ආදරයේ මාලිගාව

                            ආදරයේ මාලිගාව

මම ආදරයේ මාලිගාව හොයා ගත්තේ කාටත් බය හිතෙන සංකල්පයක් ඔස්සේය. මම කොවූර් හේතුවාදය ඔළුවේ තියාගෙන තරුණ වියේ සියලු සංස්කෘතික සංකල්ප වලට දමා ගැසුවේ කැත්තෙන් පොල්ලෙන් නොව කෙලින්ම කඩුවෙන්ය. අවසානයේ මම තේරුන් ගත්තේ ඒ ශ්‍රී වික්‍රම රාජසිංහගේ කඩුවේ මගේ මනසේ ඇතිවූ භූතයක් බව පමණි. කාලෝ සහ ඒබ්‍රහම් ටී කොවූර්ගේ හේතුවාදී මාතවාද චන්ද්‍රිකා බණ්ඩාරණායක සහ විජය කුමාරතුංග දෙදෙනාගේ විවාහයෙන් පසු මාරසගේ මනසින් අහකට ගියේය. එකල තර්ස්ටන් විද්‍යාලයේ තියනවා පැවසූ කොවූර්ගේ ඇට සැකිල්ලද බණ්ඩාරණායක සොහොන අබියස තබාගත්තානම් මාර යැයි මාරස නොකියමි. මක්නිසාද ඒ චන්ද්‍රිකාට ඇති ආදරය නිසාය. රුචක යෝගයෙන් උපන් ඇය ඇත්තටම ආදරය කිරීමට දන්නා ගැහනියකි. මාද මැරෙන්නට ප්‍රථම ඇගේ මාර අහංකාර කම ඉදිරියේ රුචක යෝගය ගැන සංවාද කිරීමට කැමතිය. මහා කප්පින වලව්වේ සිට විජයගේ ආදරය දක්වා මාරසද යම් යම් දේවල් සොයාගෙන තිබේ. මාරස කැමති ඒකිගේ දේශපාලනයටත් වඩා ඒකිගේ ආදරය සම්බන්ධවය. ඒකිගෙන් කිසිවෙක් ඒ ගැන අහන්නේ නැත. ඒකිගේ ආදරයේ ස්වාධීනත්වය ධනේශ්වර ප්‍රචාතන්ත්‍ර වාදයටවත් ලගු කළ නොහැක. ඒකිගේ අම්මා සිරිමාවෝගේ ජ්‍යාතන්තර සම්බන්ධතා ගැන තිබුණා වූ දැනුම මෙන් ඒකිගේ ආදරය මාරස වනමි. වනනවා කිවේ වර්ණා කිරීමටය. 
මාරසගේ හැට සපිරෙන උපන් දිනයට මාරස දන්නා මිතුරන්ට වඩා මාර දෙයක් ලිව්වේ නොදන්නා මිතුරන්ය. ඇත්තටම මට තව දුරටත් ජීවත් වීමට ඒ කොමන්ට් මාර ප්‍රයෝජනවත්ය. ලෝකය වෙනස් වෙයි. මාක්ස් කීවේ ඒ චලිතය කියාය. සිද්ධාර්තයෝ කීවේ ඒ අනිත්‍ය කියාය. මහා වීර ඊටත් වඩා මාරසට සිතෙන්නේ ් නිසා බව ලිවිය යුතුය. ඕෂෝද පකිස්තානයේ පුලුස්සා දැමූ අපේ ලාංකේය දියවඩන වගේය. ඒවා උද්දච්ච කම් වල ප්‍රතිපලය. පකිස්තානය ගැන මම කතා නොකරමි. අර ගාන්දි සහ චාලි චැප්ලින් ගැන වෘතාන්ත චිත්‍රපට කරන ලද එඩින්බරයා මට සිහි වේ. ගාන්දි අන්තිමට කියන්නේ පකිස්තානය වෙන්වීම ගැනය. මොහොමඩ් අලි ජින්නාගේ එදා තීරණය ගැන ගාන්දිගේ කඳුලු  ඒ සිනමා පටයේ අවසානයේ සිනමාත්මකව මගේ හදවතේද ඇඳී තිබේ. ඉම්රාන්කාන් අලිජින්නා සහ ගාන්දි ගැනද ට්‍රොස්කි ගැනද සොයනවාට වඩා ඇම්බට්කාර් ගැන සොයා ගත්තානම් මරුය. ඒ කතන්දරය ලංකේය ජාතික වාදීන්ටද මරේ මරුය. මා අනගාරික ධර්මපාල ගැන කතා නොකරමි. නමුත් ගුණපාල මලලසේකර අනගාරික ධර්මපාලයන්ගේ කෙලින් අසන ලද ප්‍රශ්නයක් මතකයේ තිබේ. 
ඇයි ඔබ අපට සිංහල ගැන බැන බැන ධර්මපාල කියන නම භාවිත කරන්නේ. ධර්මපාල දුන් උත්තරය වූයේ ඔබ හරි. මම අද සිට ධර්මපාල නොව ධම්මපාලයයි කියාය. අද ජාතික වාදීන් ඒතරම් අවංක නැති බව මා කෙලින් කියන්නේ වෙන කාටවත් නොව අනුරුද්ධ ප්‍රදීප්ටය. චම්පිකගේත් ලඟම හිතවතා වූ අනුරුද්ධ ප්‍රදීප්ට මම මේ කියන්නේ ආදරේ යම් ලක්ෂයක් හේතුකොට ගෙනය. කවදා හෝ නලීන් සිල්වා ගැන ලියනවා කියා ඒකා මට කියා තිබේ. මාරස කියන්නේ ලියනකන් අපි බලා සිටිනවා කියාය. ලියන්නට ප්‍රථම සිංහල බෞද්ධ කියන මතවාදයේ ජීවත් වෙන මිනිසුන් සමග වචනයක් කතා කරන්න ගිය කල සෝඩා බෝතලයක් පොලේ ගැහැව්වාක් මෙන් කිපෙන්නේ ඇයි දැයි ලියනවානම් මාරය. ජාතික පරයන්ගේ කතන්දරය කියන්නට ගියොත් එතන ජාතික නිෂ්පාදනයක් වන බුලත්විට කඩ කාරයන්ගේ සිට මහා පරිමාණයෙන් ජාතිකවාදී දේශපාලනය ගැන මහා දේ කියන නලින්ද සිල්වා සහ චම්පිකත් ඒසේම බව මාරස දන්නා බවද අනුරුද්ධයෝ දැන ගත යුතුමය. ඉතිහාසයේ සිටම අනුරුද්ධ නාමය මාර වූවාට ඒ අස්සේ සැඟවෙන කුහකයා යන තිත අනුරුද්ධයන්ගේ කතාවෙන් අයින් කළ යුතුය. ඒ ගැන මාරසට වඩා ජාතික වාදීන් සිතිය යුතුය. ජාතිකවාදය සහ ජාතිවාදය අතර ඇත්තේ කෙස්ගහකටත් වඩා අඩු ඉඩක් බව මාරසට කීවේ 80 දශකයේ කොළඹ විශ්වවිද්‍යාලයේ ගෙවිඳුලා සමග සිටි එකල භාෂාවෙන් පුෂ්පේය. මේ කතාව මාරස නැවතීමක් නොදා අවසාන කර කොළමේ දෙවෙනි කොටස පටන් ගන්නේ සියලු මතවාද සහ අපිව අන්දවන ලද විජේවීරගේ සිට නොව ලෙනින්ගේ සහ ඊට විරුද්ධ වූ ට්‍රොස්කිගේ ආදරය ‌හෙලා දකිමින් නොවේ. 
ආදරය යනු කුමක්ද?
මගේ ආදරය අහසයි.....!
කොටින්ම අද කොල්ලන් කතා කරන භාෂාවෙන් මාරස පැන්ටසිය අහසයි.
රාවනා තියා මාරසගේ තාත්තාවත් අම්මාවත් කවුද කියා මාරස දන්නේ නැත.
කිසිවෙක් දන්නේද නැත. ලේ පරීක්ෂාවක් කරගෙන ජීව විද්‍යාත්මක තාත්තා සොයා ගැනීමටද කිසිවෙක් උත්සහ කරන්නේ නැත. අද සියලු කොල්ලන්ද දන්නේ වචන පමණියයි මාරස නොබියව කියමි. ආදරය දන්නේද නැත. 
මාරස  පාදඩ භාෂාවෙන් නොව මාරස භාෂාවෙන් මෙස් කියමි‍
මාරසගේ කුජ මහ දශා කාලය නිමා විය. ඒ අවස්තාවේ ලේගැලීමක් නියමිතය. එය ඒකා විධිමත්ව කරගන්නා ලදී. මාරස ඇලපති වෙද්‍ය ක්‍රමයේ වගකීමට කැමතිය. ඇවැසිනම් ඒ ඇලපති ක්‍රමයේ දියුනුවට හිරකරුවන් සහ ඉතා කුඩා ලමුන්ව පණ පිටින් කපා කොටා පරීක්ෂණ කළ අපාගත ක්‍රියා ගැන ලියාගෙන ලියාගෙන යන්නටද හැකිය. බුද්ධදාස රජතුමාගේ සිට අපේ කලාපයේ වෙද කම ඒ තරම් හිංසා සහගත විදිහට බිහිවී නැත. නමුත් අද සිංහල සහ ඉන්ගිරිසි හෝ කුමන වෙද්‍යවරු උනත් කරන්නේ බිස්නස් එකකි. ඒ සම්බන්ධව කතාකරන්නට ගියොත් අත්දැකීම් මතම මාරස මෙසේ කියමු.
අද සිංහල වෙදුන් තරම් මිනිසුන්ව අන්දා ගසා කන වෙන පිරිසක් නැත. පාරම්පරිකයැයි කියන වෙදුන් වනාහී අමු කාලකන්නිය. මේවා ගැන ජාතික වාදය කතාකරන කුහකයෝ නිශ්ශබ්දය. ඒලෙසම ජාතික වාදී්න්ට ගසා හෙලා දැක මාක්ස් වාදය අනුදකිනවා සේ පෙනෙන පරංගි මාක්ස් වාදීන්ද මාර මාධ්‍ය වේදීන්ද කටුස්සන් සේය. සිය වර්ණය ස්වයා සමග වෙනස් කරන බව අප දන්නා බව තොපට කියමි.
මාරසේ රාහු මහා දශාව උදා විය. ඒ කාලය සම්බන්ධව මාර කතාවකි. ඒ ගැන  මාරස ටික ටික කොහේ හෝ ලියා ඇත.‍ රාහු එක තැනක ඉන්න දෙන්නේ නැත. මාරය . ඒකා මාව තැනින් තැන අරින බව මාරස දනී. මාරස ඒ්කාට අභියෝග කළෙමි.මාරස තැනින් තැන යාමට තීරණය කළෙමි.  මාරස රාහුගෙන් මෙසේ අසමි
"දැන් තෝ කුමක් කියන්නෙහිද"
දැන් සිටින්නේ දිවුලපිටියේ පැත්තේ පරසතු මල් සිනමා පටයේ මූලය පවතින ‌ඉතා සුන්දර තැනකය. මම රාහුගේ ගමනට සාපේක්ෂකව ඒ ආදර මාලිගාවයැයි නම් කළෙමි. හැකි අවස්තාවක රාහු හබ වෙන්න වරෙල්ලා. ආදරෙයි මචන් කියමින් මේ බ්ලොග් සටහන අවසාන කරමි

මයුර පිළස බැඳි කොන්ඩය යස රුවට . . .
දෙපියුරු වසා රන් පටියකි ළමැද වට . . .
සිරිකත පරද වන රූ සපු වකි ඇයට . . .
ආදර වඩන ගිරි දේවිය එයි සබට . . .
"ගිරි දේවි කවි"
www.jagathmarasinghe.com


Powered by Blogger.