පුල් ටයිමස්ලාගේ ආදරයේ විරහව!

පුල් ටයිමස්ලාගේ ආදරයේ විරහව!


මම ආදර  කරණ ගැහැණියක් නොව මගේ සිතීමේ විදිහට කෙල්ලක් මට ඒ කාලයේ සිටියේය. ඒ අසූව දශකය මුලය. මා දන්නා පමණින් ඒ කාලයේ විප්ලවීය සම්මන්ත්‍රන සහ නාටක බලන්නට ගියේ මම සහ ඇය පමණි. කතා කරන්නට ආවෝත් ඒ කාලේ එකාලාගේ සහ එකීලාගේ ආදර සම්බන්ධ ගැන මටද කතා කළ හැකිය. ඒ ගැන 80 දශකයේ කැපීපෙනුන වැඩකොටසක් කළ සියලු සත්වයො දන්නා බව මා දනිමි. එදා මට ලොකු දෙයක් වුවද අද ඇත්තේ කණගාටුවකි. මක් නිසාද ඒ කාලයේ දේශපාලනික පූර්ණ කාලිනකයන් හෙවත් පුල්ටයිමස්ලාට අපි ආදරය කළේය. නමුත් උනට කන්නෙ දුන්නේ අපේ අම්මලා සහ අක්කලා අයියලා වගේ පිරිසකි. අපි උනුන් කන්න බොන්න දුන්නේද උන් ආශා කරණ දේවල් සඳහා වියදම් කළේද අපේ අම්මලාගේ සහ අක්කලාගේ සහ අයියලාගේ සල්ලි වලින්ය. ඒ පමණක් නොව ඒකිලා සහ ඒකලා දේශපාලනික පුල්ටයිමස්ලාගේ ආදර සම්බන්ධ වලදී ගබ්සා කිරීමට පවා අපේ අම්මලා උදව් කළෝය. ඒ කරණ ලද්දේ එදා තරුණ අපගේ තිබි යම් බලපෑමක් නිසා වුවද අපේ අම්මලා සහ තාත්තලා සහ සහෝදර සහෝදරියෝ උනට උදව් කරන ලද්දේ එයාලාගේ විදිහට වික්ටෝරියානු හෝ කුමන හෝ ආගමික පසුබිමකින් අනේ පව් කියන කතන්දරය හරහා. එදා මහා විප්ලවීය අද වයසට ගිය චරිත පුල්ටයිමස්ලා සිතා සිටින්නේ ඒ මාක්ස් වාදයේ හෝ විප්ලව වාදයේ මාර බලයක් ලෙසය. චාලි චැප්ලින්ට මා විශේයෙන් ගරු කරන්නේ මෙවැනි අවස්ථාවලදීය. නමුත් අපේ රටේ විකාර ගැන චාලි දැන සිටියානම් මාරය. දැන් උන් පොරවල්ය. ඒ උන් සිතා සිටින හැටිය. අන්තිම අහිංසක කාල කන්නින්ය. ‌
උන්ට අපේ ජනතාව කියන සනුහරය ආදරය කළේ අර සිංහල බෞද්ධ කියන මගුල නිසාය. ලංකාවේ කතෝලිකයන් හෝ මුස්ලිම් සියල්ලම සිංහල බෞද්ධ කතෝලිකයන් ලෙස වර්ග කළ හැකි බව මාක්ස් කණ්ඩායම් දැන ගත යුතුය. මේ සටහනේ නම් වශයෙන් සඳහන් කිරීම කිසිදා නොකරණ බැවින් දැන්වත් මේ ගේම නවත්වන ලෙස ඉල්ලා සිටීම මගේ ආදරයයි. කොටින්ම අද පුල්ටයිම්ස්ලා පාලනය කරන්නේ පිට රට අරින යම් සේවාදායක සහෝදරයෙකු විසිනි. එ පාපයක්යයි මම නොකියමි. නමුත් මාක්ස්වාදයට ලැජ්ජාසහගත දෙයක් ලෙස අපි දකිමු. අපි එචා මාක්ස් එංගල්ස් ලෙනින්වත් දැක්කේ බුදුන් සහ දෙවියන්ගේ පූජාසනයක් සේය.
අද මම තොපට මෙසේ කියමි

සහෝදරයා ! 

පන්සලද පල්ලියද මොන ජාතන්තර වාදය කළත් ඒ තැන අපට අදාල නැත
සියලු පූජාසනද ජාත්‍යන්තර වාද පැවැත්වූ තැන්ද ඇත්තේ පේ හදවතේය. නැතිනම් හදවතේ සිත නැතිනම් මොළයේ චලිතයේය. ඒත් නැතිනම් වාස්තවික නුඹලාගේ අම්මලාගෙන් ඇසිය යුතු තැනය. දැන් පැරණි පුල් ටයිමස්ලාට කළ හැක්කේ  කුමක්ද? මාරස කළ යුතු දේ කීම තරම් නිවට නොවන වගද කවුරු කවුරුත් දැන ගත යුතුය. 
අවසානයේ මේ මතක තියා ගණිල්ලා
සියලු පූජාසන ඇත්තේ අපේ හදවතේය. 
බුදුන්ගේ කාලයේ වජ්ජිපුත්තක බික්ෂූන්වත් මිලින්ද ප්‍රශ්නයවත් අදාල නැත. අපේ ගෙවල් වල තවම මෝල් ගස් තිබෙන බව ඉතා හොඳින් දැන ගන්නා ලෙස ඉල්ලන්නේ තවත් බීෂණයකට ප්‍රථමය. ආදරය සහ වෙරය අතර ඇත්තේ කෙස් ගහක වෙනසක් බව ටොලොස්ටෝයිලා දැන සිටියාට ගෝර්කි දැන සිටියේ ද යන්න නුඹලාම සොයාපල්ලා
ජගත් මාරසිංහ
2021 12 123



Powered by Blogger.