-විශ්ණු විංසතියේ මකර ස්වභාහං-



                               -විශ්ණු විංසතියේ මකර ස්වභාහං-
                              2020- සංවත්සරය වනාහි ප්‍රභවාදිි ශෂ්ටියේ විෂ්ණු විංසතියට අයත් පිතර යුග පංචාබ්දයෙහි සිව්වන අනුවත්සර ‌‌හේද නාමධාරි බ්‍රහ්ම නම් ‌දේවාධිපති "ශාර්වරි" නම් වර්ෂයයි. ‌මෙම වර්ෂය තුළ සූර්යග්‍රහණ 02 ක් සහ චන්ද්‍ර ග්‍රහණ හතරක් ‌‌යෙදී ති‌ෙබෙන බව ප්‍රත්‍යක්ෂයක්. එමෙන්ම වසර පුරාවටම ‌සෙනසුරු ඒ්රාෂ්ටකය නැමති ‌මිනිස් අත්දැකිම් වලින් නිර්මිත බය හිතෙන සම්මුතියද නියමයි.


‌                        මෙම ග්‍රහබල සං‌යෝග සහ අනෙකුත් දක්තයන් සමග ‌ගෝචර හා ග්‍රහන ආදියෙන් ඇතිවන තත්වයන් සංහිතා ග්‍රන්ත අදියෙන් ‌උපුටා කැටිකොට පහත සඳහන් ස්ලෝකය 2020 "ලංකා පඤ්ද්චාංග" ලිත ඇතුලත් ග්‍රන්ථයේ සටහන් ‌කරලා තිබ්බා. ‌‌මේ ගැන විශ්වාස කිරීම පසක තබා ‌‌මෙවැනි ‌දේ ‌වෙදගැට ‌ අනුදැන තේරුම්ගෙන නව ආරකින් කියවන පිරිසක් ඉන්නවානම් ඒ අයට සංහිතා ග්‍රන්ත අනුදැන අහස සමග ජිවතය‌ෙයෙන් ඔබ්බට ‌ලෝකායත තත්ත්වන් ගැනත් තවත් සිතන්න විදිහක් තියනව කියන එක දැනෙයි. ‌වෙද ගැට කියන්නේ ‌වෙද්‍ය සාහිත්‍යයේ ආවේනික විදික්‍රමයක්. "ජනමාධ්‍ය තක්කඩි අනාවැකි කරුවන්ගෙන් ඔබ්බට" යන සිරස්තලය යටතේ ඉදිරියේදී මාරස බ්ලොග් අඩවියේ පලවීමට නියමිත  ලිපියට ‌අත්වැලක් වශයෙන් ‌‌මෙවන් ‌කෙටි සටහනක් ‌මේ මොහොතේ ලිව්වේ ඇයි කියලා ‌කියන එකත් ගැටයක්ම තමා.
                       "විචිත්‍ර පත්‍රං මකර ස්වභාහං - පිරිමින් ඒකතුවී ව්‍යාග්‍රා ‌‌හොයාපං" යනුවෙන් මාරසට මා කලින් ලියපු සටහනත් මීට අදාලයි. එලු කිරි පානයෙන් දරුවෙක් වැඩුනා යන ග්‍රහ වෙදගැටය දරුවාගේ අම්මාට මාරකයක් ‌‌වෙන්න ඉඩ තියනවා කියන හින්ට් ඒකක්. ඒ කියන්නේ තවත් පැත්තකින් නිවේදනයක්. බඩ යනකොට ‌බෙලි කනවා. ‌බෙලි කනකොට බඩයනවා කියනවා වගේ ‌දෙපැත්ත වහපු ගැටයක්. ඒ වගේම තමා ‌සෙනසුරු මකරයට ගියාම වාජීකරණ (ව්‍යාග්‍රා) ‌හොයාපන් කියලා සටහන් කරලා තියෙන්නෙත්. ජනගහනය අඩුවිමට ‌‌හේතු සාධක මතුවෙන්න හැකි නිසා පාලක කාරකාදීන්ට ග්‍රහ තාරකා ක්‍රමවේදයත් විමසාපන් කියන නිවේදනයම තමා. මේ වගේ තත්ත්වයන් උදා ‌වෙන්න ‌පෙර මාරසත් ඒ නිවේදනය ‌දිය හැකි විදිහට දුන්නා. ‌කෙලින්ම කියාදීපු වගකිව යුතු අයත් ඇති. ඒත් ‌ගොඩ ‌දෙනෙක් ගැටේ ලිහාගෙන තිබ්බේ 2020 ‌සෙනසුරු මාරුවෙන් තමන්ගේ ලිංගික සංස්කෘතියේ ආශාව පැත්තෙන් විතරයි. ‌ජ්‍යොතිර් ‌වේදයත් ‌මුලදි අයිති ආයුර්වේදයට. ‌කොහොමත් ‌ වෙදකම සම්බන්ධ ‌ සියලු සාහිත්‍ය සහ ශාස්ත්‍රීය ලියවිලි ගැට සහිතයි. ඒවා ‌ලෙහා ගන්න බැරිව තමා ‌මේ වසංගත ‌මොහොතෙත් ‌‌පෙරදිග අපරදිග සියලු වෙද්‍යවරු දිවා රෑ දඟලන්නේ. ‌‌ආයුර්වේද ‌වෙදකමත්. තවත් ‌බොහෝ සාම්ප්‍රදායික ක්‍රමවේදත් තවම අභාවයට ගිහින් නැහැ. ඒවට ‌දේශපාලන සහ රාජ්‍ය බලය අහිමිවෙලා තියනවා විතරයි. අපර දිගත් එහෙම තමා. ඒවත් ඇලපති වලින් පටන් අරන් හෝමියෝපති වලින් අවසාන වන පරිදි පස්සේ කතා කරමු. ‌දේශපාලන බලයේ අසාධාරණයෙන් දැනුම මාකට් එකක් ‌වෙන හැටි ‌‌ගොඩ ‌දෙනෙක් අත ‌නොගාපු පැත්තකින් ඉදිරියේදි අපි දිගට ලියමු. එතකන් "විචිත්‍ර පත්‍රං මකර ස්වභාහං - පිරිමින් ඒකතුවී ව්‍යාග්‍රා ‌‌හොයාපං" යන ලිපියේ ‌දෙවැනි දිගුව ‌ලෙස ‌ගැටපද ‌ලෙහාගෙන ‌මේ ලිපියත් විමසන්න. 2020 ලිතෙන් බලලා හරි උපුටා ඇති ස්ලෝකයත් ගැටපදවලට අමතරව ‌‌‌වෙද්‍යය සාහිත්‍යයේ ගැටත් ලිහාගෙන ගෙන අලුත් විදිහකට හිතන්න පටන් ගන්න.
                   චින ‌වෙදකම ටිකක් පසුබැස්සත් එයාලගේ ‌හෙද කම අද ‌වෙනම ‌ලෝක නව කතාවක් ‌‌වෙමින් පවතිනවා. වසංගත අවස්තාවල ‌හෙදකම කරන්න සිද්ධ වුනේ කවදත් නීති දාලා තමයි. ‌වෙද කමට වඩා ‌හෙද කම ‌ලොකුයි කියලා අපි ‌පොඩි කාලේ අපට කියා දුන්නේ අපේ වැඩිහිටියෝ. ‌ඒත් බුද්ධදාස රජතුමාගෙන් පටන් ගත් ‌වෙදකම පැත්කකින් තිබ්බත් අපේ ‌පොදුජන ‌ස්වයං ‌හෙදකම ‌බොහොම උසස් මට්ටමක සමාජයේ තිබ්බා. ඒක ක්‍රියාත්මක වුනේ ප්‍රජාව විසින් ප්‍රජාව පාලනය කරන ‌පොදුසමාජ ක්‍රමයක සිහිනයට අපට දිරි ‌දෙමින්. ආනන්ද කුමාර ස්වාමි වරක් දැක්ක ‌ලාං‌කේය හැම කලා භාන්ඩයක්ම උපයෝගිතා භාණ්ඩයක් ‌වෙලා තිබෙන අපූරුව. එහෙත් අපේ ‌‌පොදු ජන ස්වයං ‌වෙදකමේ  ඉතිරි බිතිරි ‌වෙලා තිබ්බ හෘර්ධ ශාක්ෂියක් වූ ‌හෙදකමට අද නීති දාන්න ‌වෙලා. ‌කොටින්ම නූතන පරිභෝජන සමාජය විසින් අපේ ‌පොදුජන ‌හෙදකම අදවන විට සම්පූර්ණයෙන්ම අතහැරලා දාලා අවසානයි.
       මම නවලෝක ‌රෝහලේ ‌මේ ලඟකදි  ප්‍රතිකාර ගද්දි පශ්චාත් බයිපාස් සැත්කම් මුල් දිනයක පුංචි ‌හෙදියකට අත්වැසුම් අත පසුවෙලා විසි වයසැති ‌ඒ හෙදිය අත්වැසුම් ගැන නොසිතා හිරිකිතකින් ‌තොරව මගේ අසූචි සුද්ධ කළා මතකයි. මාව අනිත් පැත්තට හරෝපු ගමන්ම ඒ ලමයින්ගෙන් මම අහැව්ව එහෙම කැතක් හිරිකිතක් නැතිව ඒ කටයුත්ත කළේ තාත්ත ‌කෙනෙක් වගේ හිතලා කරුණාවක් පහල ‌වෙලාද කියලා. ඒ ලමයි ‌දෙන්නම ‌ගත්  කටටම  කිව්වා අනේ නැහැ සර් අපි අපේ රස්සාවට ආදරෙයි කියලා. ‌ගෙදර යද්දිත් පල්ලෙහා බිත්තියේ තියන නවලෝක මුදලාලිට හිතෙන් හරි වැදලා තමා යන්නෙ කියලා. අපි ‌අපේ ‌රෝහල ‌වෙනුවෙන් ඔ්න ‌කැපකිරීමක් කරන්න ලැස්තියි කියලා. සර්ලා තරම් අපේ ‌පෙම්වතුන් සහ ‌දෙමව් පියන් වාසනාවන්ත නැහැ කියන අදහසත් අහපු ප්‍රශ්න හමුවේ එයාලට කියන්න සිද්ධ උනා.
                 මිනිස් හැඟීම් පවා ප්‍රාග්ධන කරණය වූ පරිභෝජන සමාජයකට වසංගතයක් මතු වුනාම අද පවතින නීති රීීීීති ඇතිද කියලත් ‌මේ හිතන්න ‌වෙන කාලයක්. හැබැයි ඒ ගැනත් සංහිතා ග්‍රන්ථ වල අගේට ලියවිලා ති‌ෙයෙන්නේ ‌කොහොමද කියන කතන්දරය දිගයි. ඒත් හරිම පුදුමයි වගේම ලස්සනයි. 

ජගත් මාරසිංහ
20 03 2020


Powered by Blogger.