අපත සැහැලි

                      අපත සැහැලි



 අපේ අම්මලාගේ

 තාත්තලාගේ කාලයේ සිට

මා සමගම ජීවත් වූ

රටට දැයට පහනක් විදුලියක්සේ

මා සිතේ පැලපදියම් වී සිටින

ජනතා වාදීයා යන සහෘදයා සොයා

මම ගම් නියම් ගම් 

පීරන්නට පටන් ගත්තෙමි

කොල පාට දිදුලන

නිල් පාට දිදුලන

රතුපාට දිදුලන

කහ පාට දිදුලන 

කුරහන් පාට දිදුලන

මිනිසුන් රොද බඳින

ජනහමු පීර පීරා - 

ජනතාවාදියා හොයා ගන්නට

වලි කන්නේ

ආදරය කිරීමට විනා

විප්ලය කවදාද ඇසීමට නොවේමය.

අද

ජනතා වාදියාගේ

හොරා පොලිස් සෙල්ලම

හුදී ජනතාවගේ 

පරාජයක් බව මට සිතේ

එවිට

එදා මේකාගේ ලොකුකම

බොරුව - වංචාව 

රිසිසේ තලා දමන්නට

අප සහය දුන්නේ නැත-

එත් ජනතාවාදියාගේ තගට

බියෙන් සිටියේද නැත-

අවසානයේ මම පෑන්- පැන්සල්-

පෝන්- කොම්පියුටර්

ලැප්ටොප්- කැමරා සහ

ත්‍රයිලෝක විජයපත්‍ර දූමයෙන් පිරි

ගුබ්බෑයමක ජනතා වාදීයා

දෙනෙත් හැර උඩ බලාගෙන 

බැලේ ඔපෙරා

මුද්‍රාවකින්.......

භාවනා කරමින් 

සිටිනවා දුටිමි.

ඒකා තවම පන පිටින්ය.

ස්ත්‍රී වාදී රැලියකට මෙන් ‌

නේක විලාසිතාවන්ගෙන්

සැරසුන 

ලලනාවන් පිරිවරා

ඒකා භාවනාකරමින්

සිටියේය.

(වැරදීමකි- සිටියේය නොව 

සිටියාය.)

කලාව සහ දේශපාලනය

පටලවාගත්

කලා කරුවන්ගේද

මාධ්‍ය ඔස්තාර්ලාගේද

ජය ගෝෂා මැද

ජනතා වාදියා 

මා දුටුවාය- හඳුනා ගත්තාය

තව මොහොතකින්

"අපතේ සහෝදරයා" කියා

මේකා කඩාගෙන විත්

මා බදාගෙන සිඹිනු ඇත.

"එන්න අපිත් එක්ක

අරගලය කරන්න..........

කෝකටත් 

මම

කොරෝනා කටකලියාව 

නැවත තදිිින් 

තිර කර ගතිමි.


එහෙත් මේකා .........

භාවනායෝගීව මෙන්

මා ඇසූ සියලු ගැටලු අල්ලා

ආතල් පිළිතුරක් දුන්නාය.

මගේ ආතල්නම් - කිතල් විය

"උඹට පිස්සුද මචං - 

මේක අපේ ජොබ් එක විතරක් නෙවේ. 

බිස්නස් එක"

ඒකා මට වීසි කළ

රොකොට්ටුව තාමත්

මා පා පාමුල

සැනසිල්ලේ නිවීගොස්ය.

ඒකා මා පිස්සෙකු කළාය.

එක උගුරක් නොපොවා

මේකා මගේ සිහිය

අසිහිය බවට

පත් කළාය.

මම උඩ බැලුවෙමි.

අහස බලන්නටවත් නොහැක

හතර වටේ අහස උසට දැන්වීම්ය

ඒකාගේ නමින් මාකර්ටින්ය.

අබාන්ස් කියා පමනක් වූ

දැවන්ත දැන්වීමක් උඩ කපුටෙක්

හූ හූ හූ හූ කියා කෑගසයි.

ඒකා ඒකාගේ 

සනුහරේ සමග

සිලාවිතා භාවනාව

පටන් ගත්තාය.

මම මගේ පාඩුවේ 

තැබෑරුමට පියමං කළෙමි.

ජගත් මාරසිංහ

2021 දෙසැම්බර් 02




Powered by Blogger.