පානදුරේ දුර

මිගෙට්ටු වත්තේ ගුණානන්ද හාමුදුරුවන්ව මට සිහි වෙනවා. කුමාරතුංග මුනිදාසවත් සිහිවෙනවා. ගෙවිඳුවත් සිහි වෙනවා ඒ හෙළ හවුල හරහා. ඉතා කෙටියෙන් උනත් මම හෙළ හවුලේ වැඩ ගැන කතා කරල තියනවා. කොහොමත් මේ සියල්ල පානදුරේ පොරවල්. විශේෂයෙන් කියන්න දෙයක් තියෙන්නේ නලින්ද සිල්වත් පානදුරේ. දීප්ති කුමාර ගුණරත්නත් පානදුරේ. හෙළ හවුලේ කුල වාදය අදින්න ගියොත් නන්දන වීරත්නත් එක්ක මට හැප්පෙන්න වෙන්නේ රැපියල් තෙන්නකෝන් එතනට බද්ධ වෙන හැටි කියන්න ගියාමයි. නමුත් මේ වෙබ් සටහන ලියන්නේ මේ හේතුව හින්දයි. ‌නලින් ද සිල්වව වර්ග කරන්නේ ජාතිවාදියෙක් වශයෙන් නොවේ ජාතික වාදියෙක් වශයෙන්. දීප්තිව වර්ග කරන්නේ පශ්චාත් නූතනවාදියෙක් වශයෙන්. මේ දෙන්න ගැන අපට වචනයක්වත් කතා කරන්න බැහැ. මාර පොරවල් වචන වලින් ගහ ගන්න එනවා. අන්තිමට අහන්න සිද්ධ වෙනවා පානදුරේටද උඹල බය නැතිනම් පානදුරා වාදයටද කියලා. කොහොම නමුත් පානදුරේ මගේ ගම නෙවේ. මම දැන් ජීවත් වෙන්නේ තැනින් තැන උනත් ලිපිනය පානදුර. පානදුරේ රැපියල් තෙන්න කෝන්ගේ මතක කවියක් කවි දෙපදයකින් මේක අවසන් කරන්නම්. මේ දෙන්න එක්ක හැප්පෙන්නේ පාණදුරා වාදයටද මාක්ස් වාදයටද නැතිනම් මාක්ස්වාදයේ හෝ ට්රොස්කි වාදයේ ජාතික කෙහෙල්මලකටද කියලා අපි ඉදිරියේ කතා කරමු. හැබැයි සෙල්ලන්නම් කරන්න එපා සර්පයෝ. මම ආසයි මගේ මිතුරු සර්පයන්ට. මගේ යාලුවෙකුත් ඉන්නවා. ඒ සර්පයානම් හුඹහට රිංගන්න කලින් මට නයිපෙනේ දානවා. මම අත වනනවා. 80 දශකයකම හිරවෙලා ඉන්නේ පානදුරේ කියමින් නොවේ අසූව අනුදකින චින්තන ධර්මෙලාත් සියලු මාක්ස්වාදීනුත් හිරවෙලා ඉන්නේ පානදුරේ නිසාද මේ දෙන්න ගැන වචනයක් ලිව්වොත් පිප්පිලා කෑ ගහන්න ගන්නෙ. කල්යා+ මිත්රයෝ මේවට උත්තර දෙන්න කියන්නේ නැහැ. මොකද පානදුරා වාදය කියන්නේ ජාතිකයිනේ. ජාතිකවාදය සහ ජාතිවාදය හරියට ආදරය වගේ. මොකද ආදරයයි වෙරයයි අතර ඇත්තේ කෙස් ගහක වෙනසක් කියනවා. ඒ වගේමයි ජාතික වාදය සහ ජාති වාදයයි අතර ඇත්තේ කෙස් ගහක වෙනසක්. මට නම් හිතෙන්නේ ජාතික වාදයයි මාක්සවාදයයි ට්රොස්කි වාදයයි පශ්චාත් නූතන වාදයයි පානදුරෙයි අතර ඇත්තේ කෙස් ගහක වෙනසක් කියලා. ලෝකය කියන්නේ ගෝලයක්ලු. මගුල. සම්පූර්ණයෙන්ම තලයක් කියලා තමා අපි හිතන්නේ. සහෝදරයන්ට නෙවේ මම මේ සටහන දැම්මේ. සිවිල් උනත් රැඩිකල් වගේ පේන්න ඉන්න මහත්තරුන්ටයි.
"දරුවන් හට මහත් - තැනක්‌ නැතිව වැමැ වැටහෙන
උන්නේ සිත් පුබුදුවන - ඇඟපත නිකම් නටවන
යහළුවන් සමගින් - සසඳන්නට පොළඹවන
උන් කියවනු ඇසූ - වැඩිහිටියවුන් පහදවන
_කුමාරතුංග_
එ-ලැබුණු විගසැ පතමින් සත නැගැ එතුදු
කිසිවක් තවමැ උන් රිසි සේ නොවී සිදු
එ-ඇම නැණ පමණිනි අගමැතිඳු
-රැ තෙන්නකෝන්-


Share


Powered by Blogger.