන්ත
වාද විවාද, අනවශ්ය උසලු විසලු වලට එක්නොවු බෝහොම නිහඩ, මානව හිතවාදි, අවංක, ඍජු උසස් ගුතිගුණ වලින් යුතු චරිතයකි.
කොළඹ ජනප්රිය පාසැල් සංස්කෘතියේ හැදුනු වැඩුනු අප බෝහෝමයට, මුල් කාලයේදි සාමාජ විප්ලවය විහිලුවක් විය.
හේමන්තට "විප්ලවේ" නමින් නමක්ද පට බැදුනි. නමුත් විවේචන, ජයග්‍රහණ, පරාජ, උසලු විසලු සමසිතින් ඉසුලු, ඔහුගේ චරිතාංග,
අදහස් උදහස් කාලයත් සමග අප සැමගේ චින්තනයට, සාමාජ දැක්මට කාන්දු වුයේ අපිටත් නෝදැනුවත්වය.
සියලුම ආර්ථක, සාමජිය සහ දේශපාලන ගැටලු පවතින ක්රමයේ වරද නිසාවෙන් ඇතිවුනේ යැයි දැඩිව
විශ්වාස කල හේමන්ත, වඩාත් සාධාරණ සමාජයක් උදෙසා, එය ජිවීතයේ එකම අරමුණ කරගනිමින් දිවා රෑ කැපවිය.
කොළඹ සරසවියේ සාමාජවාදි ශිෂ්‍ය ව්යපාරය බලවත් නොවු 85-86 වකවානුවේ, තර්ජන ගර්ජන මැද ඔහු කළ වැඩ කොටස අගය කළ යුතුවේ.
87-88 වසරවල දි, වැඩි දිනක් හේමන්ත ගතකලේ පෝලීසි හා සිරමැදිරි තුලය. සියලු බාධක හා මර්ධන විද දරාගැනිමට ශක්තිමත් වුවත්,
වාමංශික හා ප්රගතිශිලි පුද්ගල ඝාතන, පාසැල් සිසුන් බිලිබෝයි කිරිම වැනි උපක්රම ගැන පැහැදිමක්නොවු නිසාවෙන්
89 වසර වනවිට අරගලයේ ගමන්මග ගැන ඔහුගේ විශ්වාසය පලුදු වෙමින් තිබිනි. එහි ප්රතිඵලය වුයේ ඔහුව ක්රියාකාරී දේශපාලනයේන් හුදකලාවීමය.
සාධාරණ සමාජයක් ගෝඩනැගීමේ සිහිනය හඹා ගොස් අතරමංව, අපේක්ෂා භංගත්වයට පත්වුවන්ට මේ හුදකලාවේ ඇති කෲරත්ව වඩාත් හොදින් තේරැම් යනුඇත.
අවසන් වරට අප මුණගැසුනේ, ඔහු ගමේ යාමට පෙර දිනකදිය. එවකට ජවිපේ ක‍්‍රියාකරින්ගේ පවුල් ඝාතනය කරන බවට තර්ජනාත්මක ලිපි ලැබි තිබුනි.
ගමේ යන තිරණයට මා විරැද්ධවුවිට සිනාමුසු මුහුණින් හේමන්ත පැවසුවේ "පවුලේ උදවියට කරදරයක් වුවෝත් තමන් අරක්ෂා විමෙන් පලක් නැති " බවයි.
ඉන් දින කීපයකට පසු "ප්රා" කල්ලිය විසින් හේමන්තව පැහැර ගත් බව දැනගන්නට ලැබුනි. භීෂණයේ උච්චතම වකවානුවේ, ඔහුගැන තෝරතුරැ ලබා ගැනීමට
අප සුලු කණ්ඩායමක් කල උත්සාහයන් සියල්ල නිශ්ඵල විය. පසුකලක ලැබුන විශ්වාසවන්ත තෝරතුරැ අනුව නීතී පීඨයේ වධකාගාරේදි,
අනේක වධ හිංසා පමුණුවා, අවසානයේදී ගේල කපා ඔහුව මරාදමා ඇත.