වෙබ් විරිතේ ආදරය

වෙබ් විරිතේ ආදරය


2019 ඕස්ට්‍රිලියාවේ ලැව් ගිනි පටන් ගත්තා මතක ඇති කට්ටිය සඳහා ලියනවවා කිව්වාට වරදක් නැතැයි මම සිතමි. ඉන් පසුව මම ලිව්වේ සෙනසුරා ගැනය. සෙනසුරා යනු ග්‍රහයෙකි. ඒ භෞතික වාදය කියා මම නොලියමි. මක් නිසාද සෙනසුරා පමණක් නොම මුළු අහසම මට තවම විකාරක් නිසාය. මටනම් කිසි දෙයක් නොතේරෙන්නේ නැත. මට හිතෙන්නේ ඒ අඅහස ගැන අප විවිධ විදිහට විග්‍රහ කරගෙන විකාර කියවනවා ‌සේය. මටනම් අද සිතෙන්නේ මහා දෙයක් කිව්වා හෝ නොකිව්වා ට්‍රොස්කි සහෝදරයා කියන කෙනාද මහා විකාරයක් ලංකාව තුළ නිර්මාණය කර ඇති වග ඒ ඔස්සේ යන බොහෝ දෙනා සලකුණු කර ඇති වගය. ඇවැසිනම් මගේ මිතුරන්ගේම ජීවිත වලින් මට මේ සම්බන්ධව පිළිතුරු දිය හැකි නොව සැබෑව සාධනය කළ හැකිය. නමුත් ට්‍රොස්කිට වඩා මගේ මිතුරන්ට ආදරය නිසා එය නොකරන බව මගේ අතිජාත මිත්‍ර සහෝදරයන් දැන ගත යුතුය.
මම එදා කිව්වා ‌සේම හේතුවාදය ගැන මගේ ඇත්තේ මාර ආදරයකි. ඒ කොවුර් හෝ කාලෝ නිසා නොව ගණිතය සම්බන්ධව දැවැතයෙකු වන රාමනුජන් සම්බන්ධව සිනමා පටය ගැන සම වැදුන දා සිටය. මම ඒ කියන ශ්‍රිත ගැන සෙව්වෙමි. ඒ්වාට තර්ක සූත්‍ර සහ අනෙකුත් භෞතික කාරණා විකාරයන් බව මට සිතේ. ඒවා ගැන අද කතා කරන මතවාද දෘෂ්ටි වාද සියල්ලක්ම ස්ත්‍රියක් මුල්කරගෙන කරන අති දාවන කාම ‌යෝග කාරක අහසින් සොයන ලෙස කරන විකාරයන්ය. කාලයක් නොව මේ ලියන මමද ඒ මතවාද වලින් හොල්මන් නොවන අවස්තා නැත්තේ නොවේ.
මෙහෙයින් මම වෙබ් පිටුවක් පටන් ගතිමි. මහා බාරදූරයයි කියන ඒය මට මහා දෙයක් නොවූයේ ගණිතය සම්බන්ධව මගේ ආදරය නිසායැයි හඟිමි. 
මාර මාක්ස්වාදීන් සිටි සිර ගෙදරදදීත් ඉන් පිටතදීත් සිය මිතුරන්ගේ සහ මාධ්‍ය සංදර්ශන හරහාත් මට ජ්‍යෙ‌ේතිිෂය සම්බන්ධව කතා කරන කාරණාවල ඇති හරයේ යම් විහිලුවක් දැනුනි‍. මට දැනුනේ ජ්‍යෝතිෂය ගැන මත වාද සම්පූර්ණයෙන්ම වැරදි වගය.
වර්ද ඇත්තේ ජ්‍යෝතිෂයේ නොව ඒ දෙස බලන දෘෂ්ටියේය. කොටින්ම දෘෂ්ටිවාද වලයයි මම තේරුම් ගතිමි. මම ඒ් සම්බන්ධව වසර පහක්ම ලීවෙමි‍ .ඊට කිසිම බෞතික වාදියෙක්වත් හේතුවාදියෙක්වත් විරුද්ධ වූයේ නැත. ඒ සම්බන්ධව මම පිනා යමි. ඒ වෙම් අඩවිය මා විසින් පවත්වාගෙන ගියේ ‌හේතුවාදයට පහර දීමටවත් මාක්ස්වාදයට හෝ ට්‍රොස්කි වාදයට පහර දීමටවත් නොවන වග මගේ මිතුරන් පමණක් නොව පැහැදිලිව සිතන්නො දැන සිටියා සේය. මම පස්වනක් ප්‍රීරිතියෙන් පිනා ගියා සේය.
මම ජය ගතිමි. ජ්‍යෝතිෂයට විරුද්ධ වීමෙන් පලක් නැත. ඒ මිනිසුන්ගේ අත්දැකීම්ය. ඒවා කියන ආකාරයේ දෘෂ්ටි වාදය වෙනස් කළ යුතුය. මම ඒබව කීවෙමි. මට සන්තෝෂය. සතුටුය. ඇත්තටම ඇත්තේ සතුට පමණි.
ඉතින් මම තනිව වෙබ් අඩවියක් පටන් ගත්තෙමි. ඒ තනිව කිව්වොත් අමූලික බොරුවකි. ඊට මුදලින්ද මගේ දුකටද සැපතටද සහය දුන් අය නොසිටියේනම් මේ ‌වෙබ මට කරගෙන යාමට මට නොහැකි බව සැබෑවකි.ඒ් සඳහා උපකාර කළ මේ මිතුරන් මගේ බිරිඳ හෝ ආදරියන් හෝ  දරුවන් හෝ කුමන නමකින් හැදින් වුවද ඒ සියල්ල මට අමතක කළ නොහැකි වුවත් මෙයින් යම් දෙයක් වූවානම් ඔවුන්ම ඔබට අමතක කළ නොහැක. ඒනිසා මේ දේ මම කියමි. පහත ඡායා රූප වල නැත්තේ  අපේ අක්කා පමණි. ඒ නැති එක මාරය. මගෙන් කුණු බැනුම් අසමින් මට එයා කන්න බොන්න නොදුන්නානනම් මේ වෙබය ඔබට කියවීමට නොළැබෙනු ඇත. අවසාන වශයෙන් විකුම් විජේසූරිය නැමති වැඩ්ඩාට මගේ ගෞරව නීය ආදරය පුද කරමි. එලෙසම බිබිලාදෙනියේ මහානාම හිමියන්ට ආදර ගෞරවය පිරි නමමි. එයා සම්බන්ධවද කිව යුතු දේ බොහෝය. ආන්දෝලනාත්මක කතාවක් කියමින් මම උන්වහන්සේට නමස්කාර කරමි. මම කලක් පිරිවෙන ගුරුවරයෙක් වෙමි. ඒදා මගේ ලොකුහාමුදුරුවෝ මළවැන්නේ ඥාණාලෝක නායක හාමුදුරුවන්ය. උන්වහන්සේ මගේ ආදරයටත් මගේ රැඩිකල් දේශපාලනයටත් මහා මහා විදිහට ආදර උපකාරය කළෝය. මහානාම හිමියෝ මටද උන්වහන්සේටද බාල උවද මට වෙබයට පමණක් නොව මාව කුමණ අවස්තාවකදීවත් අත් නොහැරීම මාර දෙයකි. ආදරෙයි හාමුදුරුවනේ.
මෙහි ඡායාරූප වල ඇත්තේ මේ අයයි. ඒ අයගේ කාර්යන් එකින් එක පැවසීම හෝ ලිවීම උනට කරන ගෞරවයේ අඩුවක් විය හැකි නිසා මම නම් පමණක් සඳහන් කරමි.
*බිබිලාදෙනියේ මහානාම ස්ථිවර
*කපිල මනෝජ් ‌පෙරේරා
*දිලාන් ලේකම් ‌ගේ
*සැන්ඩි ගලබඩ
*ලක්සිරි හේවගේ
*අනිල් අරුමපුර
*චරිතා අබේසුන්දර 
*චින්තන ධර්මදාස
*පුෂ්ප විතානගේ
*ගාමිණී මුතුකුමාරණ
*කොසල කරසිංහ
*විකුම් විජේසූරිය
ටියුරින් .සෞම්‍යා කුමාරි, උපේකා, ගුරු, තිලකා චාන්දනී , මනෝහාරී විජේසූරිය පාලිත එදිරිසූරිය 
නුඹලා මට දුන් සහයෝගය මට නොව මේ මම ලියන කියන දේ කියවන උනගේ ආදරයට පාත්‍රවේවා.

1 comments:

ඔබගේ බ්ලොගය අපගේ සින්ඩියේ "බ්ලොග් සඟරා" කොලමේ දක්වා ඇත! දැනට නොලියවෙන බ්ලොග් 848 ක් ඇතුළුව බ්ලොග් 1140ක් කරා යොමුවිය හැකි අපගේ සින්ඩියට ගොඩ වැදී බලන්න! අපගේ සින්ඩිය පිළිබඳව ඔබගේ බ්ලොගය තුලින් ප්‍රචාරයක් ලබා දෙන්නේනම් එය අපට මහත්වූ උපකාරයක් සේ දැනේ!


Powered by Blogger.